දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් කරන කුණු දිගම්පතහා රජයේ රක්ෂිතයට ගෙන දැමීමත් සමග ඒවා ආහාරයට ගැනීම සදහා වල් අලි වසර ගණනාවක් තිස්සේ පුරුදුව සිටිති.
අලි 17 දෙනකුගෙන් යුත් රංචුවක් වෙනදා මෙම ස්ථානයට පැමිණියත් දැන් පැමිණෙන්නේ 10 දෙනකු පමණි. ගම්වාසින් පවසනුයේ මෙසේ පැමිණෙන අලි පොලීතීන් ආහාරයට ගැනීම නිසා ඔවුන් මිය යන්නට ඇති බවයි.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරුදහන් වූ අලි වගයක් කොළඹ හිටියා පහුගිය දවස්වල. (නි)
අපේ රටේ කෝටි ගණන් වියදම් කරමින් ගුවන් තොටුපළවල් , අධිවේගී මාර්ග හැදුවට පොලිතින් වැනි නොදිරවන කසල විනාශ කිරීමට නගරයක් දඹුල්ලේ තබා කොළඹවත් නැත. මහත්වරුනි, තිත්ත ඇත්ත මෙයයි (නි)
අනේ ඇයි මේ තරම් ගාම්භීර සත්වයෙකුට මේ වගේ හිඟා කන්න උනේ ?මේවට විසඳුම් නැද්ද ?(නදී)
ලංකාවේ අලි වර්ග 2ක් හදුනාගෙන තිබේ . වන අලි සහ වනවෙන අලි. ඒ වර්ග 2යි. එක වර්ගයක් කලුපාටය . අනෙක් වර්ගය කොලපාටය. කොහොමත් දැන් මේ අලින් වර්ග 2ටම හොද කාලයක් නොවේ .මේ වර්ග 2 ක ම දැන් අවුරුදු 20 ක් විතර තිස්සේ කන්නෙම කුණු තමයි. මේ කුණු කන විදිහට තව අවුරුදු 10 කින් විතර මේ වර්ග 2ක ම ලංකාවෙන් නැති වන බව විශ්වාසයෙන් කිව හැක. (නදී)
රක්ෂිතයේ කොහෙද ගම්මානයක්. අනිත් එක අලිරංචු හැමදාම එකටම ඉන්නේ නැහැ. වෙනත් රංචුවක් වෙන්ව යන්න ඇති. ගම්වාසීන් කියන්නේ අලි විශේෂඥයෝද? මේගැන කියන්න ඕන වනජීවී නිළධාරීන්.(නදී)
හැකි පමණ ඉක්මණට පියවරක් ගන්න. පව් අහිංසක සත්තු (නි)
කෝ මේ මුනියා? (නදී)
මෙම කුණු දමන අයටම මෙම පොලිතින් ඉවත් කරන්න පුළුවන්. කුණු ටික හලලා පොලිතින් ටික වෙනම ගොඩකට දමන එක මහා ලොකු දෙයක් නොවේ.එම පොලිතින් ප්‍රති චක්‍රීකරණය කරන්න ගෙන යා හැකිය.පොලිතින් දැමීමට වෙනම තැනක් ආර්ථික මධ්‍යස්ථානය මඟින් සකසා දිය යුතුය. (ස)
අලින් ඉන්න රට හරි වාසනාවන්ත රටක්.අපිට එම වාසනාව ලැබී තිබෙනවා.අවාසනාවට අපේ බලධාරීන්ට ඒ පිළිබඳ අල්ප මාත්‍රයක වැටහීමක් නැහැ (නි)
ඔය කුණු ගොඩේ රැකියාව කරන කෙනාට සපත්තු දෙකක් අරන් දෙන්න (නි)
අපේ අලි නිසා තමයි මේ අලිත් නරක්වෙලා තියෙන්නේ (නි)
කතාව ඇත්ත මේ සතුන් අකාලේ මිය යනවා .මීට අවුරුදු 17 විතර කලින් මම යාලුවෝ දෙන්නෙකුත් එක්ක හෝර්ටන් තැන්නේ එක රැයක් හිටියා. එදා දැකපු දෙයකින් මට පොලිතීන් එපාම උනා. අපි ඇවිදින කොට දැක්ක ගෝනෙක් ගේ ඇටකටු උගේ බඩ මැද ලොකුම ලොකු පොලිතීන් ගුලියක් මේ වගේ තව සත්තු කී දෙනෙක් නම් මියයනවා ඇද්ද???? (ස)
මෙවන් රටක ගහ කොළ,සත සිවුපාවා ඇතුළු පරිසරය ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකිද? (නි)
හද සසලවන සුළු පුවතක් වගේම දසුන්.කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිසර ආයතන රජයේ මහජනතාවගේ මුදලින් යැපෙනවා. බලන්න අනතුරක සේයාවක්වත් නොපෙනෙන මේ අහිංසක සත්තු කන කුණු වෙච්ච එළවලු කනේ කරෙත් හලාගෙන ඉන්න හැටි. (නි)
දේශපාලන අලින් මිළදී ගෙන ජනමතය විකෘති කර ජනතාවට දැඩි පීඩනයක් එල්ල කර ඔවුන් කුසගින්නේ කුසගින්නේ මියයාමට සැළැස්වීමත්,වාස භුමි සහ ගහ කොළ අහිමි කර වන අලින් පොලිතින් කෑමට ඉඩ දී මිය යාමට සැළැස්වීමත් සහගහන අපරාධයකි (නි)
නිරංජලාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත (නි)
කමිටුවක රැස්වීමකටවත් ගිහින්ද? (නි)
මේ පින් කෙත හෙළ රන් දෙරණද? නැත්නම් දැන් වෙනස් කරලාද?කොහොම නමුත් අනේ ඇත් රජුනේ, පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හිතන්න එපා.වන සතුන් ගැන සිතන්න වන සතුන්ට තරම්වත් මොළයක් නැති ,අකාරුණික ආත්මාර්ථකාමී බලධාරීන් නැති දේශයක නැවත උපදින්නට ලැබේවා!! (නි)
වනාන්තරයට චමත්කාරය එකතු කරමින් එය අලංකාර කරන ,අහිංසක වන සතුනේ, නුඹලාගේ වාසභූමි නුඹලාට අහිමි කරමින් මේ දේශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන් වනාන්තර හෙළි පෙහෙළි කර විකුණා ,විනාශ කර අවසන්ය.මහා පරිමාණ දැව ව්‍යාපාර,වැලි ගොඩ දැමීම,ඉඩම් විකිණීම වැනි අකටයුතු දේ නිසා නුඹලාට ආහාරපාන සහ ස්වභාවික වනාන්තර වාසභූමිද ඔවුන් ඔබලාගෙන් උදුරාගෙනය.මෙතෙක් කැලේ ගහ කොළ අනුභව කළ නුඹලාට අද සිදුවී තිබෙන්නේ පොලිතින් කා මිය යාමටය. ඔබලාගේ පමණක් නොව අපේද සකල මනාව ඔවුන් නතු කරගෙන හමාරය.අපට ද අඩුම තරමේ අද ලුනුයි බතුයිවත් කන්න ඉඩක් ඉතුරු කර නැත.පොලිතින් කා ඔබලා මිය ගියා සේම අපටද සිදුව ඇත්තේ වහ කා මියයාමටය. (නි)
මිළ කරන්න බැරි වස්තුවකට කන්න වෙලා තියෙන්නේ "කුණු". කෝ මේ වනසත්ව නිලධාරීන් , පරිසරවේදීන් ? මැරුණට පස්සේ බඩකපලා පොලිතින් කිලෝ මෙච්චරක් තිබුණා, අච්චරක් තිබුණා, කියලා වැඩක් නැහැ. දැන්ම මේ සතුන්ව උපරිම ලෙස ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් ගෙනෙන්න. (නි)
මුළු රටේම ස්වභාවික පරිසරය විනාශ කරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න මැෂින් ගෙන්වා ගැනීමට හෝ වෙනත් වැඩපිළිවෙලක් හෝ නැත.රටට අත්‍යවශ්‍ය දේවල් නොකර අසීමිත විදේශීය ණය බරින් ජනයා පීඩනයට පත් කරමින් එකිනෙකාගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නවට වඩා පරිසරය සහ සත්වය ආරක්ෂා කර ගත යුතු දේ පිළිබදව අවධානය යොමුකිරීම ,ඒවාට ප්‍රතිපාදන වෙන්කිරීම,වැදගත්ය (නි)
අනිවාර්යෙන්ම මිය යනවා පොලිතීන් කෑවහම ඕනෑම සතෙක්. හොදම උදාහරණය තමයි මිහින්තලේ මුවෙක් මැරිලා හිටියා. වනජීවි එකෙන් රාජකාරි මට්ටමෙන් හොයාගත්තා ආමාශය ඇතුලේ කිලෝ දෙකකට වැඩිය නොදිරන ද්‍රව්‍ය තිබුනා කියලා. පව් අසරණ සත්තු. පරිසරය අසමතුලිත වෙලා.ඒකයි ආහාර හිග වෙන්නේ. (නි)
මොන තරම් පරිසර විනාශයක්ද මේ වෙන්නේ? මේ ශාකමය අපද්‍රව්‍ය වලින් ජීව වායුව හදන්න පුළුවන්නේ! (නි)
අලියෙක් කුණු නාලා වගේ. කනෙත් මොකක්ද රෙදි කෑල්ලක්. (නි)
කැලේට ගිහින් අලි වසුරු ගෙනාවා නම්, අලින්ට පොලිතීන් දිරවීමේ ඇති ශක්තිය ගැන පරීක්ෂණ කරලා කාටහරි ලොකු පදවියක් එහෙම ලබාගන්න පුළුවන්නේ. (නි)