හම්බන්තොට ගොන්නෝරුව මැඩිල්ලේ එකම ස්ථානයකදී විදුලි සැර වැදීමෙන් අලි මවක්, දියණියක්, අලි දෙදෙනකු හා මී හරකකු ද මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. පැටියාගේ වයස අවුරුද්දක් පමණ වෙතියි ගැමියන්ගේ මතයයි. බ්‍රහස්පතින්දා රාත්‍රී මත්තල ගුවන‍්තොටුපොළට කිලෝ මීටර පහක් පමණ දුර දී විදුලිසැර වැදුණු අලියෙක් පැය ගණනක් පීඩාවිදිමින් සිට සිකුරාදා සවස මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා කරඩුව වඩමවන අපේ ඇත් පරම්පරාව නේද මේ? (නි)
කෝ අර සේනාව? (නදී)
අනේ පව් අහිංසක සත්තු ගැන කනගාටුයි.(නදී)
එදිරිසිංහ ඉන්දික,මට උපදෙස් දෙන්නට තරම් ඔබ දැනුවත් නම් එවැනි සමාජයක මම මානසික රෝගියෙක්ව සිටීම තරම් සතුටක් මට තවත් නොමැත.වාසනාවකට තවමත් ඔබ වැනි අය සමාජයේ එතරම් නොමැති නිසා හොද සිහි කල්පනාවෙන් සහ ඔබ වැනි අයගේ මනස වැඩකරන අයුරු දැන එවැන්නන් වැඩි රටක් සමාජයක් මගේ දරුවනට නොදෙන්නට වෙහෙසෙමි.හඩනගමි. (නි)
අලි මැරීම , මැරීමට සැලැස්වීම ගෙවා ගන්න බැරි පාපකර්මයක් , මේකට හොඳම උදාහරණය තමයි මේ රටේ බ්‍රිතාන්‍ය කිරීටයේ හිටපු නිලදාරියෙක් වන විලසෝන් , මෙයාගේ විනොදන්සය තමයි අලි වෙඩි තියලා මරණ එක. මෙයාගේ සොහොන් කොතට අදටත් අවුරුද්දකට සැරයක් හෙන ගහනවලු ඔන්න ඔහොමයි කරුම ගෙවන්න වෙන්නේ. ඒ නිසා අහිංසක සතුන්ට මේ තරම් රුදුරු මරණයක් හිමිකර දුන් හැමෝම වහින ගොරවන වෙලාවට එලි පහලියට බහින්නේ නැතුව ඉන්නවා නම් තමා හොඳ.(නදී)
ඒත් කට්ටිය නැවත නැවතත් කියනවා, වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා කියලා! (නි)
අනේ දෙවියනේ! මේ මොන අපරාධයක්ද? (නි)
ලංකාවේ තව අලි ඉන්නේ 4000 විතර කියල පත්තරේ දැක්කා, දවසකට අලියෙක් රටේ කොහෙහරි මරනවා හෝ මැරෙනවා ඔයාලම හිතල බලන්න මෙහෙම ගියොත් මොකද වෙන්නේ කියල.මෙච්චර සල්ලි බොරුවට වියදන් කරන එකේ අලිටික බේරගන්න වැඩක් කරන්න එකෙක් නැනේ (අ)
අනේ මෙහෙම අපරාධයක්? (නි)
ඔය අලි වඳ නොවුණොත් කොහොමද ලොකු ලොකු ලොක්කෝ ඉඩම් ටික අයිති කරගන්නේ?ඒකවත් තේරෙන්නේ නැහැනේ. (නි)
අලියෙක් දෙන්නෙක් මැරුණට කලබල වෙන්න එපා මිනිසුනේ. (නි)
නැහැ දාස් ලංකාවේ තමයි එහෙම වෙන්නේ සත්‍යපාලගේකතාව හරියට හරි මම කියන්නෙත් මේකම තමයි . දැන්වත් ජනාධිපති මැදිහත්වෙලා මේ අපරාධ වලට පිළිමයක් කරන්න , නැත්නම් රට තවත් විනාසයි ,
මේ ඔක්කොම අඩනවා, දුක්වෙනවා, විලාප දෙනවා, එකිනෙකාට දෙස් දෙවොල් තියනවා හැරෙන්නට වෙන කිසිම දෙයක් නැද්ද කරන්න? ඔය පුංචි මොළ වලින් කල්පනා කරලා තමන්ට තේරෙන පරිදි මෙයට විසඳුම් යෝජනා කලොත් මීට වඩා පළදායක කතිකාවතක් ගොඩ නැගිය හැකියි නේද? ප්‍රමුඛත්වය දිය යුතු දේ ගැන කතා කරමු. (නදී)
මේවා මහා ජාතික අපරාධ. මොකටද මේ වගේ සැර විදුලි රැහැන් අදින්නෙ? කව්රු හෝ කරන මෙවන් වැඩ නිසා අහිංසක සතුන් ගණනාවකගේ විනාශය... වගකිවයුතු මිනිසුන් නිදිද? (නි)
අවිචාර සංවර්දන සැලසුම් ඉදිරියේදී සුදුකර පව් පුරවා ගන්න එපා ! (අ)
පව් අහිංසක සත්තු සුද්දෝ ලංකාවට එන්නේ අපේ හොන්ඩ බලන්න නෙවි අන්න එක දැන ගන්න (අ)
හෙණ හත වදිනු කළ අයට! (නි)
රටේ ජීවත්වෙන මිනිස්සු වගේම සතා සිවුපාවාත් අද අසරණයි.අර ධර්ම රාජ්‍යයක් උදෙසා ගිය අයවත් බොදු බල සේනාවවත් මේ ගැන මොනවත් කියන්නේ නැහැනේ. (නි)
කැළෑව කපලා මත්තල ගුවන් තොටුපොළක් හැදුවා කියමුකෝ.ඒත් එක රාජ්‍ය නායකයෙක්වත් ආවද මත්තලින්.අපරාදේ අහිංසක සත්තු ටික මැරිලා යනවා. (නි)
සත්‍යා 2013-11-23 21:19:58 කෙනෙක් මෙතන ලියල තියෙනවා "මේ සිද්ධිය ගැන ජනාධිපතිගේ අවධානය" යොමු කරන්න කියල. මේ මෝඩයට තේරෙන්නේ නැහැ "අවධානය" මත්තලට බහින ගුවන් යානා ආරක්ෂා කරන්න විදුලි රැහැන් වලට යොදපු නිසා මේ ජාතික සම්පත මේ විධියට අකාලේ මියයන බව. (අ)
මීව කවුරු කලත් අහස පොලව නුහුලන අපරාද?හෙන ගහන අපරාද? (අ)
පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට කියපු අයනේද රට පාලනය කරන්නේ.දවසෙන් දවස රටත්,රටේ ජීවත් වෙන කකුල් දෙකේ සහ හතරේ සතුන් විනාශසය කර යනවා.*අ(
රටට ,ගහ කොළ සතා සිව් පාවුන්ට මේතරම් භසනයක් ගෙන දුන්නු කාල පරිච්චීදයක් මම මගේ අම්ම අප්පාගේ කාලෙදිවත් අහල දකලනම් නැහැ.
සත්‍යපාල, ඔබගේ අදහසට 100% ක්ම එකගයි (නි)
ඔය හදපු මත්තල ගුවන් තොටුපොළට වැඩිය වටිනවා අලි අනාතාගාරයක් හැදුවා නම්. (නදී)
සතෙකුට ඉන්න දෙන්නෙ නැති මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ පව් අහිංසක සත්තු.මේ වගේ අපරාධ වලට නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි.ඉදිරියට මෙවැනි දේ නොවේවා..! (නි)
මත්තල සංවර්ධන සැළැස්මේ අලින්ට වෙන්කළ වනාන්තරේට මොකද වුණේ කියලා හොයන්න මාධ්‍ය වගකිවයුත්තන් යවන්න. දැන් චෝගම් වලට වැයකළා ඇති. රටේ තිබෙන පළවැනි ප්‍රශ්නයට මූහුණ දෙන්න.ලෝකේ දේශගුණයටත් මේක බලපාන හැටි කවුරුහරි අපේ නායකයන්ට කියලා දෙන්න. (නි)
පියල්,අනුන්ට කියන්න පෙර මට පෙනෙන්නේ ඔො හොද කරන්න බැරි මානසික ලෙඩකින් පෙළෙන මානසික ලෙඩෙක් කියායි.මේ තරම් සතා සිවුපාවාට විනාශයක් වෙද්දීත් මෙහෙම අදහස් දාන ඔහෙලා වගේ මිනිස්සු රටට බරක්. (නි)
තිසල්,ඔබගේ අදහස සහතික ඇත්ත. සංවර්ධනයටත් කරන විදිහක් තිබෙනවා. (නි)
කරන්න ඕනේ, ඒකාබද්ද සැලැස්මක් රටේ සංවර්ධනය වෙනුවෙන් හදන එකයි, ඒකට වන සංරක්ෂණය ඇතුල් වෙන්න ඕනේ. දැන් යන විදියට ප්‍රාදේශීය ලේකම්ලට, ග්‍රාම සේවකයන්ට පවා කැලා බෙදලා දීලා ඔප්පු දෙන්නත් පුළුවන්, අක්කර 10 ට අඩුනම්. මෙහෙම අල්ලන විනාස කරන කැලා විනාසය නිසයි අලි ඇතුන් ගම් වලට එන්න පටන් ගත්තේ. අලි වැටවල් ගහන්නේ ඕනේ ඕනේ තැන්වල, ඒක නෙමේ වෙන්න ඕනේ මේ සැලැස්මට අනුව කැලා වටකරලා වැටවල් ගැසීම , අලි කැමති නැති ගස් වර්ග වැවීම ( ගජමදාරා, කටුවැල්බටු, දුරිං, දෙහි, මිරිස්, තේක්ක, හන, තල්..) ධම්ම කියන ක්‍රමය යොදන්නත් පුළුවන්. ? ඊට පස්සේ ජනාවාස වලට ඉඩ දෙන්න ඕනේ අලිමංකඩ ( අවුරුදු දහස් ගණනක් අලි වතුර/කෑම සොයාගන ගිය පාර) මග ඇරලයි., ඒත් අද මිනිස්සු / බිස්නස් කාරයෝ/ හොරු/ හමුදාවෙන් පැන්න අය /ගංජා වවන්නෝ/ හෝටල් කාරයෝ කැලාවේ හැම තැනම , සත්තු කලබල වෙලා ඉන්නේ මේ කරන අවිදිමත් සංවර්දනය නිසයි. මේක ජාතික අපරාධයක්, දැන්වත් මේ ආක්‍රමණය ඉවත් කරලා පරණ අලි වාස බිම් නිදහස් කරන්න. සංවර්ධන සැලැස්ම අලුතින් හදලා ක්‍රියාත්මක කරන්නත් ඕනේ ඉන්දියාවේ පවා කරනවා වගේ, එහෙ අවසර දෙන්නේ සාමුහික ජනාවාස වලට විතරයි. . හිටපු වනසංරක්ෂක අධිපති සිල්වා මහතා අලිමංකඩ සිතියමක් හැදුවා, එය දෙපාර්තමේන්තුවේ තියනවා, මේවා හදාරලා සැලසුම් කරන්න පාලකයන්ට දැනුම දෙන්න ඕනේ නිලධාරින්... වැරදි විදියට ඉඩම් අල්ලන් ඉන්න මිනිස්සුන්ට වෙන පැති වලින් ඉඩම් දෙන්න කවුරුහරි මුලික වෙන්න ඕනේ. නැගෙනහිර ඉඩම් අල්ලන්න තමයි හමුදාවට/ පොලිසියට ගහන්නේ. මේවා හොයන්න නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ, නායකයෝ ඕනේ, දැනුම තියෙන විශේෂඥයන් මේ රටේ ඉන්නවා. මේ අදහස් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් ගණන් ගන්න කෙනෙක් නැහැ. ආණ්ඩුවට බලකරන්න එකතුවෙන්න පමා නොවී. (නදී)
තිසල් , ඔබ මානසික රෝගියෙක් බව පේනවා. කරුණාකර බෙහෙත් ගන්න. මෙච්චර කාන්තාවෝ ඉන්න රටේ අම්ම සහෝදරියෝ ගැන හිතන්නේ කොච්චර තිරශ්චින සිතිවිල්ලක්ද ? ගුවන් තොටුපලක් හදන්න ඔයාට ගෙයක් හදන්න ගන්නවා වගේ ඉඩමක නොහැකි බව නොතේර්ද? ඒකට ලොකු ඉඩක් අවශ්‍යයි . එවැනි ඉඩමක් සුද්ද කරපු එයට සූදානම් කරපු එකක් නොමෙති බව තේරුම් ගන්න. තරු පෙනිච්ච තරු සත්තුන්න්ට යන්න තැන් ඕනා තරම් තියෙනවා. මේ රටේ ටිකක් ඇවිදලා බලන්න. කුහක කම හිතේ තියාගෙන රටේ දියුණුව බලල සතුටු වෙන්න බැරි ඔයාට වඩා ගොට්ට අල්ලලා හරි මම අවංකව රට දිහා බලල සතුටෙන් ඉන්නවා. මේ සියල්ල මම කියන්නේ තරහින් නොවෙයි අවංකව කරුණු කීවා පමණි.(නදී)
මිනිසුනේ, ඇස් හැර බලාපල්ලා රටකට ගිය කල.... (නි)
හම්බන්තොට සංවර්ධන සැලැස්මේ අලින්ට කාලයක් වෙන් කළා. ඒක බලවතු අල්ලනවා, වගකිවයුතුයට මුකුත් කරන්න බැහැ කියලා මාධ්‍ය හෙලිකලා. කවුරුත් මේවා ගණන් ගන්නේ නැහැ. ඔය ඒ කට්ටියේ වැඩක් වෙන්න ඕනේ. මේ අපරාදේ වලක්වන්න අමාරු , පාලකයෝ කියලා කොටසක් හෝ නීතිය හෝ රටේ නැති නිසා. ආණ්ඩුව ලෝකේ ප්‍රශ්න විසදනවා. රටේ මහා විනාසයක් වෙද්දී? මිනිස්සු පින් කරලා සත්‍ය ක්‍රියා කරන්න මේ අපරාධ කාරයෝ අයින් කරලා රටත් අහිංසකයනුත් ආරක්ෂා වෙන්න කියලා. මොකද බලේ පවරපු පාලකයෝ අද සැපසේ ඉන්නවා විතරයි.? රට සංවර්දනයට හරි සැලැස්මක් නැහැ. එක එකාට ඕනේ විදියට කෙරෙන විනාසයක් සිද්ධ වෙන්නේ. මේක වගේම මේ තත්වය නොසලකා සිටීමත් ජාතික අපරාධයක්. (අ)
සිරිකොතට රින්ගපු බොදුබලයේ කට්ටිය මේවට නිශ්ශබ්ද මොකෝ. (අ)
රටට ගිය කල දසාවක්. (අ)
සත්‍යපාල ඉක්මනින් හොද මානසික වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න. ඔබේ හොදට කියන්නේ (නි)
පිටබැද්දර ජයා 2013-11-24 06:39:28.හොදම අදහස ඔබෙයි පිට බැද්දර ජයා(නදී)
පියල්, කාටවත් ගොටු අල්ලන්න එපා. සත්තුන්ට යන්න තැනක් තිබිය යුතු බව හිතට ගන්න.(නදී)
ඉතිහාසය බලනවා නම් ලංකාවේ අද නගර එදා වනන්තර. නමුත් ඉදිකිරීම් කරද්දී ඒවාට සුදුසු පළාත් හොයන්ඩ ඕනා.(නදී)
පියල්, ඔයාට කසාද බදින්න ඕන වුණා කියල ඔයාගේ අම්මව නංගිව ඔයා කසාද බදින්නේ නෑ නේද? වැසිකිලි යන්න උනාම ඒකටත් නියම තැනක් විදිහක් තියනවා නේද? ඒ වගේ සංවර්ධනයටත් කරන විදිහක් තිබෙනවා. ලෝකේ ගැන අබමල් රේණුවක වත් නොදන්නා ඔහෙලා මේවට අදහස් නොදමා ඔය වෙන මොනවා හරි කළා නම් හොද නැද්ද ? (නදී)
මත්තල ගාව අලි අනාථාගාරයක් හදන්ට (නදී)
හැමදාම අලි මැරෙනවා ඒ සත්තු වින්ද වේදනාව දැනෙන්නට මිනිස්සුත් කරන්ට් එකට අහු කරන්ට ඕනේ (නදී)
රටේ ඉතිහාසය සමහර අය නොදන්නා බව පේනවා. කොටුවේ රීගල් සිනමා හල ලගදිත් වල් අලියෙකු මිනිසෙකු මරා තිබෙනවා. එතකොට සමහරු කියන විදියට ඉදි කිරීම් කරන්න හැකියාවක් නැහැ රටේ කොතනකවත්. ගුවන්තොටුපල, පාර , අදිවේගී මාර්ග ,ඉස්පිරිතාල , පාසල් , ආදී මොකුත් හදන්නේ නැතුව ගස් යට ඉන්න ඕනේ. එතකොට වනාන්තර ඉතිරි වෙනවා.(නදී)
වන ජීවී මහත්වරුන්ගේ වගකීම් අකුරට ඉටු කරන හැටි.(නදී)
ඇයි මේකට අර සංවිධාන නිහඩ.(නදී)
සත්‍යපාල, ඔබ කියන දේ හරි, ඒත් මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බුද්දියක් නැහැ, අනික තේරුම් ගත්තත් ඒක පිලි ගන්න කැමති නැහැ. කවද හරි අපේ මිනිස්සු සත්‍ය වෙනුවෙන් පෙනී සිටින කම් අපේ රට ආගාදයට තමයි යන්නේ. ඒකට හොදම උදාහරනය තමයි, සත්‍යපාල කියපු දේවල්, පුලුවන්නම් ඒවා බොරු කියල ඔප්පු කරන්න.(නදී)
අලියා ලකුණ දරන රනිල් වික්‍රමසිංහ මහත්තයත් කට පියාගන හිටියොත් අලි ටික වැනසිලා ගිහින් ඊ ලඟට ඡන්ද ලකුණ හැටියට ගන්න වෙන්නේ මොකක්ද? මතු පරම්පරා වලට මේ විදියට ගියොත් අලි දකින්න ලැබෙන්නේ නැති වෙනවා.(නදී)
දැන් ආරක්ෂාව සඳ හදන විදුලි වැටට විදුලිය සපයන්නේ විදුලි සර වැදුනොත් මැරෙන්නම වෙන විදිහටද.? (අ)
දැන් ආරක්ෂාව සඳහා හදන විදුලි වැටට විදුලිය සපයන්නේ විදුලි සැර වැදුනොත් මැරෙන්නම වෙන විදිහටද.? (නදී)
වනාන්තර වල කව්ද හලෝ ගුවන් තොටුපොළවල් හදන්නේ? අහිංසක සත්තු නිකන් මරනවා. (නදී)
අලි හා වන සතුන් මැරුනට කමක් නැහැ අපිට ගුවන් යානා එන විශාල ගුවන් තොටුපොළක් තියෙනවනේ.(නදී)
ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකාර තුමනි . අපට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමමෙනතුවේ හෝ වෙනයම් ආයතනයක විශ්වාසයක් නොමැත . ආසියාවේම දිගම දල තිබු ' දලයා ' ලොරියකට පටවලා ලොරිය කඩාගෙන වැටිලා මරුන කීවා.ඔබතුමාලා හරි මේ ගැන විපරම් කර මේ අහිංසක සතුන්ටිකට වුනදේ වර්තාකරන්න..! (අ)
මොනවා නැති උනත් මත්තල ආරක්ෂා කරගන්න වෙනවා. තිරිසන් සත්තු මැරුණම මොකෝ අයාලේ ගිහින් ආයෙත් රංචුව හදාගනි. ලෝකේ සීග්‍රයෙන් වද වීමේ තර්ජනයට ලක්වී සිටින මහා සම්පතක් තුට්ටු දෙකේ වැඩ නිසා මරල දාන්න ලැජ්ජා නැද්ද? (නදී)
ඔය මොකුත් වැඩක් නෑ. ඔය විදුලිසැර දාපු අයටත් වෙඩි තියන්න ඕනේ.(නදී)
වනාන්තර ගාව ගුවන්තොටුපොළ වල් හදපුවහම වෙන දේ.(නදී)
මේ රටේ විතර අමානුෂික මිනිස්සු ඉන්න රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. කපනවා, කොටනවා, වෙඩි තියනවා, දුෂණය කරනවා, මංකොල්ල කනවා, පගා ගහනවා, මිනිස්සු යටකරගෙන වාහන යනවා, අලියට ඌරට හක්කපටස්, විදුලිය දාලා මරනවා, හාවට ඉත්තෑවට මදු ගහනවා, මාළු ටිකට ෆෝමලීන් ගහනවා, පලතුරු වලට කාබයිට් දානවා, කම්හලේ විෂ ටික බොන වතුරට හරවනවා, ගැරේජ් එකේ තෙල් ටික කාණුවට යවනවා, දොස්තර ලෙඩ්ඩු පුද්ගලික තැනට ගෙන්න ගන්නවා, පෙරකදෝරුව නඩු කල් ඉල්ලමින් ගාන කපනවා, ගුරුවරයා තමන්ගේ ටියුෂන් පන්තියට ලමයව බලෙන් ගෙන්න ගන්නවා, උප්පැන්නේ ගන්න හැතැක්ම සියයක් බස් එකේ ආපු එකා හරවල යවනවා, ඉංජිනේරුව විදුලිය කපල කඩාකප්පල් වැඩ කරනවා, හදන පාර සතියෙන් ගිලා බහිනවා. අන්තිමට මේ වැඩ කරන්නේ අපි අපිම තමයි. විනාශ වෙන්නෙත් අපිම තමයි. ලොකු පොඩි කාටවත් ගැලවිල්ලක් නෑ. විනාසෙට ජාති කුල ආගම් පක්ෂ උගත් නුගත් කිසිවක් නෑ.පොඩ්ඩක් හිතපල්ලා ! නැත්නම් ලංකාව තුන් භියෙන් විශාලා මහනුවර මෙන් සිය ගුණයක් වෙන එක ලගයි. (නදී)
අහෝ කොතරම් ඛේදජනකද? අහිංසක සතුන්ගේ නිජ භුමි බලෙන් අත් පත් කර ගෙන මේ විනාශ කරන්නේ අපේ දරු පැටව්ගේ අනාගතය නොවේද? ලෝකයේ අනෙක් රටවල් සංවර්දනනය කරා පිය නගන්නේ පරිසරයට මුල් තැන දීලා. ඒත් ලංකාවේ අපි මේ යන්නේ කොයිබටද? මේ නැති උන ජීවත අපිට සල්ලි වලට ගන්න පුලුවන් නම් අරන් දෙන්න. මේ ගැන ජනපතිගේ අවදානය යොමු කරන්න. අපේ දරුවන්ගේ අනාගතය ගැන එක පාරක් දෙපාරක් නෙවි සිය දහස් වතාවක් හිතල බලන්න. අනේ බුදු බව අත් වේවි මේ අහිංසක ජීවිත ගැන මීට වැඩ හොදට හිතන්න. ඒ අහිංසකයෝ යන්න ඇත්තේ මිනි මරන්න නෙවි කෑම ටිකක් හොයා ගන්න වෙන්න ඇති.(නදී)
කමක් නෑ අලි සේරම මරල දමමු. එතකොට අපිට අනාගතයදී කටුගෙට ගෙහින් බලන්න පුළුවන්. කොලඹ නගර සභාවට ටිකට් එකකුත් ගහන්න පුළුවන් ආදායමකුත් ඒවි. දළදා කරඩුවට විතරක් එකෙක් හිටියම ඇති. ඒකටත් ලැම්බෝගිනි හරි අලුතෙන් ගෙනාපු බෙන්ස් එකක් හරි ගමු. කොහොම හරි අපේ රටේ අලි නැත්තටම නැතිවෙලා යයි' එදාට අපි කැසිනෝ ක්ලබ් එකකට ගිහින් පාර්ටි එකකුත් දමමු.(නදී)
අනේ අපෝයි . ඇයි මේ වගේ අපරාද වෙන්නේ ? පර පන නැසීම කොහොම කලත් ලොකු පාපයක් . (නදී)
අනේ පව් අහිංසක සත්තු. මීට වඩා සතුන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ වන ජීවී එකේ මහත්වරු.(නදී)
මේ මොන අපරාදයක් ද අලි කියන්නෙත් ජාතික සම්පත්. නිතර අලි මෙහෙම මැරෙන්න ගියොත් ලොකු අපරාදයක් මේ ගෙන හොයල බලන අය නැද්ද? (නදී)
මොනවද අනේ මේ සිද්ද වෙන්නේ..? අපේ අනාගත පරපුරට අලි බලන්න වෙන්නේ පින්තුරයකින් තමයි මෙහෙම ගියොත් .., අනේ බ්‍රහස්පතින්දා විදුලි සැර වැදිලා සිකුරාදා වෙනතුරු මොන දුකක් විදින්න ඇද්ද...?(නදී)
ඔහොම ඔහොම යං ඔහොම යං. නැතුව ආසියාවේ ආශ්චර්ය වෙන්න බැහැ (නදී)
මෙම ශෝක ජනක සිද්ධීන් සිදුවුනේ මොකද? විදුලි රැහැන් පමණට වඩා පහතින් පිහිටි නිසාද? එසේ නම්, අදාළ විදුලි බල නිලධාරීන් වහාම එය නිවැරදි කල යුතුයි. එවැනි අනිකුත් ස්ථාන තිබේ දැයි සොයා බලා නිවැරදි කල යුතුයි. සිදු වුයේ යම්කිසි පුද්ගලයෙකු සිතාමතා (වගා ආරක්ෂාවට) කල දෙයක් ද? එසේනම්, ඔහුට නීති මගින් දැඩි දඬුවම් දිය යුතුයි. වනජීවී නිලධාරී වරුනි, ගරු ඇමති තුමනි, ඔබගේ නිසි කටයුතු වහාම ඉටු කල යුතුයි. ගරු ජනාධිපති තුමනි, ඔබ ගම් පළාතේ සිදුවූ මෙම සිද්ධියට ඔබතුමාගේ කෂණික අවධානය යොමු වේවා!(නදී)
මොනවද මේ කතා ..! රටේ සංවර්දනය කියන්නේ විදුලිය දාලා අලි ටික මරණ එකද ? කෝ මේ සත්ව හිංසනය පිළිබද සංවිදාන , වන ජීවී නිලදාරීන් , ....! ලංකාවට එන විදේශකයින් සියට හැට පහක්ම එන්නේ අපේ අලි සම්පත නිසයි .(නදී)
මෙවැනි අපරාද කවදද අපේ රටේ නවතින්නේ දෙවියනේ(නදී)
අලි පවුලට සහ මී හරක් ඥාතියාට හෙන ගසා ඇත.(නදී)
රැහැන් කඩලද? කව්ද මේකට සම්බන්ධ? (නදී)
මේ වෙච්ච දේ ඉතාම කණගාටුවට කරුණක් උනත් අර ""අලි මදිවට හරක්'' කියන කියමන නම් හරියටම ගැලපෙනවා.(නදී)
අනේ යාලුවනේ ඹයාලට මතකද ? ගිය අවුරැද්දේ වාකරේ වැව ආසන්නයේ අධි බලැති විදුලි රැහැනක් කඩන් වැටිලා මේ වගේම එකම තැනකදී වන අලින් 4 දෙනෙක් මිය ගිය හැටි . එතකොට ...බලධාරින් කිවුවා නේද අපේ රටේ වනඅලි සම්පත රැක ගන්න වැරදි සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතී දැඩ් කරනවා කියලා. ඒත් එක් වුනේ නැ.. නේද ? කියනදේ කරන බලධාරීන් පිරිසක් අපේ ඇමතිවරැන්ගේ පහළ පුටුවල ඉන්නවනම් ..මේ දේවල් අඩු කර ගන්න තිබුණා නේද? (අ)
රජින්ද, ඔයා කියන විදිහට මේ අලි මිනිසත් බව ලබා මිනිස් අාත්මයක නැවතත් ඉපදුනොත් උඔලා නේද අපිව මැරුවේ කියලා මේ නායකයන්ට විරුද්ධව අලි කැරැල්ලක් ගෙනිහිල්ලා අලි ජරමරයක් වෙන්න පුලුවන්. (නි)
මේ අලි මැරන්නේ ඇයි මෙහෙම? (නි)
අනේ මට නම් බැහැ කියවන්න බලන්න. හද කම්පාවෙලා ගියා.අසරණ සතුන් මේ අධම මිනිසුන් අතරේ නැවත නූපදීවා! ඔවුන්ට නිවන් සුවයම ලැබේවා! (නි)
අලින් මේ රටෙන් තුරන් වෙනවා කියන්නේ රටට තිබුන ආශීර්වාදය අවසන් වෙනවා කියන එකයි. මේකේ ශාපය විඳින්න වෙන්නේ අද නොවෙයි හෙට. (නදී)
කෙනෙක් මෙතන ලියල තියෙනවා "මේ සිද්ධිය ගැන ජනාධිපතිගේ අවධානය" යොමු කරන්න කියල. මේ මෝඩයට තේරෙන්නේ නැහැ "අවධානය" මත්තලට බහින ගුවන් යානා ආරක්ෂා කරන්න විදුලි රැහැන් වලට යොදපු නිසා මේ ජාතික සම්පත මේ විධියට අකාලේ මියයන බව. (නදී)
මේ ශාපලත් දේශයෙන් චුත වී ඉක්මනින් මිනිස් ආත්ම ලබා වැඩි වැඩියෙන් කුසල් රැස්කොට මේ අපායෙන් ගැලවෙන්නට අහිංසක ඔබලා වැනි සත්වයින්ටද ලැබේවායි පින් දෙමි. ලංකාව දැන් සතෙකුටවත් සුදුසු දේශයක් නොවේ.(නදී)
සත්‍යපාල ඉන්නේ එංගලන්තේද. එංගලන්තේ එහෙම වුනාට ලංකවේ එහෙම වෙන්නේ නැහැ (නදී)
ගෝලියකරන තුලින් ගම්බදකරනය තුරන්කොට නාගරික කරනය වෙන කොට මේ වගේ දේවල් වෙනවා ළමයෝ (අ)
සමූල ඝාතණයක් වැරදි අලි මනුස්‍ය පරිසරය ආක්‍රමණය ද මනුෂ්‍යන් ස්භාවධර්මය වැනසිමද වන ජීවී වැටුප් ලබන රජයේ සේවකයන්ගේ සේවය බුද්දිමත් විය යුතු නොවේද (අ)
අලි අනාථාගාරය පින්නවල . අලි පොරකය මත්තල සංචාරකයින්ට ඇවිත් දෙකම බලල යන්න පුළුවනි (අ)
මධු., ඒක ගැන නම් හිතන්නවත් එපා.., මොකද එහෙම වුනොත් අපරාද කරන අය තෝරලා බේරලා වැනසෙන්නේ නැහැනේ.., ගොඩක් අහිංසකයන්ට තමයි බිලි වෙන්න වෙන්නේ...!! (අ)
කොහෙන්ද මේ සත්තුන්ට මෙච්චර විදුලිය වැදුනේ. කාගේ වැඩද මේවා. කොහොමද මෙච්චර පල්ලහින් කරන්ට් එකක් ගියේ? මේවා හොයල බැලුවේ නැත්තම් තව මේවගේ කීයක් මැරෙයිද දන්නේ නැහැ.(නදී)
ලංකාෙවි සිදුෙවන අපරාධ හැටියට ලග ලගම තවත් ෙලාකු සුනාමියක් ඒනවා ව ෙග්යි කියා මට සිෙතනවා.(ස)
ලංකාවට දැන් හොදටම අලි වැඩියි ! හොදම දේ මේ අයව අල්ලලා හදා ගන්න පුළුවන් අයට භාර දෙන්න (අ)
අහිංසක සත්තු පව් අනේ.(නදී)
ලංකාවට සංචාරකයෝ මුහුදු වෙරළට සහ අලි බලන්න එන්නේ .....මිනිස්සු ගිහින් අලින්ගේ කැලේ ගෙවල් හදනවා පස්සේ අලි ටික මරල දානවා ...කාලකන්නි.(ස)
මාත්තල හදල අලි පැන්නුවා,මය සතුන්ට යන්න තැනක් නැහැ ,මාත්තල හදල තියනේ ගුවන් මර්ගයකේ නෙමේ,නිකම් කැලේ ඉන්න ෙසත්තු ටික මේකෙන්දුක්විදිනවා.(ස)
අපරාදේ...මොනවා කරන්නද ... මටත් දුකයි ..සමදරාටත් දුකයි ,,,,චන්දිටත් දුකයි...(ස)
සත්‍යපාල කෙටිකරලා ඔක්කොම කියල තියෙනවා අහෝ දුකකි ඉරකි තිතකි !!! පවු අලිත් අපි වගේම අසරණයි (අ)
මා හැම තිස්සෙම කියන කතාවක් නැවතත් කියන්නම්. වගා ළිං වලට වැටුනාම අලින්ට ගොඩ එන්න බැහැ. ඒ අලින්ට සිරස් බැමිවලින් පනින්න බැරි නිසා.මේ න්‍යාය භාවිතා කරලා අලින්ගේ ඉඩම් එයාලට වෙන් කරලා දෙන්න මේ විදුලි වැටවල් ගහන්නේ නැතිව.වන ජීවී ඇමතිතුමාට වැඩි විස්තර අවශ්‍ය නම් මා දෙන්නම්. (අ)
මෙහෙම ගියොත් අලි බලන්න අපිට ඉදිරියේදී ඉන්දියාවට යන්න වේවි (අ)
සත්‍ය පාල . ඔබ හරි ! (අ)