අයවැයෙන් රජයේ සේවකයන්ට වැඩි කර ඇත්තේ දවසකට බුලත්විට දෙකක මුදල බවත්, එහෙත් ගොවි විශ්‍රම වැටුප කප්පාදු කොට කැසිනෝවලට බදු සහන දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
‘අයවැය හිස් ලියැවිල්ලක්. පුස් දෙඩවිල්ලක්. මහජනයාට කිසිම වාසියක් නෑ. රජයට කෙටි හෝ දිගුකාලීන ආර්ථික විසඳුම් නෑ. දුරකතන ගාස්තුත් වැඩි කරලා. ආදායම රුපියල් කෝටි 1045යි. වියදම රුපියල් කෝටි 1038යි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැයට පුස්වෙඩිල්ල කිය කියා ඉන්නේ නැතුව ඔයාලට පුළුවන්නේ සංශෝධන ඉදිරිපත්කරන්න. ඔයාල කොච්චර කාලයක් ආණ්ඩුවේ හිටියද? කොච්චර කාලයක් පාර්ලිමේන්තුවේ හිටියද? ඕවා ඉබේ පහළ වූ දේවල් නෙමෙයි. රටේ ජනතාවගේ බදු වලින් දාඩිය මහන්සියෙන් බිහිවූ දේවල්. පොල්ගහක් හැදිලා එහි ඵලදාව එන්න අවුරුදු කීයක් යනවද කියලා කවුරුත් දන්නවා. ඒවා විනාශ කරන්න පුළුවන් එක දවසින් දෙකෙන්. (නි)
සුමතිරත්න ලියල තියෙන්නේ චීනය ගැනද?අපේ රටේ නම් සාමයක් හෝ පාරේ බැහැල යන්න හැකියාවක් නැහැනෙ. (නදී)
ආර්ථික විශේසඥයෝ ඇතුලේ ඉන්නවා. 2500 මාසික වැය යටතේ විය හැකියි බජට් එක හදලා තියෙන්නේ. (නදී)
ජීවත් වෙන්න අමාරු නම් මහන්සි වෙලා වැඩ කරන්න. මේ රජයේ ආර්ථික පරිපාලනය එතරම් හොද නැති වුණත් රටේ සාමය රකින්න සාමකාමි වටපිටාවක් හදන්න දක්ෂයි. ටිකක් අඩුපාඩු තිබුණත් අපි දෙයියනේ කියලා පාරේ බැහැලා යනවා නේද? (නි)
මෙයාලා මොනවද මේ හොයන්නේ,රටේ ප්‍රශ්න එකතුවෙලා විසඳන්නේ නැතුව. (නි)
පෙන්නුවේ චෝගම්ය ගියේ නෑගම් වාගේය අයවැය ආවේය යන්නේ මලගම්ය (අ)
කොපමණ බදු අයකලත් මිලගණන් ඉහල ගියත් ආර්ථිකය අන්තයටම පිරිහී ගියත් අපේ පක්ෂයෙන් පිහිටුවාගත් අපේ රජය අපි ආරක්ෂා කරනවා.කිසිම කෙනෙකුට රජය පෙරලන්න දෙන්නේ නැහැ. (අ)
මෙයට ජේ.වී.පී එකත් වග කියන්න ඕනා . රජය වැටෙන හැම වෙලාවම අල්ලගෙන ඉන්නේ මේ ගොල්ලෝ තමයි. දේශපාලනය යනු රැකියාවකි. මොවුන්ගේ බොරු මුසා වලට රැවටෙන්න එපා. (නදී)
කොහොම උනත් දැන්නම් ජීවන වියදම හරිම වේගයෙන් ඉහල යනවා. දරු පවුල් රැකගෙන හොඳින් ජීවත් වෙන්න ඕනේ නම් මාසෙකට 50,000 ක් වත් උපයන්න වෙනවා. හැකි සෑම අනවශ්‍ය වියදමක් ම නතර කලත් මාසෙකට විශාල මුදලක් වියදම් වෙනවා. කවුරු කොහොම කිව්වත් අවුරුද්දකට 1,200 වැටුප වැඩිවෙනකොට තව 5,000 කින් විතර වියදම වැඩි වෙනවා. (නදී)
ඔබ තුමා කියා තියෙන්නේ ඇත්ත. රජය වියදම් අඩු කළ යුතුයි. ඒ වගේම මගේ මේ මෝඩ අදහස අනුව ජනතාවගෙන් වැඩි දෙනෙකු ලෙවකද්දී ඉතාමත් අඩු මුදලක් අය කර පාර්ලිමෙන්තුවේදී ඔබතුමාලා කන ,ඉතාමත් වැඩි මුදලක් වටිනා කෑම වේලටත් එහි වටිනා කමට සරිලන මුදලක් අය කරන ලෙස හෝ ඔබ තුමන්ලගෙන් ගන්න මුදලට සමාන ආහාර වේලක් ලබා දෙන ලෙස හෝ ඔය රත්තරන් කටින් කියන්නකෝ.(නදී)
මම කියන්නේ මිනිපේ අයවය සාදාරන නෑ මොකද? උද්දමනය වෙන කාලවලට වඩා හුගක් වැඩිවෙලා..... ඔයාලට ඕව තේරෙනකොට පරක්කුවෙලා (නදී)
හැමදාම හැමෝම කලේ බොරු.ජනතාව මෝඩයන්ට අන්දපු එක විතරයි.එදත් අදත් හෙටත් එහෙමයි. (ස)
බය නැතුව ඉන්න. ලබන පාරත් අපි ඔයාලටම දීලා බලන්නම්කො. (නි)
අය වැයෙන් අපේ පඩිය නැවත ගත්තත් අපේ ඡන්දෙ වෙනසක් නැහැ. මොකද අපි ලෝකයේ අනිත් අයට වැඩිය වෙනස්. එහෙමයි අපි (නි)
අයියෝ! අපේ කට්ටිය මේක හරි බරපතල හැටියට ගන්නවනේ. ඕක නීත්‍යනුකුලව ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක් විතරක් බව අමතක වෙලාද? බය වෙන්න වුවමනා කරන නියම ලේඛන පස්සෙ එයි. (නි)
මේ රටේ ආර්ථික තත්ත්වයේ හැටියට මීට වඩා යමක් දෙන්න විදියක් නොමැති බව අප තේරුම් ගත යුතුයි. කළයුත්තේ රට ආර්ථික වශයෙන් දියුණු කිරීමයි. නමුත් මේ යතාර්ථය මේ දක්වා පාලනය කළ කිසිම රජයක් සාක්ෂාත් කරගෙන නැති නිසයි මේ සියලු දුක්. දැන්වත් එය කරයි කියලා අපි බලා සිටිමු. නොකෙරුවත් විපක්ෂයක් නැති මේ රටේ අපි කුමක් කරමුද? (නි)
මම නම් කියන්නේ මේතාක් කල් කිසිම රජයකින් සර්ව සම්පුර්ණ අයවැයක් ඉදරිපත් කර නැත.වැඩි සහනයක් නැත.ඒකයි ඇත්ත.එහෙත් ඔය ඇත්තන් හරිම වාසනාවන්තය (නි)
රට පෙරට.. අපි කොයිබටද? (නි)
මේකේ හැටියට අය වැය පරතරයක් නැ. (ස)
ලැබුනු පඩියෙන් ජීවත් වෙන්න බැරුව දස අතේ ණය වෙවී ජීවත් උන අපට රු 1200 කින් මාස භාගයකට පොල් වත් ගන්න බැහැ ලොකු එවුන්ට ලක්ෂ ගනන් පඩි මේ අසාධාරණේ කාට කියන්නද එක්කො අපට අඩු මිලට බඩු ගන්න සලාකයක් හරි දෙන්න ඕනෑ අපේ දරුවො ජීවත් කරවන්නේ කොහොමද (ස)
කාට හරි කියන්න පුලුවන්ද කිසිදාක අයවැයට පක්ෂව කතා කල විරුද්ධ පක්ෂයක් මේ ශ්‍රී ලංකාවේ. (ස)