කොළඹ කොටුව දුම්රිය පොළේදී අශෝබන ලෙස හැසිරුණු ඉංජිනේරුවරයකුට නඩු නොපැවරීම නිසා රුපියල් හැත්තෑපන්දහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දොළොස් දහසක් දින කිහිපයකට පෙර ගත් බව කියන කොටුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අද ඉතිරි මුදල වන රුපියල් හැටතුන්දහස ලබා ගනිද්දී අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා වැසිකිළිවල කැමරා සවි කරනවා ඉංජිනේරුවෝ පොදු ස්ථානවල පිස්සු නටනවා අපේ රටේ උගත්තුන්ට වෙලා තියෙන්නේ මොකද්ද?(දිල්)
පොලිස් ලොක්කා කෝටිපතියෙක්ලු. අනේ මන්දා.(නදී)
ඉන්ජිනේරුවා නිර්භීතයි. පොලිස් ලොක්කා මිනිස්සු ගොඩකට මේ දේ කරලා තියෙනවා කියල ආරංචියි. අහිංසක මිනිස්සු අමාරුවේ දානවලු. හොද පාඩමක්. (නදී)
විසෙන් විස නසනවා කියන්නේ මේවට (දී)
දැන් එතකොට අර අසෝබන වැඩ කරපු කෙනා නිදහස්ද ? පුදුම ලෝකයක්නේ මේක (දී)
අශෝබන වැඩ දෙකම කැතයි නිතිය දෙකටම ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)
කවුරු පගාව ගත්තත් දුන්නත් දෙකම එකසේ වැරදියි (දී)
මේක ලොක්කෝ පුරුද්දට කරන දෙයක් වගේ (දී)
ඉංජිනේරුවා නිර්භීතයි. කරුණාකර ඔහුගේ අනන්‍යතාව රකින්න. නම පලකරන්න එපා, එවිට අනික් අයත් ඉදිරියට ඇවිත් පැමිණිලි දායි.(නදී)
බලාගෙන ගියාම දොස්තරලයි ඉංජිනේරුවොයි පහුගිය සති දෙකේ තුනේ අශෝභන වැඩ කරලා නේ (දිල්)
මේ දෙන්නගෙම බුධ ග්‍රහයා නීච වෙලාද? වක්‍ර වෙලාද?(දිල්)
" අද කාලේ ජීවත් වීම ඉතා කටුක වන නිසා. පත්තරයක් බැලුවත් අපිට දකින්න හම්බුවෙන්නේ මේ වගේ සුළු මුදල් ප්‍රමානයක් ලබා ගැනීම මත අත් අඩංගුවට පත්වන්නන්. මොවුන් දරු පවුල් කාරයෝ." හොදට හිතල බලල කතා කරන්න.(නදී)
ජීවන වියදම අඩුකරන්න ඕනේ, ගෙවතුවල පිරිසිදුවට මොනවා හරි වවා ගන්න උදවු කරන්න ඕනේ. දේශ පාලකයෝ බදු ගෙවන්නෙත් නැහැ, කොමිස් අල්ලස් ගන්නවා කෙළවරක් නැහැ. ඒවා නවත්තල දේශපාලකයෝ අඩු කලොත් පොඩි මිනිස්සුන්ට පඩි වැඩි කරන්නත් පුළුවන් නේද? මෙහෙම පවුලේ තාත්තව හිරේ දැම්මම ළමයිත් හොරු වෙයි. පුනරුත්තාපනය කරන්නේ කොටින්ව විතරද? මේ වගේ වැරදි කරන අනිත් අයටත් අවවාද කරලා රස්සාව කරන්න දෙන්න ඕනේ.(නදී)
මොකක්ද කියන්නකෝ 75000/= ක් වටිනා අශෝබන වැඩේ?(දිල්)
මම අවුරුදු නමයකට පස්සේ ලංකාවට ගිහිල්ලා ආවා. මම දැකපු දෙයක් තමයි තමයි කිසිම වැඩක් කරගන්න බැහැ පගාවක් දෙන්නේ නැතුව. ඒක දැන් නියමයක් වෙලා වගෙයි. වාහනයක් අරන් පාරට බැස්සත් අමතර රුපියල් 1000 වත් අරගෙන යන්න ඕනේ පුද පුජා වලට දෙන්නම. නොකළ වරදටත්, කොලේ ලියන්නයි මේ අයගේ උත්සාහය. හරියට කතා කලොත් පුජාව නොදී බේරිලා එතහැකි. කතා නොකලොත් පුජාව දෙන්නම වෙනවා.(නදී)
මම ඔය අයි.පී ගැන හොදට දන්නවා දුම්රිය දෙපාර්තුමේන්තුවේ මගේ මිතුරෙක් මට නම ගම ඔක්කොම දුන්නා. මීට පෙර අල්ලස් ගන්න කොට මගේ මිතුරා දැකල තියෙනවා සල්ලි ගන්නවා. හොද වැඩේ රාජකාරිය කරන්නේ නැතුව අල්ලසට රාජකාරිය පාවල දෙනවට.(නදී)
හොඳ වැඩේ ඔහොමම තමයි කරන්න ඕන පාගා ගහනවට.නිතිය රකින අයම නිතිය කඩ කරනවා. මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. (දී)
මේක නම් සාධාරණිකරණය කරන්න බෑ. ඒ වුනාට මාගරි මේවා විතරක් නවත්වන්න බෑ. සමහරු පගා ගන්නේ රට උකස් කරලා. රටේ තරුණ පරපුර ළමා පරපුර උකස් කරලා, බිල්ලට දීල . මේවා අතර ඒවා නිකම් මෝය කටෙන් පොල් ලෙල්ලක් ගිය වගේ. ගහ කරදයක් නම් කොළ අහුලා අහුලා හිටියට විසඳන්න අමාරුයි. ගහ මුලින්ම කපන්න වෙනවා.(දිල්)
මේ ප්‍රශ්නයේදී දෙගොල්ලොම වැරදියි මොකද පොලිසියට විතරක් දොස් කියන්නේ (දී)
වෙන අය හොරකම් කරනවා කියල මේක සදාරණීය කරන්න බැහැ. (දී)
මේ පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩි කලොත් මෙවන් ප්‍රශ්න ඇති වෙන එකක් නැද්ද, මොන බොරුද (දී)
පගා ගහන එක හොඳ වැඩක් නොවෙයි. නමුත් මේ මිනිස්සු මේ දේවල් කරන්නේ අද කාලේ ජීවත් වීම ඉතා කටුක වන නිසා. පත්තරයක් බැලුවත් අපිට දකින්න හම්බුවෙන්නේ මේ වගේ සුළු මුදල් ප්‍රමානයක් ලබා ගැනීම මත ඇත අඩංගුවට පත්වන්නන්. මොවුන් දරු පවුල් කාරයෝ. මෙය විවේචනය කරන අය නිකමටවත් පත්තරේ දැක්කද මහා පරිමාණයෙන් කෝටි ප්‍රකෝටි ගණන් පගා ගහන අපේ සමහර ලොකු ලොකු උදවියගේ පැටිකිරිය. ඔවුන්ව අත් අඩංගුවට ගන්නවද? ඔවුන් පගාවට පාවා දෙන්නේ අපේ රටේ සම්පත්. හරියට ඔවුන්ගේ අම්ම අප්පාගේ බුදලේ වගේ. (දී)
සෝමදාස ගම්වල කසිප්පු ගංජා නැති කරන්න ඕනි ඔව් සේරටම කලින් නගරයේ තියෙන කුඩු මත්ද්‍රව්‍ය නැති කරන්න ඕනි .මොකද මේවා කරන්නේ මහා පරිමාණයෙන් .ගම නගරය කියල නැහැ දෙපැත්තේම නැති කරන්න ඕනි.ගම්වල ඒවානම් අල්ලලා විනාශ කරනවා එත් නගරයේ ඒවාට උල්පන්දම් දෙනවා (දී)
පොලිසියේ මහත්වරුන්ට පඩි දෙන්නෙම නැද්ද ? (දී)
අපේ රටේ පොලිසිය ගානා කවුරු මොනවා කියුවත් මතක තියා ගන්න කිහිප දෙනෙකුගේ නොමනා කම් නිසා පරිහානියට පත් වෙලා තියෙන්නේ (දී)
මේ සම්භාන්දව ප්‍රකාශයක් කරන්න මම නම් බයයි (දී)
ඉස්සර පොලීසියේ, හමුදාවේ තනතුරු සඳහා බඳවා ගන්නේ අයදුම්කරුවගේ කිරිපල්ල හොඳට අතගාල බලල අදාළ ඒ පැටිකිරිය යහපත් නම් තමයි. අනේ මන්දා දැන් කාලේ ඒවා ඒ විදියට කෙරෙනවද කියල. කෙසේ වෙතත් රජයේ මෙවැනි තනතුරු මේ විධියට හෑල්ලුවට ලක්වීම නම් ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් රටේ ආශ්චර්යයට නම් යහපත් ප්‍රවනතාවක් නොවේ. (දී)
ලොකු ලොක්කෝ කරන වැරදි අල්ලන්නේ නැහැ කියලා පොඩි පොලිස් නිලධාරීන්ට දොස් කියන්න එපා, ඒ මිනිස්සුත් අසරණයි, රස්සාව බේරා ගන්නනේ කවුරුත් හදන්නේ (දී)
පොලිසිය මෙවන් අසෝබන විදිහට හැසිරීම තුලින් සිදුවන්නේ තමාගේ වල තමාම කපා ගැනීමකි (දී)
අද ගම්වල කසිප්පු ගංජා වැනි මත්ද්‍රව්‍ය නැති කරන්න බැරිවෙලා තියෙන්නෙ අල්ලස නිසා තමයි. නීති විරෝධී ලෙස හම්බකරන අයට රැකවරණය තියෙන බව තමයි වැඩිදෙනාගෙ මතය. සමාජයේ යහ පැවැත්මට මෙය බාධාවක්. (දී)
අමුතුවෙන් පහතට වැටෙන්න දෙයක් නැහැ අතාවුද..........එයාල දැන් හොදටම පිරිහිලා ඉවරයි. (දී)
මෙතරම් පොලිසියේ මහත්වරු පහතට වැටෙන්නේ ඇයි (දී)