බදු හා ඇස්කීසි නඩු විභාග කිරීමට වෙනම උසාවි දෙකක් පිහිටුවන බව මොහාන් පීරිස් අගවිනිසුරු කළුතර නීතීඥ හමුවක දී පැවසීය.
බදු , ඉඩම් හා දේපළ නඩු කඩිනම් කිරීම එහි අරමුණ බවත් අගවිනිසුරු ප්‍රකාශ කළේය.
බදු හා ඇස්කීසි නඩු විභාග කිරීමට වෙනම උසාවි දෙකක් පිහිටුවන බව මොහාන් පීරිස් අගවිනිසුරු කළුතර නීතීඥ හමුවක දී පැවසීය.
බදු , ඉඩම් හා දේපළ නඩු කඩිනම් කිරීම එහි අරමුණ බවත් අගවිනිසුරු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාට සතුටු දායක ආරංචියක්. (දී)
ඉඩම් නඩුවකට ජිවිත කාලයම උසාවි බඩගාලා උසාවියේ බංකුව උඩ, අවසන් හුස්ම වා තලයට පිට කල ඒ "මාතාව" නැවත හුස්ම ගන්න හඬ ඇසුනා. (දී)
පළාත් සබා, ප්‍රාදේශීය සබා සබාපති වරුන්ගේ නඩු අහන්නත් උසාවියක් ලඟදීම පිහිටුවිය යුතුයි. (ස)
කැලුම්ගේ යෝජනාව හරි හොඳයි. (ස)
නීතියේ දෙවගන තවම සිටිත්ද ? (නදී)
අග විනිසුරුතුමා නඩු විසඳීම ඉක්මන් කිරීමට ගන්න වෑයම ප්‍රශංසනීයයි. අර කොහෙද උසාවියකට නයෙකුත් ආව කියල තිබුනනේ කලින් ආත්මයෙදී දාපු ඉඩම් නඩුවක තොරතුරු බලන්න. කොහොම වුනත්, නීතිඥ මහත්තුරු නම් කැමති වෙයිද මන්ද. (ස)
අනේ වාසනාවන්. උසාවි දාලම විතරක් මදි. බොරුවට නඩු කල් යවන විනිශ්චයකාරවරු ගැනත් බලන්න. ඒ අයටත් නීතියක් තිබිය යුතුයි. (ස)
උසාවි දාන එක හොඳයි. ඒත් මෙතරම් අපරාධ දවස ගානේ වැඩි වෙන්නේ මොකද? ඒකට මොකද කරන්නේ කියලා පිලියමක් යොදනවා නම් හොඳයි. (ස)
නිර්මාල්ගේ අදහස දැක්කාම මතක් වුනේ. ඔබ කියන්නේ සහතික ඇත්ත, නිර්මාල්. නඩු කල් දාන එක බොහෝවිට සිදුවෙන්නේ දෙපැත්තේ නීතිඥ වරුන්ගේ ඉල්ලීමට කිසිම වග විභාගයකින් තොරවම විනිසුරුවරු ඉඩ දෙන නිසා. මං දන්නා නෑදෑයෙකුගේ සිවිල් නඩුවකට නීතිඥවරයා කිව්වා රුපියල් 25000 කින් ඉවර කර දෙන්නම් කියලා. එයා පාර්ශවකරුවාගේ කිසිම ඉල්ලීමක් නැතුව වරින්වර උසාවියෙන් කල් ඉල්ලුවා. ඒත් එහෙම නිකම් හිටපු නඩු වාර වලටත් 10000 ගන්නේ අයකලා. දැන් ලක්ෂ දෙකත් පැනලා. විනිසුරු නිකමටවත් අහන්නේ නැහැ ඇයි කල් ඉල්ලන්නේ කියලා. ඒකටත් හේතු ඇති, නේද? (ස)
නිර්මාල් ඔබ හරියටම හරි. මම හිතන්නේ මොවුන්ට උවමනාවක් තිබේ නම් බොහෝ නඩු ඉක්මනින් ඉවර කළ හැකියි. නමුත් සමහරු කිසිදු පදනමක් නැතිව මාස ගනන් කල් යවනවා. අන්තිමට විනිසුරුට මතකත් නැහැ කලින් නඩුවාරේ මොකද උනේ කියලා. උඩින් පල්ලෙන් බලල තීන්දු දීම නිසා ආපසු ඇපීල් කිරීමට යාමෙන් කාලය, මුදල් හා රටේ සම්පත් නාස්තිවේ. (ස)
නීති ක්ෂේත්‍රයේ අග්‍ර තලයේ සිටිනා ඔබතුමාගෙන් ඉතා කාරුණිකව අයැද සිටින්නේ හැකිනම් වයස අවු. 70 ඉක්මවූවන්ගේ ඉඩම් නඩු වැනි සිවිල් නඩු පමණක් ඉක්මනින් අසා අවසන් කිරිම පිණිස ක්‍රමවේදයක් අප රටට හඳුන්වා දෙන ලෙසයි. මක්නිසාදයත්, එසේ නොවුණහොත් අපට මෙම ජීවිත කාලය තුලදී සාධාරණයක් ඉටු කරවා ගැනීමට නොහැකි වන බැවිනි. (නි)
ගැහැනුන්ට ලිහිල් ලෙස සැළකිය යුතුයි කියලා අපේ රටේ නීතියක් තියනවද? එසේ ඇත්නම් එය ඉවත් කළ යුතුයි. සමහර ගැහැණු ඉන්නවා යකින්නියො වගෙයි. හැබැයි උසාවියෙදි අඬා වැලපිලා අනුකම්පාව අරගෙන තමන්ට වාසියට නියෝග ගන්න. මෑතක දාපු ප්‍රසිද්ධ දික්සාද නඩුවක දැක්කනේ ඉල්ලලා තියෙන දේවල්. හත්මුතු පරම්පරාවයි, තවත් පරම්පරා හතකුයි ගොඩ යන්න තමයි මහත්තයගෙන් වන්දි ඉල්ලා තිබුනේ. (ස)
මෙම නඩු කල් යැවීම කලාවක් කරගෙන ලංකාවේ කිසිම වග විභාගයකින් තොරව. සමහරු තමන්ට කිසිදු කිසි අයිතියක් නැති ඉඩම් වලට පවා නඩු දාලා කල් ඇද ඇද ඉන්නවා. ඉඩම් අයිතිකාරයට තමන්ගේ බව ඔප්පු කරන්න විධියක් නැහැ. අද කොලයක් භාරදුන්නොත් නැවත කැඳවීම මාස 3 ට පස්සේ. එදාට විනිසුරු නැහැ. ආයිත් මාස 3 කල් දානවා. එදාට ලොයර් නැහැ. ඔහොම ඇද ඇද ඉන්නවා. අවාසිය සාධරණ මනුස්සයටයි. (ස)
අපේ ඉඩම් නඩුවක් තිබෙනවා,අවුරුදු 20කටත් වැඩියි (නි)
අමිල කටුනායක, අවුරුදු 20 ද ගතවුනේ? ඔබ වාසනාවන්තයි. කෝකටත් ඔබේ දරුවන්ටත් කියල තියන්න නඩුවේ විස්තර. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන්නේ ඔබේ මුනුපුරන්ටත් විස්තර කියන්න. නඩුව අහන්න පටන්ගත්තු විනිසුරුතුමාගේ මුනුබුරෙක් නඩුව අහල ඉවරකරලා දෙයි. (දී)
කුලියට හෝ බද්දට දෙන නිවාස අයිතිකරුවන්ටත් ඇතිවන ගැටළු හා නීතියම ප්‍රශ්න වලටත් මෙම උසාවියට යා හැකි ද?කුලියත් නොගෙවා,විදුලි සහ වතුර බිල් ,ඒ වගේම කඩලා බිඳලා දමලා අලාබහානි කර යන පිරිසගෙන් මෙම උසාවිය මාර්ගයෙන් ඒවා අය කර ගත හැකි ද ? (නි)