IMG-LOGO

2024 දෙසැම්බර් මස 20 වන සිකුරාදා


අවුරුදු උත්සව සංස්කෘතියට පිටින් ගියොත් දැඩි දඩුවම්

(අංජුල මහික වීරරත්න)

අලුත් අවුරුදු  අවුරුදු උත්සව වල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේනම් ඒ පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්නා බව  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අවුරුදු උත්සව වල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අද (5) කියා සිටියේය.

ඒ අනුව අවුරුදු උත්සව වලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය එහිදී සඳහන් කළාය.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය  ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.



අදහස් (4)

අවුරුදු උත්සව සංස්කෘතියට පිටින් ගියොත් දැඩි දඩුවම්

Sadun Friday, 05 April 2024 04:22 PM

ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට තිත තියන්න සෑම ආගමික, සාමාජීය කටයුත්තකදීම ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි. දැනටමත් වෙළඳ සංගම් ලංකාවේ සියළුම නගරවල ශබ්ද දූෂණය පටන් අරන් තියෙන්නේ...

:       0       20

Mr Don Friday, 05 April 2024 06:04 PM

අපිට ඕනේ අමුක ඩුමුක ඩාන්ස්...!

:       16       4

Bunny Preena Saturday, 06 April 2024 09:13 AM

විශේෂයෙන් විකට ඇඳුම් තරගවලදී, උත්පත්තියෙන් අංග විකල අයට අපහාස, උපහාස වන විදිහේ නිරූපන සහ ඉදිරිපත් කිරීම් නැවැත්විය යුතුයි. එවැනි දේවල් වලට අවසර දෙන්න මෝඩ සංවිධානයකින් පිරිසක් එව්වා දිහා බලලා හිනා වෙන්න ලෑස්තිවෙලා ඉන්න අමනුෂ්‍ය ගති තියෙන ගැහැණු සහ පිරිමින් පිරිසකුත් ඉන්න එක ගැන කණගාටුවක් දැනෙනවා..

:       0       4

බද්රානි Saturday, 06 April 2024 01:43 PM

අපෝ!! පටහැනි වෙන්න තරම් තියන ඔය කියන මහලොකු සංස්කෘතිය..? කොට්ට පොරෙයි, කඹ ඇදිල්ලයි නම් සංස්කෘතියටම ගැලපෙනවා තමයි...කටින් බතල හිටුවන ඔය සංස්කෘතිය ඇතුලේ අඩුතරමේ "විනය" කියලා එකක් වත් තියනවද..? හින්දු භක්තිකයින්ගේ අලුත් අවුරුද්ද, මෙහෙ අය බලෙන් අයිති කරගෙන... ඒ මදිවාට ලජ්ජා නැතිව නීතිත් දානවා...

:       2       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල-වැල්ලවාය පාරේ අනතුරුදායක ගස් ඉවත්කරයි
2024 දෙසැම්බර් මස 20 31 0

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ලෙස මාර්ගයට කඩා වැටීමේ අවදානම් තත්වයේ පිහිටා ඇති අනතුරුදායක ගස් කොළන් අද (20) කපා ඉවත් කිරීමට කටයුතු සිදු කළ බ


මියන්මාරයේ සිට නීතිවිරෝධීව යන්න ගිය 100ක් මුලතිව් වෙරළට
2024 දෙසැම්බර් මස 20 44 0

මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඊයේ (19) සවස මුලතිව් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට


හම්බන්තොට වරායේ ජාත්‍යන්තර කම්හලක් ආරඹන්න ගිවිසුම් තබයි
2024 දෙසැම්බර් මස 20 401 0

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අදාළ ගිවිසුම්


දැදුරු ඔයේ ගිලි සිසුවෙක් අතුරුදන්
2024 දෙසැම්බර් මස 20 102 0

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුගොඩ ගම්මානයේ පාසල් සිසුවෙක් කොබෙයිගනේ මාවතගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වී ඇතැයි කොබෙයිගනේ පොල


මිහින්තලය අභය භූමියේ මුවන් මෑරු අයෙක් අල්ලයි
2024 දෙසැම්බර් මස 20 141 0

මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.


බදුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්
2024 දෙසැම්බර් මස 20 202 0

බදුල්ල රන්දෙණීගල හරහා මහනුවර ප්‍රධාන මාර්ගයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගනිමින් තිබූ ටිපර් රථයක් හා මෝටර් රථයක් අද (20) එම මාර්ගයේ මිණිපේ ඇළ ආසන්න


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21463 8



ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13882 10


මේවාටත් කැමතිවනු ඇති

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 8 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 103 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 358 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site