බැඳිවැව ගම්මානයේ වගා ළිඳකට වැටී සිටි ඇතින්නක සහ මසක් පමණ වයසැති අලි පැටවකු ගොඩගැනිමට වනජිවි නිළධාරිහු සමත් වූහ.
ඇතින්න සහා පැටවා ජලය සොයාගෙන පැමිනි අවස්ථාවේදි අලි පැටවා වගා ළිඳට වැටී ඇති අතර අලි පැටවා බේරාගැනිමට ගිය ඇතින්නද වගා ළිඳට වැටී ඇතැයි වනජීවි නිලධාරිහු කියති.
බැකෝ යන්ත්‍ර උපයෝගිකරගෙන ඇතින්න සහ අලි පැටවා වගා ළිදෙන් ගොඩගෙන රිටිගල රක්ෂිතයට පළවා හැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියලු දෙනාටම ගොඩක් පින් අහිංසකයින් දෙන්නව බේරුවට බුදූ සරණයි (බ)
ඔබ සියලු දෙනාටම ගොඩක් පින් (ම)
වගා ලිං වලට වැටන අලින්ට ගොඩට එන්න පචිපෙලක් කපා තබන්න (ම)
අලියෙක් වුණත් වලේ වැටුණු දාට තනියෙන් ගොඩ එනවා බොරු. සමහර අයට ඕක මතක නැතිවයි වැඩ දාන්නේ. (ම)
හොඳ පින්කමක්. හොඳ වැඩක් (නි)
හේමන්ත ඔන්න දවසේ හොඳම ප්‍රතිචාරය ඔයාගෙන්. (ර)
මෙය නිතර දකින්නට ලැබෙන ගැටලුවකි. ළිඳ වටා බැම්මක් බැඳ මෙය වළක්වා නොගන්නේ මන්දැයි නොතේරේ. (නි)
හේමන්ත, දැන් අලි ඉන්නේ කොහොමත් වළේ තමයි (නි)
මේ උතුම් ක්‍රියාව සිදුකල සියලුම දෙනාට අනේක වාරයක් පින් පින්සිදුවේවා! (ර)
ගොඩ ආ ඇතින්න කැළයට නොදුවා දරුවා ගොඩ ගන්න හදන හැටි, මවු සෙනෙහසක මහිමය.... (ර)
අලි අම්මගේ ආදරය වගේම මිනිසුන්ගේ කරුණාවත් දෙකම පෙනෙන අවස්ථාවක්. (නි)
හේමන්ත මහත්මයා, හුඟ කාලෙකට පස්සේ හොඳ අදහසක් දැක්කා. ඔබ බුද්ධිමත්. කාලෝචිත වදනක් (නි)
මේවා ඇත්තටම වගා වලට වතුර දාන්න හිතුමතේ කපාපු වළවල්. මේවා කන්නය ඉවරවුණාම අනාරක්ෂිතව අතහැරලා දානවා. වගා වලට වතුර ඕනෑ තමයි. ඒත් වන සත්තු, මිනිස්සු ගැනත් හිතලා මේ වළවල් කැපුවොත් තමා හොඳ. අලියා කියන්නේ වතුරට ඉතාමත් ප්‍රිය සත්වයෙක්. (නි)
මේ උතුම් කර්තව්‍යයට සහභාගි වුණ සියල්ලන්ටම ගොඩක් ස්තුතියි! (නි)
මේ සතුන් දෙන්නා වලෙන් ගොඩ ගැනීමට සහය දුන් හැමටම පිංසිදුවෙනවා. මේ වැනි වගා ලින් තියෙන තැන් වලට ආරක්ෂක වැටවල් යෙදුවනම් ඔය ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ නේද ? (ර)
මේ විදිහටම තමා කලක් වලේ වැටිලා හිටපු අලියව, අපේ ජනාධිපති තුමා අතදීලා ගොඩගත්තේ. (බ)