උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත‍්‍රී ගල්පාය දික්යායට පැමිණි පිරිසට එරෙහි නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි නැති බවට වන ජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයය එවු වාර්තාවක් සැලකිල්ලට ගත් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා එන් ද සිල්වා මහත්මිය නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්කර තිබූ අංක රහිත ට‍්‍රැක්ටරය ඇතුළු භාණ්ඩ රාජ සන්තක කිරිමට නියෝග කළාය.
සුඛෝපභෝගී වාහන වලින් පැමිණ පිරිසක් අලි පැටියෙකු පැහැරගෙන යන බවට ලද තොරතුරු මත වනජිවී නිලධාරින් උඩවලව ගල්පාය දික්යාය ප‍්‍රදේශයේදි ප‍්‍රදේශවාසින්ගේද සහාය ඇතිව වැටලු අවස්ථාවේ අලි පැටියා සහ අලි පැටියා පැහැරගෙන පාරට ගෙන එන්නට යොදාගත් ට‍්‍රැක්ටරය අතරමග දමා පළාගියේය.
අලිපැටියා පැහැරගෙන යාමට පැමිණි වාහන අංක සහ ඔහු පැහැරගත් බවට සැකකළ පුද්ගලයන් කවුරුන්ද යන්න ඔවුන් කළ ප‍්‍රකාශ ද සටහන් කරමින් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කර තිබිණි. එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාරට මැර ප්‍රහාරයක් එල්ල විය. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද කඩා බිඳ දැමුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ට්‍රැක්ටරයෙන් හොයන්න පුළුවන්නේ අංක තියනවා නේද (දිල්)
පිටිගල, මම ඉන්නෙත් එම ස්ථානයට කිට්ටුවනේ. (නි)
පද්මිණි ගේ කතාව සහතික ඇත්ත (නදී)
අජිත්ට මොකද හදිසියේම බියගම මතක් උනේ. ගියාද ඒ පැත්තේ ලඟදි? අර වැඩේ තාමත් ජයටම කෙරෙනවා දැන් කොම්පුටර් ගත කරලා.ලොකු ලොක්කන්ගේ අනුග්‍රහයත් ඇතිව. ලිව්වට වැඩක් නැහැ. පත්තරේ පලවෙන්නේ නැහැ. පලකරන්න මාද්‍ය වේදියෝ පස්ස ගහනවා. ඒ ගොල්ලත් අඹු දරුවෝ ඉන්න පෘතග්ජන මිනිස්සුනේ.? (නදී)
මේවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට. ඇත්තටම මහජනතාව මේ තරම් මෝඩයෝ බවට සලකපු වෙනත් කාලයක් තිබුනේ නැහැ. (අ)
මේ ට්‍රැක්ටරේ කාගේද කියල පොලිසියට හොයා ගන්න බැරිලුද. මොන විහිලුවක්ද? (අ)
අපොන්සු මහත්මයෝ, අලි පටියාන දඟකාර කමට එහෙම දෙයක් කර කියමුකෝ, (අ)
පිටිගල මොකද බියගම මතක් වුණේ නැද්ද? (අ)
ගුරුවරිය දන ගැස්සු නඩුවේ සාක්කි කරුවෙක්ගේ මළ සිරුර ළිඳක තිබුණාලු. ඇස් දෙකට දැක්කත් සාක්කි දෙන්න කවුද අද ඉදිරිපත් වෙන්නේ? අපොන්සු කිව්වා වගේ අලි පැටවාගෙන් ම තමයි සාක්කි අහන්න තියෙන්නේ.(දිල්)
අනේ මෙහෙමත් වැඩ(දිල්)
මේ රටේ බලධාරින්ගේ වැඩ ගැන කල කිරෙනවා.. මේවාට වන්දි කවදා හෝ ගෙවන්ඩ වෙයි. .(අ)
මේවා දේශපාලුවන්ගේ වැඩ (නදී)
අලි පැටියව හිරේ දැමිය යුතුයි නේද? තමන්ගේ තනි කැමැත්තෙන් රැහෙන් පැනල ඇවිත් වාහනේකට ගොඩ වෙලා ආවට. (දිල්)
"වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසමු ඒ අමාරුව" (දිල්)
රටක නීතියේ අදිපත්‍ය විනාස වෙනකොට අනිකුත් සියල්ලම විනාසය කරා යනවා.(දිල්)
එක පැත්තකින් බැලුවම මේ සත්තු මෙහෙම සංරක්ෂණය වෙන එකත් හොදයි වගේ මිනිසුන්ගේ වෙඩි උණ්ඩේට දුම්රියට යටවෙලා මැරෙනවට වඩා.(දිල්)
ට්‍රැක්ටර් අයිතිකාරයව හොයා ගත්තනම් ඕක අල්ලන්න බැරිද? (දිල්)
අපි දන්නවා ඕවට කිසිම සාක්කියක් නැති බව. (දිල්)
අපේ වනජීවී ඇමති තුමා නම් මේ ගැන දන්නේ නැතුව ඇති දැනගතනම් ලේසියෙන් අරින්නේ නැහැ (දිල්)
මේ ඇවිල්ලා දවල් මිගෙල් රෑ දනියල්ගේ වැඩක් නිසා වන ජිවියට සාක්ෂි තිබුනත් පොලිසියට සාක්ෂි නැතිව ඇති.... අනේ පව් අහිංසකයෝ...අඩුම ගානේ මහේස්ත්‍රාත් බඩු ටිකවත් රාජසන්තක කරපු එකත්වත් ලොකු දෙයක් ... අධිකරණයට වුනත් තේරෙනවනේ .... කවුද මේවා කරන්නේ කියලා ....මොනවා කරන්නද මේ ලංකාවනේ කියලා හිත හදාගමු.(දිල්)
කවුරුත් ආසයි වැඩි කාලයක් ජීවත් වෙන්න.