IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අල්ලස් ගත් ඉංජිනේරුවා රිමාන්ඩ්

(සනත් ගමගේ)

ගොඩ වැලි කැපීම සිදුකරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් හම්බන්තොට ප්‍රාදේශිය කැණීම් ඉංජිනේරුවරයා සහ රියදුරා මේ මස 18 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට හම්බන්තොට මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු විනිසුරු ඕෂධ මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය.

හම්බන්තොට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශිය ඉංජිනේරුවරයා සහ රියදුරු වැලි කැණීම් සිදු කරන ව්‍යාපාරිකයකුලෙන් රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් අල්ලස් ලෙස ගනිද්දී අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර් ශන කොමිසන් සභාවේ නිළධාරීන් අම්බලන්තොට දී අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

අම්බලන්තොට වලවවත්ත ප්‍ර දේශයෙ වැලි කැණීම් කටයුතු සිදුකරන සිය ව්‍යාපාරය බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා සහ අදාළ බලපත්‍ර ලබා ගැනීම සඳහා ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ඉංජිනේරුවරයා ඉල්ලා ඇති අතර, එම මුදලින් ලක්ෂ දෙකක් ඉංජිනෙරුවරයාට සහ ලක්ෂ එක හමාරක මුදලක් රියදුරුට ලබා දෙන අවස්ථාවේ දී කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු අම්බල්නතොට දී අත් අඩංගුවට ගත්තේය.

 



අදහස් (1)

අල්ලස් ගත් ඉංජිනේරුවා රිමාන්ඩ්

රට පෙරට Sunday, 08 October 2023 06:23 AM

ඇත්තමයි ඔය ආයතනයේ මිනිස්සු මොනවා කරනවාද කියලා තේරුම් ගන්න බැහැ. මම දන්නා පවුල් කීපයක් හිටපු නිවාස නායයනවා කියලා නිවාස කඩවා ඒවායින් ඉවත්කළේ 2017 ආසන්න කාලයේ ඒ මිනිස්සු අනාතයෝ වගේ අසරණ වුණා. දැන් අවුරුදු හයක් වෙලා තවමත් එම ඉඩම්වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. තවත් එකක් ආරංචියක් තියෙනවා බැකෝ පතල් කැපීමක් ගැන ඔය ආයතනයේ ලොක්කන්ට දැන්වීමක් කළත් අවශ්‍ය උපකරණ නැහැ කියලා පරීක්ෂා කළේ නැහැ කියලා පැමිණිලි කරුවන්ගේ ගෙවල් පුපුරලා කියලා අහන්න ලැබුණා... දන්න කෙනෙක් කියන්න ඔය ආයතනයේ කාර්‍යභාරය මොකක්ද කියලා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1235 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 224 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 271 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 140 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 404 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 153 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site