කැසිනෝ පනතට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් එයට බදු සහන ලබාදිම සදහා ආණ්ඩුව 24 25 දෙදිනෙහි පර්ලිමෙන්තු විවාදයක් පවත්වමින් ඡන්ද විමසීමකට යෑමට සුදානම් වුවත් එක්සත් ජාතික පක්ෂය එයට එරෙහිව පාර්ලිමෙන්තුවේත් ඉන් පිටතත් මහජනතාව සමග හඩ නෑඟීමට සුදානම්ව සිටි බව පාර්ලිමෙන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා එසෑණට පෑවසීය.
තාවකාලිකව අකුලාගත් කෑසිනෝ විවාදයත් පනතත් පාර්ලිමෙන්තුවට ගෙනෙන ඔනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ සෑවොම එකාමෙන්ම පනතට විරුද්ධව හඩ නගන බවද ඔහු කීවේය.
නායකත්ව මණ්ඩලය පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.
‘ ගරුතර සංඝරත්නය ගෙනා යෝජනාවකට එකඟව මමත් කරු ජයසුරිය මහතාත් රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ පිලිබඳව සාකච්ඡා කරමිනුයි ඉන්නේ. හෑමදේම සුහදව විසඳෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් ගණන දැන්ම කියන්න බැහැ.
තවම සාකච්ඡා මට්ටමින් පවතින නිසා. මම ඔබෙන් ඉල්ලිමක් කරනවා මම කියන දෙවල් වෙනස් කරන්න එපා කියලා. මොකද මාධ්‍යවේදින් තමන්ගේ ලිපියේ වටිනාකම වැඩිකරගන්න පොඩිපොඩි වෙනස් කම් කරනවා. ඒකෙන් පක්ෂයේ අපි අතර අනවශය ප්‍රශ්න ඇති වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සංඝ රත්නයේ තීරණය කවුරුත් පිලි ගත යුතුයි. (ස)
එකමුතුකමින් වැඩ කරමු. ජය වේවා! (නි)
මාධ්‍යය අද කාලේ ඇතුවත් බැරි නැතුවත් බැරි ගානට වැටිලා. මාධ්‍යයේ යුතුකම වන්නේ ජනතාවට නියම සත්‍යය දීමයි. (නි)
මහා සංඝරත්නයත් එකතු වෙනවා නම් අපි කැමතියි (නි)
සජිත් ඔබ තුමා රජය සමග කොන්ත්‍රාත් එකකට ද පක්ෂයේ ප්‍රස්න අදින්නේ ? ඒකෙන් වෙන්නේ රජයේ ප්‍රස්න වහගන්නේ එක. උදේ ඉදන් රැ වෙනකන් රනිල් ගැන පත්තර කතා කෙරන්නේ. ඔබ ඒකට මුල නේද? (නදී)
දැන්වත් අපේ හාමුදුරුවරු කියන දේ අහන්න. (නි)
බස්නාහිර දකුණ විසුරුවනකන් කාලය මරපල්ලා. එතකොට පැරදියල්ල (දිල්)
එක්සත් ජතිකපක්ෂ්‍ය කියන්නේ සිංහල බෞද්ධයන්ට විතරක් අයති දෙයක් නොවන බව සජිත්ට අමතක වෙලා වගෙයි (දිල්)
ලියනආරච්චි, මේ ලිපිය මුල සිට අගටත් අග සිට මුලටත් නැවත කියවන්න. එතොකොට සජිත් කියන්නේ මොකක්ද කියලා ඔයාට වැටහේවි (නි)
ලියන ආරච්චි ඔබ තමයි මෙතෙක් එසැන බලන සියලු පාඨකයන්ට දැනෙන අදහස ඉදිරිපත් කලේ (අ)
සජිත් මහත්තය කැමති උනත් නැති උනත් සාමාජිකයෝ ගාන හතරයි. හතර වැනිය එයාගේ ගෝලයෙක්. එතකොට කරුයි සජිත් මහත්තයි දෙපැත්තබෙදුනම ඒයාට ඡන්ද දෙකයි. ඔයාලට එක එක. කොහොමද මොලේ. එයාගේ කොන්ඩෙ සුදු උනේ පිනසේට කියලද හිතන්නේ?(අ)
මම කැසිනෝ වලට විරුද්ධයි.මට තිබෙන ප්‍රශ්නය කැසිනෝ වලට විරුද්ධයි කියන එජාපය ගණිකා ව්‍යාපාරය නීතිගත කළ යුතුයි කියන එක ගැන. කැසිනෝ ව්‍යාපාරය සහ ගණිකා ව්‍යාපාරය එකම කාසියක දෙපැත්ත වගේ.සමාජය වනසන දෙයක්. (නි)
වැරදුණොත් වැරදුණාම තමයි (නි)