IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අයිසීයූ ආර්ථිකය දැන් තරමක් හොඳයි‘

මහ බැංකුවේ තවමත් මහින්දලාගේ සහ කබ්රාල්ලාගේ හෙංචයියන් සිටින බවත් ඒ අය දත්ත විකෘති කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (5) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘මහ බැංකුවේ වත්මන් අධිපති කියලා තියෙනවා රටේ ආර්ථිකය අසාධ්‍ය තත්ත්වයක තියෙන කතාවක්. ඔව්, මහින්ද රාජපක්ෂ අපට බාරදෙන කොට ආර්ථිකය අයිසීයූ එකේ තිබුණේ. ඒ කාලේ වත්මන් අධිපතිතුමාත් ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් කෙනෙක්. ඒ නිසා ඔහුත් වගකියන්න ඕනෑ. අපි අමාරුවෙන් අයිසීයූ එකේ හිටපු ලෙඩා වාට්ටුවට දාගත්තා. ඒ ලෙඩා ඕපීඩී එකට ගේන්න තමයි උත්සාහ කරන්නේ. පසුගිය ජනපතිවරණයට පෙර දින මහ බැංකුවෙන් මුදල් ගෙනගිය හැටි අපි දන්නවා. ජනපතිතුමාත් අගමැතිතුමාත් කියන වේලාවට අපි ඒවා එළියට දානවා‘ යැයි ද මුදල් ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

‘අයිසීයූ ආර්ථිකය දැන් තරමක් හොඳයි‘

ලලිත් Thursday, 05 January 2017 06:46 PM

තරමක් හොඳවුණාම අයි සි යු එකෙන් වාට්ටුවට දානවා වගේම එ්කේ තවදුරටත් තියාගෙන වැඩක් වෙන්නේ නැතිවුණාමත් වාට්ටුවට දානවා. (නි)

:       0       0

දිනේෂා Thursday, 05 January 2017 06:47 PM

මුදල් ඇමති කියන විදියට මහ බැංකුවේ වත්මන් අධිපති වැරදිකරුවෙක් නම් වහාම පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට කරුණු දක්වා එතුමාව ඉවත්කිරීමට කටයුතු කරනවා ඇරෙන්න මේ විදියේ රඟපෑම් කරන්න එපා. ඔබතුමන්ලාගේ නොහැකියාව වසර 2 පුරාවටම අපි දැක්කා. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 05 January 2017 07:18 PM

එක කොම්පැනියක් නම් අයි.සී.යු එකෙන් ගෙදරටම ගෙනාවා! ගෙදර හිටිය අපි ටික එලොවම යැව්වා. (නි)

:       0       0

සිරි Thursday, 05 January 2017 08:46 PM

තමුන්නාන්සෙලා කරලා තියෙන්නේ ජනතාව අයිසීයූ එකට දාපු එකයි. කරන්න බැරිනම් දමලා ගහලා යන එකනේ තියෙන්නේ. හැමඑකටම මහින්ද! බොරු බයිලා ගහන්න එපා. ජනතාව මෝඩ නැහැ (නි)

:       0       0

සමන්ත Thursday, 05 January 2017 09:44 PM

සමහරුන්ට ඇත්ත කියනකොට හරියට රිදෙනවා. තිත්ත වුණත් ඇත්ත ඇත්තමයි (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 05 January 2017 10:25 PM

ලස්සන ලස්සන වචන දාලා කතා නම් කියනවා (නි)

:       0       0

අතුල Thursday, 05 January 2017 10:28 PM

අනේ ඉතින් මොානවට කියනවද ඔයාලගේ කතා ගැන? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 05 January 2017 11:03 PM

රටේ ආර්ථිකයද, නැත්නම් තමුන්නාන්සේලාගේ තිබුන ආර්ථික තත්වයද ගොඩදාගත්තේ? (නි)

:       0       0

රත්න Friday, 06 January 2017 12:29 AM

අනේ මුදල් ඇමතිතුමනි, කලින් සිටි මහා බැංකුවේ අධිපතිතුමා කරපු දේවලුත් ටිකක් කියන්නකෝ. (නි)

:       0       0

දිමුත් Friday, 06 January 2017 12:44 AM

අනේ නුඹලා වගේ රජයක්! මහ බැංකුවම හොරාකෑවා (නි)

:       0       0

කමල් Friday, 06 January 2017 12:52 AM

දහම්, මෝඩ කතා කියන්න එපා. හොරා කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ජයාත් Friday, 06 January 2017 12:57 AM

අපොයි ඔව්! ලොතරැයි විකුණන අයවත් කළමනාකරණය කරගන්න බැරි කට්ටියනේ! (නි)

:       0       0

එරන්ද Friday, 06 January 2017 01:34 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

සමන් Friday, 06 January 2017 01:34 AM

එදා රු 130 ට තිබුණු ඩොලරය අද 150ට පැනලා. ගෙවන්න තියන විදේශ ණය ප්‍රමාණය මේ නිසා දවසින් දවස ඉහළ යනවා. අපිට නම් පෙනෙන්නේ ආර්ථිකය අයි.සී.යු. එකෙන් මෝචරියට ගෙනිහින් විතරක් නොවේ එතනින් ආදාහනය කරන්න කනත්තටත් ගෙනිහින් ඉවරයි කියලයි (නි)

:       0       0

පේදුරු Friday, 06 January 2017 01:51 AM

දැන් ඔයාලව දාන්න ඕනෑ අයිසීයූ එකට. (නි)

:       0       0

ජයන්ත Friday, 06 January 2017 01:55 AM

අම්මපා! මේ වගේ කතා කියන ඇමතිවරු හිටපු රජයක්. බැරි බව කිව්වා නම් ඉවරයිනේ. මේක හරි වදයක්නෙ අපිට. අඬනහිරියෝ වගේ අඬන එකම තමයි වැඩේ (නි)

:       0       0

කුමාර Friday, 06 January 2017 01:56 AM

මෝචරියටම දාලා ඉවරයි දැන් (නි)

:       0       0

ජයලත් Friday, 06 January 2017 02:19 AM

නිසි කළමනාකරණයක් නැතිව අයි සී යූ එකෙන් වාට්ටුවට දැම්මම ලෙඩා ඊළඟට යන්නෙ වළපල්ලට බව මෙතුමාට නොතේරුණත් අපට නම් තේරෙනවා. මේවා සුන්දර කතා. අපේ රට පවු. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 January 2017 02:27 AM

අපේ රටේ බඩු මිල අඩු කරන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් බැහැ කියපු මුදල් ඇමතිවරයෙකුත් හිටිය බව බොහොම දෙනෙකුට අමතක වෙලා වගේ. රොනී ද මෙල් මහත්මො වගේ මුදල් ඇමතිවරුන්ගෙන් මිසක් අපේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයලත් Friday, 06 January 2017 02:31 AM

ඇත්තටම හරිම සුන්දර කතාවක්. 'පසුගිය ජනපතිවරණයට පෙර දින මහ බැංකුවෙන් මුදල් ගෙනගිය හැටි අපි දන්නවා. ජනපතිතුමාත් අගමැතිතුමාත් කියන වේලාවට අපි ඒවා එළියට දානවා‘. ඉතින් අපි හැමෝම දන්නවනේ මහ බැංකුවෙන් මුදල් ගෙනියන්නේ දවාලට බවත් එය ජනපතිවරණයට පෙර දින හෝ එදින හෝ ඊට පසු දින හෝ බැංකු නිවාඩුවක් නොවන ඕනෑම දිනක සිදුවන බවත්. මොකද අනෙකුත් මුල්‍ය ආයතනයකට වීශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් ඒවා ලබාගත යුත්තේ මුදල් නිකුත් කරන සහ සංචිත මුදල් තියෙන ස්ථානය වන මහ බැංකුවෙන් නිසා. (නි)

:       0       0

ලෝරන්ස් Friday, 06 January 2017 02:39 AM

ඔබතුමා ළඟ තිබෙන දන්න දේවල් වහාම හෙළිකළ යුතුයි. ඒවා ජනපති හෝ අගමැතිතුමාගේ සල්ලි නෙමෙයි. රටේ ජනතාටගේ සල්ලි. (නි)

:       0       0

මිස්සක Friday, 06 January 2017 03:11 AM

එතකොට අයිසීයූ එකේ ඉන්නකොට ලෙඩාගේ ලේ ටික උරාබිව්වේ ලෙඩාව වාට්ටුවට දාන්න ඕනෑ නිසා වෙන්න ඇති. (නි)

:       0       0

මිස්සක Friday, 06 January 2017 03:11 AM

පසුගිය ජනපතිවරණයට පෙර නෙමෙයි මුදල් අරන් ගියේ, ඊටපස්සේයි අපි දන්නා විදිහට නම් (නි)

:       0       0

අනුර Friday, 06 January 2017 03:17 AM

කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා අපි කියන්නේ ඕවට තමයි. (නි)

:       0       0

උදය Friday, 06 January 2017 03:22 AM

අයිසීයූ හිටිය කාලේ සැපයි අපිට නම් (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 06 January 2017 03:24 AM

හිතාගෙන ඉන්නවා ඇත්තේ එහෙම තමයි (නි)

:       0       0

අනුල Friday, 06 January 2017 03:22 AM

ලක්ෂ 62ට වෙනස සැපයිද දැන්? (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 06 January 2017 03:29 AM

වාට්ටුවට නෙමෙයි, මෝචරියට දාලා (නි)

:       0       0

නිමල් Friday, 06 January 2017 03:32 AM

අයි සී යු හිටපු ලෙඩා වාට්ටුවට දැමීම කොහොම වෙතත් එයාගේ වකුගඩු දෙකයි හෘදය වස්තුවයි ගලවාගත්ත කියලා නම් දන්නවා. (නි)

:       0       0

නිස්සංක Friday, 06 January 2017 04:55 AM

අයිසීයූ එක හොදයි වාට්ටුවට වඩා.........(හේ)

:       0       0

දිලීප Friday, 06 January 2017 04:58 AM

අයි සී යූ එකේ තිබුන ආර්ථිකය වාට්ටුවට නෙමේ දලා තියෙන්නේ මෝචරියට. (හේ)

:       0       0

ලක්ෂි Friday, 06 January 2017 05:18 AM

කමල්,හොරාව දන්නව කිය කිය ඉන්නෙ නැතිව පුරුෂ ධෙෙර්ය හිතට අරගෙන කෙලින් ඉදිරිපත්වෙලා හොරාව අල්ලල දෙන්නකො.මොකද දැන් අවුරුදු දෙකක් තිස්සේ මුළු රටම ඔය කියන හොරාව හොයනව. (බ)

:       0       0

ජනිත Friday, 06 January 2017 05:21 AM

අයි සි යු දාන්න ලෙඩක් තිබුනෙම නැහැ. හොදට බලා කියාගෙන ඉන්නකොට තමයි අර මගඩිය කරලා එයාව ලෙඩ කෙරුවේ.ඉහෙන් බහින අමාරුවක් නැතිව උන්න කෙනා ලෙඩ කරලා දැන් එනවා පච ගහන්නත්. ඒ මදිවට සල්ලි එලියට ඇද්ද කියලත් කියනවා. ඇයි ඕක ඔච්චර හංගන්නේ. දානවකෝ එලියට මහජනතාවට දැනගන්නත් එක්ක. (බ)

:       0       0

තුසිත Friday, 06 January 2017 05:20 AM

අම්මපා.. එතකොට මහා බැංකුවේ තිබ්බ ඒවා කොහෙටද දැම්මේ? (බ)

:       0       0

විපුල Friday, 06 January 2017 07:47 AM

හොරකම් කළ එක සතයක් නැවත ගන්න බැරි වුන . ඔබලගේ හොරකම් එසේමයි. අන්තිමේදී ජනතාවගේ ජීවන තත්වය එකතැන (බ)

:       0       0

දහම් Thursday, 05 January 2017 03:42 PM

අනේ අපේ රටට ගිය කලක්. මෙහෙම අය කොහොමද ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නේ. හොරා කන එකයි, බොරු කෙලින එකයි විතරයි දන්නේ. (බ)

:       0       0

රොමේෂ් Thursday, 05 January 2017 04:08 PM

ආර්ථිකය අයි.සී.යු එකෙන් වාට්ටුවට අරන්, ජනතාවව වාට්ටුවෙන් අයි.සී.යු. එකට දැම්මා. සමහරුන්ව අයි.සී.යු එකෙන් මෝචරියටත් මාරුකරලා යවලා ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයිනම් මොකෝ... නේද මුදල් ඇමතිතුමෝ..(බ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 January 2017 04:18 PM

රටට ආදරයක් තිබෙන දේශපාලකයෙක් නම්, ගෙනගිය මුදල් ගැන දන්නවා නම් මුදල් ඇමතිට වගකීමක් තිබෙනවා වහාම ඒවා පිළිබඳ පරීක්ෂණ කර වැරදිකරුවන්ට විරුද්ධව නඩු පවරන්න. නැතුව තම දේශපාලන කාලසටහනකට අනුව වැඩ කරනවා නම් ඉතා නරකයි (නි)

:       0       0

විජේපාල Thursday, 05 January 2017 04:25 PM

අනේද කියන්නේ.....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 950 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1829 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 249 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 828 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8579 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3033 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site