කහවත්තේ වැල්ලදුර ආගරේ ගමට ගිය බෞද්ධ ගැහැණු පිරිමි පිරිසක් සම්ප්‍රදායික බුදු දහමට එරෙහිව දේශනා කරන්නට ගොස් පොලීසිය කැඳවා ඔවුන්ගේ ආරක්ෂාව සලසන්ට සිදු විය.
හාමුදුරුවරුන්ට දන් නොදෙන ලෙසත් පාංශ කූලයට හාමුදුරුවරුන් වැඩම නොකරවන ලෙසත් ඔවුහු කීහ. ඉක්මනින් නිවන් දැකිමට නම් දැනට අනුගමනය කරන පුරුදු වලින් ඈත් විය යුතු බවත් ඔවුහු සඳහන් කළහ.
පොලීසිය එන තුරු ඔවුන් දන ගස්සවා තැබු බවද දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කරුමයක්ද අපේ රටේ ඉන්න සමහර ජාතිවාදීන්ට සුළු දෙයක් උනත් ඇති අනිත් ආගම් වලට බනින්න. මේ වගේ බනින අයට තමයි කුහකයෝ කියන්නේ. (ස)
අද කාලේ බබාලානේ ඉන්නේ. කියන දේවල් කරන්න මේගොල්ලන් කියන්නේ ඇත්ත වෙන්ට ඇති. ඇත්ත කියන කොට කට්ටියම බයවෙලා. (ස)
සදුනි,එහෙම අපිට දෙයක් කරගන්න ඕනෑ නැහැ. තම තමන්ගේ දහම හරියට වටහා ගත්තොත් ඕවා සිද්ධ වෙන්නේ නැහැ (නි)
තමන්ට තමන් කැමති ආගමක්, දර්ශනයක් අදහන්න, ඒ වගේම කිසිම ආගම අදහන්නේ නැතුව ඉන්න මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද? (නි)
කොපමණ කෑ ගැසුවත් බුදුදහම සත්‍යයයි! කුමන කෙනහිලිකම් ගැරහීම් කළත් සත්‍ය අසත්‍යක් බව පෙන්වීමට නොහැකියි. (නි)
නිර්මල බුදුදහම රැකගැනීමට ක්‍රියා කිරීමේ වරදක් නැත. විටින් විට විවිධාකාර මතිමතාන්තර ඉස්මතුවී ආවත් බුද්ධිමත් ලෝකය බුදුදහමේ හරය අවබෝධ කරගනිමින් සිටී (නි)
මාගරි, එතකොට මේ බලෙන් දණගස්සන එක මුලධර්මවාදය නොවේද? (නි)
ඉෂාක්, බුදු පින්තූරයක් ළඟ තබා ගන්න දෙන්නේ නැති, පිරිත් නුලක් අතේ බැඳගෙන ඉන්නේ දෙන්නේ නැති රටවල තමා මුලධර්ම වාදය තියෙන්නේ. (ස)
ලංකාවෙ නිර්මල බුද්ධාගමයි පිරිසිදු තේ කොලයි තියෙනවා කියන කතා දෙකම බොරු. මම නම් හරි බුද්ධාගම ඉගෙන ගත්තෙ පිටරට ඇවිල්ලා.ලංකාවෙ පිරිසිදු තේ බිව්වෙත් පිටරට ඇවිල්ලා. ලංකාවෙ තේ කියලා බොන්නෙ ඩයි කරපු රොඩු. ඔහේ තියෙන බුද්ධාගමත් එහෙම තමයි. (ස)
ආගම අබිං කියලා මාක්ස් කීව දේ අද ලංකාවේදීත් ඔප්පු වේගෙන එනවා. මිනිස්සු පන්සල් යනවා. මල් පූජා කරනවා. දානේ දෙනවා. නමුත් ආගමානුකූලව ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද? මේ සියලු දේ කරන්නේ තමන් මහා බුද්ධාගම් කාරයෝ කියලා අනුන්ට පේන්න. සමාජයේ ජීවත් වෙනකොට මේ අය කරන තරමක් කරන්නේ අලජ්ජි වැඩ. පොඩ්ඩක් ඇහැ ඇරලා බලන්න මං කියන දේ බොරුද කියලා. (ස)
මේ වගේම තැනක් තියෙනවා ,.....පාදුක්කට කිට්ටුව. යෝගාශ්‍රමයක් කියල කියන්නේ..එතන කියනවලු බුද්ධ පූජාව තියන්න එපා කියලා...බුදු හාමුදුරුවෝ බුද්ධ පූජාව තියන්න කියල නැහැලු..නියම තේරවාදී ධර්මය ඒකලු... (ස)
සම්පත් මෝඩ කතා කියන්න එපා..ඔආ වගේ අය නිසා තම අපේ රට ආගම ජාතිය විනාශ වෙන්නේ...සුදුසු නැති දේවල් මඟ ඇරලා ගියහම හරිද...එතකොට ඔක්කොම කෙරෙයිද.... (ස)
මොනදේ මොන තර්ක දැම්මත් ඇත්ත ඉදිරියේ හෑමෝටම දණ නමන්න වෙනවා.අදුරේ අතපත නොගා ආලෝකය සොයාගන්න අද ඉදලාවත් උත්සාහ කරන්න.... (නි)
අසංග ඔය අයුතු ප්‍රයෝජන කියන්නේ මොකද්ද? අන්‍යාගමිකන්ගේ ආගමික ස්ථාන විනාශ කරන එකද නැති නම් ඔවුන්ගේ ආගමික ඇදහිලි වලට විරෝධය පල කරන එකද ? (ස)
සමාධි, මේ නොමඟ යැවීම කියන්නේ මොකද්ද? ඔබ සිතනවද ලංකාවේ වෙන දේවල් වලින් මේ ලංකාවේ ඉන්න බෞද්ධයන් හොඳ මගක ඉන්නවයි කියා. කොහෙත්ම නැහැ නිකන් මනස්ගාත දොඩවන්නේ නැතුව ඉන්න. (ස)
සම්පත් අයිතිය තිබුනත් නැතත් දඩුවම් දිය යුතුයි. මෙවැනි අයට. (ස)
සඳුනි, ඉස්ලාම් දහමේ මුලධර්ම වාදයක් කියල එකක් නැහැ. මේ ලෝකේ ඔබ දකින්න තමන්ගේ රට හා ජීවිතය රැක ගැනීම සඳහා අරගලයක නියුක්ත මුසල්මානුවන් පමණයි. සඳුනි මම ඔබට කියනවා අන් රටවල සිදුවන දේ නිහතමානීව බලන්න කියා. ඔබේ ඔය ජාතිවාදී කෝණයෙන් බැලුවහොත් ඔබේ මවද ඔබට දවසක තරහකාරයෙක් හැටියට පෙනෙයි. (ස)
මේවට වග කියන්න ඕනේ දැන් ඉන්න මහා සංඝ රත්නයයි. උන්වහන්සේලා මුදලට යටවී, දේශපාල ගැත්තන්වී, අටවිසි පින්කම් කරනවා කියා එකම පිරිකර දින ගණන් අත ගස්සවමින් මහජනතාව මුලා කොට මුදල් උපයාගැනීම, කවදාවත් නිම නොවන පන්සල් ඉදිකිරීම, පාංශු කූලයකට ආවත් අඩුම තරමේ රුපියල් 500/= ක් වත් බලාපොරොත්තු වීම. දානයකට වැඩියත් ඉල්ලන්නේ සල්ලිමය. ඉතින් මිනිසුන් කලකිරෙන එක අරුමයක්ද ? (ස)
ඉරෝකා, අපේ රටේ වගේ නිදහස තියන රටක් මේ ලෝකෙම නෑ. ඒවායෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි. (ස)
මෙතන හිටියේ සිංහල අයද?? දෙමළ අයද?? (ස)
වෙනත් අදහස් දරන පුද්ගලයකු සමාජයක් ඉදිරිපිට දන ගස්සන තවත් කෙනෙකුට තියන අයිතිය කුමක්ද? බුද්ධයන්ට එහෙම අයිතියක් ආගමෙන් තියනවද? මෙය රටක පරිහානියේ ලක්ෂණයක්. දියුණු රටවල ඔවුන්ගේ අදහස් දරන්න අවස්ථාව දීලා තියනවා. (ස)
ඉරෝකා.. ආගම අදහන්න නිදහස තියනවා..අනිත් ආගම් වලට නිගා කරන්න නිදහසක් නෑ. (ස)
හොඳ දඬුවම. මේවා මුලධර්මවාදී කුමන්ත්‍රණ. අහිංසක දුප්පත් මිනිස්සුන්ට කීයක් හරි දීල මේවට පොළඹවනවා. ඒගොල්ලොත් ගිහිල්ල ඒවා කියවනවා. සමහරුන්ට සල්ලි දෙනවා නම් ඕන දෙයක්. ඇඳුම් උනත් ගලවයි. (ස)
අනේ ෆස්රුල් බොරුවට බබා පාර්ට් දාන්න හදන්න එපා. ඔයාලගේ ආගම අන්තවාදී ආගමක්. ඔයාල මෙහෙ හිටියොත් තව ටික කාලෙකින් අන්තවාදී පිරිස් එලියටම බැහැල කටයුතු කරයි. පේනවනේ මැද පෙරදිග රටවල් වල තත්වේ. (ස)
අයියෝ සල්ලි කියුවලු (දී)
දෙයියෝ සාක්කි කියුවලු (දී)
මෙවැන්නන් දන ගස්සසලා මදිය. බුදු ගුන අනන්තයි. සත්‍යයි.(නදී)
"කපුටාට රාත්‍රියෙහි නොපෙනේ, බකමූණාට දවාලෙහි නොපෙනේ, අවිද්‍යාවෙන් අන්ධවූ මෝඩයන්ට දිවා රෑ දෙකෙහිම නොපෙනේ" කියලා තියෙන්නෙ නිකන් කට කහනවට නෙමෙයි (නි)
බුද්ධාගම නැතිකරන අලුත්ම ක්‍රමය. ප්‍රවේශම් වෙමු. (නි)
බුද්ධාගම රැකියා හැකි හොඳම මාර්ගය එය තේරුම් ගෙන පිළිපැදීමයි. අවුරුදු දෙදහස් පන්සීයක් මුළුල්ලේ නිර්මල බුදු දහම රැකගෙන ආවේ සංඝයා වහන්සේලායි. අද බුදු දහම විනාශ වෙන්නෙත් දුස්සීල චීවර ධාරීන්ගේනුයි. ගිහි පැවිදි සියලු දෙනාගේ වගකීම බුදු දහම පිළිපැදීමයි. මෙහි දක්වා ඇති අදහස් අතර කොතරම් ක්‍රෝධ සහගත අදහස් ඇත්දැයි දකින විට සංවේගයක් ඇතිවේ. බුදුදහම මයිත්‍රීය පදනම් කොට ගත් ධර්මයක් බව බොහෝ අයට අමතක වී ඇත.(නදී)
මේ පැමිණි අයව දණ ගස්සල තියෙන පින්තුරයක් බලන්න ආසයි. (නදී)
බුදු දහමෙහි ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා ලෙස ආගම ඇදහීම දෙයාකාර වෙයි. බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාමට ආමිස පූජා කොටසත් ආගම ඇදහීමෙන් පරලෝ වශයෙන් බලාපොරොත්තු වන්නාවූ සුගති ගාමිත්වය සහ අවසාන ලැබිය යුතු නිර්වාන සම්පත්තිය උදෙසා ප්‍රතිපත්ති පූජා කොටසත් අවශ්‍ය වෙයි. මෙහි පැමිනිය යයි කියන කණ්ඩායම කියා ඇත්තේ ආමිස පූජා කොටස අනවශ්‍ය බවය. එය හරියට ඔරුව පසෙක දමා ගඟෙන් එතෙර වන්නට උපදෙස් දීමක් වැනිය. ආමිස පුජාවන් පවත්වා ගනිමින්ම ප්‍රතිපත්ති පූජාවන් සාක්ශාත් කර ගත යුතු වේ. යමක් බාගෙට ඉගෙනගෙන දේශනා පවත්වන්නට යාමෙන් වැලකි සිටීම වඩාත් වැදගත් වේ. ප්‍රතිපත්ති පූජා යනු අභිධර්ම කොටසින් උගන්වා ඇති දහමය.(නදී)
අපේ ගම්වලත් මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්න එක ගැන කණගාටුයි. (ස)
මෙහි අදහස් දක්වල තියෙන්නේ හුඟ දෙනෙක් බෞද්ධයෝ බව පේනවා. බෞද්ධ හිත් කොයි තරම් වෛරයෙන් පිරිලද ? මේක තමා බුදු දහම පිරිහෙන්න මුලික හේතුව. පන්සලේ ඉන්න පැවිද්දගේ පටන් ගිහියා දක්වා වෛරය, ක්‍රෝධය හිත්වල පිරිලා. හැබැයි හතර පෝයටම පන්සල් යන අනුන්ට බණ කියන අය.. බුදු බණ ඇසුවා නිරන්තරේ... ගති ගුණ අතින් මොවුන් තවමත් වනන්තරේ..... එහෙමයි නේ අපේ සිද්ධාර්ථ හාමුදුරුවනේ...? (ස)
මෙයට පිළිතුරු ගරු මහා සංඝරත්නයට සෙවිය හැකි. කල වැඩේ වැරදි. සංඝයා මීට වඩා විනය ගරුක විය යුතුයි. හේතු සංදේශ එදිනෙදා පුවත්පත්,පොලිස් පොත්, උසාවි වාරන සහ දේසපාලන කටයුතු සනාථ කරනු ඇති. සිළුම සංඝයා පාර්ලිමේන්තුව ඇතුළු සියලුම දේශපාලන වැඩ වලින් අයින් විය යුතුයි. අවශ්‍ය නම් උපදෙස් පමණක් දිය යුතුයි. (ස)
පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
ඔය අන්තවාදය කියලා කියන අයගෙන් අහන්න කැමතියි පුළුවන් නම් ලංකාවේ ජීවත් වෙන වීරයෙක් එක මුස්ලිම් කෙනෙක් අපට හඳුන්වලා දෙන්න අන්තවාදී කටයුතුවල නිරතවුණ (නි)
මේවට කවුරුවත් වග කියන්න ඕනෑ නැහැ (නි)
බුද්ධ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී, උපාසක,උපසිකාවන්ය.උපාසක උපාසිකාවන් මුදලට ,හෝ රැවටීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ වෙනත් ආගමකට හෝ මතවාදයකට හරවනවා නම් ඒ ගැන සොයා බැලීම තමන්ගේ වගකීමක් ලෙස තමා මහා සංඝරත්නය සළකන්නේ. ඔය මතවාද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා බුද්ධියෙන් අවබෝධයෙන් වෙනත් ආගමකට යනවා නම් කමක් නැහැ. (නි)
සජිත්, මට මුලින් කියන්න ඔබ මොන අගමේද කියලා. අද කව්ද අන්‍යාගමිකන්ගේ සිද්ධස්ථාන විනාශ කරන්නේ? ආගමික ඇදහිලි වලට විරෝධය පළකරන්නේ කියලා කියන්න.අපේ රටේ නම් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ (නි)
බුද්ධ ධර්මයේ කිසිදු බලකිරීමක් නැත. එසේ නම් අප කෙසේද ඔවුන්ව දණ ගස්සන්නේ? අප අනුගමනය කරන්නේ හරි බුද්ධාගමද? (නි)
සමහර පාඨකයින් අහන්නේ නිදහස මේකද කියලා? මේ රටේම කොටසක් බොදු ජනතාව නොමග යැවීමට ආ බව දැන ගත් පිරිසක්, ඔවුන්ව දන ගැස්සවීම කාලෝචිතයි. හැමතැනම අවස්ථාවාදීන්. කෙසේ වෙතත් අදහස්වලින් කවුරුන් දැයි මනාව පැහැදිලියි. සිංහල බෞද්ධ සාමාන්‍ය ජනතාව නොමග යවන්න පටන් ගත්තේ විදේශික ආක්‍රමණ සමඟයි. එදා තුවක්කුව කඩුව පෙන්නා අනේක වද දීලා තමයි පෘතුගීසීන් අපේ රටේ ජනතාවට පණක් නොව, ලෝකයේම ආගම පැතුරුවේ. අද වන විට සුලු කණ්ඩායම් අන්තවාදීන්ගේ පිරිස වැඩිකර ගැනීමට මෙවැනි වැඩ දිගින් දිගටම කරගෙන යනවා. මුස්ලිම් අන්තවාදීන් බෞද්ධ උරුමයන් වනසමින් බිම් මට්ටමින් බලය පතුරමින් සිටී. අබෞද්ධයින්ගේ පල්හෑලි වදන්වලින් අපට වැඩක් නැත. ගමින් ගමට තිබෙන පන්සල්වල භික්‍ෂූන් වහන්සේ පෙරමුණ ගෙන අහිංසක බොදු බැතිමතුන් රැකගැනීමට වැඩ පිලිවෙලක් සැකසීම වටී. නැතිනම් මෙයත් එක් දිනක සිදුවීමක් පමණකට සීමා වෙවී. (ස)
සමාධි - ඕස්ට්‍රේලියා, අනේ නිකන් ඔයාගේ පම්පෝරිය, පන්සිල් පද පහ රකින බෞද්ධයෝ ඉන්නේ කොහෙද ?, තායිලන්තේ වෛශ්‍යා කමයි, ඔක්කොම මස් මාංශයි, බුරුමේ නැගෙනහිර හා බටහිර අමු අමුවේ මිනිස් ඝාතන, ලංකාවේ වැඩ පත්තෙරේ බලන්න. (ස)
ඔය අනිත් අය අනුගමනය කරන්නේ හරි බුද්ධාගමද? නිකන් විකාර ඔක්කොම අවුල් ජාලයක්, හරි බුද්ධාගම ඉගෙන තේරුම් ගන්න අඩුම ගානේ ඒ ගැන පි.එච්.ඩී. එකක් කරන්න ඕන!!!! (ස)
කරුණාව දක්වා මෛත්‍රිය කර නිවැරදි දහම් අවබෝධ කර දී මිත්‍යාවෙන් මුදවා ගන්න අපේ ධර්මය දත් භික්ෂූන් වහන්සේලා ඒ සඳහා කැපවිය යුතුයි.තෙරුවන් සරණයි. (ස)
දණගස්සලා විතරක් මදි.උපන් ඇඳුමෙන් යවන්න තිබුනේ (නි)
පොඩි දඩුවමක් දීල තියෙන්නේ ගස් බදින්නවත් තිබුනනේ. (අ)
එයාලට දඬුවම් කරන්න. (නි)
ආගමක් අදහන්න නිදහස නැද්ද? (නි)
බුදුන් උපන් දේශයේවත් මෙහෙම අය නැහැ. මිත්‍යා මත වලින් මනස නිදහස් කර ගන්න. නැත්නම් උන්මත්තකයෝ වේවි.. (නි)
ඇයි යන්න දුන්නේ? (නි)
නියම වැඩේ කරලා තිබෙන්නේ, දණ ගස්සලා මදි, ගස් බදින්න තිබුණේ (නි)
පිටිගල මිලානො එහෙම කොහෙද?? (නි)
කියන්ඩ ඕනෑ නැහැ, තව ටික කලක් යද්දී මිනිස්සු දානය දෙයි.කරුණාකර විනය සංගායනාවක් පවත්වා දැහැමි සමාජයක් ගොඩ නගමු. (නි)
ඇති යන්තම් ඔයින් ගියා. (නි)
පාංශුකූලෙ නොපවත්වන්නට කිව්වට තව පොඩ්ඩෙන් එතනම පාංශුකූලේ තියන්න වැඩේ හරිගැහෙන්නත් තිබුනා.එයාලගේ වෙලාව හොදයි. (නි)
සම්පත්, ඔබේ හිත රිදිලා වගේ මිනිස්සු දණ ගැස්සවීම ගැන. ඔබත් ඒ පැමිණි කණ්ඩායමේ අදහස දරන කෙනෙක් වගෙයි පෙනෙන්නේ. (නි)
ක්ෂණිකව මං මුලාවන මිනිස් හිත මොනතරම් දුර්වලද ? (නි)
දණගස්වලා මදි. හම ගහන්නයි තිබුණේ (නි)
ක්‍රිස්තියන් හා ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් ලොව පුරා ලක්ෂ ගණනක් ඉන්නවා.ඒ අයගේ ශාඛාවන් මේ රටෙත් තිබෙනවා.ඒ අතරට බෞද්ධ මූලධර්මවාදීනුත් සිටීම කණගාටුවට කරුණක්.සමස්ථයක් වශයෙන් ගත්විට මේ හැම කණ්ඩායමක්ම ඉතා භයානකයි. (නි)
මෙන්න බටහිර කුමන්ත්‍රණ! (නි)
මේ සියලුම දෙනාම ඉන්දියාවට පිටුවහල් කළ යුතුයැයි මම යෝජනා කරමි (නි)
මේ වගේ අය තමා රට කන්නේ. මෙයාලට උපරිම දඩුවම් දෙන්න ඕනෑ හාමුදුරුවනේ. (නි)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු (නි)
දේශනාව නුසුදුසු නම් නැගිටලා යන්නනේ තිබුනේ. කවුරුවත් දණ ගස්සවන්න අපිට තිබෙන අයිතිය මොකද්ද? (නි)
චිංචි මානවිකාවියෝ අදත් ඉන්නවා (නි)
දණගස්වලා මදි. (නි)
මේ රටේ ඉන්න වැඩි හරියක්ම ලේබල් ගහගත් බෞද්ධයෝ. බෞද්ධකම කටින් විතරයි. (නි)
මිහිඳු හාමුදුරුවෝ මේ කාලේ වැඩම කලා නම් ෂුවර් එකට දණ ගස්සනවා. (ස)
මෙලොවදීම ඕවා පඩිසන් දෙනවා. (ස)
ගමයි පන්සලයි වැවයි දාගැබයි හොද සංයෝයක් කලක් සාරවත්ව තිබුනා, සුළු සුළු වැරදි අඩුපාඩු ගිනිය නොහැකි තරම් විය. ශීඝ්‍ර තාක්ෂණික දියුණුව සමග සන්නිවේදන මෙවලම් හා රූප මාධ්‍ය වඩ වඩාත් ජන මනසට ළංවී එතෙක් පැවැති සංහිදියාව කිළිටු වී ගියේය. උඩු යටිකුරු වූ සාරධර්ම නිසාවෙන් හොද නරක විනිශ්චය පහළම අඩියට වැටින. අක්මුල් සිදගත් ජාතියක් බවට අප ජන සමාජය පත්වෙන කාලය තව දුර නොවේ. (නි)
නියම බෞද්ධයින්ගේ තරම පේනවා අදහස් වලින්ම (නි)
මිනිසුනේ, මේවට මිනිසුන්ට දඩුවම් කරලා වැඩක් නැහැ. මේ තමයි වෙන්න තිබෙන දේ (නි)
බිය, මෝඩකම, ඊර්ෂ්‍යාව, තන්හාව සහ වෛරය නිසා අන්ධ වී කරන වැඩ. (නි)
රටකට ගිය කලක්! (නි)
හොද වැඩේ (නි)
මූලධර්මවාදින්ගෙන් වැඩිම හානිය වෙලා තිබෙන්නේ කතෝලික ආගමටයි (නි)
බුද්ධාගම නැතිකරන අලුත්ම ක්‍රමය.ප්‍රවේශම් වෙමු. (නි)
අල්ලා දෙවියන්ගේ පිහිටයි. (නි)
බෞද්ධකම (බුද්ධිමත්කම) කියල සිංහලයන්ට හින්දුකම බලෙන් දුන් අයට පිස්සු හැදිලා වගෙයි. මිනිස්කම, මිනිසෙක් වී ඉපදීම, පරම දුකක් ලෙස දැක, මිනිස් ජීවිත නිවන (වඳ කරන) අයට දැන් යන කල දැක්කම, සිංහලයන්ට කළ විනාශය ආපස්සට කැරකිලා වගෙයි. (නි)
දැන් ටික ටික මිනිස්සුන්ට මොළේ පෑදෙනවා වගෙයි. (නි)
ඒගොල්ලෝ සම්පතේගේ නැදෑයෝ? (නි)
ඔන්න අපිව නං ඕවට ගාවගන්න එපා.තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිවුවලු. (නි)
බුදු හාමුදුරුවෝ දේශනා කර තිබෙන්නේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියො. ඒ හින්දා ආගම වුණත් වෙනස් වෙන එක වළක්වන්න බැහැ. (නි)
නයා පෙනේ පෙන්නන්නේ ගැරඩියෙක් නොවේ කියන්නයි..(අ)
මම නම් දණ ගස්සලා නොතියා උපන් ඇඳුමෙන් යවනවා ගම වටේ (නි)
තම අදහසක් ප්‍රකාස කිරීමේ නිදහසක් අපේ රටේ තියෙනවා නේද, ඇයි එහෙනම් දන ගස්සල තියෙන්නේ.(අ)
ලෝක විනාශයේ ලකුණු ,බුදුබණ ඇත්තයි (නි)
ක්‍රිස්තියානි මුලධර්මවාදීන් හා මුස්ලීම් මුලධර්මවාදීන් බෞද්ධ ආගම විනාශ කිරීමට යොදා ගන්නේ එකිනෙකට පරස්පර ප්‍රයෝගයන්. මේ දෙපාර්ශවය අතරින් බෞද්ධයාට ගොඩක් ළංව ඉන්නේ ක්‍රිස්තියානි පිරිසයි. ඒ නිසා ඒ අයට දුර්වල බෞද්ධයන්ව වාචිකව නොමග යැවීම පහසුයි. මේ අය සමහරවිට ශාසනයට පවා සුක්ෂමව ඇතුල් වෙනවා. ඉන්පසු අදෘශ්‍යමාන මාර්ග හරහා එන මුදල් වියදම් කර අපට සැක නොසිතෙන ලෙස ආගමික මධ්‍යස්ථාන දියුණු කරනවා. මේ පුනරුදයට මුලාවෙන පිරිසට විකෘති කළ ධර්මය බෙදා හරිනවා. ලංකාවේ මෙය එතරම් ප්‍රචලිත නොවුවද ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල ඉන්න අපේ අය මත් කුඩු වලට ඇබ්බැහිවුවන් මෙන් මේ ස්ථාන කර ඇදෙනවා. බොහෝ විට මෙම ස්ථානවල ධර්ම දේශනාවන් නිම වෙන්නේ 'බුදු හාමුදුරුවෝ මස් කන්න එපා කියලා නෑ පින්වතුනි' කියමිනුයි. තමාට රිසි දේ කරමින් නිවන් දකින්න හැකි යයි යන ආකල්පය ඇති කරගන්නා මේ අය දිගින් දිගටම අනෙක් අයවද පොළඹවා ගැනීම මෙහි ඇති වඩාත්ම භයානක තත්වයයි. එතරම් බෞද්ධයාට ළංවීමට හැකියාවක් නොමැති අයත් කරන්නේ හිංසාවෙන් බෞද්ධාගම විනාශ කිරීමය. අප මීට වඩා වෙනස් කෝණයකින් මේ ප්‍රශ්නය බැලීමට කාලය එළඹ ඇත. (නි)