(නිශ්ශංක වෙලගෙදර)

පොළොන්නරුව, වැලිකන්ද, මැණික්දෙණිය ගම්මානයේ ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු හතක් පමණ වන වන අලි පැටවකු  මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

ගෙවත්ත වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලි පැටවාට විදුලි සැර වැදී මියගොස් ඇති බව වාර්තාවිය .

ඉඩමේ හිමිකරු සැකපිට වැලිකන්ද වනජිවි කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.