IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අය වැයෙන් සහන ඉල්ලා කොටුවේ උද්ඝෝෂණයක්

2014 වර්ෂය සදහා  හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය මගින් රාජ්‍ය සේවකයාට මෙන්ම  පුද්ගලික අංශයට ද රුපියල් දස දහසක දීමනාවක්  ඇතුළු සේවක ඉල්ලීම් 21 ක් ඉල්ලා වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය  පැවැත් වු  උද්ඝෝෂණක් අද  සවස කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.

 ඔවුන් දුම්රියපොල සිට උද්ඝෝණ පා ගමනකින් මුදල් අමාත්‍යංශය  දක්වා ගමන් ගත් අතර එය ලෝටස් පාරේ හිල්ටන් හෝටලය අසලදී පොලීසිය මගින් මාර්ග බාධක යොදා නතර කෙරිණි.



අදහස් (0)

අය වැයෙන් සහන ඉල්ලා කොටුවේ උද්ඝෝෂණයක්

රාජේශ් Thursday, 21 November 2013 08:05 AM

මේ අදහස් දාන දුබ්ලිචැටේ බන්දුල ගෙදර ඉදන් පිනට කනවා ඇති ...අමාරුව දන්න කෙනා තමා පාරට බහින්නේ..ඔක්කොම වෙනුවෙන්..කඩේ යන්න එපා කාටවත්..තමුන්ට වෙන මාර්ගයකින් මුදල් ලැබෙනවා ඇති.. (නදී)

:       0       0

චම් Thursday, 21 November 2013 08:57 AM

රජයක් අය වැයක් හදන්නේ මාස කීපයකට කලින් සිටයි., හෙට ඉදිරිපත් කරන එකෙන් අද සහන ඉල්ලා සිටීම මොන විහිලුවක්ද? (ස)

:       0       0

රාජේශ් Thursday, 21 November 2013 09:16 AM

වම්, තමන්ට බඩ පිරෙන්න මුදල් ලැබෙනවා ඇති. ඒකයි අමාරුව තේරෙන්නේ නැත්තේ. මොකක්ද බිස්නස් එක ඔයාගේ කියනවද බලන්න. මට නම් පේන්නේ පන්සලක පිනට කන ඇබිත්තයෙක් වගේ. තරහවෙන්න එපා.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 20 November 2013 09:01 PM

මේ මිනිස්සු ලංකාවේම ජනතාව වෙනුවෙන් මේවා කරනවා.එහෙත් ලංකාවේ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. (නි)

:       0       0

ලාරා Wednesday, 20 November 2013 09:02 PM

පුවත බලනකොටම බනින්න ගත්තේ ජේ වී පී එකට. බැලුවහම වෙන කට්ටියක් (නි)

:       0       0

ආරියසේන Wednesday, 20 November 2013 09:22 PM

සෙනග නම් ටිකයි නේද? එතකොට මෙපමණද ලංකාවේ රැකියා වල නියුතුව ඉන්නේ. (නි)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 09:28 PM

මේ පලවෙනි පොටෝ එකේ ඉන්න අක්ක නිකන් හරි එසැන බැලුවනම් ජිවිතේට අය මේ වගේ ඒවාට යන්නෑ.(ස)

:       0       0

අමිල - කටුනායක Thursday, 21 November 2013 09:40 AM

කෑ ගැහුවට වැඩක් නැහැ මෙයාලට ඕන දේ කෙලින් හරි වක්‍රව හරි කරනවා. බලන්නකෝ ලයිට් බිල දිහා. (ස)

:       0       0

දුෂාන් Thursday, 21 November 2013 05:15 PM

අඩුම ගානේ රු.10000 කින්වත් පඩිය වැඩිවෙන්න ඕනෑ.නැත්තන් අමාරුවෙන් තමා ජීවත් වෙන්න වෙන්නේ.තව ඉදිරියට එහෙමවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

සුමුදු Thursday, 21 November 2013 02:22 PM

ජේවීපී ය හරිම මෝඩයි. ජේවීපීය වර්ජනය කරන කොට ජනතාව බනිනවා. හැබැයි වර්ජනය කරලා යමක් අරන් දුන්නම ජනතාව වෙන අයට ඡන්දෙ දෙනවා. ජේවීපි එක තවම තේරුම් අරන් නෑ මේ රටේ ඉන්නේ කිසිම කෙලෙහි ගුණයක් දන්නැති මිනිසුන් බව. (ස)

:       0       0

සෝබනා Thursday, 21 November 2013 09:48 AM

අය ඇයට පෙර සිටම පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂක ක්‍රමයක් හදනවා කිව්වේ අපිට විශාල සහන දෙන්නලු. ඇමෙන්ට් අකට විසීස අර්රක්සක (නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 21 November 2013 09:50 AM

ජේ.වී.පී එකක් නොතිබුනා නම් අපිටත් හිග කන්නම තමයි සිද්ද වෙන්නේ.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 November 2013 09:50 AM

රොෂාන් 2013-11-20 21:01:11 මේ මිනිස්සු ලංකාවේම ජනතාව වෙනුවෙන් මේවා කරනවා.එහෙත් ලංකාවේ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. (ස)

:       0       0

නුවන් Wednesday, 20 November 2013 09:53 PM

පුදුම සෙනගක් නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 21 November 2013 09:52 AM

උද්ඝෝෂණයට 1000 ක් ආවත් ඒ අය එන්නේ රට වෙනුවෙන්, රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්.බත් පාර්සලයට, කසිප්පු බෝතල් බාගෙට එන අය නම් ඕන තරම් ඉන්නවා.එයාලව ගෙන්න ගන්න අයත් ඉන්නාවා. (ස)

:       0       0

ටිකිරි බංඩා Thursday, 21 November 2013 09:55 AM

සමෘද්ධිය ලබා ගන්න අන්ත අසරණ මිනිසුන්ට ගෙදරටම ඇවිත් කියනවා. ගෙදර සියලුම දෙනා අහවල් දවසේ ,අහවල් පාර විවෘත කරන උත්සවයට එන්න ඕනේ. බස් සපයනවා කෑම සපයනවා. රුපියල් 500 කුත් දෙනවා කියලා අනේ ඉතින් ලෙඩ ඇදේ ඉන්න අසරණයත් යනවා සමෘධිය කැපෙයි කියල බයට. පස්සේ රෑට රූපවාහිනියෙන් පෙන්වනවා අතුරු සිදුරු නැතිව ජන ගගක් ගැලුවා කියලා. කාවද රවට්ටන්න හදන්නේ? (නදී)

:       0       0

ආලෝක Thursday, 21 November 2013 10:06 AM

හමුදාවට විරුද්ධව පෙළපාලි යන එක තහනම් කරන්න ඕනේ ඉන්දියාවේත්, බටහිරත් එහෙමයි. හමුදාව අපිට නිදහස අරන් දුන්නා. කලගුණ දන්නෙ නැති මිනිස්සුන්ට කියල දෙන්න නීති හදන්න ඕනේ. බලය දැන් දීලනේ තියෙන්නේ? රතුපස් වලට යවපු කට්ටිය තාම ඉන්නවනේ යුනිෆෝර්ම් වල? (ස)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 20 November 2013 10:36 PM

ලාරෝ මේ ඉන්නේ වෙන කට්ටියක් නෙමෙය්..ජේ වී පී එකම තමය්..මටනම් ප්‍රස්නේ මොකක්ද මේ ඉඩම් නිවාස අය්තිය ලබාදෙනු කියන එකේ තේරුම..10000 නම් තේරෙනවා. මෙයාලගේ ඉඩමුත් හමුදාවෙන් අරන්ද? නැත්නම් ටී එන් එ එක වැරදිලා මේ අස්සට රින්ගලද? (අ)

:       0       0

ටිකිරි බංඩා Thursday, 21 November 2013 10:13 AM

ඔය "අය වය" නමැති පාපකර්මයට අත නොගහ ඉන්න එක හොදයි. .කන්න අදින්න නැතිව මිනිසුන් දරුවන් සමග ගගට මුහුදට පැනල ජීවිත විනාස කර ගන්නකොට හෙන පිට හෙන ඉල්ලනකොට ඕවා පඩිසන් දෙන කාලයකුත් එනවා. අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කල ගඩාෆි හීනයකින්වත් හිතුවද කානුවක බැහැල ,රටේ මිනිසුන්ගේ සෙරෙප්පු පාරවල් කාල බල්ලෙක් වගේ වෙඩි කාල මිය දෙන්න සිද්ද වීවී කියලා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 20 November 2013 10:55 PM

පලවෙනි ෆොටෝ එකේ ඉන්න ගැණු කෙනා බැදපු මනුස්සයටනම් දෙවියන්ගේම පිහිටය්..කාලි අම්ම වගේ..(අ)

:       0       0

චාන් Thursday, 21 November 2013 10:24 AM

රාජේශ් ,ඉහත මගේ අදහසෙන් බාගයයි කතුතුමා පලකරලා තියෙන්නේ , රජයෙන් පින් පඩි ගෙන අනිත් සේවකයින්ගේ සාමාජික මුදලින් දිවි ගෙවන ඔබ වැනි පින්ගුත්තරයෝ තමා මේ පිනට කන්නම ඉල්ලන්නේ , ඇබිත්තයා කන්නේ පන්සලේ සියලුම වැඩ කර මහන්සි වෙලා බව දැනගන්න.(නදී)

:       0       0

අසංග Thursday, 21 November 2013 10:27 AM

ලෙස්ලි ජයවර්ධන, ඔය පිරිස අපි වෙනුවෙන් පාරට බහින කට්ටිය නෙමයි. දේසපාලන වාසි තකා කෑ ගසන කට්ටිය. (ස)

:       0       0

උකුස්සා Thursday, 21 November 2013 10:32 AM

විපක්ෂයක් වැදගත්, ඒ වගේම ඒක රටට ආදරේ එකක් නොවුනොත් භයානකයි. එහෙම එකක් හදන්න නම් ඉගෙන ගත්ත හොඳ මිනිස්සු එකතු වෙන්න ඕන රට ජාතිය වෙනුවෙන්. සල්ලි නැති කමක් රටේ නැති බව මාධ්‍ය වාර්තා වලින් පේනවා. එහෙනම් ඇයි බහුතර මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැත්තේ? එයාලව මෝඩයන්ගේ ගානට දාල වගේ පෙන්නේ? මිනිස්සු පාරට ගත්තොත් මැද පෙරදිග කළා වගේ කරන්න බටහිටත් ඉන්දියාවටත් පුළුවන් වෙනවා. ඒ ගැන බලවතුන් හිතුවොත් හොඳයි වලාකුළුවලින් බිමට බැහැලා. (ස)

:       0       0

පැංචි Wednesday, 20 November 2013 11:41 PM

බලන්නකෝ අර උඩින් තියෙන නිවුස් එක...ලක්ස 20 යි..ලංකාවේ පෙම්වතෙක් මරන්න... ඔන්න සල්ලි? අනේ මේ ආ වේ තොප්පියක් ෂර්ට් එකක් බත් පිගානක් බලා ගෙනද? (අ)

:       0       0

දයා Thursday, 21 November 2013 03:01 PM

කාටවත් වෙඩි වැදිලා නම් නැහැනේ .(දිල්)

:       0       0

යු. එස්. ඒ Thursday, 21 November 2013 12:01 AM

එයාලා ඉතින් කවදත් කරන්නේ ලබා ගන්න බැරි ඉල්ලීම්. (නි)

:       0       0

මනෝජ් Thursday, 21 November 2013 12:44 AM

මේ අදහස් දාන සමහරුන්ගේ ඥානය කොතරම් විශ්මිතද? ඔවුන්ගේ කිසිම ස්නායුවක් ක්‍රියා නොකරන වග මෙම ලිපියත් පහළින් ඇති ලිපියෙත් අදහස් වලින් පෙනේ. අඩුම තරමින් ප්‍රශ්නය හදුනන්නේ නැති අය නේද මේ ඉන්නේ? (නි)

:       0       0

චන්ද්‍ර වනිගසේකර Thursday, 21 November 2013 06:43 PM

88/89 කාලේ වුනා නම් මේ කට්ටිය දකින්නත් නැහැ. (නදී)

:       0       0

ජයා Thursday, 21 November 2013 11:23 AM

මෙම පක්ෂයේ බහුතරයක්ම ඉන්නේ ඇති අයට ඉරිසියා කරන පිරිසක්. තනි උත්සාහයෙන් නැගිටින්න බැරි අය අනුන්ට දෙස් දෙවොල් තිය තියා ඉන්නවා. ජාතියේ වල කපන්නේ මොවුන්. මුලදී ඔය පක්ෂයට යාව ජීවකව වැඩ කල අය ගෙන් වැඩි හරියක්ම දැන් ඉන්නේ කොහෙද කියලා. බැලුවොත් තේරෙනවා මේක නිකන් පුස්සක් කියලා. තරුණ වයසට සහ බලපෑම් මත කරනවා මිසක් හිතට එකඟව කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? පක්ෂයේ නියම ප්‍රතිපත්ති අගය කරනවා. නමුත් එය හරියට යෙදවෙන්නේ නැති එකයි ප්‍රශ්නය. මම මේ ගැන කියන්නේ මේ සම්බන්දව හොඳට තේරුම් ගත් අයෙක් හැටියට. (නදී)

:       0       0

රවීන් Thursday, 21 November 2013 11:38 AM

කෝ ලාල් කාන්ත මහා ඇමැතිකමට ලෑස්ති වෙනවද? (නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 21 November 2013 11:38 AM

අප ගැන සිතන අපි වෙනුවෙන් පාරට බහින ඔබලාට ජයවේවා!! (ස)

:       0       0

දයා Thursday, 21 November 2013 03:44 AM

අාරියසේනට අඩුවට පෙනෙන අය මෙතන නැහැනේ. (නි)

:       0       0

චාන් Thursday, 21 November 2013 03:43 PM

මෙන්න මේ වෙලාවට තමා අම්මපා සජිත් ගේ පියතුමා මතක් වෙන්නේ , කව්රු කලත් හොද දේ හොදය,....(නදී)

:       0       0

නඩරාජා Thursday, 21 November 2013 11:51 AM

මිනිස්සු ඕන නම් දෙසීයක් ඇති. රට අගාතයට අදින මෝඩ මිනිස්සු. (ස)

:       0       0

ලෙස්ලි ජයවර්දන Thursday, 21 November 2013 05:40 AM

අපි වෙනුවෙන් පාරට බසින ලද අයට සමච්චල් කරන එක නීච ක්‍රියාවක් (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 21 November 2013 12:28 PM

වෘත්තීය සමිති කියල බෝඩ් ලෑලිවලට මුවා වෙලා හැම දේම කඩාකප්පල් කර කර පින් පඩි කමින් රාජ්‍ය අංශය විනාස කරන්නේ කව්ද කියල රාජේශ් මහත්තයා නොදන්නවා උනාට අපි දන්නවා..පුලුවන්නම් ඔය සෙල්ලම් පුද්ගලික අංශේ දාල පෙන්නන්න..කෝ පුද්ගලික අංශයේ වැඩ වැරුමක් අයිතීන් දිනා ගැනීමක්..පඩි වැඩිකර ගැනීමක්.. හාම්පුතුන්ට ඔක්කොම බයයි..රස්සාවට කෙළවෙන නිසා.. (ස)

:       0       0

මංජුල අබු ඩාබි සිට Thursday, 21 November 2013 12:36 PM

අධික බදු බර නිසා වියදම වැඩිබව කාටත් බලපාන කාරණයක්. රජයේ සේවකයන්ගේ වැටුප් දිහා බැලුවහම තේරෙනවා ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න තියෙන අමාරුකම. ජිවිත කාලයම හම්බකරත් කවදාවත් ඉතිරියක් කරන්න ගෙයක් දොරක් හදන්න බැරිව දුක් විදිනවා. සමහරු ඒ ගැන හිතල නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මියයනවා. හැබැයි ඔය පාරට බැහැල දගලන වෘත්තිය සමිති කාරයන්ගෙන් සමහරක් කරන්නේ බොරු. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියල අටවා ගත්තු ව්‍යාජ ආයතනය මගින් කරන්නේ කිසිම වෘතිකයෙකුට කවදාවත් ළඟාවිය නොහැකි බොරු ඉලක්කයක් පෙන්නලා. අපි යන්න හදන්න මෙන්න මෙතනට කියල පෙන්නල මිනිස්සුන්ව පාරට ගේන එක. දැන් අද අය වැය ඊයේ ඔය රංගනය කරල කියක් හරි අය වැයෙන් වැඩි උනොත් කියනවා අපේ බල පෑම නිසා තමයි. මේක වැඩි උනේ ආණ්ඩුවට වෙන කරන්න දෙයක් නෑ කියල සාමාජිකයන්ට පෙන්නලා. අපි තව සාමාජිකත්වය වැඩිකර ගත යුතු මේ නිසයි කියල පාරම්බාන්න. වැඩි උනේ නැත්නම් කියයි මේ ආණ්ඩුවට පැහැදිලි ආර්ථික දැක්මක් නැහැ. අපිට රජයක් කරන්න ජනතාව බලය ලබාදුන්නොත් අපි ජනතාව දිව්‍ය ලෝකේ එක්ක යනවා කියලා.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 21 November 2013 07:20 AM

මේ අය ප්‍රජාතාන්ත්‍රිකව කරගෙන දෙය අගය කළ යුතුයි. ඡායාරූප වල ඉන්න අයගේ ස්වරූපය ගැන ලිවීමෙන් කරන්නේ අනුවණකම ප්‍රදර්ශනය කිරීමක් කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1028 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 727 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 842 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1399 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 557 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site