
(රොමේෂ් මධුෂංක)
යාපනය මහනුවර ඒ 9 ප්රධාන මාර්ගයේ මැදවච්චිය පූනෑව ප්රදේශයේදී මෝටර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලීසිය පැවසීය.
කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් සහ වව්නියාව සිට මහව දක්වා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
පූනෑව පොලීසිය විසින් සිදුකරන ලද මූලික පරික්ෂණ වලදි සැක පල වී ඇත්තේ කාර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්වන්නට ඇති බවයි.
අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථයේ තිදෙනකු ගමන් කොට ඇති අතර රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ද මෝටර් රථයේ සිටි සෙසු දෙදෙනාම මිය ගොස් සිට ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ බලල්ල ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි රාජගුරු මුදියන්සේලාගේ අකිල සහ 34 හැවිරිදි එම ප්රදේශයේම පදිංචි ජීවන්ත සුමිත් නැමති දෙදෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd