වැලිවේරිය රතුපස්වල කර්මාන්ත ශාලාව අවුරුදු 18ක් තිස්සේ විවෘතවී තිබිය දී සිටියාක් මෙන් තව මාස හයක් ඉවසිය නොහැක්කේ මන්දැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ගම්පොළ මාධ්‍ය සාකච්ඡාවකදී මීට ටික වේලාවකට පෙර ප්‍රශ්න කළහ.
අල බහිනතුරු ඉවසන්න පුළුවන්, අල තැම්බෙනතුරු ඉවසන්න බැරි ඇයැදැයි ඒ හිමියෝ කියති.
කර්මාන්ත ශාලාවේ පැරණි පාලනාධිකාරිය ඉවත් කර නව පාලනාධිකාරියක් පත් කර ඇති මොහොතක ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත්, නීතීඥවරුන් දෙදෙනකුගේ හා ගම්පහ පොලිස් අධිකාරීගේ ඉදිරිපිට සාධාරණ ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය මේ ප්‍රශ්නයේ දී ගත හැකි ඉහළම විසඳුම බවත් සිරිධම්ම හිමියෝ පවසති.
‘අපි දැන් හැඟුමෙන් නොවේ බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ. මේක සිරිධම්ම හාමුදුරුවන්ගේ පෞද්ගලික තීරණයක් නොවේ. මේ කර්මාන්ත ශාලාව රටවල් 70ක් එක්ක කටයුතු කරනවා. දවසකට රුපියල් කෝටියක පමණ රට සල්ලි අපේ රටට අරගෙන දෙනවා. අපි කියන්නේ මේක වහන්න නොවේ. මේක වෙනත් තැනකට ගෙනියන්නයි. අපිට කිසිම තැනකින් නොලැබෙන විසඳුමක් තමයි දැන් මේ ලැබී තිබෙන්නේ.
පහුගිය දවසක රතුපස්වල පන්සලකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මට ඒ ගැන හරිම කනගාටුයි. එහෙම ගැහුව එක වැරදි. හාමුදුරුවන්ගේ වැරදි තියෙන්න පුළුවන්. එත් පන්සලට ගැහුව එක වැරදි.
මා නැති දිනවල සිදුවුණ සිදුවීම් මාලාව දෙස මා බලා සිටියා. සැබෑ නායකත්වයක් නැති තැන වුණු අවුල් මා දුටුවා. මා සිටියදී කිසිම ගැටළුවක් ඇතිවෙන්න තිබ්බේ නෑ.
ලබන මාසේ ලෝක නායකයෝ අපේ රටට එනවා. ඔවුන්ට මේ රටේ හොඳයි පෙන්වන්න ඕනෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කර්මාන්ත ශාලාව කුමන ප්‍රදේශයකට ගෙන ගියත් ,පිට කරන අපද්‍රව්‍ය ගැන සොයා බැලීමට පක්ෂ බේද නොබලා එම ප්‍රදේශයේ වැදගත් මහත්වරුන්ගෙන් (මහත් හොරුන් නොවේ) සමන්විත කමිටුවක් අනිවාර්යයෙන් පත් කළ යුතුය. (නි)
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයට විසදුම් ලබාගෙන ඇත්නම් කවුද රථ පෙළපාලි ගිහින් ප්‍රශ්නය තව ඉදිරියට අරගෙන බඩගෝස්තරය පුරවාගන්න හදන පිරිස්? ඔවුන් ගැන ආරක්ෂක අංශ වහා සොයා පිළිතුරු ලබාදෙන්න (නි)
දායකයෝ දැනුවත් කරලා ගියා නම් තමයි වඩා හොඳ. මම නම් හිතුවේ ඔබ වහන්සේ අන්ත්‍රස්ධාන වුණා කියලා. මොකද අපි නිරතුරුවම ඔබ වහන්සේ දිහා ඇහැගහගෙන හිටියේ. මොකද වෙන්නේ කියලා.ඔබ වහන්සේට අලුතෙන් යමක් අවබෝධ වුණා නම් දායකයින්වත් දැනුවත් කරලා අල තැම්බෙනකල් නිහඬව වැඩ වදාරන්න. (නි)
අල බහිනතුරු ඉවසන්න පුළුවන්, අල තැම්බෙනතුරු ඉවසන්න (නි)
කෝටි ගානක් ගෙනාවත් වැඩක නැහැ. පරිසර නියමවලට අනුකුල නැත්නම් වහන්න. වෙන ආයතනයක් ඔහොම කළා නම් අවසර දෙන්නේ නැහැ. (නි)
හාමුදුරුවො එහෙනම් වැඩේ අල කරා (නදී)
මරුන අයට කව්ද වගකියන්නේ?(අ)
කෙරුවාව ගැන දන්නා නිසා මනුස්සයෝ දැන් උපහැරනවලට රැවටෙන්නේ නැහැ -(අ)
හාමුදුරුවෝ දෙන කඩේ යන ගමන් පවසනවා තම අදහස් පැමිණිලි කරුවොයි වෙරදී කාරයෝ විත්ති කාරයෝ නිදහස්. (අ)
අනේ මන්ද! කවුරු කවුරුන් හෝ තවන් කලේ මොන වර්ගයේ අල වර්ග ද කියල දැන් දැන් අපටත් හිතා ගන්න බැරි වේගෙනයි එන්නේ. අල ගස් කීපයක් මරුන. තවත් ඒවා කුණු උනා. දැන් නම් තැම්බෙන ඉතිරි අල ටිකත් බෙරි වෙයි කියලයි මට නම් හිතෙන්නේ. (අ)
අල තම්බන්නත් පිරිසිදු වතුර නැතිව බැහැ අපේ හාමුදුරුවනේ. අල වලට ජය වේවා! (නි)
කෝටි කීයක් හම්බුණාද දන්නෙ නෑ. (දිල්)
අල කොය් හැටි වෙතත් , පළාතේ අයගේ වකුගඩු නම් ගානට තැම්බිලා තියේවි තව මාස හයක් යනකොට (දිල්)
රතු පස්වල ජනතාවට නරක කාලයක් ඇවිල්ලා වගෙයි (නි)
මං හිතුවා හරි. හාමුදුරුවෝ මැදිහත් වෙලා අත්සන් කරපු ගිවිසුමටත් විරෝධය පාලා තවදුරටත් මේක අවුල් කරන්න හදනකොට උන්වහන්සේ ගමත් අත්හැර දාලා වැඩියා. දැන් උන්වහන්සේ නියම තත්ත්වය තේරුම් අරගෙන. හැබැයි, සමහරුන්ට ඒක තවම තේරිලා නැති බව අදහස්වලින් පෙනෙනවා. (නි)
ගස් බැන්ද කතාව වගේ වෙයිද? (නි)
බඩුම තමා අපේ හාමුදුරුවනේ....... (ස)
මෙම සිද්ධිය අල්ලාගෙන බොහොම දෙනෙක් කිවුවේ රතු කට්ටිය මේකට නායකත්වය දෙනවා කියල උනාට, සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ "සැබෑ නායකත්වයක් නැති තැන අවුල් මා දුටුවා " කියල කතාවක් නේ?එතකොට කවුද සැබෑ නායකයා කියල කියන්නේ උන්වහන්සේ බව තමයි මට නම් හැඟෙන්නේ. (ස)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.... (ස)
සමහරු නම් අල ගිලලා වගෙයි (නි)
ඒ වගේමයි, "අල බහිනවා. වැල මැරෙනවා." (නි)
හාමුදුරුවනේ, අත්සන් කරන්න පෙර ගමේ අයත් සමග කතා කරලා මේක අත්සන් කළා නම් නේද හොඳ? (නි)
අල නෙමෙයි හාමුදුරුවනේ, බතල බතල.. (නි)
හාමුදුරුවනේ, එතකොට වෙන තැනකට ගෙනියන්න කියලනේ ඔබ වහන්සේ කියන්නේ? ඒ ගමේ හාමුදුරුවොත් ඕකම කිව්වොත්? ඔබ වහන්සේටත් අනික් හැමදෙනාටම වුණ දේ වගේ අන්තිමට වුණේ. අනික් දේ තමයි මේ අත්වැසුම් ලෝකයේ හොදම අත්වැසුම් බව හැමදෙනාම දැන් කියනවා. හැබැයි මෙතරම් කාලයක් අපේ රටේ රෝහල් වලට අත්වැසුම් ගෙනාවේ පිටරටින්. ඒ කාලේ කව්රුවත් අපේ රටේ අත්වැසුම් ගැන කතා කළේවත් නැහැ. (නි)
මට නම් එක ප්‍රශ්නයයි තිබෙන්නේ. ඇයි මාධ්‍ය සාකච්ඡාව ගම්පොළ තිබ්බේ? ඉස්සර මාධ්‍ය සාකච්ඡා තිබුණේ ගම්පහ නේ? (නි)
උන්වහන්සේටත් මාස කීයක් ගියාද නිවැරදි තත්වය අවබෝධ කරගන්න? බුදුරජාණන් වහන්සේටත් බුද්ධත්වය අවබෝධ කරගන්න අවුරුදු ගානක් දුෂ්කර ක්‍රියා කරන්න වුණානේ. (නි)
හාමුදුරුවෝ නැවත පන්සලට වඩින්න. නැවත ඔය වගේ වැඩවලට ඔබ වහන්සේ අතගහන්න එපා (නි)
හාමුදුරුවනේ, මම හොද කතෝලික භක්තිකයෙක්. නමුත් මම ඔබ වහන්සේට පුදුමාකාර විදියට ගරු කරනවා. මේ අවස්ථාවේ ගන්න තිබෙන හොදම විසදුම තමා මේ ඔබ වහන්සේ ගත්තේ. මෝඩ මිනිහෙක් දෙන්නෙක් කරන වැඩ වලට අධෛර්යට පත් නොවන්න. රටේම ජනතාව ඔබවහන්සේ සමගයි (නි)
මට පෙනෙන්නේ නම් මෙතන හාමුදුරුවොත් බය කරලා වගේ කවුරුහරි (නි)
මහජනතාව අමාරුවේ දැම්මද? අර සමහර කට්ටියට නම් අල දැන් නිකන්ම තැම්බෙනවා වෙන්න ඇති නේද? පව් (නි)
අපේ මිනිස්සු බලාපොරොතු වෙන්නේ නිකන් මැජික් පෙන්නවා වගේ විසඳුම් නේ.. (ස)
අල තැම්බිලා ඉන්පස්සේ අල කන්නනේ ඉතින් තියෙන්නේ (නි)
සාදු සාදු සාදු.... (නි)
සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට උනන්දු වීම පිළිබඳව අපේ ස්තුතිය ගරු ස්වාමීන් වහන්සේට! ඔබ සැමට බුදු සරණයි (නි)
අනේ හාමුදුරුවනේ,ඇයි රටේ හොද විතරක් පෙන්වන්නේ? මේවා තම ඔය නායකයන්ට පෙන්වන්න ඕනෑ,මේ රටේ ප්‍රශ්න අපේ රටේ කාට කිව්වත් වැඩක් නැහැ. හැමදෙයම දැන් චණ්ඩිකමටයි දේශපාලනයටයි මුදලටයි යටවෙලා. (නි)
මේ වතුර බීලා මැරුණට පස්සේ අල කන්නේ කව්ද ඉතින්? (නි)
උන්වහන්සේට දැන් සත්‍යය අවබෝධ වෙලා වගේ. (නි)
තුන්දෙනෙක් මැරුණට පස්සේ හරි මේ හාමුදුරුවන්ටත් සත්‍යය අවබෝධ වුණ එක රටේ වාසනාවක්. (නි)
අනේ හාමුදුරුවනේ ඔය ගිවිසුම ඉතාම සාධාරන නම් ඇයි කලින් රතුපස්වල වැසියන්ට දැනුවත් නොකර ඔබවහන්සේ ගිවිසුම් අත්සන් කළේ? එතකොට ඇයි ගමේ මිනිස්සුන්ට නොදන්වා හැංගිලා හිටියේ? (නි)
බන්දුල පෙරේරා බැලුවම කියලා තියෙන්නේ ඇත්තනේ.ඔබට දිගාසිරි බන්දුල.තව ලියන්න. (නි)