IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අස්ගිරි කුක්කුර මඟුලට දෙදාහක් එති

මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක්  කරකාර  බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණ සිටියහ.

තොරණ හා ආරක්කු ඉදි කැර තිබු අතර පොලිස් තූර්ය වාදක කණ්ඩායම ද කැඳවා තිබිණි.සුනඛ අභිජනන උත්සවය යනුවෙන් තොරණෙහි  ලියා තිබිණි.

නිල සුනඛ ජෝඩු විස්සක් තම නිලයේ  ඇඳුම ඇද හිස් වැසුම්  හා අව් කණ්නාඩි පැළැද මඟුලට ආහ.

ජෝඩු අටක් ලියාපදිංචි කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන්  අතර පේරාදෙණ්ය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්යවරු කිහිප දෙනෙක්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹන්වල මහතාද වුහ.

සාක්කිකරුවන් වශයෙන්  ඔවුන් බලා ගන්නා පොලිස්  සාමාජිකයෝ දෙදෙනා අත්සන් තැබුහ.

ගිවිස ගැනීමේ පොරොන්දුව කියවිම ද ඒ දෙදෙනා අතින්ම සිදු විය.

ඉන් කියැවුණේ අප දෙදෙනා බාරයේ සිටින මේ දෙදෙනාගෙන් හොද පැටියෙකු ලබා ගැනීමට වග බලා ගන්නා බවයි.

 මඟුල් සීණු  නොහැඩවුණු  සුනඛයෝ  පීඨීකා මත නන්වනු ලැබ සිටියහ

.මඟුල් සීනු හැඬවිදින් සිටි සුනඛයෝ  සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ.

සුනඛ ජෝඩු පෝරුවෙන් බැස්සවු පසු සුනඛයෙකු විසින්ම පැදැවුණු ජිප් රියකින් අස්ගිරි  පිටිය කෙළවරට යාමේ අවස්ථාව ලැබිණි .ජෝඩු තුනක් නුවරඑළි මධුසමයට යන ජිප්රිය බැලුම් හා ක්‍රේප් පටි එල්ලා සරසා තිබිණි.මඟුල් ගෙදර ආ සියලු දෙනාට කිරිබත් ලුනු මිරිස්,සැන්විචස් හා කෙසෙල්ගෙඩි ආදීයෙන් සංග්‍රහ කෙරිණි.

 මඟුල් ගෙදර වැඩ කටයුතු පැය දෙකහමාරකින් පමණ අවසන් විය.  



අදහස් (0)

අස්ගිරි කුක්කුර මඟුලට දෙදාහක් එති

කුමාරි Monday, 26 August 2013 05:04 PM

ටෙනිසන්,හොද අදහසක්. ස්තුතියි (නි)

:       0       0

සෙනෙවි Monday, 26 August 2013 05:06 PM

ඉතා හොද ක්‍රියාවක් (නි)

:       0       0

රත්න Monday, 26 August 2013 05:07 PM

මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙනකොට , බුද්ධිමත් සුනඛයෝ නීත්‍යානූකූලව විවාහ වෙයි.අපචාරකයින් නිතීයේ රැහැණට හසුකර ගන්න උදවු කරති. (නි)

:       0       0

ලකී Monday, 26 August 2013 08:41 PM

දැන් මේවට වියදම් කලේ බොලාද?(නදී)

:       0       0

අමල් Tuesday, 27 August 2013 06:35 AM

මේ බලු වැඩ අවශ්‍යමද ? අපි ආයෝජනයක් කළ යුත්තේ ඵලයක් ලැබෙන දෙයකට. සමහරවිට අලි මංගල්‍යයක් කරලා විදේශිකයන්ට පෙන්වීම ආයෝජනයක් වේවි. (නි)

:       0       0

සපුමල් Monday, 26 August 2013 05:22 PM

බල්ලෝ බැල්ලියොත් එක්ක හනිමුන් ගිය එකත් දාන්න.(නදී)

:       0       0

චින්තක Tuesday, 27 August 2013 06:46 AM

බල්ලන්ට කිසිම පිස්සුවක් නැහැ . උන්ට හොඳට මොලේ තියෙනවා. (නි)

:       0       0

සේන Tuesday, 27 August 2013 11:39 AM

ලංකාවට මොකද්ද මේ වේගෙන යන්නේ. මේ වගේ පිස්සු වැඩ. (ස)

:       0       0

මංජුල රියාද් Tuesday, 27 August 2013 11:41 AM

මංගල සභාවට සෑහෙන පිරිසක් ඇවිල්ලා වගේ (නි)

:       0       0

සමන් Tuesday, 27 August 2013 07:04 AM

කණගාටුවට හා මෙය සිදුකළ නිලධාරින් හාස්‍යට ලක්වන වැඩක්.දේශීය සංස්කෘතියට ගැරහීමක්. (නි)

:       0       0

ප්‍රියන්ත ඒකනායක Monday, 26 August 2013 05:29 PM

අපරාදේ මුදල් නාස්ති කරන්නේ. මේ සල්ලි වලින් කන්න නැති අයට වේලක් කන්න දෙන්න බැරිද? බොරු වැඩ මේවා. මේවට මුදල් දෙන්නේ කව්ද?(නදී)

:       0       0

චාන් Tuesday, 27 August 2013 07:27 AM

වැඩ නැතුවට වැඩ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 27 August 2013 11:54 AM

බස්නාහිර පළාත, වයස 4 යි, උස අඩි 2.යි, බර කිලෝ 55 යි. උසස් දෙමවුපියන් නීරෝගී කඩවසම් කළු බැල්ලියට වැදගත් පරපුරකින් පැවත එන කඩවසම් බලු මනාලයකුට අරාධනා. විස්තර සමඟ පින්තුරයක් එවන්න . පොලිස් සුනඛ අංශය විශේෂයි (විවාහයෙන් පසු විදේශ ගතවීමට වුවද කම් නැත.) (ස)

:       0       0

ලාල් Monday, 26 August 2013 09:10 PM

පොලිසිය කොලොත් ඔහොම දෙයක් තමයි (දී)

:       0       0

රණරාල Tuesday, 27 August 2013 12:00 PM

දැන් කාලේ බල්ලොත් කසාද බඳිනවා. ඒත් අපේ සමහර උදවිය අලුත් සෙල්ලමක් පටන් අරගෙන බඳින්නේ නැතුව ලිවින් ටුගෙදර් කරන්න. නරකද ඒ ජෝඩුත් අල්ලලා බන්දවන්න. (නි)

:       0       0

ගමාල් Tuesday, 27 August 2013 12:02 PM

හනිමුන් යන්නේ කොහොමද සත්තු මාරු වෙන්නේ නැතුව? (නි)

:       0       0

ෂේන් Monday, 26 August 2013 09:22 PM

පෝරුවේ නගපු කිසිම බැල්ලියක් සිහි නැති වෙලා වැටුනේ නැහැ ........

:       0       0

ඉරෝෂන් දුබි Tuesday, 27 August 2013 12:11 PM

මිනිස්සුන්ට කන්න බොන්න නෑ.මේ ගොල්ලො මෙහෙ බල්ලෝ බන්ඳනවා.ඔව් ඉතින් මේ ගොල්ලොන්ගේ සල්ලි නෙමෙයිනේ.අසරණ බදු ගෙවන මහා ජනතාවගේ සල්ලිනෙ.අපි මේ රටවල් වල අපා දුක්විදිනවා අපි වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ. (ස)

:       0       0

ශානි Monday, 26 August 2013 06:02 PM

ප්‍රියන්ත මහත්තයෝ, ආපු ඔක්කොටම කන්න බොන්න දුන්නා (නි)

:       0       0

සෆා රොක්ස් Monday, 26 August 2013 09:52 PM

මල විකාර. ඔය වියදම් කරපු සල්ලි වලින් ඉගෙන ගන්න දුප්පත් ළමයි කීදෙනෙක්ට පොත්පත් අරන් දෙන්න තිබ්බද (දී)

:       0       0

අමිල - කටුනායක Tuesday, 27 August 2013 08:32 AM

මංගල නැකතින් පොලිස් බල්ලො අද පෝරුව මත නැගලා..... (ස)

:       0       0

පසිදු Monday, 26 August 2013 09:57 PM

අනේ ඉතින් බල්ලොත් බැන්දා මං තාම තනිකඩය වෙච්චි.මාවත් කවුරුහරි බන්නදලදෙන්නකො (අ)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 27 August 2013 08:38 AM

මේ වගේ දේවලුත් රටක සිද්ධ වෙන්න ඕනෑ. එතකොටනේ මිනිස්සු දැවෙන ප්‍රශ්න අමතක කරලා බලු ප්‍රශ්න ගැන කතා කරන්නේ. (නි)

:       0       0

දිල්ශානි Tuesday, 27 August 2013 08:51 AM

ඔය ආපු 2000 කවුද? (නි)

:       0       0

අජ්ර් Tuesday, 27 August 2013 08:56 AM

ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ මේ වගේ පුද්ගලයන්ද? (නි)

:       0       0

සීල Monday, 26 August 2013 06:47 PM

දෙයියනේ! මෙහෙම දේවල්ද අපිට අද අවශ්‍ය. (නි)

:       0       0

අනුර පුෂ්පකුමාර Monday, 26 August 2013 10:58 PM

බලු වැඩ කරලා පොලිසියෙන් ගුටි කාපු මහත්හොරුන්ට විවේචනය කරන්න හොද අවස්ථාවක්.(අ)

:       0       0

රණතුංග Monday, 26 August 2013 11:04 PM

ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හදිගන එනවා (අ)

:       0       0

රණතුංග Monday, 26 August 2013 11:06 PM

ශ්‍රී ලංකා පොලිසිය කලොත් ඔයවග වැඩක්ම තමයි (අ)

:       0       0

පිටිගල Monday, 26 August 2013 07:03 PM

හිනාත් යනවා, තරහත් එනවා, ලජ්ජත් හිතෙනවා, කණගාටුත් හිතෙනව,මේවා දැක්කම. දැන් ඔය බල්ලෝ දන්නවද මේ මහත්තුරු කලේ මොකක්ද කියලා? (අ)

:       0       0

මංගල Monday, 26 August 2013 07:19 PM

පිටිගල, ඒවුනාට මහත්තුරු දන්නවා බල්ලෝ කරන්නේ මොකද්ද කියල.(අ)

:       0       0

හේරත් Tuesday, 27 August 2013 10:14 AM

මිට වඩා හොදයි අපේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ මුදල් යෙදෙවුවානම් (දී)

:       0       0

පරාක්‍රම Tuesday, 27 August 2013 12:08 AM

මේක පිස්සු ලෝකයක්.අනේ මන්ද මිනිසුන්ටද පිස්සු බල්ලොන්ටද පිස්සු කියල තේරෙන්නේ නැහැ.මේක පෙරදිග මුතුඅටේ වෙන ඉමිටේසන් වැඩ.මෙවකලට මොකෝ අපේ සංස්කෘතිය සබ්යත්වය බල්ලට යන්න නොදි රැකගන්න ඔය බලුමගුල් කරපු මහත්වරු වගබලගනත් ඕනේ. (අ)

:       0       0

සේන Monday, 26 August 2013 07:28 PM

අනේ මන්ද බං ?(අ)

:       0       0

රංජිත් සිල්වා Monday, 26 August 2013 04:02 PM

හරිම සංවේදී කතාවක්. හොඳ වැඩක් බවට සටහන් කරමි. (ස)

:       0       0

විමල් Monday, 26 August 2013 04:04 PM

කෝ පින්තුර ?(නදී)

:       0       0

මධු Tuesday, 27 August 2013 10:35 AM

කියවන්නත් ලැජ්ජයි , අප්පිරියයි. ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදීගෙන එනවද මන්ද. මේවගේ ලජ්ජා නැති වැඩ කරන්නේ. හෙළ සිරිත් විරිත් වලටත් අපහස කරනවා. ඇත්තටම මෙතන හිටි කිසිම කෙනෙක් දවසකටවත් ඉස්කෝලෙකට ගිහින නැද්ද මන්ද . කියවද්දිත් මට නම් ලැජ්ජයි . (දී)

:       0       0

ගයාන් Tuesday, 27 August 2013 01:18 AM

බල්ලො නම් බන්දලත් දෙනවා. උන් වෙනුවෙන් දෙදාහකට කන්නත් දෙනවා. උත්සවත් ගන්නවා. ඒවා පත්තරෙත් දානවා. කමක් නැහැ. අනේ පුළුවන් නම් මේ සැප පොලිස් රාළහාමිලාටත් දෙන්න. (නි)

:       0       0

කුමාර් Monday, 26 August 2013 04:15 PM

අපේ රටේ මුදල් නැතිව දුප්පත් ජනයා කොතරම් දුක් විදිනවද බඩ වියත රැකගන්න ,මේ වගේ විකාර වැඩ දැන්වත් නවතා කරුණාකර ඔවුන් ගැන හිතන්න.(නදී)

:       0       0

ටී. නිසාම් රහීම් Tuesday, 27 August 2013 02:51 PM

දෙයියෝ සාක්කි බල්ලන්ටත් වාහන එලවන්න බලපත්‍ර දෙනවද? (ස)

:       0       0

ඩබ් .සුමේධ ෆෙර්ණන්දෝ Tuesday, 27 August 2013 10:45 AM

මිනිසුන් හිනාවට ලක්කරන මේ වගේ අර්ථ විරහිත දේවල් කිරීමෙන් වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ තිබෙන ගෞරවය නැතිවෙන එක. (දී)

:       0       0

උපාලි Tuesday, 27 August 2013 01:49 AM

පරාක්‍රම, මනෝජ්-සාජා, ඔබ එක්ක මාත් ඉන්නවා. අපේ ජනතාවගේ මුදල් වලින්ම, අපේම ජාතික සිරිත් විරිත් හෑල්ලුවට ලක්කරන්න වැඩකරන හැටි බලන්න අප්‍රසන්නයි. බල්ලන්ට සළකනවා කියන්නේ ඔවුන්ට නිසි ආහාරපාන දීලා හොඳින් රැකබලාගැනීම මිසක් මෙවැනි දේ කිරීම නොවන බව උසස් පොලිස් නිලධාරීන් තේරුම් නොගැනීම පොලිසියට නිගාවක්. (නි)

:       0       0

ප්‍රියා Monday, 26 August 2013 04:28 PM

බල්ලොත් නම්බුකාර විදියට බඳිනවා, කොල්ලො කෙල්ලන්ට මේවා හොඳ ආදර්ශයක්. (ස)

:       0       0

රුවිනි Tuesday, 27 August 2013 10:50 AM

මේවා නොකළ යුතු දේවල් නේද? මංගල උත්සවයේ කෑම බීම බල්ලෝ කන විදිහවත් දන්නේ නැහැ. ලෝක විකාර. කරන්න කොයිතරම් දේවල් තියෙනවද? බල්ලෝ දන්නවනම් දුව දුව හිනාවෙයි. (ස)

:       0       0

රන්ජිත් Monday, 26 August 2013 08:08 PM

බල්ලන්ටත් පිස්සු,මේ දේවල් කරපු යටත් පිස්සු ,කියවන අපිටත් පිස්සු. (දී)

:       0       0

මනෝජ්-සාජා Monday, 26 August 2013 08:09 PM

මෙවැනි විකාර වැඩ වලින් සිංහල විවාහ චාරිත්‍ර වල ඇති වටිනාකම් බරපතල ලෙස හැල්ලුවට ලක්වේ .මේ සිද්දියට සම්බන්ද සියලු දෙනා හට තරාතිරම නොබලා දඩුවම් කරන ලෙස පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටිමි . (දී)

:       0       0

වාසල Monday, 26 August 2013 04:44 PM

පාරේ ඉන්න අහිංසක බල්ලන්ට ඉරිසියා හිතෙයි. වැඩේ නම් ගොඩක් හොදයි. අපේ පොළිසියට කියලා මේ දවස්වල විශේෂ රාජකාරියකුත් නැති එකේ.(නදී)

:       0       0

ටෙනිසන් Monday, 26 August 2013 04:54 PM

හොද වෙලාවට මේ සුනකයින්ව මසට ගන්නෙත් නැහැ බිලිපුජා වලට ගන්නෙත් නැහැ. හැබයි ඉතින් එළුමස් කියලනම් විකුනනවලු. කන අයට පොඩි ඉගියක් දෙන්නම්, ගෙදර ගෙනිච්ච ගමන් පොඩි කැල්ලක් බල්ලට දෙන්න ඌ ඒක ප්‍රතික්ෂේප කලොත් බඩුම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 7 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 343 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2410 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2034 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1508 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8377 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34501 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site