IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ

( නිමල් ජයරත්න)

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින්  ඉදිකළ විදුලි වැට, සූරිය පැනල් කුටි මෙතෙක් විවෘත නොකිරීම නිසා ගම්මාන වලට මෙන්ම ජීවිත වලටද වන අලි තර්ජන එල්ල වී ඇති බව පහළ යක්කුරේ හා අවට ගම්වාසීහු සඳහන් කරති.

මේ ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ අසූවකි.

 මෙ වන විට ගම්මානය වටා පැවැති විදුලි වැට සහ පැනල් කුටිවල කොටස් වනජීවී දෙපාර්තමේන්තුව මගින් ගලවාගෙන ගොස් තිබේ.

මෙම තත්ත්වය මත තමන්ට ඉපැරණි විදුලි කුටි සඳහා විදුලි බල මණ්ඩලයෙන් මාසිකව රුපියල් 2000 ක විදුලි බිලක් ලැබෙන බවත්, එම බිල ගම්මානයේ ගොවීන් 267 දෙනෙකු විසින් වසර දෙකක කාලයක සිට ගෙවීමට සිදුවීමහත් අසාධාරණයක් බව පහල යක්කුරේ ගොවි සංවිධානයේ හිටපු සභාපති එච්.එම්. තිලකරන මහතා සඳහන් කළේය.

මෙම විදුලිමට ඉදිකිරීමට කොන්ත්‍රක් ලබාගත් පුද්ගලයා අනුරාධපුරේ පුද්ගලයෙකු බවත්, ඔහු වනජීවී දෙපාර්තමේන්තු මගින් අදාළ  කොන්ත්‍රාක් මුදල් ලබාගෙන ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවද ගොවි සංවිධානයට දැනගන්නට ඇති බවද තිලකරත්න මහතා කීවේය.

ගම්මාන හතරක ගොවීන් දෙදහකට ආසන්න සංඛ්‍යාවකට බලපා තිබෙන මෙම වන අලි තර්ජනයෙන් ගොවින් මුදවා ගැනීමට නම්   ඉදිකර තිබෙන විදුලි වැට ඉතා කඩිනමින්, එහි අඩුපාඩු සකසා දෙන්නැයි ඔවුහු ඉල්ලති.

වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් හා හුංගමාල ඔය රක්ෂිතයෙ ගම්වදින වන අලින්ගෙන් තම ජීවිත හා දේපළ බේරාදෙන ලෙස  මෙම ගම්මාන වල ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.  

මේ පිළිබඳව වෙහෙරගල සහ නුවරගල වනජීවී නිලධාරි කාර්යාලවලින් දුරකථනයෙන් කළ විමසීමකදී එම නිලධාරීන් සඳහන් කළේ ගම්මාන වටා ඉදිකර තිබෙන විදුලි වැටවල් ඉතා කඩිනමින් ගොවින්න්ගේ අයිතියට පත්කර ඔවුන් බවබෝග   ආරක්‍ෂා කරදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.


 



අදහස් (1)

අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ

ආනන්ද Friday, 17 May 2024 05:06 AM

අලින්ගේ වගා පාළුවට කෙන්යානු රටේ මී මැසි ප්‍රහාරක බලකාය හොඳම විකල්පයක්. ගොවි මහතුනි ඔබගේ වගාබිම වටා මී මැසි ප්‍රහාරක බලකායක් අදම ස්ථාපනය කරන්න. ඔබට ජය..! 

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 14 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2430 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1388 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2065 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1417 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 760 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site