බදු හා ඇස්කීසි නඩු විභාග කිරීමට වෙනම උසාවි දෙකක් පිහිටුවන බව මොහාන් පීරිස් අගවිනිසුරු කළුතර නීතීඥ හමුවක දී පැවසීය.
බදු , ඉඩම් හා දේපළ නඩු කඩිනම් කිරීම එහි අරමුණ බවත් අගවිනිසුරු ප්‍රකාශ කළේය.
පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලුත් උසාවි දෙකක් එයි
නිර්මාල් Thursday, 07 November 2013 03:47 PM
මෙම නඩු කල් යැවීම කලාවක් කරගෙන ලංකාවේ කිසිම වග විභාගයකින් තොරව. සමහරු තමන්ට කිසිදු කිසි අයිතියක් නැති ඉඩම් වලට පවා නඩු දාලා කල් ඇද ඇද ඉන්නවා. ඉඩම් අයිතිකාරයට තමන්ගේ බව ඔප්පු කරන්න විධියක් නැහැ. අද කොලයක් භාරදුන්නොත් නැවත කැඳවීම මාස 3 ට පස්සේ. එදාට විනිසුරු නැහැ. ආයිත් මාස 3 කල් දානවා. එදාට ලොයර් නැහැ. ඔහොම ඇද ඇද ඉන්නවා. අවාසිය සාධරණ මනුස්සයටයි. (ස)
උපාලි Thursday, 07 November 2013 11:25 PM
අමිල කටුනායක, අවුරුදු 20 ද ගතවුනේ? ඔබ වාසනාවන්තයි. කෝකටත් ඔබේ දරුවන්ටත් කියල තියන්න නඩුවේ විස්තර. එතකොට ඒ ගොල්ලන්ට පුළුවන්නේ ඔබේ මුනුපුරන්ටත් විස්තර කියන්න. නඩුව අහන්න පටන්ගත්තු විනිසුරුතුමාගේ මුනුබුරෙක් නඩුව අහල ඉවරකරලා දෙයි. (දී)
අමිල කටුනායක Thursday, 07 November 2013 06:12 PM
අපේ ඉඩම් නඩුවක් තිබෙනවා,අවුරුදු 20කටත් වැඩියි (නි)
පියල් Thursday, 07 November 2013 01:51 PM
කැලුම්ගේ යෝජනාව හරි හොඳයි. (ස)
කුමාරි Thursday, 07 November 2013 10:14 AM
දුප්පතාට සතුටු දායක ආරංචියක්. (දී)
සුමේද Thursday, 07 November 2013 01:59 PM
නීතියේ දෙවගන තවම සිටිත්ද ? (නදී)
උපාලි Thursday, 07 November 2013 02:12 PM
අග විනිසුරුතුමා නඩු විසඳීම ඉක්මන් කිරීමට ගන්න වෑයම ප්‍රශංසනීයයි. අර කොහෙද උසාවියකට නයෙකුත් ආව කියල තිබුනනේ කලින් ආත්මයෙදී දාපු ඉඩම් නඩුවක තොරතුරු බලන්න. කොහොම වුනත්, නීතිඥ මහත්තුරු නම් කැමති වෙයිද මන්ද. (ස)
නිර්මාල් Thursday, 07 November 2013 02:21 PM
අනේ වාසනාවන්. උසාවි දාලම විතරක් මදි. බොරුවට නඩු කල් යවන විනිශ්චයකාරවරු ගැනත් බලන්න. ඒ අයටත් නීතියක් තිබිය යුතුයි. (ස)
ගුණේ Thursday, 07 November 2013 10:40 AM
ඉඩම් නඩුවකට ජිවිත කාලයම උසාවි බඩගාලා උසාවියේ බංකුව උඩ, අවසන් හුස්ම වා තලයට පිට කල ඒ "මාතාව" නැවත හුස්ම ගන්න හඬ ඇසුනා. (දී)
ස්ටැන්ලි Thursday, 07 November 2013 02:28 PM
උසාවි දාන එක හොඳයි. ඒත් මෙතරම් අපරාධ දවස ගානේ වැඩි වෙන්නේ මොකද? ඒකට මොකද කරන්නේ කියලා පිලියමක් යොදනවා නම් හොඳයි. (ස)
ආරියසේන Friday, 08 November 2013 05:54 AM
කුලියට හෝ බද්දට දෙන නිවාස අයිතිකරුවන්ටත් ඇතිවන ගැටළු හා නීතියම ප්‍රශ්න වලටත් මෙම උසාවියට යා හැකි ද?කුලියත් නොගෙවා,විදුලි සහ වතුර බිල් ,ඒ වගේම කඩලා බිඳලා දමලා අලාබහානි කර යන පිරිසගෙන් මෙම උසාවිය මාර්ගයෙන් ඒවා අය කර ගත හැකි ද ? (නි)
උපාලි Thursday, 07 November 2013 03:21 PM
නිර්මාල්ගේ අදහස දැක්කාම මතක් වුනේ. ඔබ කියන්නේ සහතික ඇත්ත, නිර්මාල්. නඩු කල් දාන එක බොහෝවිට සිදුවෙන්නේ දෙපැත්තේ නීතිඥ වරුන්ගේ ඉල්ලීමට කිසිම වග විභාගයකින් තොරවම විනිසුරුවරු ඉඩ දෙන නිසා. මං දන්නා නෑදෑයෙකුගේ සිවිල් නඩුවකට නීතිඥවරයා කිව්වා රුපියල් 25000 කින් ඉවර කර දෙන්නම් කියලා. එයා පාර්ශවකරුවාගේ කිසිම ඉල්ලීමක් නැතුව වරින්වර උසාවියෙන් කල් ඉල්ලුවා. ඒත් එහෙම නිකම් හිටපු නඩු වාර වලටත් 10000 ගන්නේ අයකලා. දැන් ලක්ෂ දෙකත් පැනලා. විනිසුරු නිකමටවත් අහන්නේ නැහැ ඇයි කල් ඉල්ලන්නේ කියලා. ඒකටත් හේතු ඇති, නේද? (ස)
කැලුම් Thursday, 07 November 2013 11:55 AM
පළාත් සබා, ප්‍රාදේශීය සබා සබාපති වරුන්ගේ නඩු අහන්නත් උසාවියක් ලඟදීම පිහිටුවිය යුතුයි. (ස)
සේකර සිල්වා Thursday, 07 November 2013 03:26 PM
නිර්මාල් ඔබ හරියටම හරි. මම හිතන්නේ මොවුන්ට උවමනාවක් තිබේ නම් බොහෝ නඩු ඉක්මනින් ඉවර කළ හැකියි. නමුත් සමහරු කිසිදු පදනමක් නැතිව මාස ගනන් කල් යවනවා. අන්තිමට විනිසුරුට මතකත් නැහැ කලින් නඩුවාරේ මොකද උනේ කියලා. උඩින් පල්ලෙන් බලල තීන්දු දීම නිසා ආපසු ඇපීල් කිරීමට යාමෙන් කාලය, මුදල් හා රටේ සම්පත් නාස්තිවේ. (ස)
සමන් Thursday, 07 November 2013 03:28 PM
නීති ක්ෂේත්‍රයේ අග්‍ර තලයේ සිටිනා ඔබතුමාගෙන් ඉතා කාරුණිකව අයැද සිටින්නේ හැකිනම් වයස අවු. 70 ඉක්මවූවන්ගේ ඉඩම් නඩු වැනි සිවිල් නඩු පමණක් ඉක්මනින් අසා අවසන් කිරිම පිණිස ක්‍රමවේදයක් අප රටට හඳුන්වා දෙන ලෙසයි. මක්නිසාදයත්, එසේ නොවුණහොත් අපට මෙම ජීවිත කාලය තුලදී සාධාරණයක් ඉටු කරවා ගැනීමට නොහැකි වන බැවිනි. (නි)
සේනක ජයලත් Thursday, 07 November 2013 03:36 PM
ගැහැනුන්ට ලිහිල් ලෙස සැළකිය යුතුයි කියලා අපේ රටේ නීතියක් තියනවද? එසේ ඇත්නම් එය ඉවත් කළ යුතුයි. සමහර ගැහැණු ඉන්නවා යකින්නියො වගෙයි. හැබැයි උසාවියෙදි අඬා වැලපිලා අනුකම්පාව අරගෙන තමන්ට වාසියට නියෝග ගන්න. මෑතක දාපු ප්‍රසිද්ධ දික්සාද නඩුවක දැක්කනේ ඉල්ලලා තියෙන දේවල්. හත්මුතු පරම්පරාවයි, තවත් පරම්පරා හතකුයි ගොඩ යන්න තමයි මහත්තයගෙන් වන්දි ඉල්ලා තිබුනේ. (ස)