ගායන ක්ෂේත්‍රයට නවකයෙකු වන අයේෂ් මධුෂංකගේ කුලුඳුල් ගීතය හා එහි රූප රචනාව පසුගියදා එළිදක්වනු ලැබීය. "මා සමුගෙන නැහැ" ලෙස නම්කර ඇති මෙම ගීතයට මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතී. සිය පළමු ගීතය පිළිබඳව අයේෂ් "තරුණයාට" මෙසේ පැවසීය. "මේ ගීතය ලිව්වෙ හා සංගීතය මුසු කළේ මධු රොක්ස්. ඔහුගේම "මධු ඩ්‍රිම්ස්" ප්‍රඩක්ෂන් ආයතනය හරහා තමයි මේ ගීතයේ රූප රචනාව නිර්මාණය කළේ. මධු එක්ක මෙහි ජනප්‍රිය නිරූපිකාවක වන දිනේෂා දිසානායක රංගනයෙන් දායක වෙනවා. මේ ගීතය ආදරය හා විරහව සම්බන්ධව ලියැවුණ ගීතයක්."
පාසල් අවදියේ සිට ගායනයට කැමැත්තක් දැක්වූ අයේෂ් ගායකයෙකු වීමේ හීනය සපල කර ගෙන ඇත්තේ මෑතකදීය. "මා සමුගෙන නැහැ" ගීතයෙන් පසුව මේ දිනවල තවත් ගී නිර්මාණ කිහිපයකටම යොමුව සිටින අයේෂ් එළැඹෙන ජනවාරි මාසයේදී තවත් රූප රචනාවක් සහිත ගීතයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.
"පළමු ගීතයට හා රූප රචනාවට මේ දිනවල ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. දැනට මේ ගීතය වෙබ් අඩවිවලට පමණයි නිකුත් කරලා තියෙන්නේ. ඉදිරියේදී එෆ්.එම්.නාළිකාවලට වගේම රූපවාහිනි නාළිකාවලට ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පළමු ගීතයට ලැබුණ රසික ප්‍රතිචාර මත මට හිතුණා මගේ දෙවැනි ගීතයත් ඉතා ඉක්මනින් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට ලබාදෙන්න ඕන කියලා. ඒ නිසා මේ දවස්වල අලුත් නිර්මාණයේ වැඩ කටයුතු සිදු කරමින් යනවා."
ගායකයෙකු ලෙස ආ මේ ගමන් මගේදී අයේෂ්ට නිතැතින්ම උදව් උපකාර කර ඇත්තේ ඔහුගේ මව විසින් බව අයේෂ් පැවසීය. එමෙන්ම ක්ෂේත්‍රය තුළදී ඔහුව ගායකයෙකු ලෙස ඉදිරියට ගෙන නිර්මාණ කරදී ඇත්තේ මධු රොක්ස් බවත් පවසන ඔහු ඒ සියලු දෙනාට මේ මොහොතේදී සිය කතෘවේදිත්වය පිරිනමනු ලැබීය.
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අයේෂ්ගේ කුලුඳුල් ගීතය 'මා සමුගෙන නැහැ'