2009 මැයි මාසයේ පුදුමාතලන් හි අවසන් සටන් මෙහෙයුමේදි සතුරු ප්‍රහාරයෙන් දැස් අහිමි වු යුද හමුදා ලාන්ස් කෝප්‍රල් උපුල් ඉන්ද්‍රජිත් , තිළිණි ප්‍රියදර්ශනී මෙනවිය සමඟ අද ජීවින සටන ඇරඹිය
කෑගල්ලේ කිතුල්ගල උපන් ඉන්ද්‍රජිත් බුත්තල ගෝණගංආර උපන් ප්‍රියදර්ශනී සමඟ මෙසේ යුග දිවියට එළඹියේ ගම්පහ පභාවි උත්සව ශාලාවේදීය
විවාහ මංගල්‍ය චාරිත්‍රානුකුලව සිදු කළ මෙහිදි මනාලයා මුතු කුඩ ඔසවා පලස් එළා පිළිගෙන කැඳවා ආ අතර මනාලිය දෝළාවක හිඳුවා කැඳවාගෙන එනු ලැබුවාය
රාගම රණවිරු සෙවණේ ප්‍රජා පුනරුත්ථාපන අංශයෙන් සංවිධානය කළ මෙම උත්සවයේ බරපැන ගම්පහ සියනැවේ අපි සංසදයෙනි
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළට සුබ මංගලම්! වාසනා...! (නි)
වාසනාවන්ත යුග දිවියක් වේවා !!! වාසනාවේ මල් පිපේවා !!! (ස)
නෙතට කඳුලක් නෙගෙන මෙවැනි කටයුතු නිහඩව සංවිධානය කරන බ්‍රිගේඩියර් පෙරමුණු ගමගේ සොයුරාට තව තවත් මෙවන් වූ සත් කාර්යයන් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! (ස)
ධෛර්යවන්ත ගැහැණියකි ඔබ, ඔබ දෙපලට සුබ පැතුම්!!!! (ස)
මොහු මගේම සහෝදරයෙක් වැනියා. මොහුට උණුසුම් සුබ පැතුම් එක කරන්නෙමි. (ස)
ලංකාදීප කතු මඩුල්ලට නොවක් තුති මෙම මංගල වීඩියෝව පළ කළාට. මෙම යුවලට තෙරුවන් සරණේ බලයෙන් දුක් කම්කටොලු දුරු වී වාසනාවන්ත යුග දිවියක් පතමි. (නි)
මංගලම් ජය මංගලම් වේවා ශ්‍රී සුභ මංගලම්....! (නි)
ඔබ දෙපළට මගෙත් උණුසුම් සුබ පැතුම්! (නි)
ලංකාදීප පුවත්පතේ අගනා සේවයට මල් පොකුරක්. (නි)
කියන්න වචන නැහැ. චිරාං ජයතු !!!! (ස)
චන්දී, ඔබ ලියා ඇති ලස්සන කවි ටික අප සැමගේ හැඟීම් වෙනුවෙන් ඔබ ලියා ඇතැයි මට සිතේ. අප සැම එක් වී මෙම නව යුවලට සුභ ප්‍රර්ථනා කරමු.(අ)
වාසනාවන්ත යුග දිවියකට ඔබ දෙපලට සුභ පැතුම් !!! (අ)
ඔබ දෙපළට සුභ මංගලම්! ඇස් නොපෙනුනත් සවිශක්තිය ඇත ඔහුට.. බාධක මැදින් සතුටින් යයි ඉදිරියට.. ආදර දයා සිත ඇති තැන ඇත සතුට.. නැගණිය යමක් පෙන්වාදෙයි මුළු ලොවට... (නි)
කතෘ තුමනි..!!! මේ ''උතුම් මනාලිය'' දෝලාවෙන් ගෙනෙන පින්තුර තිබේනම් එකක් ,දෙකක්,පලකරන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි (අ)
නිලූ නංගි ඔයාට ගොඩක් ස්තුතියි ..!! මාව මතක් උනාට විස්තරේ කියවල උණු කදුලින් අදහස් ටික කියවන් එනවිට දැක්කේ ඔයා මට ලියපු අදහස ., ඇත්තටම නංගි කවියෙන් සුබ පතන්න තමයි හිතා ගත්තේ ඔයාගේ අදහස දැක්කම තවත් ආසා හිතුන මං කවි 5ක් විතර හදල ලිව පළවේවිද දන්නේ නැහැ බලමුකෝ (අ)
සංසාරයේ පතා ආ විලසින්ද... මෙලෙසින් ඔබට සරදම් කළේ දෛවයද... අනේ නැගණියේ ඔබේ ගුණ කෙතරම්ද... රැකගන් සදාකල් ඔබේ හිමියන් අන්ධ..!!! ලිව්වත් කොතෙක් දේ කවි කර නුඹෙ නමට... තව තව මදි වගෙයි නංගියේ මාගේ හිතට... දෙවියන් වුණත් වදිනවා තිළිණිගේ නමට... තවමත් මගේ කදුලැලි පිරිලා නෙතට ..!!! (නි)
කියවන විටදී මේ දෙපලගේ කතන්දරේ .., කදුළැලි පිරුණි මා දෙනෙතෙහි නිරන්තරේ... දෑගිලි වලිනි ඒ කදුලැලි ඉවත් කළේ... ඔබ හට පෙනුම ලැබීයන් දිනකදී නුදුරේ.. !! ලැබූ නව ජීවිතය සතුටින් පිරෙන්නයි.., කුමරුගේ ළගින් රජ කුමරිය සිටින්නයි.. සිනහව සතුට ඔබ සිත් තුළ පිරෙන්නයි.. චන්දිගේ 'පැතුම'දු දරුවන් ලැබෙන්නයි ..!! දයාබර පුංචි නැගණියේ,! මා දන්නා ආබාධිත සෙබළුන් කිහිප දෙනෙක්ම ආබාධිත වුණාට පසු පෙම්වතියන් වෙනස් වුණා. නමුත් පුංචි නැගණියේ , ඔබත් ඔබේ දෙමව්පියනුත් ඉතාමත් බුද්ධිමත් හා ගුණගරුක අය බව මගේ හැගීමයි..!! (නි)
සැමවිටම දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළට ලැබේවා! සුභ මංගලම්! (නි)
අම්බපාලියන් පිරුනු සමාජයක නියම යශෝදරාවක් ඔබ තුලින් අද මම දකිනවා අක්කේ. ඔහු අපේ මව්බිමේ දරුවෙක්. ඔහුව රැකගන්න. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. (ස)
ඔබ දෙපලට සුභ මංගලම්.........(අ)
සුභ මංගලම්! (නි)
ආදරණීය රණවිරුවාට සුභම සුභ මංගලම්! වාසනාවන්ත සුභ අනාගතයකට අාසිරි පතමි (නි)
ඔයාලා දෙපලටම සියළු දෙවි පිහිටයි. (ස)
ඔබ දෙපලගේ ජීවිතය ආලෝකමත් වේවා! නැගණියේ, ඔබ ලක්මවට ආඩම්බරයක් (නි)
සුබ මංගලම්! (නදී)
අක්කේ ඔයා නම් අදහන්න වටිනවා. ඔයා අවංක ආදරේ දන්නවා. ඔයා අපේ ගැහැණු අයට ආදර්ශයක්. හදවතින්ම සුභ පතනවා.(නදී)
ලොව වටිනාම මිනිස් වස්තුව අපේ රණවිරුවා නොවීද? ඒ තේමාවට අරුතයක් දුන් නංගියේ ඔයා නියම ගැහැනියෙකි. ඇස කන් නාස් අත පය අංග සම්පූර්ණ මිනිස්සුත් අද ලෝකේ යුතු කම් දන්නේ නැහැ ඒත් ඔයා මේ මහත්තයා ගැන විස්වාසයකින් ඉදිරි ගමනට පා තිබ්බා. ඒ තමා උතුම් ආදරේ. ඔයාට වරදින්නේ නැහැ . ඔයාලට සතර වරම් දෙවි පිහිටයි.(නදී)
කීමට වචන නැත.ඔබ දෙපලට සුබම සුබ අනාගතයක්.දළදා සමිදු පිහිටයි ඔබ දෙපලට! (නි)
ලංකාදීප පුවත් පතේ අගනා සේවයට සුබ පැතුම් !!!! සුබ මංගලම් ඔබ දෙපලට !! (ස)
සුබ මංගලම් !!!!! (ස)
සුබ මංගලම් ඔබ දෙපළට! (නි)
මගේ දෙනෙතට කදුළු ආවා. සුබ මංගලම්! (නි)
ඔබ දෙපලට දිනෙන් දින සාර්ථක වන් නිදුක් නීරෝගී ජීවිතයකට සුබ පැතුම් !!! (ස)
සුභ මංගලම්. (ස)
සුබ මංගලම්! (ස)
මේ උතුම් ගැහැණිය වාසනාවන්, රණවිරුවාණෙනි, ඔබට සුබම සුබ මංගලම් !!! ඔබ දෙපලට වාසනාවන්ත නිරෝගී දරුවන් ලැබේවා සුබ අනාගතයක් . (ස)
වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම්! (නි)
ප්‍රීතිමත් ජීවිතයක්.... (ස)
සුභ මංගලම්! ඔය සිනාව ජීවිතය පුරාවටම තිබේවා! (ස)
දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාලට... (ස)
නංගි, ඔයාට නම් කවදාවත් වරදක් වෙන්නේ නැහැ. ඉත සිතින්ම ඔයාගේත් මල්ලිගේත් අනාගතයට සුභ පතනවා. පණ දෙන්න ආදරය කරලා මොකක් හෝ විපතකින් අංග විකල වුණහම පෙම්වතා හැරයන යුවතියන්ට ඔයා ලොකු ආදර්ශයක්. ඔයාගේ හදවතේ ලස්සන එයාට පෙනුනත් ඔයාගේ රුවේ ලස්සන දකින්න නොලැබීම ගැන දුක් වෙනවා. (නි)
පුදුම හිතෙනවා මට නම් (නි)
සුබ මංගලම්! නෝනගේ හැඩ රුවවත් දකින්න බැහැනේ.දෙන්නගේ ලස්සන හිනහව තුළ කොපමණ බලාපොරොත්තු සිත් තුල ඇද්ද? ඔබ දෙපලට වාසනාවන්ත දරුවන් උපදීවා...!!! (නි)
ඉතාමත්ම උතුම්! බොහෝ කාන්තාවන්ට මෙය ආදර්ශයක් වේවි. මගේ උණුසුම් සුභ පැතුම් රණ විරුවාණෙනි, වීරවරියනි! (නි)
සුබ මංගලම්! (නි)
ජය සතුට පිරි සුභ අනාගතයක් !!! (ස)
අද දෑත් අල්ලාගත් ඔබ දෙපළට සසර වසන තුරු එකට එක්ව එකම ගමනක් යන්න අපි සුබ පතමු (නි)
මනාල යුවලට මගෙ හද පිරි සුබ පැතුම්. ඒ වගේම මම කියන්ට කැමති පොඩ්ඩ බැරි වෙච්චහම විවාහ ජීවිතය අවුල් කර ගන්න යුවතියන් මෙම මනාලියව ආදර්ශයට ගන්න. මොකද ජීවිතයේ සෑහෙන වැඩි කාලයක් සැමියා වෙනුවෙන්ම කැප කිරීමට බොහොම සතුටින් බාර ගන්ට සූදානම්. එයා ඉතින් ඉතාමත්ම උතුම් ආදර්ශවත් ලඳක් නොවෙයිද ?? (ස)
සාර්ථක යුග දිවියකට සුබ පැතුම් .... !!! (ස)
අපගේ හදපිරි ගෞරවය ඔබ දෙපලට පුදකරමු (නි)
සුභ මංගලම්! (නි)
නංගියේ, ඔබ නියම සිංහල කුල කාන්තාවක්. ඔබ දෙපලට ජයෙන් ජයම වේවා! ගම්පහ සියනෑවේ අපි සංවිධානට හද පිරි ස්තුතිය (නි)
සුබ මංගලම් විරුවානනේ..... (ස)
සුභ මංගලම් ඔබ දෙපලට! (නි)
ජය මංගලම් ! ඔබලාගේ දිවිය සතුටින් ගත කරන්න ලැබේවා කියා පතමි. එසේම ඔබලාගේ දිවය රසවත් කරන්න වාසනාවන්ත දරු කැලක් ලැබේවා! (ස)
සුබම සුබ අනාගතයක්! (නි)
පුතුනුවනි,දියණියනි,ඔබ මේ ලක්දෙරණේ නොනිමෙන පහන්ය. (නි)
ඔබ දෙපලට සුබ මංගලම්. හරිම සතුටු දවසක්. ඊට හොඳ ලඳක්. (ස)
මේ එකතුවීම සිදුවුණේ ලස්සන නිසාවත්, සල්ලි නිසාවත් නොවන, අවංක ආදරය පමණක්ම නිසා හරිම ආඩම්බරයි ඔබ දෙදෙනා ගැනම. තෙරුවන් සරණයි!! (නි)
ජයෙන් ජය.. සුභ මංගලම්....! (ස)
ලස්සනම ලස්සනයි. සුභ මංගලම්..... (ස)
මං දන්නවා අද චන්දි අක්කාට වැඩ වැඩයි.දිරිය ශක්තිය ලැබේවා ඉක්මනින් ඉවර කරලා ඇවිත් කවියක් ලියන්න මේ දෙපලට.!!! (ස)
ජයසිරි මංගලම්! ඔබ දෙපළට මගේ සුබ පැතුම්! (නි)
තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දිවියකට සුභ පැතුම්! (නි)
අනේ අපේ රට මුදවා ගත් රණ විරුවණනි ඔබට සුබ මංගලම් ! (ස)
ජයෙන් ජය, හොඳ දරුවන් ලැබීලා සමගියෙන් සතුටෙන් ඉන්න ලැබෙන වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රර්ථනා. නංගී ඔය උතුම් කාන්තාවක්. ඒ වගේම හොඳ අම්මා කෙනෙක් වේවා කියලා පතනවා. (ස)
ඔබ දෙපලගේ යුග දිවියට මගේ උණුසුම් සුබ පැතුම් අරඹන්නට අදින් ඔබගේ යුග දිවිය තබමින් හදවතේ නැගනියේ ඔබේ සවිය මව්බිම රකින්නැයි ඔහු ගත්තේ අවිය උපහාරයකි නව යුවලට මෙම කවිය (ස)
හරිම හැඟීම්බර මොහොතක්. දෙදෙනාගේම එඩිතර ශක්තිය අපටද දැනුනි. ජීවිතය ලස්සන ගීතයක්ම වේවා. (ස)
උණුසුම් සුබ පැතුම්......! (ස)
දිවි ගමන සාර්තකම වේවා!..ජය මංගලම්!.... (ස)
ඔබ දෙපලට සුබ මංගලම්..!!! ඒ වගේම මනාලියගේ කැපවීම ඉතාම උතුම්.!නෙත් අදමුත් නෙත් දහසක් අතරින් ලෝකය දකින්න ප්‍රාර්ථනා කරමි...!!! (ස)
මනාලියනි, ඔබ සැබෑවටම දේවතාවියකි. ඔබ දෙපලට දීර්ඝායු වේවා! (නි)