තම බිරියට අතුරුගිරියේ නිවසේ දී වෙඩි තබා තුවාල කළැයි කියන හමුදා ලුතිනල් කර්නල් ප්‍රදීප් කුමාර නෙත්තසිංහ මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළැයි සැකපිට අතුරුගිරිය පොලිසියෙන් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
බිරියට වෙඩි තැබූ බව කියන අවිය සොයන බව පොලිසිය කියයි
අතුරුගිරියේ දී බිරියට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් ගේ ගිනි අවිය දියවන්නා ඔයේ ජපන් මිත්‍රත්ව පාලම යටින් ගොඩගැනීමට ඔහුගේ සහායකයා සහ රියදුරා සහාය වූ බව පොලිසිය කියයි.
කර්නල් එහි පැමිණියේ නැත. බිරියට වෙඩි වැදුණු දිනයේ කර්නල් ඔහුගේ නිල රියෙන් නිවසට ගිය බවට ලැබුණු තොරතුරු පරීක්ෂා කරන බවද පොලිසිය පවසයි.
අතුරුගිරියේ කතකට වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන පිස්තෝලයේ අංක මකා ඇතැයි ද කොටි සංවිධානයට අයත් දැයි සොයා බලන බව පොලිසිය කියයි.
උතුරෙන් මෙම පිස්තෝලය දකුණට ගෙනවුත් වේයන්ගොඩ පැත්තේ ගෙදරක සඟවා තබන්නට ඇතැයි ද වෙඩි තැබීම සිදුවූ දිනයේ මෝටර් රියක අංක වෙනස්කර කළු කමිසයක් හා කලිසමක් ඇඳ සිටි පුද්ගලයකු එම රිය පදවාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි. එම පුද්ගලයා දෙවරක්ම ඇඳුම් මාරු කර ඇති බව පෙනේ යැයි ද කියති.
ජායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජායාරූප - ශාන්ත කුලරත්න
වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැගසින් එකයි පිස්තොලෙයි දෙකම අතේ තියනවා. (බ)
මේ විදිහට අායුද අල්ලන්න හොදද? (බ)
දික්කසාදයක් ගන්න එක දුෂ්කර දෙයක් වෙලා තියෙන නිසයි, හරි වැරැද්ද කවුරු වුණත් පිරිමියාගෙන් වන්දි ගන්න පුළුවන් විදියට හදලා තියෙන නිසයි තමයි මේ පවුල් ප්‍රශ්න මේ විදියට විසඳන්න පෙළඹෙන්නේ. නැත්නම් කර්නල් කෙනෙක් වෙලත් මොළයක් නැති වෙන්න බැහැනේ. (ම)
ඔය කියන විදිහට ඒ දියවන්නා ඔයේ තව කොච්චර අවි තියෙනවද දන්නේ නැහැ (නි)
අංගොඩ හිටියත් ලාල්ට මොළයක් නම් තියෙන පාටයි.
මෙයාලා තමන්ගේ තනතුරේ බලායෙන් පිම්බිලා ඉන්නේ (නි)
අපේ රටට සහ මිනිසුන්ට ගිය කලක්? (නි)
අංගොඩ ලාල්.ඔබ හරි. (අ)
දැන් ඉතින් රණවිරු දඩයම කියල දේශ ප්‍රේමින් කෑගහයි (අ)
අංගොඩ ලාල් මන් නම් හිතන්නේ ඔයා අල්ලලා තියෙන්නේ සෙල්ලං පිස්තෝල මොකද සුමානයක් වතුරේ තියනවා කියන්නේ අනිවර්යේන්ම් මල බැදේනවා අපරදේ ඔයා කියන විදියට මළ බැදෙන්නේ නැත්නම් ආයුධ ගීස් තවරලා අරන් තියන්නේ අපරදේ (අ)
ලංකාව වනචාරි යුගයකට යමින් පවතිනවා , ළඟදීම මොකක් හරි සුද්දයක පටන්ගනී ඔක්කොටම හොඳ නරක තේරුම් ගන්න , බොරු කියල බලය ගත්ත වුන්, හොරු, දුෂකයෝ , වනචරයෝ සියල්ල යම ලෝකෙට අරින වැඩ පිළිවෙලක් ළඟ ළඟ එනවා වගේ පේනව (අ)
මම ඒකනේ කිව්වේ මුලින්ම ඕක පවුල් ප්‍රස්නයක් කියලා. (ර)
අනේ අප්පේ අපි හැමෝටම තේරෙනවා මෙහෙම නඩු භාණ්ඩය අතේ අරගෙන යන එක වැරදි කියල. (අ)
සම්මික නිකම් නොදන්නාකම පෙන්වන්න එපා. මේ වගේ ආයුධ හදන්න යොදා ගන්න විශේෂිත සංයුත වානේ (ඇලෝයි ස්ටීල්) එහෙම ඉක්මනින් මල කන්නේ නැහැ .මේක සිදුවෙලා තාම සතියක් විතරයි වෙන්නේ . මේවගේ සුළු කාලයක් ඇතුලතදී මේක මල කන්න විදියක් කොහෙත්ම නැහැ (අ)
රාජකාරියේදී දියුණු රටවල අපරාධ විමර්ශන නිලධාරීන්ගේත් මෙහෙ අයගෙත් ශරීර භාෂාවේ වෙනස කදිමට පේනවා. (ර)
අතේ ගේන්නේ පිස්තෝලයක් ; මැගසින් එකක් නොවේ. (බ)
මෙයා බත් කන රට ගොනෙක් (බ)
මේක බොරුවක් වන්නත් පුළුවන් මොකද මේ ආයුධය වතුරේ තිබ්බනම් මළකඩ කනවා මැගසින් එක එකපාරට එලියට ගන්න අමාරුයි පුදුමේ මැගසින් එක අතේ අරගෙන යන හැටි බලන්නකෝ මේකත් කුමන්ත්‍රණයක් වන්න පුලුවන් (බ)
මොනවා කිව්වත් අපේ පොලිසිය ඇත්තටම දක්ෂ බව නේද මේකෙනුත් පෙන්නුම් කරන්නේ? (ර)
රන්ජිත් ඔයා හරි. (ර)
මේවා මෙහෙම අතින් අල්ලාගෙන යන්න හොඳ නෑ නේද. ? වෙන රටවල වගේ ග්ලව්ස් දාල අල්ලන්න පුරුදු කරන්න ඕනේ. (ර)