IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අලුත් නිවාස දෙනතුරු පැල්පත් නිවාස කඩන්න එපා

මාලිගාවත්ත පැල්පත්වාසී නිවාස  වල පදිංචිකරුවන් අලුත් නිවාස වල පදිංචි කරන දිනය නිසි ලෙස  තීරණය කරන තුරු  ඔවුන්ගේ පැරණි ගෙවල් විනාශ නොකරන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට  දැනුම් දුන්නේය.

 ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ  දැනුම් දුන්නේ  මාලිගාවත්ත පැල්පත් නිවැසියන්  25 දෙනෙකු  ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කළ මුලික  අයිතිවාසිකම්  පෙත්සම යළි කැදවු අවස්ථාවේදීය.

තම නිවාස කඩා දැමීමට යතියිද ඔවුහු කියති.

 මෙම පෙත්සම  අග විනිසුරු මොහාන් පීරීස් මහතා  ප්‍රියසාද් ඩෙෆ්, සහ  රෝහීනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  සලකා බැලිනි.



අදහස් (0)

අලුත් නිවාස දෙනතුරු පැල්පත් නිවාස කඩන්න එපා

චින්තක Friday, 12 July 2013 10:46 PM

සාමාන්‍ය මිනිසුන් සතුටින් , කුහකයන් සහ මිනි පෙට්ටි සාප්පු කාරයන් අසතුටින්.(නදී)

:       0       0

අචිනි Saturday, 13 July 2013 01:45 PM

අපේ තාත්තලාගේ කාලෙත් ලංකාව සංවර්දනය වෙන රටක් අපේ කාලෙත් එහෙමමයි දැන් අපේ දරුවන්ගේ කාලේ එත් තාමත් එහෙමමයි . අනේ මන්ද මෙව්වා ..? (අ)

:       0       0

චන්දි Friday, 12 July 2013 05:03 PM

ඇත්ත නේන්නම්..!! මේ මිනිස්සු කොහේ කියල යන්නද ? අලුත් ගෙවල් දීල පරණ අතු පැලවල් කඩා දැම්මට කමක් නැහැ. විනිසුරු,මොහාන් පිරිස්, ප්‍රියසාද් ඩෙෆ්, සහ රෝහිනී මාර සිංහ ,ඔබ සැමට මගේ උත්තමාචාරය.(නදි)

:       0       0

ඉම්රාන් Saturday, 13 July 2013 12:50 AM

තුන්වෙනි ලෝකේ සෑම අගනුවරකම වටා පිටාව ඔහොම තමියි. හැමදාම පොඩි එවුන්ටනේ කරදර හා කුඩම්මාගේ සැලිකිලි. ලොක්කන්ට පොහොසතුන්ට කිසිම ආණ්ඩුවකින් කිසිම කරදරයක් නැහැ. ඉපදෙන්න ඉන්න ළමයත් ලක්ෂ තුනක් ලෝකෙට නය වෙච්ච රටක් තමයි අපේ ලංකාව. ලෝකේ තිබෙන ලොකුම ඇමති හොරු ඉන්නේ ලංකාවේ විතරයි. පළමුව ජීවත් වෙන්න දෙන්න. ජනතාවගේ බදු අරගෙන පාලනය කරන උදවිය ජනතාවගේ හද ගැස්මත් හඳුනා ගත්තනම් වටිනවා.(නදී)

:       0       0

යෝෂිත Friday, 12 July 2013 05:20 PM

මේ පැල්පත් ඉක්මනින්ම අයින් කල යුතුයි. එසේ නැත්නම් කොළඹ 357 සංවර්දනය කිරීමෙන් තේරුමක් නැහැ. මුඩුක්කු අයින් කරන්ඩ නාගරික සංවර්දන අදිකාරියට අපේ සහයෝගය.(නදී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Friday, 12 July 2013 05:40 PM

හෙල්ලෝ යෝෂිත, ඔයා යෝෂිත රාජපක්ෂද ?(නදී)

:       0       0

යෝෂිත Friday, 12 July 2013 06:18 PM

මම රාජපක්ස කෙනෙක් නෙමේ. ලංකාවට ඇවිත් බලන්ඩ කොළඹ 3,5,7, වෙනස. හොඳට ලස්සන වෙනවා. කොළඹ 10,11,12,13,14,15, අපායක්. ඒකයි අපි කියන්නේ මුඩුක්කු කැඩිය යුතුයි කියලා. ඒ මිනිසුන්ට කොළඹින් පිට පදිංචියට ගෙනියමු. ජයසූරිය මහත්තයෝ ලන්ඩන් වල ඉඳන් මෙහෙ දියුනුවට ,ලස්සන කරනවට ඉරිසියා කරන්ඩ එපා. දැන් මෙහෙ හොඳයි ජනතාව සන්තෝසයෙන් ඉන්නේ.(නදී)

:       0       0

බමුණු Friday, 12 July 2013 06:29 PM

මාලිගා වත්ත කියන්නේ දුෂණයේ උල්පත. ඒත් මේ මිනිස්සු කොහේ යන්නද ? පුලුවන් නම් කොළඹින් බොහොම ඈතට යවන්න. (නි)

:       0       0

මාගලී Friday, 12 July 2013 06:41 PM

එතකොට ඒ මිනිස්සු සේරම පොඩි පොඩි බිස්නස් කලේ කොළඹනේ.කොළඹින් පිට යවලා කවුද එයාලට කන්න බොන්න දෙන්නේ? (නි)

:       0       0

යසිත Saturday, 13 July 2013 06:40 PM

කොළොඹ මුඩුක්කු නිවාස වල ඉන්න මිනිසුන් කැමති උනත් නැත පාර්ලිමේන්තු අසන 168 අතරේ සම සමව පදිංචි කරන්න. 1ආවුරුද්දෙ රස්ස12000 බැගින් මාසයකට ගෙවන්ඩ. දෙවනි අවුරුද්දේ හැම මාසයේම 5දෙනෙකුට ඇතිවෙන්ද වියලි අහර මල්ලක් දෙන්ඩ. හිස් වන ඉඩම් සංවර්ධනය කොට මහා පරිමාණ වියපර වලට 99 අවුරුදු බදු දෙන්නන. කොළඹට එකම මුදුක්කුවක්වත් එපා. මෙය කල හැක පුද්ගලයා ජනාදිපති කරමු.(අ)

:       0       0

ගාමිණී-සිරි Friday, 12 July 2013 07:43 PM

ප්‍රේමදාස ජනාධි පති තුමා ,මාලිගාවත්ත,කෙසෙල් වත්ත , අලුත් කඩේ, බෝගහ වත්ත ,වලව් වත්ත,පංචිකාවත්ත,නවගම්පුර,ඛෙත්තාරාමය,ආමර් වීදිය,හා බොහෝ තැන්වල පදිංචි වී සිටි පැල්පත් වාසීන්ට තට්ටු නිවාස සදා දුන්නා. සමහර වතුවලට පොදු පහසු කම් රාශියක් ලබා දුන්නා. කොපමණ දේ කලත්,මින්සුන් හැදුනේ නැහැ. හැදෙන්න උත්සාහ කරලත් නැහැ. ඇතැම් ගැහැණු උදාවිය කරන්නේ සල්ලි පොලියට දීම,ඒජන්සි වලින් මද පෙරදිග යවල කොමිස් ගැහීම. තරුණ පිරිස් ගංජා,මත් කුඩු,පාතාලේ සාමාජිකයෝ. සමහර පිරිමි මාළු කඩේ,එළවලු මාර්කට් එකේ ,පංචිකා වත්තේ,රෙජිස්ටාර් කන්තෝරුවේ වරායේ ,ආගමන විගමන සයිඩ් බිස්නස් ,කුඩ්ඩෝ පැකට් එකට හොරකම් දෙනවාමයි., කඩන නිවාස වලට රජරටින් ජල, විදුලිය සහිත නිවසක් හා අක්කර 2,3 ක ඉඩමකුත් දෙනවා කීවානම් පැනලා ගිහින්,ගංජා හරි වගාකරන ජන කොට්ටාශයක් ඉන්නේ අපරාදේ කියන්න බැහැ.(නදී) ,

:       0       0

සමන් Friday, 12 July 2013 08:12 PM

යෝෂිත 3,5,7 වල ඉන්නේ කෝටිපති කට්ටිය. ඒ කට්ටියට සැමදා සිරියේ ඉන්න පුළුවන්. 3,5,7 වලත් මුඩුක්කු ඕන තරම් තියනවා. ඔබ තුමා දුප්පතුන්ට අපහාස කරනවා. 10,11,12,13,14,15 වෙන කොහෙට දාන්නද? ඔබ තුමා කියන පරිදි ලංකාවේ මිනිස්සු සන්තොසයෙන්ද ඉන්නේ? (නදී)

:       0       0

විදානගේ Friday, 12 July 2013 08:45 PM

පළමුව ජීවත් වෙන්න දෙන්න.(නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 13 July 2013 10:03 AM

ඇත්තටම මේ මුඩුක්කු අයින්කරන්න ඕනේ නගරයක් ලස්සනට තියාගන්නනම් . ඒ වගේම මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ස්ථිර නිවාසත් හදල දෙන්නත් ඕනේ. මෑත කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංකාවේ බොහෝ ප්‍රධාන නගර පිළිවෙලකට සකස්කරමින් යනවා. රටේ දියුණුවකට එය බොහොම වැදගත්. (අ)

:       0       0

සිද්ධික් Friday, 12 July 2013 09:50 PM

යෝෂිත, ඔයා ආන්ඩුවට කඩේ යන්න එපා. මේවගේ මෝඩ කතා කියා කියා කාලේ ගෙවන්න එතකොට සේරම හරියයි.(නදී)

:       0       0

මිනිපෙ Friday, 12 July 2013 10:20 PM

ගාමිණී-සිරි ගේ කතාව හරියටම හරි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 338 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 793 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 488 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 835 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1335 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 563 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37638 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site