පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය අයියා මලේ දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර හය හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අයියා අතුරුදන්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය අයියා මලේ දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර හය හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අයියා අතුරුදන්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්ත කෙනෙක් කිව්වහම දරුවන් සම්බන්ධයෙන් මොනතරම් වගකීමක් තියෙන කෙනෙක්ද? මෙහෙම පරිස්සම් නැති තැන්වලට දරුවන් අරගෙන ගිහිල්ල හය හතර නොදන්නා දරුවන්ව මාරයාට මෙසේ ලන්කෙරුවේ ඇයි? (නදී)
අද රටේ ගොඩක් මිනිස්සු ලෝකෙට පෙනෙන්න ගොන් වැඩ කරනවා. සංචාරයකට යන්නේ නාන්න. ගෙවල්වලදී මේ මිනිස්සු නාන්නේ නැහැ වගේ. සේරටම හපන් අම්මල මේ තත්ත්ව අඩු තරමේ රිමාන්ඩ් කරන්න තියෙන්නේ බාල වයස් කාරයෙක්ගේ ජිවිතේ නැති කරන්න අනියමින් සම්බන්ධ වුනා කියලා. එතකොට අනිත් මෝඩ මිනිස්සු නීතියට බයේ වත් හැදේවිනේ. (නදී)
පියාගේ නොසැලිකිලිමත් කම හේතුවෙන් සිදු වූ දෙයක් නිසා අනෙකුත් පීයවරුනට ආදර්ශයක් ලෙස ඔහුට විරුද්ධව චෝදනා ගොනු කල යුතු නැද්ද? (නදී)
එක්කෙනෙක් විතරක් ගහගෙන ගියානම් සමාවක් දෙන්න පොඩි හරි ඉඩක් තියෙනවා. මේ නම් මෝඩ තකතිරුවෙක්. අඩුම ගනනේ අවුරුදු 6 ළමයා ගැනවත් සැලකිල්ලක් දක්වල නෑ (නදී)
දරුවන් ගැන හොද විමසිල්ලෙන් හිටියා නම් ඔහොම අනතුරක් වෙන්නේ නැහැනේ.(නදී)
ගාමිනි, සෙනරත් ඔබ හරි. මේ ම්නුස්‍යයා අනිකුත් අය නාන දිහා බලබලා හිටියාවත්ද ? (නදී)
අවුරුදු 6ක ළමයෙක් මුහුදට තනියම බස්සවන්න..., මේ තාත්තට මොලේ අමාරුවක් තිබුනද..?අනේ රත්තරන් පුතණුවනේ.., නුඹලා දෙදෙනාටම මෙවන් අකල් මරණයක් මතු උපදින කිසිම භවයක නොමවෙන්න කියා ප්‍රාර්ථනා කරන්නම්, හදතුල ඇති වුන දුක් සුසුම් මැදින් (අ)
මුහුදෙන් වට උණු රටක් වුනාට මුළු රටෙන්ම දහ දෙනෙක්ට වත් පීනන්න බැහැ. රටට ගැලපෙන අධ්‍යාපනේ තරම තමයි. (නදී)
අද කාලේ විනෝද චාරිකා යන වැඩිහිටි පිරිමි යන යන තැන සෙට්වෙනවා, කෙලවර ඉතින් විපත තමයි,අපරාදේ කොලුපැටව් දෙන්නගේ වටිනා ජිවිත,(අ)
අපිට ලැබුණු තොරතුරු අනුව පියා සමඟ නම් ගිහින් නෑ...(අ)
අපොන්සු පෙන්නා දෙන දෙය ජාතික වටිනාකමක් ඇති දෙයක්. මෙය පාසල් අධ්‍යාපනයේම අනිවාර්ය අංගයක් වෙන්න ඕනේ. ඒත් මේවා කාට කියන්නද? (නදී)
සමහර රටවල මුහුදේ නෑමට සීමාවන් වෙන්කරලා තියෙනවා හැමතැනම නාන්න බෑ. එම තැන්වල නාන අයට ආරක්ෂාවට ආරක්ෂකයින් යොදවල තිබෙනවා. නාන අයගෙන් යම් මුදලක් අරගෙන එවැනි වැඩපිළිවෙලක් යෙදුවොත් නරකද ? නමුත් අපේ රටේ හදිසියකට මුදල් නැතිව වැසිකිලියකට යන්නත් බෑ (නදී)