2014 වර්ෂය සදහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අය වැය මගින් රාජ්‍ය සේවකයාට මෙන්ම පුද්ගලික අංශයට ද රුපියල් දස දහසක දීමනාවක් ඇතුළු සේවක ඉල්ලීම් 21 ක් ඉල්ලා වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය පැවැත් වු උද්ඝෝෂණක් අද සවස කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණි.
ඔවුන් දුම්රියපොල සිට උද්ඝෝණ පා ගමනකින් මුදල් අමාත්‍යංශය දක්වා ගමන් ගත් අතර එය ලෝටස් පාරේ හිල්ටන් හෝටලය අසලදී පොලීසිය මගින් මාර්ග බාධක යොදා නතර කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ගැන සිතන අපි වෙනුවෙන් පාරට බහින ඔබලාට ජයවේවා!! (ස)
උද්ඝෝෂණයට 1000 ක් ආවත් ඒ අය එන්නේ රට වෙනුවෙන්, රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්.බත් පාර්සලයට, කසිප්පු බෝතල් බාගෙට එන අය නම් ඕන තරම් ඉන්නවා.එයාලව ගෙන්න ගන්න අයත් ඉන්නාවා. (ස)
සමෘද්ධිය ලබා ගන්න අන්ත අසරණ මිනිසුන්ට ගෙදරටම ඇවිත් කියනවා. ගෙදර සියලුම දෙනා අහවල් දවසේ ,අහවල් පාර විවෘත කරන උත්සවයට එන්න ඕනේ. බස් සපයනවා කෑම සපයනවා. රුපියල් 500 කුත් දෙනවා කියලා අනේ ඉතින් ලෙඩ ඇදේ ඉන්න අසරණයත් යනවා සමෘධිය කැපෙයි කියල බයට. පස්සේ රෑට රූපවාහිනියෙන් පෙන්වනවා අතුරු සිදුරු නැතිව ජන ගගක් ගැලුවා කියලා. කාවද රවට්ටන්න හදන්නේ? (නදී)
හමුදාවට විරුද්ධව පෙළපාලි යන එක තහනම් කරන්න ඕනේ ඉන්දියාවේත්, බටහිරත් එහෙමයි. හමුදාව අපිට නිදහස අරන් දුන්නා. කලගුණ දන්නෙ නැති මිනිස්සුන්ට කියල දෙන්න නීති හදන්න ඕනේ. බලය දැන් දීලනේ තියෙන්නේ? රතුපස් වලට යවපු කට්ටිය තාම ඉන්නවනේ යුනිෆෝර්ම් වල? (ස)
ඔය "අය වය" නමැති පාපකර්මයට අත නොගහ ඉන්න එක හොදයි. .කන්න අදින්න නැතිව මිනිසුන් දරුවන් සමග ගගට මුහුදට පැනල ජීවිත විනාස කර ගන්නකොට හෙන පිට හෙන ඉල්ලනකොට ඕවා පඩිසන් දෙන කාලයකුත් එනවා. අදි සුඛෝපභෝගී ජීවිතයක් ගත කල ගඩාෆි හීනයකින්වත් හිතුවද කානුවක බැහැල ,රටේ මිනිසුන්ගේ සෙරෙප්පු පාරවල් කාල බල්ලෙක් වගේ වෙඩි කාල මිය දෙන්න සිද්ද වීවී කියලා.(නදී)
රාජේශ් ,ඉහත මගේ අදහසෙන් බාගයයි කතුතුමා පලකරලා තියෙන්නේ , රජයෙන් පින් පඩි ගෙන අනිත් සේවකයින්ගේ සාමාජික මුදලින් දිවි ගෙවන ඔබ වැනි පින්ගුත්තරයෝ තමා මේ පිනට කන්නම ඉල්ලන්නේ , ඇබිත්තයා කන්නේ පන්සලේ සියලුම වැඩ කර මහන්සි වෙලා බව දැනගන්න.(නදී)
ලෙස්ලි ජයවර්ධන, ඔය පිරිස අපි වෙනුවෙන් පාරට බහින කට්ටිය නෙමයි. දේසපාලන වාසි තකා කෑ ගසන කට්ටිය. (ස)
විපක්ෂයක් වැදගත්, ඒ වගේම ඒක රටට ආදරේ එකක් නොවුනොත් භයානකයි. එහෙම එකක් හදන්න නම් ඉගෙන ගත්ත හොඳ මිනිස්සු එකතු වෙන්න ඕන රට ජාතිය වෙනුවෙන්. සල්ලි නැති කමක් රටේ නැති බව මාධ්‍ය වාර්තා වලින් පේනවා. එහෙනම් ඇයි බහුතර මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්නේ නැත්තේ? එයාලව මෝඩයන්ගේ ගානට දාල වගේ පෙන්නේ? මිනිස්සු පාරට ගත්තොත් මැද පෙරදිග කළා වගේ කරන්න බටහිටත් ඉන්දියාවටත් පුළුවන් වෙනවා. ඒ ගැන බලවතුන් හිතුවොත් හොඳයි වලාකුළුවලින් බිමට බැහැලා. (ස)
මෙම පක්ෂයේ බහුතරයක්ම ඉන්නේ ඇති අයට ඉරිසියා කරන පිරිසක්. තනි උත්සාහයෙන් නැගිටින්න බැරි අය අනුන්ට දෙස් දෙවොල් තිය තියා ඉන්නවා. ජාතියේ වල කපන්නේ මොවුන්. මුලදී ඔය පක්ෂයට යාව ජීවකව වැඩ කල අය ගෙන් වැඩි හරියක්ම දැන් ඉන්නේ කොහෙද කියලා. බැලුවොත් තේරෙනවා මේක නිකන් පුස්සක් කියලා. තරුණ වයසට සහ බලපෑම් මත කරනවා මිසක් හිතට එකඟව කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද? පක්ෂයේ නියම ප්‍රතිපත්ති අගය කරනවා. නමුත් එය හරියට යෙදවෙන්නේ නැති එකයි ප්‍රශ්නය. මම මේ ගැන කියන්නේ මේ සම්බන්දව හොඳට තේරුම් ගත් අයෙක් හැටියට. (නදී)
කෝ ලාල් කාන්ත මහා ඇමැතිකමට ලෑස්ති වෙනවද? (නදී)
රොෂාන් 2013-11-20 21:01:11 මේ මිනිස්සු ලංකාවේම ජනතාව වෙනුවෙන් මේවා කරනවා.එහෙත් ලංකාවේ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. (ස)
මිනිස්සු ඕන නම් දෙසීයක් ඇති. රට අගාතයට අදින මෝඩ මිනිස්සු. (ස)
වෘත්තීය සමිති කියල බෝඩ් ලෑලිවලට මුවා වෙලා හැම දේම කඩාකප්පල් කර කර පින් පඩි කමින් රාජ්‍ය අංශය විනාස කරන්නේ කව්ද කියල රාජේශ් මහත්තයා නොදන්නවා උනාට අපි දන්නවා..පුලුවන්නම් ඔය සෙල්ලම් පුද්ගලික අංශේ දාල පෙන්නන්න..කෝ පුද්ගලික අංශයේ වැඩ වැරුමක් අයිතීන් දිනා ගැනීමක්..පඩි වැඩිකර ගැනීමක්.. හාම්පුතුන්ට ඔක්කොම බයයි..රස්සාවට කෙළවෙන නිසා.. (ස)
අධික බදු බර නිසා වියදම වැඩිබව කාටත් බලපාන කාරණයක්. රජයේ සේවකයන්ගේ වැටුප් දිහා බැලුවහම තේරෙනවා ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න තියෙන අමාරුකම. ජිවිත කාලයම හම්බකරත් කවදාවත් ඉතිරියක් කරන්න ගෙයක් දොරක් හදන්න බැරිව දුක් විදිනවා. සමහරු ඒ ගැන හිතල නොයෙකුත් ලෙඩ රෝග හැදිලා මියයනවා. හැබැයි ඔය පාරට බැහැල දගලන වෘත්තිය සමිති කාරයන්ගෙන් සමහරක් කරන්නේ බොරු. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කියල අටවා ගත්තු ව්‍යාජ ආයතනය මගින් කරන්නේ කිසිම වෘතිකයෙකුට කවදාවත් ළඟාවිය නොහැකි බොරු ඉලක්කයක් පෙන්නලා. අපි යන්න හදන්න මෙන්න මෙතනට කියල පෙන්නල මිනිස්සුන්ව පාරට ගේන එක. දැන් අද අය වැය ඊයේ ඔය රංගනය කරල කියක් හරි අය වැයෙන් වැඩි උනොත් කියනවා අපේ බල පෑම නිසා තමයි. මේක වැඩි උනේ ආණ්ඩුවට වෙන කරන්න දෙයක් නෑ කියල සාමාජිකයන්ට පෙන්නලා. අපි තව සාමාජිකත්වය වැඩිකර ගත යුතු මේ නිසයි කියල පාරම්බාන්න. වැඩි උනේ නැත්නම් කියයි මේ ආණ්ඩුවට පැහැදිලි ආර්ථික දැක්මක් නැහැ. අපිට රජයක් කරන්න ජනතාව බලය ලබාදුන්නොත් අපි ජනතාව දිව්‍ය ලෝකේ එක්ක යනවා කියලා.(නදී)
ජේවීපී ය හරිම මෝඩයි. ජේවීපීය වර්ජනය කරන කොට ජනතාව බනිනවා. හැබැයි වර්ජනය කරලා යමක් අරන් දුන්නම ජනතාව වෙන අයට ඡන්දෙ දෙනවා. ජේවීපි එක තවම තේරුම් අරන් නෑ මේ රටේ ඉන්නේ කිසිම කෙලෙහි ගුණයක් දන්නැති මිනිසුන් බව. (ස)
කාටවත් වෙඩි වැදිලා නම් නැහැනේ .(දිල්)
මෙන්න මේ වෙලාවට තමා අම්මපා සජිත් ගේ පියතුමා මතක් වෙන්නේ , කව්රු කලත් හොද දේ හොදය,....(නදී)
අඩුම ගානේ රු.10000 කින්වත් පඩිය වැඩිවෙන්න ඕනෑ.නැත්තන් අමාරුවෙන් තමා ජීවත් වෙන්න වෙන්නේ.තව ඉදිරියට එහෙමවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. (නි)
88/89 කාලේ වුනා නම් මේ කට්ටිය දකින්නත් නැහැ. (නදී)
අාරියසේනට අඩුවට පෙනෙන අය මෙතන නැහැනේ. (නි)
පුවත බලනකොටම බනින්න ගත්තේ ජේ වී පී එකට. බැලුවහම වෙන කට්ටියක් (නි)
සෙනග නම් ටිකයි නේද? එතකොට මෙපමණද ලංකාවේ රැකියා වල නියුතුව ඉන්නේ. (නි)
මේ පලවෙනි පොටෝ එකේ ඉන්න අක්ක නිකන් හරි එසැන බැලුවනම් ජිවිතේට අය මේ වගේ ඒවාට යන්නෑ.(ස)
පුදුම සෙනගක් නේද? (නි)
ලාරෝ මේ ඉන්නේ වෙන කට්ටියක් නෙමෙය්..ජේ වී පී එකම තමය්..මටනම් ප්‍රස්නේ මොකක්ද මේ ඉඩම් නිවාස අය්තිය ලබාදෙනු කියන එකේ තේරුම..10000 නම් තේරෙනවා. මෙයාලගේ ඉඩමුත් හමුදාවෙන් අරන්ද? නැත්නම් ටී එන් එ එක වැරදිලා මේ අස්සට රින්ගලද? (අ)
පලවෙනි ෆොටෝ එකේ ඉන්න ගැණු කෙනා බැදපු මනුස්සයටනම් දෙවියන්ගේම පිහිටය්..කාලි අම්ම වගේ..(අ)
බලන්නකෝ අර උඩින් තියෙන නිවුස් එක...ලක්ස 20 යි..ලංකාවේ පෙම්වතෙක් මරන්න... ඔන්න සල්ලි? අනේ මේ ආ වේ තොප්පියක් ෂර්ට් එකක් බත් පිගානක් බලා ගෙනද? (අ)
එයාලා ඉතින් කවදත් කරන්නේ ලබා ගන්න බැරි ඉල්ලීම්. (නි)
මේ අදහස් දාන සමහරුන්ගේ ඥානය කොතරම් විශ්මිතද? ඔවුන්ගේ කිසිම ස්නායුවක් ක්‍රියා නොකරන වග මෙම ලිපියත් පහළින් ඇති ලිපියෙත් අදහස් වලින් පෙනේ. අඩුම තරමින් ප්‍රශ්නය හදුනන්නේ නැති අය නේද මේ ඉන්නේ? (නි)
මේ මිනිස්සු ලංකාවේම ජනතාව වෙනුවෙන් මේවා කරනවා.එහෙත් ලංකාවේ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. (නි)
අපි වෙනුවෙන් පාරට බසින ලද අයට සමච්චල් කරන එක නීච ක්‍රියාවක් (නි)
මේ අය ප්‍රජාතාන්ත්‍රිකව කරගෙන දෙය අගය කළ යුතුයි. ඡායාරූප වල ඉන්න අයගේ ස්වරූපය ගැන ලිවීමෙන් කරන්නේ අනුවණකම ප්‍රදර්ශනය කිරීමක් කියලයි මම නම් හිතන්නේ. (නි)
මේ අදහස් දාන දුබ්ලිචැටේ බන්දුල ගෙදර ඉදන් පිනට කනවා ඇති ...අමාරුව දන්න කෙනා තමා පාරට බහින්නේ..ඔක්කොම වෙනුවෙන්..කඩේ යන්න එපා කාටවත්..තමුන්ට වෙන මාර්ගයකින් මුදල් ලැබෙනවා ඇති.. (නදී)
රජයක් අය වැයක් හදන්නේ මාස කීපයකට කලින් සිටයි., හෙට ඉදිරිපත් කරන එකෙන් අද සහන ඉල්ලා සිටීම මොන විහිලුවක්ද? (ස)
වම්, තමන්ට බඩ පිරෙන්න මුදල් ලැබෙනවා ඇති. ඒකයි අමාරුව තේරෙන්නේ නැත්තේ. මොකක්ද බිස්නස් එක ඔයාගේ කියනවද බලන්න. මට නම් පේන්නේ පන්සලක පිනට කන ඇබිත්තයෙක් වගේ. තරහවෙන්න එපා.(නදී)
කෑ ගැහුවට වැඩක් නැහැ මෙයාලට ඕන දේ කෙලින් හරි වක්‍රව හරි කරනවා. බලන්නකෝ ලයිට් බිල දිහා. (ස)
අය ඇයට පෙර සිටම පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂක ක්‍රමයක් හදනවා කිව්වේ අපිට විශාල සහන දෙන්නලු. ඇමෙන්ට් අකට විසීස අර්රක්සක (නදී)
ජේ.වී.පී එකක් නොතිබුනා නම් අපිටත් හිග කන්නම තමයි සිද්ද වෙන්නේ.(නදී)