IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව 118-119 යතුරුපැදී රාජකාරී නිරතව සිටි  වසන්ත කුමාර හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව විශේෂ රාජකාරි වාර්තා කර සිටි ආධුනික පොලිස් කොස්තාපල්  ඩබ්ලිව් ඒ ප්‍රසාන් යන නිලධාරීන් දෙදෙනාගේය.

මෙම නිලධාරීන් දෙදෙනා  යතුරුපැදි රාජකාරී යෙදී සිටියදී පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ ලැගුම්හලක යුවළක් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී එම යුවල සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් හමුවී තිබි ඇත.

එම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා එකී මුදලින් රුපියල් 70.000/= මුදලක් ඉහත නිලධාරියාගේ ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 230000/= මුදල කොට්ටාව නගරයේදී ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (1)

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර

Ranjith Dubai Tuesday, 14 May 2024 09:32 AM

නව පරපුරේ බොහෝ දෙනෙකුට ධනවත් වීමට අවශ්‍ය වන්නේ මෙයයි. ඔවුන්ට ඉක්මන් ආදායමක් අවශ්‍යයි. එක රැකියාවක් සහ අර්ධකාලීන අල්ලස්. මේක ලංකාවේ අලුත් සාමාන්‍ය දෙයක්. නැතිනම් මත්ද්‍රව්‍ය විකුණනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 8 0

හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 39 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 76 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 194 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 155 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 444 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site