IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අලිහොරු දේශපාලන බලවන්තයෝ

වනාන්තරවලින් හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන් 23 දෙනකු රජයට සම්බන්ධ දේශපාලන බලවතුන් බාරයේ සිටිතියි එජාප පළාත් මන්ත්‍රීන් වන  සන්දිත් සමරසිංහ හා හේෂාන් විතානගේ මහත්වරු සබරගමු පළාත් සභාවේදී ප්‍රශ්න මතු කළහ.

හොරෙන් අල්ලාගත් බව කියන අලි පැටවුන්ගේ නම්,අල්ලාගත් කැලෑව හා දැන් සිටින ස්ථානය,හිමිකරුගේ නම ආදී විස්තර ද හේෂාන් විතානගේ මහතා ඉදිරිපත් කළේය.

සිඟිති, කණ්ඩුල, සංජු,සුජීවා, චූටි මැණීකේ, සන්දක, පංචාලි, සකුරා, වස්තු, පාරමී  හා නමක් නැති අලි පැටවුන් දෙදෙනකු  හබරණින් අල්ලාගෙන ඇතැයි ඔහු කීවේය.

ගංගා,භානූ,සුද්දි,දෙව්මි,සමාධි,සීදේවී,සංඛ,දෙව්රංග හා නමක් නැති අලි පැටවකු උඩවලවෙන් දඅල්ලාගෙන ඇතැයි ද ඔහු කීවේය. අල්ලාගත් ස්ථානයක් සඳහන් නැති අලි පැටවුන් දෙදෙනකු ගැන ද ඔහු කියයි.එම අලි පැටවුන්ගේ ඡායාරූප ද ඔහු සභාවට ඉදිරිපත් කළේය.

 අද සමහරුන් රට බල්ලන් ඇති කරනවා වාගේ අලි පැටවුන්  ඇති කිරීම විලාසිතාවක් කැරගෙන ඇතැයි ද මේ නිසා අලි පරපුර වද වී ඇතැයි ද ඔවුහු කීහ.

මෙම අලි හොරකම හෙළි කළ නියෝජ්‍ය විගණකාධිපති ලලිත් අඹන්වල මහතා මාරු කැර ඇතැයි ද ඔවුහු කීහ.ඔහුට උසස්වීමක් දී ඇතැයි සන්ධාන මන්ත්‍රී වරුණ ලියනගේ මහතා කීවේය.

විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය පැවසුයේ  අලි පැටවුන් මව් සෙනහස අහිමිවීමෙන් මිනිසුන්ට සතුරු විමෙන් අලියාගෙන් මිනිසාට අනතුරු විය හැකි යැයි කීවාය.

වල් අලින් හීලෑ කිරීම හොඳ වැඩකියි සන්ධාන මන්ත්‍රී නමින්ද අරුණප්‍රිය මහතා ද කීවේය.

අලි පරපුර රැකගැනීමට  ඇති සියලුම දේ කරන බවට මහ ඇමැති මහීපාල හේරත් මහතා පවසයි.

සන්ධානයේ වරුණ ලියනගේ මහතා පැවසුයේ හීලෑ ඇතුන් සිටීම අලි මිනිස් ගැටුම් ඇතිවීම වැළක්වීමට හේතු වන බවයි.

2012 අලි සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වල් අලි ගහණය 5800 කි.ඉන් බහුතරය වියලි කළාපයේය. ශ්‍රී පාද ප්‍රදේශයේ ද අලි දෙදෙනකු හෝ තිදෙනකු සිටින බවත් සිංහරාජයේ ද තුන්පත් රැළෙන් එක් අලියකු ඇති බවත් කියති. ආසියාවේ වල් අලි වර්ග 13 කි .අප්‍රිකාවේ 38 කි. ශ්‍රී ලංකාවේ අලියා වඳවීමේ තර්ජනයකට ලක් ව සිටී.

2_Kandula 10_Sandaka_copy - Copy - Copy 11_Samadi_copy 12_Seedavi_copy 13_Panchali_copy - Copy - Copy 14Sanka_copy - Copy 15_Sakura_copy 18_Dewranga_copy 19_sigithi apsara1 - Copy - Copy apsara2 apsara3 - Copy - Copy apsara4 - Copy - Copy apsara5 apsara6 apsara7

 

 

 

 



අදහස් (0)

අලිහොරු දේශපාලන බලවන්තයෝ

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:14 AM

පහත් පෙලේ දේශපාලකයන් නිසා රටේ නීතියත් වල් වැදිලා , (දී)

:       0       0

දනුක Sunday, 17 August 2014 11:18 AM

අන්තිමට අපිට පෙරහරේ ධාතු කරඬුව වැඩම කරවන්ටත් අර අප්‍රිකාවේ කන් ලොකු කැත ඇත්තු ආනයනය කරන්න වේවි (දී)

:       1       0

විශ්ව Sunday, 17 August 2014 11:21 AM

මොනවා කරන්නද කාලේ පරිනාමය වෙනවත් එක්කම අලිත් වඳ වෙලා යයි (දී)

:       0       0

මඩවල හාමුදුරුවෝ Sunday, 17 August 2014 11:28 AM

සොබා දහමින් දඩුවම් ලැබෙනකොට මේවා දැනේවී (දිල්)

:       0       0

පිටිගල Monday, 18 August 2014 04:50 AM

මේ වගේ දේවල් ගැන මම කතා කලේ ගොඩක් ඉස්සර ඉඳන්.ජීවිතේටත් අඹු දරුවන්ටත් ආදරේ නිසා දැන් නිහඬව ඉන්නවා.අලි නෙවෙයි රටම විකුණලා දැම්මත් කතා කරන්නේ නම් නෑ (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 11:48 AM

පවු තාම අම්මගෙන් කිරිබොන වයසේ පැටවු , කර්ම විපාකය සත්‍යක්‌ නම් මේ උතුමන්ලටත් මේ පවු ගෙවනම වෙනවා (දී)

:       0       0

සුජාතා Sunday, 17 August 2014 12:33 PM

දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීමයි (දී)

:       0       0

මිගාර Sunday, 17 August 2014 12:41 PM

දේශපාලනය ගැන හා ඒ අයගේ ක්‍රියාකාරකම් ගැන අපි කතා කිරීම පලක් නැති දෙයක් (දී)

:       0       0

අවිශ්ක Sunday, 17 August 2014 12:59 PM

වර්තමානය සමාජය කාගෙන් හෝ හොරාගේනමයි ජිවත් වෙන්න පුරුදු වී සිටින්නේ (දී)

:       0       0

උදාර Sunday, 17 August 2014 01:30 PM

හංග හංග නොවෙයි නමුත් එක්ක කියන්න ඕනේ ලෝකෙටම දැන ගන්න (දී)

:       0       0

රත්නායක Sunday, 17 August 2014 01:44 PM

විවෘත ආර්ථිකයද මේකටත් වග කියන්න ඕනේ (දී)

:       0       0

චමින්ද Monday, 18 August 2014 08:02 AM

පිටිගල කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා! සාදරයෙන් පිළිගනිමි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 18 August 2014 08:37 AM

මේ අලි පැටවූ ටික මේ අදහස් ටික දැක්කා නම් උන්ට මොනවා හිතෙයිද?? (නි)

:       0       0

මොහොමඩ් ශිරාෂ් Sunday, 17 August 2014 02:11 PM

ලස්සන අලි පැටව් ටිකක්. සතුන්ට සතුන්ගේ පාඩුවේ කැලේට වෙලා ඉන්න දෙන්න පින් සිද්ද වෙයි. උන්ගේ නිජබිම කැලයයි. (ස)

:       0       1

මනෝජ්-සාජා Sunday, 17 August 2014 02:46 PM

පෙනෙන හැටියට මෙයාල වැඩි දෙනෙක් ගස් බැදලා ඉන්නේ පන්සල් වතුවල වගේ . (ස)

:       0       0

ප්‍රසාද් Sunday, 17 August 2014 02:56 PM

ඉස්සර මෙහෙම උනේ නැහැ (දී)

:       0       0

වීරසිංහ Monday, 18 August 2014 09:23 AM

පුෂ්ප, එළවලා හරි කැලෑ ටික බේරන්න ඕනෑ. මිනිසුන්ට තට්ටු ගෙවල් හදලා දෙන්න පුළුවන්? මේවා ගණන් නොගෙන ඉන්න එපා (නි)

:       0       0

සුසන්ත Sunday, 17 August 2014 03:38 PM

මම නම් මේක දකින්නේ සංරක්ෂණ විදියක් ලෙසයි. හිංසනයක් නැතිනම් මෙහෙම කලාට කමක් නෑ. අද කාලේ අලින්ගෙන් වැඩ ගන්නවා හරිම අධුයි. මම අලි ගැන පර්යේෂණයකට සහභාගී වුන කෙනෙක්. අපේ රටේ වනාන්තර වල අලි ගහනය උපරිම ධාරිතාවට ලගින් යන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Sunday, 17 August 2014 06:56 AM

මේ මෙතරම් පහත් තත්වයකට වැටුන 'මහජන නියෝජිතයන්' ඉතිහාසයේ කවදාවත් ඉන්න නැතුව ඇති. පුදුමය කියන්නේ කොතරම් පහත් වැඩක් කලත් අපේ රටේ මිනිසුන්ට කිසිම ගානක් නැති එක. (දී)

:       0       0

රවී Sunday, 17 August 2014 07:06 AM

දේශපාලනය බලය (දී)

:       0       0

චාන්දනී Monday, 18 August 2014 10:43 AM

දේශපාලකයින්ට සල්ලි වැඩි වෙලා අලින්ට කන්න දෙන්න හදනවාවද්ද? (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Sunday, 17 August 2014 07:26 AM

ඉතාමත් ලස්සන පින්තුර ටිකක්.ඒත් අලි පරම්පරාව ගැන දුක හිතෙනවා ,පරපුර රැකීම කෙසේවෙතත් දේශපාලන බලය ඉහවහා ගිහින් තිබෙනවා . (දී)

:       0       0

ධම්ම Sunday, 17 August 2014 07:28 AM

ඇති නැති පරතරය තවත් දුරස් වෙලා. සමහර අයට දරුවන්ට හරිහැටි කන්න දෙන්න වත්කමක් නැහැ. මේ අය කාලා අලින්ටත් කවනවා. (දී)

:       0       0

ජිලෝ Sunday, 17 August 2014 07:30 AM

උගත් කමක් නැති පවුල් පසුබිම් වලින් ඇවිල්ලා, සල්ලියි, බලයයි ලබා ගන්නවා. හැබැයි ඉතින් ඒවා ලැබුනා කියලා පරම්පරාවේ අඩුව වහගන්න බැහැනේ. ඉතින් අලියෙක් ගෙදර බැඳගෙන හරි හාමු කෙනෙක් වෙන්න හදනවා. (දී)

:       0       0

ගාමින්ද Sunday, 17 August 2014 07:39 AM

මේවා සාමාන්‍ය දේවල් (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 07:43 AM

කැලේ ඉන්න සත්තු ටික අල්ලාගෙන නම් ගම වාසගම් වෙනස් කරගෙන තියෙන්නේ හරියට මෙයාලට දාව ඉපදුන අලි බබ්බු වගේනේ. (දී)

:       0       0

මාලිංග Sunday, 17 August 2014 07:51 AM

මමනම් දන්නේ නැහැ හරියටම (දී)

:       0       0

රූපවතී Sunday, 17 August 2014 07:36 PM

කිසිම කෙනෙකුට අලින් තබාගැනීමට හෝ බලපත් ලබාගැනීමට තහනම් කිරීම සපුරා තහනම් කරන්න පුලුවන් නම් හොඳයි. නුවර පෙරහරට පමණක් සීමාකර, අනෙකුත් සියලු පූජා භූමියකවත් අලින් තබාගැනීම සපුරා තහනම් කළා නම්, කැලේ ඉන්න සතුන්ගේ කැලෑ වාසභූමි උන්ට බාරදීලා මිනිසුන් ගම් වැදුනානම් සියල්ල හරියාකාරව විස‍ඳේවි. (නි)

:       0       0

ගිම්හානි Sunday, 17 August 2014 08:03 AM

සල්ලි කාරයෙක්ගේ ගෙවල්වල තියෙන සංකේතය තමයි අලි (දී)

:       0       0

මිගාර Sunday, 17 August 2014 08:06 AM

දේශපාලනය ගෑවුන ගෑවුන තැන ඉවරයි (දී)

:       0       0

පුෂ්ප Sunday, 17 August 2014 08:04 AM

කැළෑ තියෙන්නෙත් ටිකයි ඒවයෙත් මිනිස්සු පදිංචි වෙලා කියනවා අලි ගැහුවලු විසදුම් දෙන්නලු මට නම් හිතෙන්නේ තියෙන එකම විසදුම තමයි ඒ මිනිස්සු ඒ ප්‍රදේශ වලින එලවන එක (දී)

:       0       0

සමාධි Sunday, 17 August 2014 08:06 AM

කොහොම කොහොම හරි අපිට ඉන්න සත්තු ටික නැති වෙනවා (දී)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 08:19 AM

කිතුලට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුනලු......... (දී)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 08:21 AM

එජප මන්ත්‍රීවරුන් ඔය විස්තර දන්නවා වගේම,අපිත් ඕවා දැන ගෙන හුගක් කල්....... (දී)

:       0       0

සිල්වා Sunday, 17 August 2014 08:26 AM

පරිසරය සහ රට රැක ගැනීම අපගේ වගකීමක් රටේ ජාතික වස්තුවක් වූ අලි ඇතුන්ට නිදසේ ඉන්න ඉඩදෙන්න ආණ්ඩුව මේ හැම දේකටම වගකියන්න ඕනි !!! (දී)

:       0       0

අනුර ලියනගේ Sunday, 17 August 2014 09:08 AM

ඡන්දය දෙන එකනම් වරද්දන්න එපා (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Sunday, 17 August 2014 09:11 AM

සාංචාරකයින් එන කාලයේ වල් අලිත් අවශ්‍යයි. හීලෑ අලිත් අවශ්‍යයි. කඩිනමින් මහා පරිමාණයේ අලි ගොවි පළවල් බිහිකොට උපදින පැටව් අලි ගාය ඇති ඇත්තන්ට සාධාරණ මිලකට ලබා දෙන ලෙස ගරු වන ජීවී ඇමති තුමාගෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි. එසේ බැරිනම් ඩියුටි ෆ්‍රී අලි ආනයනයට බලපත් දීම අලි ජරමරේට විකල්පයකි (නදී)

:       0       0

සම්පත්-මෙල්බර්න් Sunday, 17 August 2014 09:20 AM

කැලේ ඉන්න අලි ටික හොරකම් කරන්න උදව් කරන වනජීවී ඇමතිවරු ඉන්න රටකින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. වනජීවී ඇමති කට ඇරියොත් කියන්නේ අලි මිනිස් ගැටුම විසඳන්න තියෙන ක්‍රමය කැළේ ඉන්න අලි අල්ලලා හදාගන්න පුළුවන් මිනිස්සුන්ට බාර දෙන්න ඕනේ කියලා. මේ වගේ ඇමතිවරු පත් කරපු අයටත් අනාගත පරපුරේ සාපය වදීවි. රුපියල් ලක්ෂ දහයකට කැළේ අලි අල්ලලා බද්දට දෙන්න හදනවා කියලා පත්තර වල තිබුණු ප්‍රවෘත්තිය දැකලා මම වනජීවී ලේකම්ට කතා කරලා කැත වැඩ කරන්න එපා කියලා එකපාරක් කිව්වා. ඇත්තටම මට රට යන ඇත ගෙන පුදුම දුකක් දෙනුන නිසා. මෙහෙ ඉන්න ලොකුම සතා කැන්ගරුවා. නමුත් ලංකාවේ තියෙන ජෛව විවිධත්වය මතක් වෙනකොට අපිට ආඩම්බරයි. නමුත් මෙහෙ ඉන්න පාත්තයටවත් කරදරයක් කරන්න බැරි වෙන තරමට වන ජීවීන් රකින්න පුදුම කැපවීමකින් ක්‍රියා කරනවා. මට ලංකාවේ කැළේ ඉන්න සත්තුන්ගෙන් හා ගස් ටිකෙන් කොමිස් ගන්න බලාගෙන ඉන්න ඇමතිවරු ගැන අහන විට ඇතිවන්නේ පුදුම පිළිකුලක්. නමුත් මාධ්‍ය ඉදිරියේ මේ ගොල්ලෝ කතා කරන්නේ මොකුත් නොදන්නා, නොකරපු තොත්ත බබාලා ගානට. කාව රවට්ටන්න හැදුවත් තමන්ගේ හෘද සාක්ෂිය රවටන්න බැහැනේ. ඕවට සම්බන්ධ වෙච්ච අයට මේ ආත්මෙම ඕවා පටිසන් දේවි. නමුත් මට දුක අපේ දරුවෝ ලංකාවට එන දවසක පෙන්නන්න අලියෙක් නැති වෙයිද කියලා (නදී)

:       0       0

උමයංගා Monday, 18 August 2014 01:30 AM

ලංකාවේ අලි ප්‍රමාණය සැහෙන අඩුවෙලා අලි මිනිස් ගැටුම නිසා. මේ අලි පැටව් ජාවාරම කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා. අලි පැටව් අල්ලන්න ලොකු අලි කී දෙනෙක් මරනවද කියලා තවම හරියට කියන්න බැහැ. රට මේ තරම් පහත් තත්වයකට වැටුණු කාලයක් තවත් නැතුව ඇති. නීතිය වල්වැදුණු රටක හැටි. (නි)

:       0       0

හංසි Sunday, 17 August 2014 09:36 AM

වනේ අසරණ ගිජිඳුන් හට වද දෙන්නේ - පාලන බලය සියතට ගෙන ඇති බැව් කියැවෙන්නේ - බලය කවදා කෙදිනෙක හෝ ගිලිහෙන්නේ - එදාට තමයි කළ කළ පව් පලදෙන්නේ!!. (දී)

:       0       0

නිහාල් Monday, 18 August 2014 01:46 AM

මෙහෙම බලනකොට අපිට අනාගතයේදී අලියෙක් දැකගන්න වෙන්නේ ඡායාරූපයකින් පමණක් වෙයි (නි)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 09:42 AM

හංසි,නියම,.....ඔබින..... කවි පංතිය. (දී)

:       0       0

ජීවන්ත Sunday, 17 August 2014 10:05 AM

මොකද අපිට පුලුවන්ද අලියෙක් ඇතිකරන්න (දී)

:       0       0

නන්ද Monday, 18 August 2014 02:43 AM

කොතන කොහොම අලි හොරෙක් හිටියත් ඒකට දේශපාලනය ගැවිල? (නි)

:       0       0

ආශා Sunday, 17 August 2014 10:42 AM

අපි නම් දන්නේ නැහැ ඕවා (දී)

:       0       0

මිලි Sunday, 17 August 2014 11:09 AM

ලංකාවෙන් අලි වඳ වෙන කාලය දුර ඈතක නොවෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 175 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1044 3

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3727 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2885 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3364 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1475 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37896 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site