IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අල තැම්බෙනතුරු ඉන්නලු‘

වැලිවේරිය රතුපස්වල කර්මාන්ත ශාලාව අවුරුදු 18ක් තිස්සේ විවෘතවී තිබිය දී සිටියාක් මෙන් තව මාස හයක් ඉවසිය නොහැක්කේ මන්දැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ගම්පොළ මාධ්‍ය සාකච්ඡාවකදී මීට ටික වේලාවකට පෙර ප්‍රශ්න කළහ.

අල බහිනතුරු ඉවසන්න පුළුවන්, අල තැම්බෙනතුරු ඉවසන්න බැරි ඇයැදැයි ඒ හිමියෝ කියති.

කර්මාන්ත ශාලාවේ පැරණි පාලනාධිකාරිය ඉවත් කර නව පාලනාධිකාරියක් පත් කර ඇති මොහොතක ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත්, නීතීඥවරුන් දෙදෙනකුගේ හා ගම්පහ පොලිස් අධිකාරීගේ ඉදිරිපිට සාධාරණ ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය මේ ප්‍රශ්නයේ දී ගත හැකි ඉහළම විසඳුම බවත් සිරිධම්ම හිමියෝ පවසති.

‘අපි දැන් හැඟුමෙන් නොවේ බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ. මේක සිරිධම්ම හාමුදුරුවන්ගේ පෞද්ගලික තීරණයක් නොවේ. මේ කර්මාන්ත ශාලාව රටවල් 70ක් එක්ක කටයුතු කරනවා. දවසකට රුපියල් කෝටියක පමණ රට සල්ලි අපේ රටට අරගෙන දෙනවා. අපි කියන්නේ මේක වහන්න නොවේ. මේක වෙනත් තැනකට ගෙනියන්නයි. අපිට කිසිම තැනකින් නොලැබෙන විසඳුමක් තමයි දැන් මේ ලැබී තිබෙන්නේ.

පහුගිය දවසක රතුපස්වල පන්සලකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මට ඒ ගැන හරිම කනගාටුයි. එහෙම ගැහුව එක වැරදි. හාමුදුරුවන්ගේ වැරදි තියෙන්න පුළුවන්. එත් පන්සලට ගැහුව එක වැරදි.

මා නැති දිනවල සිදුවුණ සිදුවීම් මාලාව දෙස මා බලා සිටියා. සැබෑ නායකත්වයක් නැති තැන වුණු අවුල් මා දුටුවා. මා සිටියදී කිසිම ගැටළුවක් ඇතිවෙන්න තිබ්බේ නෑ.

ලබන මාසේ ලෝක නායකයෝ අපේ රටට එනවා. ඔවුන්ට මේ රටේ හොඳයි පෙන්වන්න ඕනෑ.‘



අදහස් (0)

‘අල තැම්බෙනතුරු ඉන්නලු‘

සුනෙත් Monday, 14 October 2013 05:00 PM

අපේ මිනිස්සු බලාපොරොතු වෙන්නේ නිකන් මැජික් පෙන්නවා වගේ විසඳුම් නේ.. (ස)

:       0       0

පාලිත් Monday, 14 October 2013 05:08 PM

හාමුදුරුවනේ, අත්සන් කරන්න පෙර ගමේ අයත් සමග කතා කරලා මේක අත්සන් කළා නම් නේද හොඳ? (නි)

:       0       0

දොන්සේතං Monday, 14 October 2013 05:12 PM

අල නෙමෙයි හාමුදුරුවනේ, බතල බතල.. (නි)

:       0       0

නිමල් Monday, 14 October 2013 10:46 PM

මෙම කර්මාන්ත ශාලාව කුමන ප්‍රදේශයකට ගෙන ගියත් ,පිට කරන අපද්‍රව්‍ය ගැන සොයා බැලීමට පක්ෂ බේද නොබලා එම ප්‍රදේශයේ වැදගත් මහත්වරුන්ගෙන් (මහත් හොරුන් නොවේ) සමන්විත කමිටුවක් අනිවාර්යයෙන් පත් කළ යුතුය. (නි)

:       0       0

චාමික Monday, 14 October 2013 05:18 PM

හාමුදුරුවනේ, එතකොට වෙන තැනකට ගෙනියන්න කියලනේ ඔබ වහන්සේ කියන්නේ? ඒ ගමේ හාමුදුරුවොත් ඕකම කිව්වොත්? ඔබ වහන්සේටත් අනික් හැමදෙනාටම වුණ දේ වගේ අන්තිමට වුණේ. අනික් දේ තමයි මේ අත්වැසුම් ලෝකයේ හොදම අත්වැසුම් බව හැමදෙනාම දැන් කියනවා. හැබැයි මෙතරම් කාලයක් අපේ රටේ රෝහල් වලට අත්වැසුම් ගෙනාවේ පිටරටින්. ඒ කාලේ කව්රුවත් අපේ රටේ අත්වැසුම් ගැන කතා කළේවත් නැහැ. (නි)

:       0       0

ගිම්හානි Tuesday, 15 October 2013 11:13 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.... (ස)

:       0       0

චින්තක Monday, 14 October 2013 05:23 PM

මට නම් එක ප්‍රශ්නයයි තිබෙන්නේ. ඇයි මාධ්‍ය සාකච්ඡාව ගම්පොළ තිබ්බේ? ඉස්සර මාධ්‍ය සාකච්ඡා තිබුණේ ගම්පහ නේ? (නි)

:       0       0

මාගරී Monday, 14 October 2013 05:23 PM

උන්වහන්සේටත් මාස කීයක් ගියාද නිවැරදි තත්වය අවබෝධ කරගන්න? බුදුරජාණන් වහන්සේටත් බුද්ධත්වය අවබෝධ කරගන්න අවුරුදු ගානක් දුෂ්කර ක්‍රියා කරන්න වුණානේ. (නි)

:       0       0

උපාස Monday, 14 October 2013 05:25 PM

හාමුදුරුවෝ නැවත පන්සලට වඩින්න. නැවත ඔය වගේ වැඩවලට ඔබ වහන්සේ අතගහන්න එපා (නි)

:       0       0

සමදරා Monday, 14 October 2013 11:00 PM

කෝටි කීයක් හම්බුණාද දන්නෙ නෑ. (දිල්)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 11:15 PM

අල කොය් හැටි වෙතත් , පළාතේ අයගේ වකුගඩු නම් ගානට තැම්බිලා තියේවි තව මාස හයක් යනකොට (දිල්)

:       0       0

කොස්තා Monday, 14 October 2013 05:32 PM

හාමුදුරුවනේ, මම හොද කතෝලික භක්තිකයෙක්. නමුත් මම ඔබ වහන්සේට පුදුමාකාර විදියට ගරු කරනවා. මේ අවස්ථාවේ ගන්න තිබෙන හොදම විසදුම තමා මේ ඔබ වහන්සේ ගත්තේ. මෝඩ මිනිහෙක් දෙන්නෙක් කරන වැඩ වලට අධෛර්යට පත් නොවන්න. රටේම ජනතාව ඔබවහන්සේ සමගයි (නි)

:       0       0

තාරක Monday, 14 October 2013 05:36 PM

මට පෙනෙන්නේ නම් මෙතන හාමුදුරුවොත් බය කරලා වගේ කවුරුහරි (නි)

:       0       0

බටු Monday, 14 October 2013 05:38 PM

මහජනතාව අමාරුවේ දැම්මද? අර සමහර කට්ටියට නම් අල දැන් නිකන්ම තැම්බෙනවා වෙන්න ඇති නේද? පව් (නි)

:       0       0

විජයරත්න Monday, 14 October 2013 05:53 PM

ඒ වගේමයි, "අල බහිනවා. වැල මැරෙනවා." (නි)

:       0       0

ෆරීනා Monday, 14 October 2013 05:58 PM

අල තැම්බිලා ඉන්පස්සේ අල කන්නනේ ඉතින් තියෙන්නේ (නි)

:       0       0

පෙරේරා Monday, 14 October 2013 05:58 PM

සාදු සාදු සාදු.... (නි)

:       0       0

රාමා Monday, 14 October 2013 05:59 PM

සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට උනන්දු වීම පිළිබඳව අපේ ස්තුතිය ගරු ස්වාමීන් වහන්සේට! ඔබ සැමට බුදු සරණයි (නි)

:       0       0

මර්වින් Monday, 14 October 2013 06:04 PM

අනේ හාමුදුරුවනේ,ඇයි රටේ හොද විතරක් පෙන්වන්නේ? මේවා තම ඔය නායකයන්ට පෙන්වන්න ඕනෑ,මේ රටේ ප්‍රශ්න අපේ රටේ කාට කිව්වත් වැඩක් නැහැ. හැමදෙයම දැන් චණ්ඩිකමටයි දේශපාලනයටයි මුදලටයි යටවෙලා. (නි)

:       0       0

සත්‍යා Tuesday, 15 October 2013 12:42 AM

රතු පස්වල ජනතාවට නරක කාලයක් ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

ප්‍රේම් Monday, 14 October 2013 06:07 PM

මේ වතුර බීලා මැරුණට පස්සේ අල කන්නේ කව්ද ඉතින්? (නි)

:       0       0

මාගරී Monday, 14 October 2013 06:11 PM

උන්වහන්සේට දැන් සත්‍යය අවබෝධ වෙලා වගේ. (නි)

:       0       0

චින්තක පෙරේරා Monday, 14 October 2013 06:22 PM

තුන්දෙනෙක් මැරුණට පස්සේ හරි මේ හාමුදුරුවන්ටත් සත්‍යය අවබෝධ වුණ එක රටේ වාසනාවක්. (නි)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 01:04 AM

මං හිතුවා හරි. හාමුදුරුවෝ මැදිහත් වෙලා අත්සන් කරපු ගිවිසුමටත් විරෝධය පාලා තවදුරටත් මේක අවුල් කරන්න හදනකොට උන්වහන්සේ ගමත් අත්හැර දාලා වැඩියා. දැන් උන්වහන්සේ නියම තත්ත්වය තේරුම් අරගෙන. හැබැයි, සමහරුන්ට ඒක තවම තේරිලා නැති බව අදහස්වලින් පෙනෙනවා. (නි)

:       0       0

බණ්ඩා Monday, 14 October 2013 06:29 PM

අනේ හාමුදුරුවනේ ඔය ගිවිසුම ඉතාම සාධාරන නම් ඇයි කලින් රතුපස්වල වැසියන්ට දැනුවත් නොකර ඔබවහන්සේ ගිවිසුම් අත්සන් කළේ? එතකොට ඇයි ගමේ මිනිස්සුන්ට නොදන්වා හැංගිලා හිටියේ? (නි)

:       0       0

සරත්කුමාර Monday, 14 October 2013 06:29 PM

බන්දුල පෙරේරා බැලුවම කියලා තියෙන්නේ ඇත්තනේ.ඔබට දිගාසිරි බන්දුල.තව ලියන්න. (නි)

:       0       0

දාස් Monday, 14 October 2013 06:29 PM

අල තම්බන්නත් පිරිසිදු වතුර නැතිව බැහැ අපේ හාමුදුරුවනේ. අල වලට ජය වේවා! (නි)

:       0       0

එදිරිසිංහ Monday, 14 October 2013 06:55 PM

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයට විසදුම් ලබාගෙන ඇත්නම් කවුද රථ පෙළපාලි ගිහින් ප්‍රශ්නය තව ඉදිරියට අරගෙන බඩගෝස්තරය පුරවාගන්න හදන පිරිස්? ඔවුන් ගැන ආරක්ෂක අංශ වහා සොයා පිළිතුරු ලබාදෙන්න (නි)

:       0       0

නසාර් Tuesday, 15 October 2013 01:39 PM

සමහරු නම් අල ගිලලා වගෙයි (නි)

:       0       0

ගජමන් Monday, 14 October 2013 07:18 PM

දායකයෝ දැනුවත් කරලා ගියා නම් තමයි වඩා හොඳ. මම නම් හිතුවේ ඔබ වහන්සේ අන්ත්‍රස්ධාන වුණා කියලා. මොකද අපි නිරතුරුවම ඔබ වහන්සේ දිහා ඇහැගහගෙන හිටියේ. මොකද වෙන්නේ කියලා.ඔබ වහන්සේට අලුතෙන් යමක් අවබෝධ වුණා නම් දායකයින්වත් දැනුවත් කරලා අල තැම්බෙනකල් නිහඬව වැඩ වදාරන්න. (නි)

:       0       0

උදය Monday, 14 October 2013 07:19 PM

අල බහිනතුරු ඉවසන්න පුළුවන්, අල තැම්බෙනතුරු ඉවසන්න (නි)

:       0       0

රනිල් Monday, 14 October 2013 07:46 PM

කෝටි ගානක් ගෙනාවත් වැඩක නැහැ. පරිසර නියමවලට අනුකුල නැත්නම් වහන්න. වෙන ආයතනයක් ඔහොම කළා නම් අවසර දෙන්නේ නැහැ. (නි)

:       0       0

සුජී Tuesday, 15 October 2013 07:21 AM

ගස් බැන්ද කතාව වගේ වෙයිද? (නි)

:       0       0

සෙනෙවි Monday, 14 October 2013 08:43 PM

හාමුදුරුවො එහෙනම් වැඩේ අල කරා (නදී)

:       0       0

ජගත් Monday, 14 October 2013 08:49 PM

මරුන අයට කව්ද වගකියන්නේ?(අ)

:       0       0

පෙරේරා Tuesday, 15 October 2013 08:52 AM

බඩුම තමා අපේ හාමුදුරුවනේ....... (ස)

:       0       0

දයාරත්න Monday, 14 October 2013 09:10 PM

කෙරුවාව ගැන දන්නා නිසා මනුස්සයෝ දැන් උපහැරනවලට රැවටෙන්නේ නැහැ -(අ)

:       0       0

ශමිල Monday, 14 October 2013 09:11 PM

හාමුදුරුවෝ දෙන කඩේ යන ගමන් පවසනවා තම අදහස් පැමිණිලි කරුවොයි වෙරදී කාරයෝ විත්ති කාරයෝ නිදහස්. (අ)

:       0       0

කුසුම් Monday, 14 October 2013 09:11 PM

අනේ මන්ද! කවුරු කවුරුන් හෝ තවන් කලේ මොන වර්ගයේ අල වර්ග ද කියල දැන් දැන් අපටත් හිතා ගන්න බැරි වේගෙනයි එන්නේ. අල ගස් කීපයක් මරුන. තවත් ඒවා කුණු උනා. දැන් නම් තැම්බෙන ඉතිරි අල ටිකත් බෙරි වෙයි කියලයි මට නම් හිතෙන්නේ. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 15 October 2013 09:43 AM

මෙම සිද්ධිය අල්ලාගෙන බොහොම දෙනෙක් කිවුවේ රතු කට්ටිය මේකට නායකත්වය දෙනවා කියල උනාට, සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ "සැබෑ නායකත්වයක් නැති තැන අවුල් මා දුටුවා " කියල කතාවක් නේ?එතකොට කවුද සැබෑ නායකයා කියල කියන්නේ උන්වහන්සේ බව තමයි මට නම් හැඟෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2737 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2356 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2934 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5853 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1970 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6662 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18605 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 144 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site