IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අරණායක ආපදාව ඉතිහාසයේ දරුණුම තත්ත්වයක්‘

ස්වභාවික පරිසරයේ යම් කිසි වෙනසක් හෝ අසාමන්‍ය තත්ත්වයක් උදා වී ඇත්නම් වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන්නැයිද, කඳුකරයේ සිටින ජනතාවටත් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (19) විදේශ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

“ආපදාවන්ට පත්වූන්ට අප දැනටමත් ආහාර හා අනෙකුත් දෑ ලබා දී තිබෙනවා. එය අපි දිගටම ක්‍රියාත්මක කර සිටිනවා. ඒ වගේම ඇඳුම් අපි අපේ අරමුදල්වලින් ලබාගන්නවා. පානීය ජලය, ඖෂධ, පවිත්‍රකාරක, සනීපාරක්ෂක දෑ වඩාත් අවශ්‍ය වෙනවා. අපි හැකියාවක් තිබෙන අයගෙන් දානපතියන්ගේ ඉල්ලා සිටිනවා ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස. අපට දැනට කිසි දෙයක් නිශ්චිතව කියන්න බැහැ. බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙනවා. දැනටමත් මුදා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒවා ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක වෙනවා. අපටත් දළ අදහසක් කියන්න වෙන්නේ, ජලය බැස ගියාට පසුවයි. දැනටත් ගංඟාවල ජල මට්ටම් ඉහළ යනවා. බොහෝ පිරිස්වලට අප දන්වා සිටියත් ඔවුන් නිවාසවලින් ඉවත් වුණේ නැහැ. එය එක් අතකට සාධාරණයි. ඔවුන්ගේ සියල්ල තිබෙන්නේ නිවාසවල. එහෙත් දැන් පිරිස් ආපදා මධ්‍යස්ථානවලට පැමිණෙමින් සිටිනවා.‘ යැයි අමාත්‍යවරයා කීය. 

‘අරණායක තත්ත්තවය ඉතා දරුණුයි. මෙය අපට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුම තත්ත්වයයි. එම ප්‍රදේශයේ මුදාගැනීම් කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. දළ වශයෙන් සියයකට වැඩි ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. බොහෝ අමාරුවෙන් අරණායක ඇතුළු ප්‍රදේශවල මුදාගැනීම් කටයුතු සිදු කරනවා‘ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. 

පවත්නා ආපදා තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත යුතු ඕනෑම තොරතුරක් හෝ අවශ්‍යතාවක් හෝ 011 307 1037 අංකයෙන් ලබාගත හැකි බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී පැවසීය.

“සියලුම ආපදා මධ්‍යස්ථානවලට අප දැනටමත් අධිකරණ වෛද්‍යවරුන්, හෙද කණ්ඩායම්, වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා. රෝහල්වලට විශේෂ කණ්ඩායම්, හදිසි සේවා කණ්ඩායම් හා ගිලන් රථ යවා තිබෙනවා.

ඒ වගේම රෝහල්වලට පැතිරෙන රෝග සබන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. ක්ලෝරීන් පෙති, සනීපාරක්ෂක පහසුකම් ආදිය සපයා දී තිබෙනවා. අපි සෑම ආපදා මධ්‍යස්ථානයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා වින්නඹු මවුවරුන් පිටත් කර තිබෙනවා‘ යැයිද සේනාරත්න මහතා කීවේය.

web_anura_2016519



අදහස් (0)

‘අරණායක ආපදාව ඉතිහාසයේ දරුණුම තත්ත්වයක්‘

ප්‍රබෝදා Friday, 20 May 2016 12:44 AM

ලංකාවේ ආපදා වලට සුදානම්වීම සහා ඒවා කළමණාකරණය බොහොම ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. අපිට සුනාමි ඒම තමා හැදෙන්න තිබුණ හොඳම අවස්ථාව. එ්ත් අපේ බලධාරින් ගන්න පඩියට වැඩ කරන්නේ නැති එක බොහොම කණගාටුයි. (නි)

:       0       0

පීරිස් Friday, 20 May 2016 01:39 AM

මෙවන් විපත් ඇතිකරගන්නේද අප විසින්මයි (නි)

:       0       0

විපුල Friday, 20 May 2016 05:34 AM

ධම්මට සල්ලි තියෙනවා නම් රජයට පරිත්‍යාග කරන්න (නි)

:       0       0

දුමින්ද Friday, 20 May 2016 06:43 AM

පරිසර අංශ තමන්ගේ වගකීම ඉටු නොකිරීම මේ ව්‍යසනයන්ට මුල. (ර)

:       0       0

නුවන් Friday, 20 May 2016 06:48 AM

ගංවතුරක් එන බව හගවන සයිරන් නලා සවිකරල තියෙනව කැළනියෙ යටවෙන ප්‍රෙදේශවල මෙ සැරේ ඒවා නාදකරලා නෑ මිනිසුන්ට අයින් වෙන්න එකෙන් ගොඩක් අයගෙ සේසතම වතුරෙ ගියා. (ර)

:       0       0

ඩිල්ෂාන් Friday, 20 May 2016 08:50 AM

ධම්ම, දේශපාලුවන්ගේ පඩිය අවම කර ගෙනා සැප කාර් විකුණා ආපදා කළමනාකරණය කරන්නත් පුළුවන්. (නි)

:       0       0

රජිත් Thursday, 19 May 2016 02:01 PM

අරනායක නායයාම, සමහර දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ ගොඩයාමක් වී හමාරයි (නි)

:       0       0

ධම්ම Thursday, 19 May 2016 02:09 PM

වැට් තව 10%කින් වැඩිකර ආපදා කළමනාකරණ අරමුදල් සොයාගැනීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. බඩු මිලත් තව පොඩ්ඩක් වැඩිකළාටත් කමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 391 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 124 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1841 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2339 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3724 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site