සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කළ යුතු බවට සහාය පළ කරමින් මෛත්‍රී ගුණරත්න, ශීරාල් ලක්තිලක මහත්වරුන් ඇරැඹි පෙළපාලිය සහ මංගල සමරවීම මහතා ඇරැඹි පාගමනේ දෙපාරිසක් අතර ඇතිවූ ගැටුමෙන් මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් චරිත් ඇතුළු දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දැනගන්නට ඇත.
දෙවුන්දරින් ඇරැඹි පෙළපාලියේ ආධාරකරුවන් අත කුරුඳු කෝටු තිබූ බවත්, වැල්ලමඩමින් ඇරැඹි පෙළපාලියේ ආධාරකරුවන් අත වෙනත් ලී තිබූ බවත් සිද්ධිය දුටුවෝ කියති.
දෙවිනුවරදී නැවතත් දෙපිරිස අතර ගැටුමක් ඇති විය.
දෙවිනුවරින් පෙළපාලිය ඇරැඹි පිරිසක් මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් පැමිණි බසයකට පහරදීමෙන් අලාභ හානි සිදු විය.
දෙපාර්ශ්වයම මාතර බලා ගමන් ගනිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයව හැඳින්වීම සඳ හා සතුනේ නම් පාවිච්චි කිරීමත් ඒ සතුන්ට කරන නිග්‍රහයක්. (දී)
" අපේ " චැනල් එකේ "අරුම පුදුම" වරම තාවකාලිකව නවතා අතර සුපුරුදු පරිදි "අපතා සපතා" ගේ කයිවාරු,"ළදරුවාගේ" වැඩ කිඩ , සත්යාගේ පැනයට පිළිතුරු පමණක් ඇත.මෙය මුදල් නොගෙවා පලකරන ලදී. (නදී)
රනිල් නීතිඥයෙක් කියලා කව්රුත් දන්නවා . (නි)
රස ආහාර කවලා - මල් පාරේ තියලා ඇති කරන්න ගත්ත මාගෙ නීලා.... අත් හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා හිතුවද මං දාලා යයි කියාලා...// (නි)
දෙවිනුවරදී මරා ගත්ත නම් දෙයියෝ දකින්න ඇති. දෙයියෝ සාක්කි! (නි)
අර "අහවල් කඩේ " කැෂියර් මැඩම් ආර්යාව වාහනයෙන් ඇවිල්ලා තේ වතුර දුන්නේ නැද්ද ? (නි)
හේවාවිතාරණ, "නුඹ ඇත් පොර දුටුවෙහිද?" ඒ සොඳුරු ළමාවිය මතක් උනා මටත්.(ඇතුන් සමූහයක් එක පොදියට පොර කන පින්තූරය.?)
මේ දෙගොල්ලොම එජාපෙයේ අපිට එපා . මේ තිබෙන රජය තව දිගු කාලයක් බලයේ තියෙන්න ඕන . මේ ගොල්ලෝ බලයට ආවොත් මේවගේම තම වෙඩි තැබීම මිනීමැරුම පලිගැනීම පළමුව සිදුවන්නේ . දෙවනුව රට පාවාදීම (නදී
අජිත් ඔබ හරි. කාටවත් බැහැ. මහාමේරු පර්වතය වගෙයි අපේ රනිල්.ඔය ගෙම්බෝ කැගැහුවට දැනෙන්නේවත් නැහැ. (දී)
රනිල් එපා
මම පොඩිකාලේ පාඩම් කරපු හෝඩි පොතේ ඇත පොරය සිහියට නැගෙනවා (දී)
රනිල් දිගුකල් දිනේව. ( විපක්ෂයේම) (දී)
රට වෙනුවෙන් රනිල් ඉවත් කරන්න (දී)
සජිත් ආව කියල ආණ්ඩු වෙනසක් හැබෑවටම කරන්ඩ පුළුවන්ද? මේ ආණ්ඩුව තව අවුරුදු 500 කට හොලවන්ඩ බැහැ. (දී)
රනිල් පන්නන්න තියා හොලවන්නවත් ඔය කාටවත් බෑ.නිකන් බොරුවට දගලන්න එපා,අදත් හෙටත් අපේ එකම නායක රනිල් (දී)
සජිත්ට නායකත්වයට එන්න දෙන්නේ නෑ(දී)
රනිල්ගේ ඒකාධිපතිවාදයට විරුද්ධව පක්ෂය ඇතුලේ වගේම පිටතදීත් ප්‍රහාර එල්ලවීම රනිල්ගේ ඒකාධිපතිවාදී වියරුවේ සාමාන්‍ය ස්වරූපයයි.ඒවාට නිර්භයව මුහුණදී මේ වියරුව පක්ෂයෙන් පලවාහෙරිය යුතු වේ.එතෙක් එජාපයට ඉදිරි ගමනක් නැත. ඒ සදහා ඉදිරියට පැමිණි සියලු දෙනාට අපගේ ආචාරය! (දී)
රතුපස්වල සිද්ධියේදී මේ අය ගොඩක් කඳුළු හෙළුවා, පිල්ලේ අම්මටත් ගතු කිවා. මේ තමයි එයාලගේ මානව හිමිකම් සුරැකුම. (නදී)
මංගල සමරවීර එජාපයේ අවමංගල කටයුතු පිළියෙළ කරනවා වාගේ . මේකෙන් වෙන්නේ එජාපයේ ලොකු පිරිසක් පිල් දෙකකට බෙදීම . නිදහස් අදහස් පලකිරීමට පක්ෂයේ ඇතුලත ඉඩක් නැති නිසා . එලියේත් මෙම නිදහස නැති කිරීමෙන් . එජපෙයේ පිළිවෙත එළිවෙනවා . ලංකාවේ ලොකුම ප්‍රජාතන්ත්‍ර වාදියා කියා ගනිමින් කරනා වැඩ. මම හිතන්නේ මංගල සමරවීර එජාපයට එකතු වුනු දවසේ සිට පක්ෂය දිය වීමට පටන් ගත්තාය කියලා. (නදී)
මංගල ඇවිත් කරන්න ඒ ජා පෙ යේ අවමංගල කටයුතු......(නදී)
ඉතා පැහැදිලිවම සජිත්ගේ මෝඩකම මෙතැනදී පෙන්වනවා. මේ මිනිහ තමන්ගේ තාත්ත නායකත්වයට අපු හැටි වත් අධ්‍යනය කරලා බලන්න ඕනේ. (දී)
එක්සත් ජතික පක්ෂයේ නායකතුමා එලවන්න කාටවත් පුළුවන්කමක් න.බොරුවට නැළවෙනවා.රජයට පැනල ගිය අය නායකතුමාට මඩගහනවා.
රනිල් යන්න
රනිල් කාටද නායක කම් කරන්නේ (දී)
මංගලගේ දාමරික කම අදත් ඔප්පු කලා (දී)
අවසානයක ආරම්භයද? ඇරඹුමක ආරම්භයද? (නදී)
මෙතන ඉන්න සමහර අලින්ට බුලත් කොළ කවල කුලප්පු කරලා තියෙන්නේ.(නදී)
එකම දවසේ දෙපිරිසකට පෙළපාලි යන්න දුන්නම මෙහෙම වෙනවා කියල නිකමටවත් පොලොසියට කල්පනා උනේ නැති එකනේ පුදුමේ.(නදී)
කැලේ ඉඩ මදි වෙලා වෙන්න ඇති. අවරුදු විස්සක් විපක්ෂේ ඉදලත් මෙහෙමනම් ඉතින් තව මොන කතාද? (දී)