2010 අතුරුදන් වූ බව කියන ප්‍රදීප් එක්නැළිගොඩ මාධ්‍යවේදියා පිළිබඳ නඩුවේ සාක්කි දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාට නොතීසි යවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහත්මිය අද නියෝග කළාය.
එකැනිළිගොඩගේ බිරිය සන්ධ්‍යාගේ ඉල්ලීමක් අනුව ඇගේ නීතීඥ උපුල් කුමාරපෙරුම අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේය.
රජයේ නීතීඥ චමින්ද අතුකෝරල මහතා කියා සිටියේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි.
ඔහු පිටතදී කළ දේ ගැන ප්‍රශ්න කිරීමට විරෝධයක් නැතැයි ද ඔහු කීවේය.
හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ බී ජයසුන්දර මහතා ද සාක්කි දීමට නියමිතය. වැඩිදුර විභාගය ජූලි 16ට කල් තැබිණි.
එක්නැළිගොඩ ප්‍රශයේදී හමුවූ බවත්, මංජුල වෙඩිවර්ධන මාධ්‍යවේදියා ඔහු හදුන්වා දුන් බවත් අරුන්දික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ නීතිඥයා අවශ්‍යදේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබියදී මෙහි අදහස් දැමීමට තරම් වැදගත් යමක් තිබේදැයි නොපෙනේ.(නදී)
අරුන්දික කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා කියලා දන්නේ එක්නැලිගොඩ නිසා.(නදී)
මොලේ තියෙන පාඨකයින් මෙතරම් ඉන්න තැනක පෙරේරා කියලා තියෙන කතාවේ කැත !(ත)
මෙයා දැන් ප්‍රංශයේ නෑ. අරුන්දිකයි මන්ජුලයි වෙනම උසාවියකට ගිහින් ඒ දෙන්නගේ ප්‍රශ්නේ බේරුම් කරගන්න එක තම හරි.(ත)
මෙයත් මුර්වින්ගේ මල්ලි වෙන්න යන්නේ.. මොකක් හරි කුණු ගොඩක් අල්ලාගෙන ප්‍රසිද්දියක් ලබා ගැනීමි ඔහුගේ අරමුණ වී ඇත්තේ (ත)
පෙරේරා සමග මමත් 200%ක් එකගයි (නි)
දේස පාලකයන් කොහොමටත් බොරුනේ කියන්නේ. එක්නැළිගොඩත් මාද්‍ය වේදියෙක් නෙවෙයි. ජාතියටම ද්‍රෝහිකම් කල මඩ ප්‍රචාරකයෙක්.(ත)
අධිකරණයට බලයක් තිබෙනවා නේද ප්‍රංශ තානාපති කාර්යාලයෙන් විමසීමක් කරන්න ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජිවත් වෙනවද කියලා. සම්පුර්ණ විස්තර ප්‍රංශයට සහ ඉන්ටර්පෝල් එකට භාර දුන්නා නම් මේ ප්‍රශ්නය බේරුමක් කරගන්න තිබුනා නේද? (නි)
මිනිහගේ එම්බාම් මුනෙන්ම ඇත්ත කියන බව පේනවා (අ)
රටේ ජනතාව විපතට පත් කරලා ,ඔවුන්ගේ ජිවිත පිළිබඳව කිසිදු හැගීමක් නොමැතිව ,දුක කඳුල වේදනාව සමග සෙල්ලම් කරන විකෘති මානසික දේශපාලකයන් සිටින එකම රට මෙය විය හැකිය. මෙහෙම ගියොත් සුභ අනාගතයක්ම තමා.(නදී)
මේ මනුස්සයා අතුරුදන් වුන කිව්වම තමයි මෙහෙම මනුස්සයෙක් හිටියා කියලා රටේ මිනිස්සු දැනගත්තේ. ආණ්ඩුව පතුරු අරින ඕන තරම් අතුරුදන් කරවිය යුතු චරිත ප්‍රසිද්දියේ ඉදිද්දී මේ වගේ කෙනෙක් අතුරුදන් කරන්න ආණ්ඩුවට මොකක්ද තියෙන ඕන කම. මෙයාගේ අතුරුදන් වීමෙන් වාසි ලබන කට්ටිය ගැන බැලුවම අතුරුදන් වීමේ හේතුව පේනවා. අවුරුද්දක් ගානෙ ජිනීවා පැත්තේ රවුමක් ගහන්න ලැබෙනවා රට පාවලා දුන්නම. මට නම් සහතිකයි මේ මනුස්සයා කොහේ හරි යහතින් ඉන්නවා කියලා.(නදී)
සමන්ත, හරක් නියෝජනය කරන්න ගොනෙක් පාර්ලිමේන්තුවට ගියොත් ගොනා පාර්ලිමේන්තුවේදී තප්පුලන්නේ ඇයි කියා ප්‍රශ්න කරන්න අධිකරණයට බලයක් නැහැ.(නදී)
අනේ මුන්නැහෙලට ගෝන මසුත් දඩමස් කරන්න පුලුවන්. මතක නැහැ කියන්න පුලුවන්, කොටින්ම ඇත්ත නැත්ත කරන්නත්, නැත්ත ඇත්ත කරන්නත් නියම විදිහට ඇට නැති දිවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් පුලුවන්නේ.(නදී)
මුන්නැහෙ එහෙම ලේසියෙන් අල්ලන්න බැරි වෙයි. "පිටතදී" මොකුත් බරපතල දෙයක් කියල නැහැනේ. වරප්‍රසාදෙකින් දමල ගැහුවාම පෙනෙයි ඔන්න. (අ)
අපට තිබෙන පුදුම හතෙන් එකක් නම් වගකියුතු රජයේ නියෝජිතයෙකු මුළු ලංකාවේම කථාබහට ලක්වූ අතුරුදහන්වූවා යැයි කියවෙන පුද්ගලයෙකු තවත් රටකදී දැක්කා නම් ඒ රටේ පිහිටා තිබෙන තානාපති කාර්යාලය හරහා වහා එම පුද්ගලයාව අත් අඩංගුවට රැගෙන ලංකාවට යැවීමට ක්‍රියා නොකරපු එකයි. එසේ බලනකොට තම වගකීම ඉටුනොකළ මෙම මන්ත්‍රීවරයා රජයට විශාල ද්‍රෝහීකමක් කර තිබෙන බව අපගේ හැඟීමයි. මාධ්‍ය මගින් ප්‍රචාරයන් ලබාගැනීමට පුද්ගලයන් විවිධ නව උපක්‍රමයන් සොයාගන්නවා.(නදී)
මම මේ දන්නා නැති නිසා අහන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ ඕන දෙයක් කියන්න පුලුවන්ද? (නදී)
එතිල් ම්ධ්‍යසාර ටික නම් කොහොම හරි බේරගත්තා. ඒ වෙනුවෙන්ම ගැසට් නිවේදනයකින් මතු අනාගතයේ ගෙන්වීමත් නීත්‍යානුකූල කරගත්තා. දැන් ඉතින් දංකොටුව, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත ප්‍රදේශ වලට මධ්‍යසාර වලින් අඩුවක් වෙන එකක් නෑ.(නදී)
එයාම කිවුවා නේද, මම මේවා කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා නෙමෙයි කියලා. ඉතිං ඇයි එහෙනම් කියන්නේ පාර්ලිමේන්තුවේ කරපු දේ ගැන බැහැ, එළියෙදි කියපුවා විතරයි කියලා. (නි)
අපේ පලාතෙන් පාර්ලිමේන්තු ගිය මෙයා මම හිතුවෙ දෑනටමත් වෙන රටක පදිංචි වෙලා ඈති කියලා. ඇයි ඡන්දෙ දිනුවට පස්සෙ තවම පලාතෙ කිසි කෙනෙක් මෙතුමගෙ මූනවත් දෑකල නෑ. කොහෙ හරි කමක් නෑ හොඳින් ඉන්නවානම් මන්ත්‍රීතුමාට සුභ පතනවා.(නදී)
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහු සිරස මාධ්‍යට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කලා. පාර්ලිමේන්තුවේ විතරක් නොවේ. ඒ හින්දා ඒ වරප්‍රසාද බංග වේ.(නදී)
කෙල්ලව බලාගෙන ඉන්නේ නැතුව මගුලක් කතා කරන්න ගියා.(නදි)
පාර්ලිමේන්තුවේ බොරු කිව්වට උසාවියට බොරු කියන්න අමාරුයි. බලමු මොකද වෙන්නේ කියල. හැමදාම වෙච්ච දේ මේවර වත් නොවෙයි කියල හිතමු. (නදී)
ඔයිට කලිනුත් මහත්තයෙක් ජීනිවා වලදී ගහපු කෙප්පයක් අතේ පත්තු උනානේද? (අ)
මන්ත්‍රීතුමා කොහේ ප්‍රකාශ කළත් කියු දේ සත්‍යයක් නම් උසාවියේ පෙනි සිටීමට බියවිය යුතු නැහැ.එය ඔහු සිටින රජය චෝදනාවෙන් නිදස්කර ගැනීමට ඉවහල් වේවි (නි)
අරුන්දික මන්ත්‍රීතුමා අස්දෙකින්ම එක්නැලිගොඩ මහතාව දැකපු නිසානේ මෙවැනි ප්‍රකාශයක් කලේ ඉතින් ඒ අතුරුදහන් වුණයි කියන මාද්‍යවේදී එක්නැලිගොඩ මහතාව ගෙන්නන්න කටුතු කරන්නකෝ අර නොනයි ළමයි දෙන්නයි කොච්චර් දුකෙන්ද ඉන්නේ (අ)
හොද වැඩේ කට තියාගෙන නිකන් ඉන්න බැරුවට , බොරු කිවනම් දැන් විදවන්න (අ)