මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක් කරකාර බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.
තොරණ හා ආරක්කු ඉදි කැර තිබු අතර පොලිස් තූර්ය වාදක කණ්ඩායම ද කැඳවා තිබිණි.සුනඛ අභිජනන උත්සවය යනුවෙන් තොරණෙහි ලියා තිබිණි.
නිල සුනඛ ජෝඩු විස්සක් තම නිලයේ ඇඳුම ඇද හිස් වැසුම් හා අව් කණ්නාඩි පැළැද මඟුලට ආහ.
ජෝඩු අටක් ලියාපදිංචි කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් අතර පේරාදෙණ්ය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු කිහිප දෙනෙක්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹන්වල මහතාද වුහ.
සාක්කිකරුවන් වශයෙන් ඔවුන් බලා ගන්නා පොලිස් සාමාජිකයෝ දෙදෙනා අත්සන් තැබුහ.
ගිවිස ගැනීමේ පොරොන්දුව කියවිම ද ඒ දෙදෙනා අතින්ම සිදු විය.
ඉන් කියැවුණේ අප දෙදෙනා බාරයේ සිටින මේ දෙදෙනාගෙන් හොද පැටියෙකු ලබා ගැනීමට වග බලා ගන්නා බවයි.
මඟුල් සීණු නොහැඩවුණු සුනඛයෝ පීඨීකා මත නන්වනු ලැබ සිටියහ
.මඟුල් සීනු හැඬවිදින් සිටි සුනඛයෝ සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ.
සුනඛ ජෝඩු පෝරුවෙන් බැස්සවු පසු සුනඛයෙකු විසින්ම පැදැවුණු ජිප් රියකින් අස්ගිරි පිටිය කෙළවරට යාමේ අවස්ථාව ලැබිණි .ජෝඩු තුනක් නුවරඑළි මධුසමයට යන ජිප්රිය බැලුම් හා ක්‍රේප් පටි එල්ලා සරසා තිබිණි.මඟුල් ගෙදර ආ සියලු දෙනාට කිරිබත් ලුනු මිරිස්,සැන්විචස් හා කෙසෙල්ගෙඩි ආදීයෙන් සංග්‍රහ කෙරිණි.
මඟුල් ගෙදර වැඩ කටයුතු පැය දෙකහමාරකින් පමණ අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ මේ වගේ පුද්ගලයන්ද? (නි)
ශ්‍රී ලංකා පොලිසිය කලොත් ඔයවග වැඩක්ම තමයි (අ)
මේක පිස්සු ලෝකයක්.අනේ මන්ද මිනිසුන්ටද පිස්සු බල්ලොන්ටද පිස්සු කියල තේරෙන්නේ නැහැ.මේක පෙරදිග මුතුඅටේ වෙන ඉමිටේසන් වැඩ.මෙවකලට මොකෝ අපේ සංස්කෘතිය සබ්යත්වය බල්ලට යන්න නොදි රැකගන්න ඔය බලුමගුල් කරපු මහත්වරු වගබලගනත් ඕනේ. (අ)
බල්ලො නම් බන්දලත් දෙනවා. උන් වෙනුවෙන් දෙදාහකට කන්නත් දෙනවා. උත්සවත් ගන්නවා. ඒවා පත්තරෙත් දානවා. කමක් නැහැ. අනේ පුළුවන් නම් මේ සැප පොලිස් රාළහාමිලාටත් දෙන්න. (නි)
පරාක්‍රම, මනෝජ්-සාජා, ඔබ එක්ක මාත් ඉන්නවා. අපේ ජනතාවගේ මුදල් වලින්ම, අපේම ජාතික සිරිත් විරිත් හෑල්ලුවට ලක්කරන්න වැඩකරන හැටි බලන්න අප්‍රසන්නයි. බල්ලන්ට සළකනවා කියන්නේ ඔවුන්ට නිසි ආහාරපාන දීලා හොඳින් රැකබලාගැනීම මිසක් මෙවැනි දේ කිරීම නොවන බව උසස් පොලිස් නිලධාරීන් තේරුම් නොගැනීම පොලිසියට නිගාවක්. (නි)
මේ බලු වැඩ අවශ්‍යමද ? අපි ආයෝජනයක් කළ යුත්තේ ඵලයක් ලැබෙන දෙයකට. සමහරවිට අලි මංගල්‍යයක් කරලා විදේශිකයන්ට පෙන්වීම ආයෝජනයක් වේවි. (නි)
බල්ලන්ට කිසිම පිස්සුවක් නැහැ . උන්ට හොඳට මොලේ තියෙනවා. (නි)
කණගාටුවට හා මෙය සිදුකළ නිලධාරින් හාස්‍යට ලක්වන වැඩක්.දේශීය සංස්කෘතියට ගැරහීමක්. (නි)
වැඩ නැතුවට වැඩ (නි)
මංගල නැකතින් පොලිස් බල්ලො අද පෝරුව මත නැගලා..... (ස)
මේ වගේ දේවලුත් රටක සිද්ධ වෙන්න ඕනෑ. එතකොටනේ මිනිස්සු දැවෙන ප්‍රශ්න අමතක කරලා බලු ප්‍රශ්න ගැන කතා කරන්නේ. (නි)
ඔය ආපු 2000 කවුද? (නි)
ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හදිගන එනවා (අ)
මිට වඩා හොදයි අපේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ මුදල් යෙදෙවුවානම් (දී)
කියවන්නත් ලැජ්ජයි , අප්පිරියයි. ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදීගෙන එනවද මන්ද. මේවගේ ලජ්ජා නැති වැඩ කරන්නේ. හෙළ සිරිත් විරිත් වලටත් අපහස කරනවා. ඇත්තටම මෙතන හිටි කිසිම කෙනෙක් දවසකටවත් ඉස්කෝලෙකට ගිහින නැද්ද මන්ද . කියවද්දිත් මට නම් ලැජ්ජයි . (දී)
මිනිසුන් හිනාවට ලක්කරන මේ වගේ අර්ථ විරහිත දේවල් කිරීමෙන් වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ තිබෙන ගෞරවය නැතිවෙන එක. (දී)
මේවා නොකළ යුතු දේවල් නේද? මංගල උත්සවයේ කෑම බීම බල්ලෝ කන විදිහවත් දන්නේ නැහැ. ලෝක විකාර. කරන්න කොයිතරම් දේවල් තියෙනවද? බල්ලෝ දන්නවනම් දුව දුව හිනාවෙයි. (ස)
ලංකාවට මොකද්ද මේ වේගෙන යන්නේ. මේ වගේ පිස්සු වැඩ. (ස)
මංගල සභාවට සෑහෙන පිරිසක් ඇවිල්ලා වගේ (නි)
බස්නාහිර පළාත, වයස 4 යි, උස අඩි 2.යි, බර කිලෝ 55 යි. උසස් දෙමවුපියන් නීරෝගී කඩවසම් කළු බැල්ලියට වැදගත් පරපුරකින් පැවත එන කඩවසම් බලු මනාලයකුට අරාධනා. විස්තර සමඟ පින්තුරයක් එවන්න . පොලිස් සුනඛ අංශය විශේෂයි (විවාහයෙන් පසු විදේශ ගතවීමට වුවද කම් නැත.) (ස)
දැන් කාලේ බල්ලොත් කසාද බඳිනවා. ඒත් අපේ සමහර උදවිය අලුත් සෙල්ලමක් පටන් අරගෙන බඳින්නේ නැතුව ලිවින් ටුගෙදර් කරන්න. නරකද ඒ ජෝඩුත් අල්ලලා බන්දවන්න. (නි)
හනිමුන් යන්නේ කොහොමද සත්තු මාරු වෙන්නේ නැතුව? (නි)
මිනිස්සුන්ට කන්න බොන්න නෑ.මේ ගොල්ලො මෙහෙ බල්ලෝ බන්ඳනවා.ඔව් ඉතින් මේ ගොල්ලොන්ගේ සල්ලි නෙමෙයිනේ.අසරණ බදු ගෙවන මහා ජනතාවගේ සල්ලිනෙ.අපි මේ රටවල් වල අපා දුක්විදිනවා අපි වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ. (ස)
දෙයියෝ සාක්කි බල්ලන්ටත් වාහන එලවන්න බලපත්‍ර දෙනවද? (ස)
දෙයියනේ! මෙහෙම දේවල්ද අපිට අද අවශ්‍ය. (නි)
කෝ පින්තුර ?(නදී)
අපේ රටේ මුදල් නැතිව දුප්පත් ජනයා කොතරම් දුක් විදිනවද බඩ වියත රැකගන්න ,මේ වගේ විකාර වැඩ දැන්වත් නවතා කරුණාකර ඔවුන් ගැන හිතන්න.(නදී)
බල්ලොත් නම්බුකාර විදියට බඳිනවා, කොල්ලො කෙල්ලන්ට මේවා හොඳ ආදර්ශයක්. (ස)
පාරේ ඉන්න අහිංසක බල්ලන්ට ඉරිසියා හිතෙයි. වැඩේ නම් ගොඩක් හොදයි. අපේ පොළිසියට කියලා මේ දවස්වල විශේෂ රාජකාරියකුත් නැති එකේ.(නදී)
හොද වෙලාවට මේ සුනකයින්ව මසට ගන්නෙත් නැහැ බිලිපුජා වලට ගන්නෙත් නැහැ. හැබයි ඉතින් එළුමස් කියලනම් විකුනනවලු. කන අයට පොඩි ඉගියක් දෙන්නම්, ගෙදර ගෙනිච්ච ගමන් පොඩි කැල්ලක් බල්ලට දෙන්න ඌ ඒක ප්‍රතික්ෂේප කලොත් බඩුම තමයි.(නදී)
ටෙනිසන්,හොද අදහසක්. ස්තුතියි (නි)
ඉතා හොද ක්‍රියාවක් (නි)
මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙනකොට , බුද්ධිමත් සුනඛයෝ නීත්‍යානූකූලව විවාහ වෙයි.අපචාරකයින් නිතීයේ රැහැණට හසුකර ගන්න උදවු කරති. (නි)
බල්ලෝ බැල්ලියොත් එක්ක හනිමුන් ගිය එකත් දාන්න.(නදී)
අපරාදේ මුදල් නාස්ති කරන්නේ. මේ සල්ලි වලින් කන්න නැති අයට වේලක් කන්න දෙන්න බැරිද? බොරු වැඩ මේවා. මේවට මුදල් දෙන්නේ කව්ද?(නදී)
ප්‍රියන්ත මහත්තයෝ, ආපු ඔක්කොටම කන්න බොන්න දුන්නා (නි)
හරිම සංවේදී කතාවක්. හොඳ වැඩක් බවට සටහන් කරමි. (ස)
හිනාත් යනවා, තරහත් එනවා, ලජ්ජත් හිතෙනවා, කණගාටුත් හිතෙනව,මේවා දැක්කම. දැන් ඔය බල්ලෝ දන්නවද මේ මහත්තුරු කලේ මොකක්ද කියලා? (අ)
පිටිගල, ඒවුනාට මහත්තුරු දන්නවා බල්ලෝ කරන්නේ මොකද්ද කියල.(අ)
අනේ මන්ද බං ?(අ)
බල්ලන්ටත් පිස්සු,මේ දේවල් කරපු යටත් පිස්සු ,කියවන අපිටත් පිස්සු. (දී)
මෙවැනි විකාර වැඩ වලින් සිංහල විවාහ චාරිත්‍ර වල ඇති වටිනාකම් බරපතල ලෙස හැල්ලුවට ලක්වේ .මේ සිද්දියට සම්බන්ද සියලු දෙනා හට තරාතිරම නොබලා දඩුවම් කරන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමි . (දී)
දැන් මේවට වියදම් කලේ බොලාද?(නදී)
පොලිසිය කොලොත් ඔහොම දෙයක් තමයි (දී)
පෝරුවේ නගපු කිසිම බැල්ලියක් සිහි නැති වෙලා වැටුනේ නැහැ ........
මල විකාර. ඔය වියදම් කරපු සල්ලි වලින් ඉගෙන ගන්න දුප්පත් ළමයි කීදෙනෙක්ට පොත්පත් අරන් දෙන්න තිබ්බද (දී)
අනේ ඉතින් බල්ලොත් බැන්දා මං තාම තනිකඩය වෙච්චි.මාවත් කවුරුහරි බන්නදලදෙන්නකො (අ)
බලු වැඩ කරලා පොලිසියෙන් ගුටි කාපු මහත්හොරුන්ට විවේචනය කරන්න හොද අවස්ථාවක්.(අ)