සිංහයන් තිදෙනකු අලියකු මරා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික හෙයිඩි හා කර්ට් ගාර් යන දෙදෙනා සමත්ව සිටිති.
සිම්බාබ්වේ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් මේ දුර්ලභ දසුන දැක තිබේ. ජලය බීමට පැමිණි අලි පැටියා පසුපස ලුහුබැද ගිය සිංහයෙක් මේ අලියා පෙරළා ගනිද්දී තවත් සිංහයෙක් සහයට පැමිණියේය. සිංහයන් දෙදෙනාට කොටුවූ අලියා මාරාන්තික සටනක නිරත වෙද්දී සිංහ ධේනුවක් ද දඩයමට එක්වීම අලියාගේ පරාජයට හේතු විය.
හෙයිඩි හා කර්ට් පවසන්නේ සිංහයන් විසින් අලියා මරා දැමීමට විනාඩි 40ට ආසන්න කාලයක් ගත කළ බවයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතර අපායෙන් එකක් තිරිසන් ආත්මය. අප පින් කලයුත්තේ සතර අපායට නොවැටී සිටීමටයි. මිනිත්තු 40 පුරාවට මේදේ ඡායාරුප ගත කල අයත් තිරිසනෙක් හැටියට මන් දකින්නේ (අ)
ඡායරුප ගන්න අයට බැරි උනානේ අලි පැටියව බේර ගන්න (අ)
තිරිසන් සිංහයන් නොතේරුම් කමට කියමු. නමුත් මහා දැන්නු තේරුම් තියෙනවා කියන මිනිස්සුත් මේ වගේ තිරිසන් වැඩ කරන වේලාවල් තියෙනවා (අ)
කරුණාව මෛත්‍රිය හුරු උන අපිට මේ වගේ දෙයක් දැක්කම හිතට කණගාටුයි. ඒ නිසා මේ වගේ ඡායාරූප පල කරන්න එපා . මෙය ස්වභාව ධර්මය තමයි . එත් මේ වගේ ෆොටෝ බලල අපේ හිත් වල තියෙන මෘදු බව නැති වෙනවා .(අ)
කිත්සිරි සමග එකගයි . සත්ව ලෝකයය කියන්නේ සතර ඇපයෙන් එකක්. දඩයම පිණිස , විනෝදය පිණිස හෝ රැකියාව පිණිස ප්‍රාණ ගතයේ යෙදෙන කෙනෙකුට ඊලග බවයකදී අත්වන්නෙත් මෙයම තමා.එමනිසා සියලු දෙන ප්‍රාණ ඝාතයෙන් වැලකී සිටින්න අදිෂ්ටන කරගන්නෙ (අ)
බුදු බණ අනුව සංසාරේ අපිත් ඔහොම දේවල් වලට මුහුණ දීල ඇති .සසරින් මිදෙන්න පිං කරන්න (දිල්)
http://www.youtube.com/watch?v=vp9EC4tS-Q0 (දිල්)
සිංහයන්ට ගොදුරු වෙන අලි මීට කලින් දැකලා තියෙනවා. මෙතන ගොදුරුවන්නේ අලි පැංචෙක්. හරිම දුකයි, අම්මා නැති තැන අපි කාටත් ඔහොම තමා. (නදී)
ප්‍රබලයාට දුබලයා යට වීම .නමුත් දක්ෂයා ජයගනෙව් (අ)
ලංකාවේ අලින්ටත් සිංහයන්ගෙන් කොච්චර කරදරද ? (අ)
තිරිසන් ලෝකය ඔහොම තමා. කිසි අර්ථයක් නැති විදිහට අදහස් පලකරනවා. මොළ වළ තරම තමා අයියෝ සල්ලි.(නදී)
ලංකාවේ අලින්ට ඔයදේ අද ඊයේ උන දෙයක් නොවේ (අ)
ලංකාවේ දේශපාලන අලි ගොදුරු වෙන්නේ නරින්ට එක දුකේ බැරුව (අ)
මේක අලුත් දෙයක් නොවේ. අප්‍රිකාවේ අලි පැටවූ බොහොමයක් සිංහයන් ගෙන් මැරුම් කනවා. අලින්ට ඇති ප්‍රධාන විලොපියා සිංහයා (දිල්)
සිංහයා සත්තුන්ගේ රජ කියල මම නම් කියන්නේ නෑ. සිංහයා හරි බියගුළු සතෙක් උට තනියෙන් දඩයම් කරන්න බැහැ. පොඩි එවුන්ට තමයි වැඩ පෙන්නන්නේ (අ)
අහාර ධාමය ඔහොම තමයි (අ)
සතෙකුට උනත් මෙවන් දෙයක් වෙනවා දැකීම තරමක කම්පනයක් ඇතිකරන දෙයක් විය හැකියි. ලංකාවේ අය මනුස්සයනට නැති කරුණාවක් සත්තුන්ට දක්වනවා. මරණයට කැප උන හරකෙක් නිදහස් කරන්න රුපියල් දහස් ගණනක් වියදම් කරන්නට ලෝබ නැති උනාට පත්තරේ වැටෙන අසනීප උන දරුවෙකුගේ ජීවිතේ බේරගන්න කව්රුවත් රුපියල් 250ක් දාන්න පැකිලෙනවා.
මෙක බලගෙන පින්තුර ගහපු කෙනා මාර මනුස්සයෙක් එකටතුවක්කුවට තිබුනේ නැද්ද (දී)
අලියට ගිය කළ (දී)
අනේ,පව් අලී පක්ෂයට ගියකල, (අ)
දරුණු සිංහයන් තුන් දෙනෙකුට ඇත් පැටියෙක් ගොදුරු වේ කියල මාතෘකාව වෙනස් කලා නම් තමා හරි. දරුණු ලොකු ඇතෙතකුට අහු උනානම් සිංහයෝ තුන් දෙනා කුඩුම තමා.(නදී)
අල්ලන්නෙම උගුරු දණ්ඩ ,අපේ රටේ දේශපාලුවෝ වගේ.(නදී)
එතකොට දැන් ලංකාවේ ඡන්දෙ ඉල්ලන අලින්ට මොකද වෙන්නේ අනේ අසරණ අලි ටික උන්ව බේරගන්න කවුරුවත් නැද්ද? (අ)
අලියෙක් නෙමේ අලි පැටියෙක්................(අ)
ලංකාවෙත් අලියට මේ තත්ත්වය තමයි. (අ)
මේ තනි අලි පැටියෙක්. රැලෙන් වෙන් වෙච්ච එකෙක්. නැත්තන් මෙහෙම වෙන්නේ නෑ. සවයිවල් ඔෆ් ද ෆිටස්ට් කියන්නේ මේකට තමයි.
අපේ රටේ දෙසපලකයොයි ජනතාවයි අතර සිදුවන්නේත් මේ දෙයයමයි (අ)
බොස්ට්වානා වල අලින් නිතරම සිංහයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. (නදී)
මේක බලා හිටපු අපේ නෝනා කිව්වේ කොළ හා ශාඛ පමණක් ආහාරය ට ගන්න සතෙකු මාංශ භක්ෂික සිංහයින්ට ගොදුරුවීම අසාධාරණ බවයි. අපේ රටේ අහිංසක කාන්තාවන් හා දරුවන් ඝාතනය කරන "බොරු" සිංහයින් ගැන කියා මම ඇයව තාවකාලිකව අස්වසාලුයෙමි. *අ(
පෙනුමෙන් නම් සිංහයින්ගේ ගොදුරට ලක්වී ඇත්තේ අලි පැන්චෙක් වගේ.මේ වැඩේ පුරුද්දකට ගියොත් නම් සිම්බාබ්වේ අලින්ට දෙවියන්ගේම පිහිටයි....(අ)
මෙවන් විපතක් දෑසින් දැකීමට නොලැබේව. තිරිසනෙක් වෙලත් කරුමය පඩිසන් දුන්න හැටි.(අ)
ඕක ටිකක් වෙනස් විදියට මෙහෙත් වෙනවා .නොමරා ස්වරුපය වෙනස් කරනවා .ගොඩක් සැප දෙනවා .(අ)
මේ අලි පැටියෙක් නේ. සිංහයින්ට තිබුනේ අර කාර් එකෙන් පුට්බෝල් ගහපු අලියා වගේ එකෙක් එක්ක පුළුවන් නම් හැප්පෙන්න. ලඟදි තව වීඩියෝ එකක් තිබුනේ කුළු හරකෙක් සිංහයාගෙන් බෝල ගහන එකකුත්. (නදී)
බලවත් සතකු වුවද දුබල වූ සැනින් ගොදුරු කරගැනීමට බලා සිටින්නන් බොහෝයි. තිරිසන් භවය යනු සතර අපා වලින් එකකි. තිරිසන් ව උපදින්නේ පාපකර්ම වල පලයක් වශයෙනි. මේවා දැක සත්ව හිංසන හා ඝාතන කරන්නවුන් ඉන් මිදෙත්වා! (නදී)
අවාසනාවන්ත සිද්දියක් වුනත් ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන අහඹු සිදුවීමක්. (අ)
මේක තමයි ස්වබාව දර්මය ඒක වෙනස් කරන්න බැහැ. දෙවියෝ දන්නවා මේ ලෝකේ සමබරව තියා ගන්න. නිකන් පිස්සෝ වගේ කතා කරන්න එපා. (නදී)
සත්‍යයා, මට පෙනෙන හැටියට ඔයත් අර ගැහැනුන්ට සමතැන කියල පවුල් කඩන සංගමයේ සාමාජිකාවක් වගේ.(නදී)
අනේ අලිපැංචා පවු. අනේ මට නම් දුකයි.(නදී)