මාලිගාවත්ත පැල්පත්වාසී නිවාස වල පදිංචිකරුවන් අලුත් නිවාස වල පදිංචි කරන දිනය නිසි ලෙස තීරණය කරන තුරු ඔවුන්ගේ පැරණි ගෙවල් විනාශ නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් දුන්නේ මාලිගාවත්ත පැල්පත් නිවැසියන් 25 දෙනෙකු ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම යළි කැදවු අවස්ථාවේදීය.
තම නිවාස කඩා දැමීමට යතියිද ඔවුහු කියති.
මෙම පෙත්සම අග විනිසුරු මොහාන් පීරීස් මහතා ප්‍රියසාද් ඩෙෆ්, සහ රෝහීනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත නේන්නම්..!! මේ මිනිස්සු කොහේ කියල යන්නද ? අලුත් ගෙවල් දීල පරණ අතු පැලවල් කඩා දැම්මට කමක් නැහැ. විනිසුරු,මොහාන් පිරිස්, ප්‍රියසාද් ඩෙෆ්, සහ රෝහිනී මාර සිංහ ,ඔබ සැමට මගේ උත්තමාචාරය.(නදි)
මේ පැල්පත් ඉක්මනින්ම අයින් කල යුතුයි. එසේ නැත්නම් කොළඹ 357 සංවර්දනය කිරීමෙන් තේරුමක් නැහැ. මුඩුක්කු අයින් කරන්ඩ නාගරික සංවර්දන අදිකාරියට අපේ සහයෝගය.(නදී)
හෙල්ලෝ යෝෂිත, ඔයා යෝෂිත රාජපක්ෂද ?(නදී)
මම රාජපක්ස කෙනෙක් නෙමේ. ලංකාවට ඇවිත් බලන්ඩ කොළඹ 3,5,7, වෙනස. හොඳට ලස්සන වෙනවා. කොළඹ 10,11,12,13,14,15, අපායක්. ඒකයි අපි කියන්නේ මුඩුක්කු කැඩිය යුතුයි කියලා. ඒ මිනිසුන්ට කොළඹින් පිට පදිංචියට ගෙනියමු. ජයසූරිය මහත්තයෝ ලන්ඩන් වල ඉඳන් මෙහෙ දියුනුවට ,ලස්සන කරනවට ඉරිසියා කරන්ඩ එපා. දැන් මෙහෙ හොඳයි ජනතාව සන්තෝසයෙන් ඉන්නේ.(නදී)
මාලිගා වත්ත කියන්නේ දුෂණයේ උල්පත. ඒත් මේ මිනිස්සු කොහේ යන්නද ? පුලුවන් නම් කොළඹින් බොහොම ඈතට යවන්න. (නි)
එතකොට ඒ මිනිස්සු සේරම පොඩි පොඩි බිස්නස් කලේ කොළඹනේ.කොළඹින් පිට යවලා කවුද එයාලට කන්න බොන්න දෙන්නේ? (නි)
ප්‍රේමදාස ජනාධි පති තුමා ,මාලිගාවත්ත,කෙසෙල් වත්ත , අලුත් කඩේ, බෝගහ වත්ත ,වලව් වත්ත,පංචිකාවත්ත,නවගම්පුර,ඛෙත්තාරාමය,ආමර් වීදිය,හා බොහෝ තැන්වල පදිංචි වී සිටි පැල්පත් වාසීන්ට තට්ටු නිවාස සදා දුන්නා. සමහර වතුවලට පොදු පහසු කම් රාශියක් ලබා දුන්නා. කොපමණ දේ කලත්,මින්සුන් හැදුනේ නැහැ. හැදෙන්න උත්සාහ කරලත් නැහැ. ඇතැම් ගැහැණු උදාවිය කරන්නේ සල්ලි පොලියට දීම,ඒජන්සි වලින් මද පෙරදිග යවල කොමිස් ගැහීම. තරුණ පිරිස් ගංජා,මත් කුඩු,පාතාලේ සාමාජිකයෝ. සමහර පිරිමි මාළු කඩේ,එළවලු මාර්කට් එකේ ,පංචිකා වත්තේ,රෙජිස්ටාර් කන්තෝරුවේ වරායේ ,ආගමන විගමන සයිඩ් බිස්නස් ,කුඩ්ඩෝ පැකට් එකට හොරකම් දෙනවාමයි., කඩන නිවාස වලට රජරටින් ජල, විදුලිය සහිත නිවසක් හා අක්කර 2,3 ක ඉඩමකුත් දෙනවා කීවානම් පැනලා ගිහින්,ගංජා හරි වගාකරන ජන කොට්ටාශයක් ඉන්නේ අපරාදේ කියන්න බැහැ.(නදී) ,
යෝෂිත 3,5,7 වල ඉන්නේ කෝටිපති කට්ටිය. ඒ කට්ටියට සැමදා සිරියේ ඉන්න පුළුවන්. 3,5,7 වලත් මුඩුක්කු ඕන තරම් තියනවා. ඔබ තුමා දුප්පතුන්ට අපහාස කරනවා. 10,11,12,13,14,15 වෙන කොහෙට දාන්නද? ඔබ තුමා කියන පරිදි ලංකාවේ මිනිස්සු සන්තොසයෙන්ද ඉන්නේ? (නදී)
පළමුව ජීවත් වෙන්න දෙන්න.(නදී)
යෝෂිත, ඔයා ආන්ඩුවට කඩේ යන්න එපා. මේවගේ මෝඩ කතා කියා කියා කාලේ ගෙවන්න එතකොට සේරම හරියයි.(නදී)
ගාමිණී-සිරි ගේ කතාව හරියටම හරි.(නදී)
සාමාන්‍ය මිනිසුන් සතුටින් , කුහකයන් සහ මිනි පෙට්ටි සාප්පු කාරයන් අසතුටින්.(නදී)
තුන්වෙනි ලෝකේ සෑම අගනුවරකම වටා පිටාව ඔහොම තමියි. හැමදාම පොඩි එවුන්ටනේ කරදර හා කුඩම්මාගේ සැලිකිලි. ලොක්කන්ට පොහොසතුන්ට කිසිම ආණ්ඩුවකින් කිසිම කරදරයක් නැහැ. ඉපදෙන්න ඉන්න ළමයත් ලක්ෂ තුනක් ලෝකෙට නය වෙච්ච රටක් තමයි අපේ ලංකාව. ලෝකේ තිබෙන ලොකුම ඇමති හොරු ඉන්නේ ලංකාවේ විතරයි. පළමුව ජීවත් වෙන්න දෙන්න. ජනතාවගේ බදු අරගෙන පාලනය කරන උදවිය ජනතාවගේ හද ගැස්මත් හඳුනා ගත්තනම් වටිනවා.(නදී)
ඇත්තටම මේ මුඩුක්කු අයින්කරන්න ඕනේ නගරයක් ලස්සනට තියාගන්නනම් . ඒ වගේම මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ස්ථිර නිවාසත් හදල දෙන්නත් ඕනේ. මෑත කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලංකාවේ බොහෝ ප්‍රධාන නගර පිළිවෙලකට සකස්කරමින් යනවා. රටේ දියුණුවකට එය බොහොම වැදගත්. (අ)
අපේ තාත්තලාගේ කාලෙත් ලංකාව සංවර්දනය වෙන රටක් අපේ කාලෙත් එහෙමමයි දැන් අපේ දරුවන්ගේ කාලේ එත් තාමත් එහෙමමයි . අනේ මන්ද මෙව්වා ..? (අ)
කොළොඹ මුඩුක්කු නිවාස වල ඉන්න මිනිසුන් කැමති උනත් නැත පාර්ලිමේන්තු අසන 168 අතරේ සම සමව පදිංචි කරන්න. 1ආවුරුද්දෙ රස්ස12000 බැගින් මාසයකට ගෙවන්ඩ. දෙවනි අවුරුද්දේ හැම මාසයේම 5දෙනෙකුට ඇතිවෙන්ද වියලි අහර මල්ලක් දෙන්ඩ. හිස් වන ඉඩම් සංවර්ධනය කොට මහා පරිමාණ වියපර වලට 99 අවුරුදු බදු දෙන්නන. කොළඹට එකම මුදුක්කුවක්වත් එපා. මෙය කල හැක පුද්ගලයා ජනාදිපති කරමු.(අ)