IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අවස්ථාව ගිලිහුනොත් රට ඇෆ්ගනිස්ථානයක් වෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහගෙන් පාලනය  ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.

මීට පෙර තෙල් ,ගෑස්, විදුලිය නැති වූයේ තාවකාලිකව බව කී බන්දුල ගුණවර්ධන මහතා නැවත එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සදාකාලිකවම තෙල් ගෑස් විදුලිය නැති රටක් නිර්මාණය වනු ඇති බව සඳහන් කළේය.

මේ අවස්ථාව ගිලිහී ගියහොත් නැවත කිසි දිනක අවස්ථාවක් නොඑන බව කී ගුණවර්ධන මහතා බොරු කියා සුරංගනා ලෝක මවන අයට රටේ ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ දීමට  නොහැකි බව සඳහන් කළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට කොන්දක් තිබුණේ රනිල් වික්‍රමසිංහ නමැති නායකයාට පමණක් බවද  අමාත්‍යවරයා කීය.



අදහස් (32)

අවස්ථාව ගිලිහුනොත් රට ඇෆ්ගනිස්ථානයක් වෙනවා

Rata Perata Wednesday, 21 August 2024 02:56 PM

නුඹලා එකඑක පැත්තට පනින පනින වෙලාවට කියන කතා පිළිගන්න තරම් දැන් ජනතාව මෝඩ නෑ. කොහේද යන කෙනෙක්...

:       12       121

සෞදි-සිංහ Wednesday, 21 August 2024 03:03 PM

තමුන් අවුරුදු 30ක් ඇමැතිකම් කරලා දියුණු කරපු රටේ තරම තමයි මේ ජනතාව අත්විඳින්නේ. බිල්ලෝ මවන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි...!

:       12       118

Methun Wednesday, 21 August 2024 03:06 PM

ඒකට කමක් නෑ. අපි මාලිමාවට...

:       21       110

sathyapala Wednesday, 21 August 2024 03:19 PM

තවත් වැටෙන්න තැනක් නෑ. දැනුත් ඉන්නේ කබලේ නොවෙයි ලිපේ. ලිපේ ඉන්න අපිව අළු වෙලා යන්න පෙර කවුරු හරි ඇවිත් බේරගනියෝ. අපිව ලිපට දාපු එවුන් අල්ලලා ලිපට දාපියෝ කියලා රට පුරා මිනිස්සු කෑගහනවා.

:       5       49

සිල්වා Wednesday, 21 August 2024 03:22 PM

ඇමතිතුමා ඇෆ්ගනිස්ථානය පිළිබඳව දත්ත යාවත්කාලීන කරගත්තා නම් හොඳයි. ඔවුන් චීනය දක්වා මහා මාර්ග තනා අවසන්. මහවැලිය වගේ වැඩ සටහනක්අරඹා 50% අවසන් කරලා. ඉන්ජිනේරු තාක්ෂණය දියුණු කොට ඇමරිකානු අවි ආයුධ ගුවන් යානා යතා තත්වයට පත් කර ඇත. ඔවුන්ගෙ විනිමය අනුපාතය ලංකාවට වඩා ඉහල මට්ටමක පැවතී. නමුත් ඔවුන් කිසිම විදේශ රටකට ණය නැත.

:       5       41

සාම Wednesday, 21 August 2024 03:22 PM

මේ වගේ දෙපිටගාට්ටු අවස්ත්වාදියන්ගේ සුනක කතා නිසාම මේ පාර මාලිමාවට

:       7       45

යෝගා Wednesday, 21 August 2024 03:31 PM

තමුන් අයින් උනොත් අනිවාර්යයෙන්ම රනිල්ට ඡන්ද සෑහෙන්න වැඩිවෙනවා. ඔහේ කරපු කරන දේවල් වගේම ඔය මූණත්තහඩුවත් ජනතාවට අප්පිරියයි

:       5       49

Jayasekara Wednesday, 21 August 2024 03:33 PM

මමත් ඔබතුමාගේ උසස්පෙළ, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය හා මූල්‍ය පන්තිවලට ආපු ගෝලයෙක් 90 අග භාගයේ... නමුත් ඔබතුමා ජීවත් වෙන්න මවපු, මවපු ලස්සන ආර්ථික න්‍යායක් නැහැ මේ වෙනකොට...

:       4       32

Chandana Fernando Wednesday, 21 August 2024 03:40 PM

ඔයා ගෙදර යන්නකෝ අපි බලාගන්නම් සැප්තැම්බර් 21 දාට...

:       4       37

sena Wednesday, 21 August 2024 03:46 PM

රනිල්ගෙයි තමුන්නාන්සේලාගෙයි කෙරුවාව අපි දැක්කා - ඒක නිසා මේ සැරේ මාලිමාවට...!

:       8       34

Rohana Wednesday, 21 August 2024 03:51 PM

හැමවෙලේම දිනයි කියලා හිතෙන පැත්තට පැති මාරුකරන අය ගැන ඇති විශ්වාසය බිඳී ඇත. බන්දුලත් මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක්. ඒ නිසා මට ඇමැතිකමක් ලබාගන්න රනිල්ගේ පැත්තට ඡන්දේ දෙන්න කියන්න. එහෙම කියන එකයි අවංකකම එක එක බහුබූත කතා නොකර....

:       4       41

sachith Wednesday, 21 August 2024 04:00 PM

ආර්ථික විද්‍යාව උපකාරක පන්ති වලින් රටේ ළමයින්ට ආර්ථික විද්‍යාව ඉගැන්නුවාට මෙයාට රටේ ආර්ථිකය තේරෙන්නේ නැති හැටි.

:       4       39

අශෝක Wednesday, 21 August 2024 04:00 PM

හා කමක් නැහැ අපි ඒක බලාගන්නම්..!

:       4       37

රංබොඩ Wednesday, 21 August 2024 04:24 PM

ණය ගත්ත එකයි තිබුණු ණය නොගෙවපු එකයි සහ ජාතිකත්වයක් නැති නිසා බටහිරයන් ගේ උපකාර ගත්ත එකයි ඇරෙන්න වෙන මොනවත්.කළාද කියලා මේ බලන්නෙ.

:       3       26

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 04:31 PM

ඔහේ කියපුව බොරු. කවුරු ආවත් බදු අඩු කරන්න බැහැයි කිව්වට ජනවාරි වල අඩු කරනව කියනවනේ.එතකොට ඒ බොරුවට කියනවද? බාර් එපා කිව්ව තමන්ගෙ ප්‍රදේශයේ පමණක් , ඒක හරිද? බාර් වැහුවොත් සුරා බදු කෝ, එතකොට සුරා බදු වලින් ලැබෙන ප්‍රතිලාබ තමුන්නැහැගෙ ප්‍රදේශයකට අකැපද? නිකන් සංදර්ශන කරන බොල් මිනිහෙක්. මෙවන් චරිත නැති පාලනයකට ඇති අවසන් අවස්ථාව මග නොහරිමු. වෙනසකට චන්දය පාවිච්චි කරන්න.

:       3       26

විජිත් Wednesday, 21 August 2024 04:32 PM

බුහ් ..බුහ් , ඔය කතන්දර අහන ,විශ්වාසකරන මෝඩයෝ දැන් නැහැ... #මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       5       25

නාමල් Wednesday, 21 August 2024 05:01 PM

එතකොට මහබැංකුවේ මහදවල් මහ මංකොල්ලය කරපු කෙනා දැන් උපාසකයාද?

:       3       22

Dharmatileke Wednesday, 21 August 2024 05:22 PM

රනිල් කරන වැඩේ මටත් පුළුවන්... රටවල් වලින් සල්ලි දෙනවා ණයට රනිල්ට... බඩු ගන්නේ එයා මුදලාලි වගේ බඩු ගන්නවා. ඉස්සෙල්ලාට වඩා තුන් ගුණයක් වැඩියෙන් අපිට දෙනවා. ඒ කරලා කියනවා ආර්ථිකය හොඳ අතට හැරිලා තියෙන්නේ කියලා...

:       4       19

ලුම්බිනි පාසැල හැව්ලොක් ටවුන් Wednesday, 21 August 2024 06:26 PM

මමත් මොහුගෙන් ඉගෙන ගත්තා. ඒත් දැන් මොහු කියන දේවලට මට කියන්න තියෙන්නේ මොහු බොරුකාරයෙක්.. නමුත් හොඳ වාචාල කටක් තියෙනවා...

:       3       19

චන්දිම Wednesday, 21 August 2024 08:23 PM

1981 වසරේ කොළඹ එවකට පැවති ස්ටෆඩ් ආයතනයේ මම භෞතික විද්‍යා පන්තියේ දේශනයට සහභාගී වන විට මෙයා අනිත් ශාලාවේ ඉඳන් ලවුඩ්ස්පිකර් එක දාගෙන ආර්ථික විද්‍යාව පන්තිය කරනවා. ඒ කාලේ මෙයා ඡන්දෙට එනකොට මමත් හිතුවා මිනිහා රටට නියමෙට සේවය දීලා රටේ ආර්ථිකේ දියුණු කරයි කියලා. වැඩිකල් යන්න කලින්ම මට තේරුනා මිනිහා දන්නේ ඒ ලෙවල් සිලබස් එක විතරක් මිසක් වෙන මොන මල ඉලව්වක් වත් නැති විත්තිය. මතකනේ මේ ළඟදිත් ගොටගේ කාලේ ඩොලර් ඉවරවෙගන ගිය වෙලාවේ මිනිහා ලොරි ගණන් ටෝක් දුන්න බයවෙන්න කිසිම හේතුවක් නැහැ ඩොලර් උපයන්න ඕනි තරම් ක්‍රම තියෙනවා කියලා.

:       2       9

ගමේ එකාලා Wednesday, 21 August 2024 08:31 PM

තමුන් වෙළද ඇමතියා වෙලා ඉන්න කාලේ කිව්වේ සක්කරයාගේ පුතා වයිමා ආවත් රටේ ආර්ථක ගොඩගන්ඩ බැරි බව. එහෙම කියපු ආර්ථි ක ඔස්තාර් ගේ කයිවාරු අපි හොන්දට අහලා තියෙනවා .

:       2       10

පිටරැටියා Wednesday, 21 August 2024 09:04 PM

දැන් රට සුරපුරයක් වෙලාද තියෙන්නේ ? රනිල් නාවොත්, ඇමති පට්ටම නැතිවෙලා නන්නත්තාර වෙයි කියලා බය වෙලා?

:       2       8

Nalin Wednesday, 21 August 2024 11:38 PM

මුන් බොරු බිල්ලෝ මවනවා බල පෙරේත කමට.. පට්ට සංවර්ධනය මුන්ගේ .. අවුරුදු 70 ගානක් තිස්සේ රට විනාශ කරලා, දැන් බේරගන්නලු.. මුන්ටම දෙන්නලු.. පුපෙන් හිනා ඔයී

:       1       3

Nishan Thursday, 22 August 2024 04:42 AM

ඔක්කොම දුවන්නේ රනිල්ගේ මොලෙන්. අනුරලා ආවත් රනිල්ට උපදේශක තනතුරක් දීලා ඒ මොලෙන් වැඩ ගන්න වෙනවා. නැත්නම් මේ රට ඇෆ්ගනිස්ථානයක් නෙවෙයි බංගලාදේශයක් වෙනවා.

:       4       1

බෝධිපාල Thursday, 22 August 2024 06:20 AM

මෙයාගෙ දරුවො ඉන්නෙ පිටරටක. ඔවුන්ගේ චායාරූප ගොන්නක් දැක්කා. ඔවුන් ගතකරන ජීවිතය ඩුබායි ශේක්ලගේ දරුවෝ හා සමානයි. ලෝකය පුරා යමින් ඉහලම හෝටල් වල හිදිමින් පුද්ගලික ආරක්ෂකයින් පවා තබාගෙන ලැම්බෝගිනි පදිමින් ගෙවන ඒ ජීවිතේ දැක්කොත් කිසිවකු හිතන්නේ නෑ ඒ තරම් ජීවිතය ගතකරන්නෙ. ඉරිසියාවක් නෑ. ඒත් ඒ සල්ලි හොයන්නෙ ඔවුන් නොවෙයි. දැන් අලුතින්ම ක්‍රමය කොමිස් මුදල් යන්නේ පිටරට ඉන්න දරුවන් අටවාගත් බොරු සමාගම් වලට. කවදාවත් අල්ලන්න බෑ. ලංකාවේ මිනිස්සු පව්. මේ චායාරූප මම කිහිප දෙනෙකුටම යැවුවත් කිසිවෙකු තවම ප්‍රසිද්ධ කලේ නෑ.

:       1       4

Malika Thursday, 22 August 2024 08:14 AM

ඔව් ඔව්. රට කෙසේ වෙතත් ඔයාලට ඉන්න වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉන්නවා වගේ තමා. අපිට නම් රට සුරපුරයක් කරගන්නයි ඕනේ ඔයාලගේ පාලනයෙන් බැහැර වෙලා. අපි ඉන්නේ කොහොමත් ඇෆ්ගනිස්ථානයේ දැන්. ඔයාල හිටියේ හැමදාම සුරපුරයේ. ඔය දඟලන්නේ පේ පාරත් ඒ ටික රැක ගන්න. ඔයාගෙන් ඉස්සර ඉගෙන ගත්තු එකටත් ලැජ්ජයි සර්.

:       1       3

Kazi Shajahan Thursday, 22 August 2024 08:31 AM

මාර කතා නේ කියන්නේ ,රට බංකොලොත් කල මිනිස්සුන්ම නැවත කියනවා එයාලටම දෙන්නලු . අපි බත් කන්නේ . ඕවා තණකොළ කන ,මේ දවස් වල ඔහේලාගේ වේදිකාවේ ඉස්සර ඉන්න ගොන් හැත්තට කියනවා

:       1       6

Some guy Thursday, 22 August 2024 08:50 AM

අපේ රටේ මිනිස්සුන්ට ඕන හැමදාම ගැලවුම් කාරයෙක්, ගැලවුම් කාර කුමාරයෙක් රජෙක් අප්පච්චි කෙනෙක්. නිල රතු කොළ මේ හැම පාටෙන්ම ඉල්ලුවේ ගැලවුම්කාරයෝ. එත් ඔය වැඩි ඡන්ද හිමි බෞද්ධයෝ දන්නේ නැහැ ගැලවුම තමන්ගේ අතේ බව. බුදුදහමේ තියෙන්නෙත් ගැලවීම තියෙන්නේ තමන්ගේ අතේ කියල.

:       1       3

Duminda Udayakumara Thursday, 22 August 2024 09:33 AM

ඔයා බුරන්න .අපි මාලිමාවට දෙන්නම්

:       1       4

sam Thursday, 22 August 2024 10:19 AM

ඔව් . සුදුළුනු කන්නත් බැරුව යනවා

:       0       0

කිරු Friday, 23 August 2024 07:11 PM

ඔව් ඔව් බොල මුලුබානෝ... ඒකනේ අපි ලක ලෑස්ති වෙන්නේ. ඒක කියන්න ඔයා ඕනැයි.

:       0       0

ලලිත Saturday, 24 August 2024 11:31 AM

අනේ යන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 197 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 19 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 638 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 643 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13806 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3338 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19769 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site