IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


අයිශ්වර්යා අපේ රටට එයි

ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත  කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම්වල 30%ක් පමණ මීට පෙර තායිලන්තයේදී සිදුකර තිබේ. ඉතිරි සම්පූර්ණ කොටස මෙරට රන්මිහිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දින 100ක කාලයක් තුළ රූගත කිරීමට සියලු සැලසුම් සූදානම් කර ඇති බව දැනගන්නට ලැබුණි.

ශ්‍රී ලංකාව - ඉන්දියාව සම්බන්ධවූ චෝල අධිරාජ්‍යය පදනම් කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති නමැති ප්‍රකට ලේඛකයා රචිත  නවකතාවක්  ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන සුරූපී නිළි අයිශ්චර්යා රායි බච්චන්, වික්‍රම්, කාර්තික්, ට්‍රීෂා ක්‍රිෂ්ණන්, ප්‍රභූ, ජෙයම් රවි, අයිශ්වර්යා ලක්ෂ්මී, ජෙයරාම්, වික්‍රම් ප්‍රභූ, සරත් කුමාර්, කිෂෝර් කුමාර්, අශ්වින්, රියාස් ඛාන්, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙහිදී  ඔවුන් සමග මෙරට නළු නිළියන් 500කට අධික සංඛ්‍යාවක් රංගනයෙන්  දායකවීම විශේෂත්වයකි.

‘‘පොන්නියන් ​ෙසල්වන්’’ චිත්‍රපටයේ මෙරට රූගත කිරීම් සඳහා මනිරත්නම්ගේ ‘‘මැඩ්රාස් ටෝකීස්’’ සමග රේඛීය නිෂ්පාදක ලෙස ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පසුගියදා  ගිවිසුමකට අත්සන් කරන ලදී. ප්‍රසන්න තම කාර්යය සිදුකිරීමට ප්‍රවීණ රංගධර, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ ‘‘ෆිල්ම්  ටීම්’’  ආයතනය සමගද ගිවිසුමකට එළැඹුණි. මෙම භාරදූර කටයුත්ත පිළිබඳව ප්‍රසන්න ‘‘රසවින්දන’’ට පැවසුවේ මේ අයුරිනි.

‘‘ඇත්තෙන්ම මේ කටයුත්ත ශ්‍රී ලංකාවට එන ලොකුම ආයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයට අපේ රටේ  නළු නිළියන් 500කට වැඩි පිරිසක් දායක කරගන්නවා. මේ සඳහා මෙරට සිටින දමිළ, සිංහල සියලු දෙනාම එකතු කරගන්නවා. ඒ වගේම  කාර්මික අංශයට අපේ රටේ දක්ෂ අයත් දායක කරගන්නවා. මෙහි දර්ශනතල මේ දිනවල රන්මිහිතැන්නේ හැදීමට මෙරට සිටින ප්‍රවීණ නිර්මාණකරුවකු වන එරල් කෙලී සියලු සැලසුම් හදාගෙන යනවා. ඔක්තෝබර් මාසයේ අග හරියේ ඉඳන් දින 100ක් මෙහිදී මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා.

මනිරත්නම්ගේ මේ  චිත්‍රපටයේ 30% ක් පමණ රූගත කිරීම් කොරෝනා වසංගතයට පෙර තායිලන්තයේදී සිදුකළේ. අපේ රටේ ශ්‍යාම් ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ 5 වැනි මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වුණා. ලංකාවත්, ඉන්දියාවත් සම්බන්ධවූ චෝල අධිරාජ්‍යය පාදක කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති ලියූ පිටු 1000කට වැඩි නවකතාව තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ. මේ නවකතාව ඇසුරෙන්  චිත්‍රපටයක් කරන්න මීට පෙර දකුණු ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙක් වන එම්.පී. රාමචන්ද්‍රන් හා  කමල් හසන් උත්සාහ කළා.

නමුත් නිෂ්පාදනයේ වැය පක්ෂය ඉතා අධික නිසා චිත්‍රපටය කරගන්න බැරිවුණා. මනිරත්නම්ගේ ලොකු සිහිනයක් තිබුණා. මේ චිත්‍රපටය කරන්න. ඔහු මීට අවුරුදු 15කට කලින් මෙය කරන්න හැදූ විටදි හෘදයාබාධයකට ලක්වුණා. ඒ නිසා නතර කරන්න සිදුවුණා. දැන් තමයි කරන්න හදන්නේ.

මේ චිත්‍රපටය 2021 දී තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා.මෙය වැඩිම මුදලක් වැය කරන දැවැන්ත සිනමා නිර්මාණයක්. ලාංකීය සිනමාව කඩා වැටී ඇති මොහොතක මෙවැනි දැවැන්ත  කටයුත්තක් අපේ රටේ සිදුකරන්න ලැබීම ලොකු වාසනාවක්. මොකද මේ රටේ බොහෝ දෙනකුගේ අතමිට මේ හින්දා සාර්ථක කරගන්න  පුළුවන් වෙනවා. චිත්‍රපටවල  වැඩ නැති නිසා බොහෝ දෙනෙක් ඉතා අසරණ  තත්ත්වයේ ඉන්නේ. ඒ හින්දා  ලාංකීය සිනමාවට ලොකු උත්තේජනයක් මෙයින් ලැබෙයි කියා මා හිතනවා.’’.

‘‘පොන්නියන් සෙල්වන්’ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්. රහ්මාන් ගෙනි. කැමරාකරණයෙන් රවි වර්මන්, සංස්කරණයෙන් ශ්‍රීකර් ප්‍රසාද්, කලා අධ්‍යක්ෂණයෙන් තොට්ට තරණී, ඇඳුම් නිර්මාණයෙන් ඒකා ලක්හානි, තිර චනයෙන් මනිරත්නම්, බී ජෙයමෝහන් (දෙබස්)  හා එලංගෝ කුමාරවේල් දායක වන මෙම චිත්‍රපටය මනිරත්නම්, සුහාසිනී මනිරත්නම් හා සුභාෂ් කරන් අලිරාජ්ගේ නිෂ්පාදනයකි.

-(*** සමන්ත යහම්පත්)



අදහස් (15)

අයිශ්වර්යා අපේ රටට එයි

upul Friday, 04 September 2020 04:01 PM

සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා...

:       8       174

BamunuarachchiSaturday, 05 September 2020 06:41 AM

ඔව් ඔව් එහෙම අය මේ රටේ ඉන්නවා. අපේ රටේ කෙනෙක් ගියාමත් ඒ අය පිළිගන්නවාද?

:       3       3

BamunuarachchiSaturday, 05 September 2020 04:07 PM

දැන් පෝලිමේ යයි මේ ගොල්ලන් පිළිගන්න..

:       1       0

Raveendra Friday, 04 September 2020 04:21 PM

අනේ නංගියේ අපේ රටට අවට නම් කිසිඳු ගැටළුවක් නැත. හැබැයි දියවන්නාව පට්ටියේ... අම්බරුවන්ගේ ආර්, භාර්යාවන් එක්ක ටෙනිස් ගහන්න රඟපාන්න එහෙම ගිහින් අනාගන්න නම් එපා හරියෑ.. මොකද අද කාලේ අපේ "සමහරක් " භාර්යාවන් නොහොත් ගෙදර උන්දැලා එක එක රැජිණියෝ එක්ක විතරක්ම ටෙනිස් සෙල්ලම් කළා.. නෙට්බෝල් සෙල්ලම් කරපු ඒ වයසක සුන්දර විහිළු මතක් වුණා...

:       113       1071

නෙවිල් Friday, 04 September 2020 05:29 PM

නිරෝධායනය කරනවා නේද?

:       0       0

saman Saturday, 05 September 2020 01:27 AM

ආවට කමක් නැහැ. ඒත් නිරෝධායනය වෙලා එන්න.

:       0       20

Saman Saturday, 05 September 2020 01:37 AM

කොරෝනා නම් අපිට දෙන්න එපා...

:       0       0

Bamunuarachchi Saturday, 05 September 2020 01:45 AM

දැන් අපේ ගොයියෝ පෝලිම් කඩාගෙන යයි මේ ගොල්ලන් බලන්න. අපි වගේ මෝඩයින් ඒ ඉන්දියාවේ තමයි.

:       1       0

දාස සමරසේන Saturday, 05 September 2020 03:47 AM

ඕක අපේ ඉතිහාසය විකෘති කරන ෆිල්ම් එකක්ලු නේද? විග්නේශ්වරන් සතුටු වෙයි...

:       45       176

mohamad salman Saturday, 05 September 2020 07:15 AM

අවුරුදු 30කට පසු ශ්‍රී ලංකාවේ රූගත කරන දෙමළ චිත්‍රපටියක්. බොහොම ස්තුතියි..

:       0       59

pradeepa Saturday, 05 September 2020 08:18 AM

විදේශවල ඉන්න අපිට අපේ රටට එන්න බැහැ. ඒත් ඉන්දියන් කාරයින්ට එන්න පුළුවන්.. දැන් ඉන්දියාවල කොරෝනා හැමතැනම.. කවුද මේ අයට එන්න අවසර දුන්නේ?

:       46       585

PradeepSaturday, 05 September 2020 12:34 PM

අපි වගේද අප්පේ අයිශ්වර්යා..

:       0       1

samantha Saturday, 05 September 2020 08:34 AM

දෙමළ, මුස්ලිම් උදවියට නම් සතුටු ඇති.

:       59       28

Bamunuarachchi Saturday, 05 September 2020 10:54 AM

අපේ සැදැහැවත් ජනතාව පෝලිමේ යයි... මේ නළු නිළියෝ බලන්න. ඊට පස්සේ බියුටි සැලුන් කාරයින් ඒ මෝස්තර අපේ සැදැහැවතුන්ගේ ඔලුගෙඩිවලට දාවි...

:       1       0

Bamunuarachchi Saturday, 05 September 2020 04:19 PM

දැන් අපේ ගොයියෝ ටික පෝලිමේ යයි බලන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඇල්ලේ නායයෑමෙන් රථවාහන ධාවනයට බාධා
2025 අප්‍රේල් මස 01 287 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක


අකිල එජාප උප නායක ධූරයට
2025 අප්‍රේල් මස 01 468 0

එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.


ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
2025 අප්‍රේල් මස 01 775 0

අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව


ඉන්ධන ලොරිය වෙළට පෙරළේ
2025 අප්‍රේල් මස 01 577 0

කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි


අඩුවට කෑම දෙන ආණ්ඩුවේ හෝටලේ ඇරැඹෙයි
2025 අප්‍රේල් මස 01 1716 0

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ


ගුරුවරයාගේ පහරකෑමෙන් සිසුවා රෝහලේ
2025 අප්‍රේල් මස 01 503 0

ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site