IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අරණායක කන්ද අදත් නාය යයි

අරණායක සාමසර  කන්දේ පණ පිටින් වැළලුණු  ගැමියන්ගේ  සිරුරු සොයා අද (19) දෙවැනි  වරටත්  සෝදිසි  මෙහෙයුමකට  ගිය යුද හමුදාව ඇතුළු සහන සේවකයනට  වැස්සෙන් බාධා ඇති විය. කන්ද යළිත්  නාය යාම නිසා එහි  යුද හමුදාව ද පොලිස් විශේෂ කාර්ය බළකායද සහන සේවකයෝ ද ආරක්ෂක ස්ථාන කරා කැඳවනු  ලැබුහ.

ටික වේලාවකට  පසු වැස්ස නතර  වුයෙන් හමුදාව හා  පොලිස් විශේෂ කාර්ය බළකාය යළි  මළවුන් සෙවීම ඇරැඹිය.

නාය යාමෙන් හානියකට  පත් නොවු  බුදු මැදුර  අවට  ප්‍රදේශයේ යකඩ කුරු ගසමින් පොලිස් විශේෂ කාර්ය බළකාය යට වු  ගෙවල් සොයන්නට  වුහ.

යුද හමුදාවේ හා  පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙසියකට  වැඩි  පිරිසක්  සහන සේවා  කටයුතු වල යෙදී  සිටිති.

මාවනැල්ල අරණායක ප්‍රධාන මාර්ගය දෙපැත්තකින් වැසු  පොලිසිය හමුදාවට පොලිසියට සහන සේවකයනට  හැර සෙස්සන්ට  මෙම ප්‍රදේශයට  ඇතුළු වීමට  නොහැකි බව දැනුම් දුන්නේය.

යුද හමුදාවේ සිය දෙනෙක් පමණ කන්ද මුදුනේ ද පොලිස් විශේෂ කාර්ය බලකායේ 150 දෙනෙක් පමණ කන්ද මැද හරියේ ද සොදිසි කිරීම් වල නිරතව සිටිති.

13219664_1289843141044608_2013554412_n 13219730_1289837151045207_1910132279_n 13219808_1289851347710454_1000024588_n 13219818_1289854617710127_429479062_n 13231023_1289840761044846_1240578616_n 13231102_1289853564376899_1009719556_n 13235764_1289843897711199_281452967_n 13236099_1289842444378011_834828176_n 13245877_1289855151043407_191186462_n 13246045_1289835597712029_1400474984_n 13246076_1289843577711231_532245019_n 13249481_1289837021045220_2094207799_n



අදහස් (0)

අරණායක කන්ද අදත් නාය යයි

නිමල්ලාලිත Thursday, 19 May 2016 01:22 PM

ස්වභාවික විපත් .මියගියවුන්ට නිවන්සප පැතීම,විපතට පත්වූවන්ට හැකි පමණින් පිහිට වීම හැර වෙනත් කරන්නට දෙයක් නැත. (ර)

:       0       0

ශෂික Thursday, 19 May 2016 06:25 AM

අපේ ආරක්ෂක අංශ විසින් කරන්නාවූ මෙහෙය නම් මිල කල නොහැකියි.(ම)

:       0       0

සමන් Thursday, 19 May 2016 06:45 AM

අකල් ව්‍යයසනයට හසුව ජීවිත අහිමි වූ සියලු දෙනාහට සසරේ මතු මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවී වාසනාවන්ත උත්පත්තියක් උරුම වේවා! මේ දුෂ්කර ගළවා ගැනීමේ කර්තව්‍යයේ නිමග්නව ඇති සියලු දෙනාහට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කමල් Thursday, 19 May 2016 07:35 AM

පාලකයනි, මිනිසුනි, දැන්වත් පළිගැනීම් වෛරය ඉවත ලා දැහැමි වෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 63 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1321 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2784 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1735 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2944 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site