අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධ රුපියල් 10 දක්වා ද, ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද රුපියල් 10 දක්වා ද, රතු ලූනු සඳහා වූ රුපියල් 15 බද්ද රුපියල් 5 දක්වා ද අඩු කිරීමට තීරණය කළ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාතයංශය කියයි.
අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධ රුපියල් 10 දක්වා ද, ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද රුපියල් 10 දක්වා ද, රතු ලූනු සඳහා වූ රුපියල් 15 බද්ද රුපියල් 5 දක්වා ද අඩු කිරීමට තීරණය කළ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාතයංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු. 200යකින් විතර වැඩිකරලා 10ක් විතර අඩුකරනවා (නි)
අය වැයෙන් පසු අල ළුණු කියන්නේ මොනාද කියල අපිට මතක නෑ. (ස)
අනේ ඔව් පුන්නක්කු වලට අත නොතියා ඔය පරිප්පු අල ලුනු මිල තව තවත් වැඩි කරන්න. පිදුරු වලටත් බදු ගහන්න එපා හොදේ. (නි)
පවුලක සාමාජිකයින් 5 දෙනෙක් නම් මාසෙක වියදම 15,000/= ඉක්මවයි.සාමාජිකයන් 6 දෙනෙක් නම් බෙල්ලේ වැල දාගන්න වේවි. (නි)
බුලත් කොළයට ජයවේවා (දී)
ආශ්චර්යයද දන්නෙ නැහැ නේද? (නි)
පරිප්පු කිලෝවක් සඳහා වූ රුපියල් 80-100ක ආනයන බද්දක් ගහන්නේ "ලංකාවේ පරිප්පු ගොවියාව" ආරක්ෂා කරන්නද?පිටි කිලෝවක් සදහා රුපියල් 50-70 ක බද්දක් ගහන්නේ "ලංකාවේ තිරිගුපිටි ගොවියාව".එහෙමත් නැත්නම් "ලංකාවේ පරිප්පු","ලංකාවේ තිරිගුපිටි "ගොවියන්ගේ අස්වැන්න විකුණාගන්න ලැබෙන්නේ නැති නිසාද? අනේ මෙහෙමත් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ? (නි)
ජනාධිපතිවරණය ළඟදීම. (නි)
ලොකු අයගේ වරප්‍රසාද සහ අනවශ්‍ය වියදම් අයින් කලොත් අහිංසක ජනතාවට තව මොන තරම් සහන දෙන්න පුලුවන්ද? (නදී)
පින්මද එවුන් ගුණදහමින් වෙලූවත් ,උන්ගෙ ගතිය උන් නාරිති මැරූවත්. (නි)
ගුණේ,ඇත්තටම ඔයාට නුහුගුණේද? නැත්නම් හතලිස් ඇඳිරියද?කෘෂිකර්මාන්ය දියුණුවට කරනවැඩ ලිඳේ ඉන්න ගෙම්බන්ට පෙනෙන්නෙ නැහැ. ටිකිරත් එක්ක අනුරාධපුරයට ආවොත් පෙන්නන්න තිබුනා. 1947 සුද්දො අලුත්වැඩියා කළාට පස්සෙ රට ආණ්ඩු කරපු අය ඇහැක් ඇරලාවත් නොබලපු, ලංකාවෙ පළවෙනි වැව අභයවැව (බසවක්කුලම) අතිවිශාල ධන සම්භාරයක් වියදම් කරලා ප්‍රතිනිර්මාණය කරන අන්දම. මේ එකක් විතරයි. (නි)
දැන් අර විදුලි බිල වැඩි කරන්න කියා පිටකොටුවේ උම්බෑ කිවුව ටික ආපසු පාරිභෝගික භාණ්ඩ වල බදු වැඩි කරන්න කියයිද? (නි)
ගුනේ, ඇත්තටම ඔයාට දෙගුනේද?පරිප්පු,සීනි,පිටි,වලටත් බදු ගහන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගන්න වෙන්න ඇති නේද?වසරකට රුපියල් කෝටි එක් ලක්ෂ පනස් තුන් දාහක් වගේම ණය වලටත් කෝටි එක් ලක්ෂ විසිදාහක් ගෙවන්න වෙන්නේ තවත් ණය ගෙන ඉතිරිය අපේ බදු වලින් තමා.මේ සෙල්ලම් දැම්මට බර කර ගහන්න වෙන්නේ අපිටම තමා. (නි)
ගූණේ, ආනන්ද, බදු ගැහීමේ සංකල්පය ඒක තමයි. නමුත් ඒ බදු වලින් කෘෂිකාර්මික සංවර්ධනයට මොකක්ද කළේ. "මේ කාලේදී ලංකාවේ ගොවියෝ හට ප්‍රශ්නයක් නැද්ද". ස්තුතියි ටිකිරි බණ්ඩා! (නි)
පුන්නක්කු වලට අත තියන්න එපා.ටිකිරි බණ්ඩාට තමයි ඒවා වැඩිපුරාම ඕනෑ වෙන්නේ. (නි)
බයවෙන්න එපා පුන්නක්කු වලට අත තියන්නේ නැහැ. (නි)
ලංකාවේද...? (නි)
ඕක නොදුන්නත් 2500න් අපි හොදට කාලා බීලා ඉන්නවනේ (නි)
ඊයේ පෙරෙයිදා ලංකාව් සුන්දර රට නියම රට කියලා ලියපු අය කෝ දැන්?සුද්දට බයවෙන්න එපා කියලා වාසනාවන්ත රට කියලා කිවුවේ? හෙට අනින්දා වෙනකොට හොදට පටි තද කරගන්න හොදේ (නි)
හෙට ඉදන්ම ගණන් බහීද ෂුවර් එකටම ? අනේ මගේ කට ඉතින් (නි)
පුනක්කු මිළ ඔයා නිසාම වැඩි නොකර ඉන්නම් කියලා තිබුනා දැක්කා පත්තරේක (නි)
එතකොට "අයවැයට පෙර අල, ලූනු මිල බස්සවයි"කියන්නේ මේ කාලේදී ලංකාවේ ගොවියෝ හට ප්‍රශ්නයක් නැද්ද?කොහොම වුණත් තවම පුන්නක්කු වලට අත තියලා නැහැ (නි)
ටිකිරෝ,අල වලට ලූනු වලට බදු ගහන්නේ මෙහෙ ඉන්න ගොවියො කෑගහනකොට. දැක්කෙ නැද්ද පහුගිය කාලෙ සීගිරිය පැත්තෙ පාර හරස් කරගෙන උද්ගෝෂණය කළා ලූනුවලට මිලක් දියෝ, රටින් ගේන්න එපෝ, කියලා හරියට ලංකාවටම දෙන්න ලුනු තියෙනවා වාගෙ. අල වලටත් එහෙමයි.සෝබනාට කියන්න තියෙන්නෙත් ඒකමයි (නි)
ටිකිරි බන්ඩෝ,සෝබනෝඑහෙම බදු ගහන්නේ ලංකාවේ අස්වනු නෙළන කාලයටයි. එසේ නොකළොත් ලංකාවේ ගොවියන්ගේ අස්වැන්න විකුණාගන්න ලැබෙන්නේ නැහැ. කූට ව්‍යාපාරිකයෝ ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වා ලංකාවේ ගොවියන්ව අසරණ කරනවා. (නි)
සබරගමුවේ බී ලුනු රතු ලුනු වගේ ප්‍රමාණයෙන් නම්. මොන රටේ ඒවාද මන්දා. පොහොර වුණත් කිලෝව නම් රු :230/=.ලුනු වෙනුවට ලීක්ස් තමයි දමන්න වෙන්නේ,ඔහොම ගියොත් (නි)
සබරගමුවේ බී ලුනු රතු ලුනු වගේ සයිස් එක. මොන රටේ ඒවාද මන්දා. බඩු පොහොර උනත් කිලෝව නම් රු :230/=.ලුනු වෙනුවට ලීක්ස් තමයි දමන්න වෙන්නේ. ඔහොම ගියොත් ..(නදී)
මේවටනේ සේනාවන් කියන අය පාරට බැහැලා උද‍්ඝෝෂණ කරන්න ඕනෑ. (නි)
ඒ කියන්නේ අපි පොළේ ගිහින් අර්තාපල් කිලෝවක් අරගෙන ඇවිල්ලා පොඩි දරුවන්ට කන්න දෙනකොට රුපියල් 40 ක් ඒකෙනුත් ගසා කනවා කියලද? (නි)
බදු මිල වැඩි වුණාට කමක් නැහැ.ඒත් පුන්නකු මිළට නම් අත තියන්න එපා. (නි)
බුදු අම්මෝ ඒක තමයි මේ තරම් බඩු මිළ ඉහළ යන්නේ.(නදී)
අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධක් , ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද, රතු ලූනු සඳහා වූ රුපියල් 15 බද්ද ......මේ වගේ බදු ගැහිල්ලක් නම් මම මගේ අම්ම අප්පාගේ කාලෙදිවත් අහල දැකල නැහැ.(නදී)
අයවැයට පසු අල,ලුණු මිළට මොනවා වේවිද කියන්න දෙයක් නැහැ. (නි)