හම්බන්තොටදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ අවසන් 11 දෙනාගේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එළඹෙන්නේ තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණයේ තණතීරුවේ ස්භාවය සහ ප‍්‍රතිවාදී කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම වෙනුවෙන් අද (10) පස්වරුවේ කොළඹදී ආරම්භ කළ කණ්ඩායම් නායකයන්ගේ පළමු නිල මාධ්‍යහමුවට සහභාගි වෙමින් මහේල මෙසේ ද පැවසීය.
‘‘ලෝක කුසලාන තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. තරුණ මෙන්ම අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත අපේ කණ්ඩායම හොඳ සූදානමකින් ඉන්නවා. පළමු වටයේ තරග දෙක පිළිබඳවයි දැන් අවධානය යොමු කරන්නේ, අනතුරුව දෙවැනි වටය, අවසන් පූර්ව තරග සහ අවසන් තරග දක්වා සාර්ථකව ඉදිරියට යෑමයි අපේ සැලැස්ම’’
පාකිස්තානු සංචාරය අතරතුරදී ආබාධයට ලක්වීමෙන් මාසයකට අධික කාලයක් විවේක ගැනීමට සිදුවූ කුමාර් සංගක්කාර සති දෙකකට පමණ පෙර පන්දුවට පහරදීම ඇරඹු අතර සංගක්කාරගේ අත ගොඩක් දුරට සුවවී ඇති බවත් ආබාධයකට ලක්ව සිටි නුවන් කුලසේකර මේ වන විට පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් මහේල පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සිම්බාබ්වේ පිලට එරෙහිව සූරියවැවදී පැවැත්වෙන පළමු තරගයේ ශ්‍රී ලංකා පිලේ සංයුතිය සහ මහේල ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ ද යන ප‍්‍රශ්නයට මහේල මෙසේ පිළිතුරු සැපයීය.
‘‘කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එන්නේ තණතිරුව සහ කණ්ඩායම පිළිබඳ අවධානය යොමු කිරිමෙන් පසුවයි. සංචිතයේ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් සිටීම නිසා සංයුතිය පිළිබඳව ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ’’
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් පැරදෙන්න එපා..!!(නු)
ඒ වැඩේ නම් හොදයි
වටිනා තීරණයක්
ලෝක කුසලානයට කළ දේ නම් මේකට කරන්න එපා. (නි)
මහේල අයියේ, හැමදේටම වැඩියෙන් මේ පාර මවුබිම ගැන හිතන්න. (නි)
සංජීව, ඔබ හරි. ඒත් මට නම් අපේ කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. (නි)
අවසාන තරඟය ශ්‍රී ලංකාව හා පකිස්තානය අතරයි.. (ස)
හොදම කණ්ඩායමක් මේ පාර තෝරලා තියෙන්නේ (නි)
මල්ලිලා ගැහුවා වගේ අයියලත් ගහයිද දන්නේ නෑ.. (ස)
ඉන්දියාවටනම් කප් එක දෙන්න එපා.. (ස)
දැන් මේකේ ප්‍රතිචාර දාලා ඉන්න කට්ටිය එකතු කරලා කණ්ඩායමත් හැදුවා නම් අපි ගොඩ. (නි)
ලෑල්ල දම දමා ඉන්න ඒපා . පලවන ඕවරයේ ඉදලම වේගයෙන් බැට කරන්න .ඒතෙකාට ජය මාවත පෑදෙනවා පිකුරුයි (ස)
බල බලා ඉන්න එපා. පළවන ඹ්වරයේ ඉදලම වේගයෙන් බැට් කරන්න. එතකොට ජය මාවත පෑදෙනවා සිකුරුයි. (නි)
ජය වේවා ශ්‍රී ලංකා! (නි)
ලෝක කුසලානය මුදලට පාවා දෙන්න නම් එපා. (නි)
විමුක් ඇත්ත කතාව , කාට පැරදුනත් කමක් නෑ ඉන්දියාවට නැතුව (ස)
වරුණ-කොහොමත් තරංග 20-20 සංචිතයේ නෑ.ජීවන් මෙන්ඩිස් කණ්ඩායමේ ඉන්නවා.ඒ වගේම හැමදෙනාම අපේ කණ්ඩායමට බනින්නේ නැතුව මේ වෙලාවෙ කණ්ඩායම දිරි ගන්වන්න..මොනදේ උනත් ඒ අපේ කණ්ඩායම.අපේ රටේ නම ගෙනියන ක්‍රීකට් කණ්ඩායම..මම හදවතින්ම සුබ පතනවා අපේ ක්‍රීකට් කණ්ඩායමට. (ස)
මහේලගේ තීරණය හරි. අපිට මේ පාර ලෝක කුසලානය දිනන්න පුලුවන්. අපේ කණ්ඩායමට ජය වේවා! (නි)
කාට පැරදුනත් කමක් නෑ ඉන්දියාවට පැරදෙන්නේ නැතුව.. (ස)
දැන් ඔහොම කිව්වට පස්සේ තමයි ඇඩෙන්නේ . සුපර් 8 වටයට ආවොත් තමයි පුදුමේ... (ස)
සංගක්කාර තුවාලවුණේ නම් ඉන්දියාව සමග තිබුණු තරගයේදී..!(නු)
වරුණ ඔයා කොහේද ඉන්නේ... (ස)
මහේල කොහොමත් කතාවට දක්ෂයි ? (ස)
අපිට ලෝක කුසලානය නැති වුණා.. (ස)
ආයිත් අපිට ලෝක කුසලානය නැති වෙයිද? (නි)
දැන් කණ්ඩායම හොදයි කිවුවට අන්තිමට කියයිද දන්නේ නැහැ 'අපේ තේරීම් කමිටුව අපිට හොද කට්ටියක් දුන්නේ නැහැ' කියලා. (නි)
තණතීරුව පිරික්සීමෙන් පසුව මහේල අයියේ, මොකද කරන්නේ? සමහරවිට අපිට ඔයා ගැනත් තීරණයක් ගන්න වෙයිද දන්නේ නැහැ. (නි)
තරංග වෙනුවට ජීවන් මෙන්ඩිස් ආවොත් නේද හොද? (නි)