සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා ඉක්මනින්ම පිටවීමේ බලපත්‍ර ලබාදීමට සෞදි රජය එකඟතාවයට පැමිණ තිබේ.
විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඉකුත් 01 වැනි දා සිට 04 වැනි දා දක්වා සෞදි අරාබියේ සංචාරයේ දී එරට කම්කරු අමාත්‍ය මොෆර්රෙජ් සාඩ් අල්- හොකුබානි සහ එරට ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අහමඩ් අල් සලීම් සමඟ මෙම එකගතාවයට පැමිණ ඇතැයි විදේශ අමාත්යාංතශය කියයි.
ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් අතරමං වී එරට ශුභ සාධන කඳවුරුවල සිටින බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදය නිසා සමහර අවස්ථාවල බොහෝ කාලයක් ඔවුන්ට රැඳී සිටීමට සිදුව තිබෙන බව එරට ඇමැතිවරු හමුවේ පෙන්වා දී ඇත.
ජායාරූපය - තිළිණි ද සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමතිතුමනි, මට ඔබ ගැන ආඩම්බරයි. මොකද අපි ඉතාම ළඟින් ඇසුරු කළ අය හැටියට, මමත් දැනට සෞදිවල සිටින බැවින් ඔබ අා බව දැනගන්න ලැබුනේ අවසන් මොහොතේයි. (නි)
ඉතාමත් පින් අතේ වැඩක්. හැම දෙනාටම යහපතක්ම වේවා! (නි)