IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අයස්කාන්තය - නීලා සමග තරු දරු රැයක්

2016-12-05-ent-167

ජාතියේ නාළිකාව ලෙසින් සිය ශ්‍රාවකයන් වෙත සමීපවන නෙත් එෆ්.එම් නාළිකාව විසින් රසවින්දනාත්මක ගීත කලාව ජනගත කිරීම සහ සංගීත කර්මාන්තයේ උන්නතිය අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන "අයස්කාන්තය" ප්‍රසංග මාලාවේ "නීලා සමග තරු දරු රැයක්" ප්‍රසංගයේ පළමුවැන්න එළඹෙන ජනවාරි 10 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ එම ප්‍රසංගය පිළිබඳව නෙත් එෆ්.එම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ "අයස්කාන්තය" ප්‍රසංග අධ්‍යෂක නුවන් ලියනගේ මහතා සමග කළ සංවාදයකි.

 

මුලින්ම කරන්න යන කටයුත්ත ගැන පැවසුවොත්?

2016-12-05-ent-164"අයස්කාන්තය" ප්‍රසංගය දෙවැනි වතාවට තමයි අපි නෙළුම් පොකුණෙදී පවත්වන්න කටයුතු යොදා තිබෙන්නෙ. නෙත් එෆ්.එම් නාළිකාවට වසර දහයක් සපිරීම නිමිත්තෙන් "නෙත් දශකය - දශකයේ රාත්‍රිය" නමින් දශකයන් තුනක් නියෝජනය වන ආකාරයට තමයි පළමුවැනි ප්‍රසංගය පැවැත්වුවේ. 60 දශකය උමාරියා නියෝජනය කළා. ඉන්ද්‍රාණි පෙරේරා 70 දශකය නියෝජනය කළා. නූතන දශකය නියෝජනය කරන ජනප්‍රිය ගායකයා වුණු අමරසිරි පීරිස් නූතනය නියෝජනය කළා. වායෝ තමයි සංගීතයෙන් දායක වුණේ.

මෙවර තේමාව වෙන්නේ "නීලා සමග තරු දරු රැයක්" යන්නයි. තරු දරු රැයක් කියන්නෙ අපි කවුරුත් විශ්වාස කරන විදියට ලංකාවෙ නානාමස්පූරි කියන්නෙ නීලටනෙ. ඇයගෙ ස්වභාවයෙන්ම තිබෙන ගීත සහ කටහඬ ප්‍රසංගාත්මකයි. CONCERT යන්නට තිබෙන හරි සිංහල වචනෙ ප්‍රසංගය නෙවෙයි. එනිසා CONCERT කටහඬක් තමයි නීලාට තියෙන්නෙ. එමෙන්ම රූකාන්ත චන්ද්‍රලේඛගෙ දුව රයිනි ගුණතිලක. මර්වින් පෙරේරගෙ මුණුපුරා අමල් පෙරේරගෙ පුතා නදීමාල් පෙරේරා. මිල්ටන් පෙරේරගෙ මුණුපුරා ප්‍රියංකර පෙරේරාගේ පුත් ඩිල්මින් පෙරේරා, සහ සංගීත් වික්‍රමසිංහගෙ පුතා සනුක වික්‍රමසිංහ යන හතරදෙනාගෙ කටහඬවලුත් මේ ප්‍රසංගය සඳහා උපයෝගී කරගන්නවා. ඊට අමතරව ඔවුන් තාත්තලගෙ සීයලාගෙ සින්දුත් මෙහිදී ප්‍රසංගාත්මකව ඉදිරිපත් කරනවා. වායෝ තමයි මෙවරත් සංගීතය සපයන්නෙ.

අයස්කාන්තයේ පසුගියවර ප්‍රසංගයට දින දහයකට කලින් සියලුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වුණා. ගාල්ලෙදීත් එසේමයි. ඒ අයස්කාන්ත ප්‍රසංගයත් සමග සියලුම තාක්ෂණික හා නිර්මාණාත්මක ගුණයන්, කිසිම වෙනසකින් තොරව මෙවර අයස්කාන්ත ප්‍රසංගයේත් ඒ අයුරින්ම තිබෙනවා.

ඒ වගේම මෙරට පළමුවරට ප්‍රසංගයක් සඳහා වේදිකාව පිටුපස සිදුවන දේ දැනකියාගෙන අධ්‍යක්‍ෂණය කිරීම සඳහා බැක්ස්ටේජ් ටිකට්පත් කිහිපයකුත් මෙවර අයස්කාන්තය සඳහා අපි නිකුත් කරනු ලබනවා. ඔවුන්ට අවශ්‍ය නම් ජනවාරි 10 වැනිදා උදෑසන සිට ප්‍රසංගය සංවිධානය කෙරෙන ආකාරය, ප්‍රසංග කලාකරුවන් සමග කතාබහ කර අත්දැකීම් ලබාගැනීම සහ ඔවුන් සමග ඡායාරූප ගැනීම වැනි පහසුකම් සලසා තිබෙනවා.

ගණන් හදල බැලුවොත් මෙය තුන්වැනි අයස්කාන්තය. ගිය අවුරුද්දේ අයස්කාන්ත දෙකක් පැවැත්වුවා. මේ අවුරුද්දේ මේ සංකල්පය යටතේ මෙරට තුළ මෙවැනි ප්‍රසංග තුනක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. නෙළුම් පොකුණ ප්‍රසංගයට අමතරව ගාල්ල, නුවර සෙසු ප්‍රසංග දෙක පවත්වනවා. එමෙන්ම විදේශ සඳහාත් මේ ප්‍රසංගය රැගෙන යමින් එහි පළමුවැන්න ඔස්ට්‍රෙලියාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒවගේම සෙසු රටවල්වලින් ලැබෙන ඇරයුම් පරිදි මෙම ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මෙවර ප්‍රසංගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය "අද" පුවත්පත විසින් ලබාදෙනු ලබනවා.

 

 

මෙවර අයස්කාන්තය සඳහා නීලාව තෝරගන්න අදහස් කළේ ඇයි?

ලංකාවෙ කොන්සර්ට් එකක් කරන්න පුළුවන් කටහඬක් හොයද්දී නීලව තමයි ඉස්මතු වෙලා පෙනුනෙ සහ අලුත් පරම්පරාව ඉදිරියට ගෙන්න ඕන කියන සංකල්පය අපිට තිබුණා. මේ තරුණ ගායක ගායිකාවො හතරදෙනාම මුල් තියෙන පරම්පරාවක හතර දෙනෙක්නෙ. අලුත් පරම්පරාවෙ අය විවිධ දේවල්වලින් එනවා. ආයෙ අවුරුද්දක් දෙකක් යද්දි නැතිවෙලා යනවා. එයට බොහෝ දුරට හේතුවෙනවා මුල් නැතිකම. මේ හතර දෙනාගෙ විශේෂත්වය තමයි මොවුන්ට මුල් තියෙනවා. සීයලාගෙ ඉඳන්ම තිබෙනවා. අනෙක තමයි මොවුන්ගෙ හැකියාව පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්න බෑ. එච්චරට හැකියාවෙන් අනූනයි. මොවුන් එක්ක ඉහළ පරම්පරාවෙ කෙනෙක්ව කොහොමද මුසු කරන්නෙ කියන කාරණයට තිබුණු හොඳම විසඳුම තමයි මෙය. ප්‍රවීණයො සහ නවීනයො කොහොමද ප්‍රසංගයකදී එකතු කරන්නෙ යන්නට හොඳම උත්තරය තමයි අයස්කාන්තය

 

ලංකාවෙ ප්‍රධාන ධාරාවේ කොන්සර්ට් යන්න හැම වෙලාවෙම හිතන්නෙ කොළඹයි නුවරයි ගාල්ලයි. ඒ ප්‍රදේශවල අය විතරද මේව රසවිඳින්න ඕනෙ. කෝ දුරබැහැර ඉන්න මිනිස්සුන්ට තැනක්?

නෙත් එෆ්.එම් විතරක් නෙවෙයි සියලුම මාධ්‍ය මේකට වගකියන්න ඕනෙ. හැබැයි කොන්සර්ට් එකක් කරන්න ඕන බොහෝ දේවල් තිබෙනවා. මූලික දේ තමයි ශිල්පීන් තෝරාගැනීම කියනෙක. ප්‍රශ්නයක් නෑ. ශිල්පීන් හිටියට කොන්සර්ට් එකක් කරන්න බෑ. එයට උවමනා කරන පදාසයක් තිබෙනවා. ආලෝකකරණය, ශබ්ද සහ විශේෂයෙන් ප්‍රසංගයක් පැවැත්විය හැකි ශාලාවක් ඕනෙ.

ගාල්ලෙත් අපි කොන්සර්ට් එකක් කරන්න සොයද්දි ගාල්ලෙ තිබෙන ශාලාවත් විශ්වවිද්‍යාලයකට හදපු ශාලාවක්. නමුත් ජෙෆ්රි බාවා මහතාගේ සංකල්පයත් එක්ක හදපු නිසා යාන්තමට ප්‍රසංගයක් කරන්න පුළුවන්. නුවර ගත්තොත් ධර්මරාජ සහ සාන්ත අන්තෝනි සහ පොල්ගොල්ලේ යන ශාලා තුන තිබෙනවා. එතනින් එහාට මීගමුවෙ මාරිස්ටෙලා ශාලාව තිබෙනවා. ඔතනින් එහාට ලංකාවෙ කිසිම ශාලාවක් නෑ.

හැබැයි ඉතා සුපිරි හෝල් එකක් තියෙනවා හම්බන්තොට. හෝල් එකක් විතරක් තිබිලත් වැඩක් නෑ. යටිතල පහසුකම් නෑ. ප්‍රසංගයක් බලන්න ක්‍රය ශක්තියක් තිබෙනවාද, මානසික මට්ටමක් තිබෙනවාද කියල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ශාලාව හදපුඑක හොඳයි. නමුත් හදපු තැන වැරදියි. කවදහරි හම්බන්තොට ශාලාවක් හැදෙන්න ඕනේ. නමුත් ඊට කලින් අපි පහු කරගෙන යන තැන් තිබෙනවා. අපිට ගාල්ලට මාතරට හරි හෝල් නෑ. අපේ ප්‍රසංග බලන්න කෑගල්ලෙ ඉඳන් මිනිස්සු ආවා ගාල්ලට. හම්බන්තොට නෙළුම් පොකුණ මට්ටමේ ශාලාවක් තිබුණත් එහි ප්‍රසංග පවත්වන්න ගියාම මතුවෙන ප්‍රශ්න ගොඩක් තිබෙනවා. නරඹන්නෝ ඉන්නෙපැය ඔක්කොටම ඉස්සෙල්ලා. එවැනි සංස්කෘතියක් එහි නිර්මාණය වෙලා නෑ.

අනුරාධපුරේ හොඳ ප්‍රසංගයක් කරන්න පුළුවන්. හැබැයි හොඳ ශාලාවක් නෑ. මේව තමයි ප්‍රශ්න. යාපනේ මෙවැනි ප්‍රසංග පැවැත්විය යුතුයි. තියෙන්නෙත් විශ්වවිද්‍යාල ශාලාව. ඒකෙ කොන්සර්ට් එකක් තියා නාට්‍යයක් පෙන්නන්න තරම්වත් හොඳ මට්ටමක නෑ. අනුරාධපුරේ, කුරුණෑගල සහ යාපනේ සහ බදුල්ලේ ප්‍රසංග කරන්න පුළුවන්. නමුත් තවම එයට අදාළ සංස්කෘතිය තවම නිර්මාණය වෙලා නෑ.

 

මේ ප්‍රසංගය හරහා ලබාගන්න හදන්නෙ මොකක්ද?

නාළිකාවට යමක් ලබාගන්නවාට වඩා අපි අපේ යුතුකමක් ඉටුකරන්නෙ. නෙත් එෆ්.එම් හැම වෙලේම ගුවන් විදුලි තරංගවලින් එහාට ගිය රේඩියෝවක්. මිනිස්සුන්ගේ ජීවිතේට බලපාන විදිහට අපි හැම වෙලේම කටයුතු කරලා තිබෙනවා. ඒ නිසයි අපිට ජාතියේ නාළිකාව කියලා කියන්නෙ. මේ නිසා අපට අවශ්‍ය වුණා මෙරට සංගීතයට යම් සේවාවක් කරන්න. අද වනවිට ගීත සඳහා කර්තෘ භාගය ගෙවීමේ කටයුත්තෙ යෙදී සිටින්නේ පෞද්ගලික නාළිකා ලෙස අපි සහ තවත් එක් නාළිකාවක් විතරයි. අපි ඒ කටයුත්ත කරන්නෙ අපි දියුණු වනවිට අපට උල්පන්දම් දෙන සෙසු කර්මාන්තත් දියුණු විය යුතු නිසා සහ ජාත්‍යන්තර ප්‍රමිතිය රැක ගත යුතු නිසයි.

%අයස්කාන්තය^ පවත්වන්න මූලික අරමුණ වන්නේ රේඩියෝ තරංගවලින් එහා ගිහින් කළ යුතු කාර්යභාරයක නිරතවීම කියන කාරණය සහ යුතුකමක් ඉටුකිරීම සඳහායි. විශේෂයෙන් තරුණ ගායක ගායිකාවන් සිවුදෙනා තෝරගත්තේ මුල් තිබෙන තාරුණ්‍ය ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාව නිසයි.

ප්‍රසංගය පිළිබද වැඩි විස්තර 0112507080 මගින් විමසිය හැකි අතර ප්‍රවේශපත් www.tickets.lk මගින් ලබා ගත හැකියි.

 

2016-12-05-ent-165
2016-12-05-ent-166



අදහස් (0)

අයස්කාන්තය - නීලා සමග තරු දරු රැයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2770 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 478 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 734 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2710 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3542 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1923 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site