රජය අලුතෙන් පත් කරන අග විනිසුරු කවුරුන් වුවත් නීතීඥ එකමුතුව එය නොපිළිගන්නා බවත්, එවැනි පත්කිරීමකට එරෙහිව නීතිමගින් ක්‍රියා කරන බවත් ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
ජනපතිට එරෙහිව නීති මගින් ක්‍රියා කළ නොහැකි බවත්, ජනපති විසින් පත් කැරෙන පුද්ගලයාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බවත් ඔහු කීවේය.
ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා, ජේ සී වැලිඅමුණ, ලාල් විජේනායක හා චන්ද්‍රපාල කුමාර මහත්වරුද මේ හමුවේදී මාධ්‍ය වෙත කරුණු දැක්වූහ.
මොහාන් පීරිස් නව අගවිනිසුරු?
අඟහරුවාදා දිවුරයි
2013 ජනවාරි මස 14 12:16:49 | අජන්ත කුමාර අගලකඩ
හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල උපදේශක මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස අඟහරුවාදා පස්වරුවේ මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇතැයි රජයේ ආරංචි කියයි. ඔහු ඇතුළු තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථාසභාවට ඉදිරිපත් කැර ඇත. කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්යෙවස්ථා සභාව අද හෝ හෙට උදේ රැස්වීමට නියමිතය. අගමැති දි මු ජයරත්න, විපක්ෂ නායක රනිල් වික්රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්රීල ඒ එච් එම් අස්වර් හා බී එම් ස්වාමිනාදන් මහත්වරු ව්යකවස්ථා සභාවේ සෙසු සාමාජිකයෝ ය. විපක්ෂනායක හා ස්වාමිනාදන් මහතා මීට පෙර ව්යාවස්ථා සභා රැස්වීම්වලට පැමිණ නැත. මේ රැස්වීමට ද පැමිණීම අවිනිශ්චිත බව දැනගන්නට ඇත.
අගවිනිසුරු පදවියට නම් තුනක්
සුදුස්සා තේරීම අඟහරුවාදා : මන්ත්‍රී අස්වර් කියයි
2013 ජනවාරි මස 14 11:19:07 | තරිඳු ජයවර්ධන
අගවිනිසුරු පදවිය සඳහා නම් තුනක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී ඇතැයි ද, ඉන් නමක් තෝරා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ද, ව්‍යවස්ථා සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා කියයි. වැඩිපුර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොනවා වෙයිද? (නි)
හේතුවක් නැද්ද එහෙම කියන්න (දී)
සල්ලි හමුබ වුණහම කිරිබත් කාලා පිළිගන්න කියන්න. (නි)
නමුත් කොච්චර එහෙම කියුවත් ඒ වෙනුවෙන් හේතු කියන්නේ නැහැ (දී)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපේ රටේ මෙතෙක් පැවැති ජේෂ්ඨ නීතීඥයන් හැම විටම හොදින් කටයුතු කළා. අවාසනාවකට වගේ දැන් සමස්ත අධිකරණයම විහිලුවට ලක්වෙලා. මෙයට හැම දේශපාලන පක්ෂම වගකිවයුතුයි. (නි)
ඇයි මොකද්ද ඒකට හේතුව (දී)
දැන් වැඩක් නැහැ (දී)
පරක්කු වැඩි (දී)
මම හිතුවා ඔහොම වෙයි කියලා. දැන් බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා. (නි)
මමත් පිලි ගන්නේ නැහැ (දී)
ඕක ටික දවසයි (දී)
විධායක බලතල වලට අපිට බලපෑම් ලරන්න බැහැ (දී)
සදාචාර විරෝදී ඒ වැඩේ (දී)
පිළිගත්තේ නැහැ කියලා වැඩක් නැහැනේ (දී)
ඒ අපේ මතය උනාට නීතියට අනුව එක මතයක් නොවෙයි (දී)
වැටත්, නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව? (නි)
නීති ප්‍රකාරව පිලි ගන්න වෙනවා (දී)
ඒක නීතියට අනුකුල නැහැ (දී)
ජයවේවා ශ්‍රී ලංකා (දී)
අපි මොනවා කියුවත් නීතියට අනුව පිලි ගන්න වෙනවා (දී)
මේ පත් කිරීම අපි පිලි ගත යුතුයි (දී)
බැරි නම් පිලි ගන්න එපා (දී)
ඒ මතය වැඩිකල් තියෙන්නේ නැහැ (දී)
තම තම නැණ පමණින් තේරුම් ගන්න (දී)
අනේ මන්දා (දී)
අපි ඉතින් බලා ඉම්මු (දී)
ඔබතුමාට ජයවේවා (දී)
නීතියට අනුව පිලිගන්න ඕනේ (දී)