අපරාධ විමර්ශනයට බෙහෙවින්ම දායක වන බල්ලන්ගේ සංදර්ශනයක් පානදුරයේ දී පැවැත්විණි. බොහෝ දෙනෙක් ඔවුන්ගේ දස්කම් විස්කම් හා කීකරුකම දැක සතුටු වුහ.
මල් කලඹ පිළිගැන්වීමේ හා පොලිස් කොඩිය එසවිමේ සිට ඇමැති ආරක්ෂක රාජකාරී දක්වා ඉසව් 27 ක ට මේ අමුත්තෝ තරග කළහ.
තරඟ කළ වැඩිදෙනා පොලිස් ස්ථානාධිපති නිළ නාමයෙන් හැදින් විණි. පොලිස් සැරයන්වරුද වුහ. කාන්තා පොලිස් වරියෝද වුහ.සහයක රාජකාරිකරුවෝද වුහ.
මහනුවර අස්ගිරියේ නිල සුනඛ මුලස්ථානයේ දහසය දෙනකු මේ තරගයට එක් වුහ.
කොස්තාපල් ‘ස්කූබී‘ , පානදුර උතුර පොලිස් ස්ථානාධිපති විශ්ව කුමාර මහතාට මුලින් මල් කළඹක් පිළිගැන්වීය. කොස්තාපල් ‘ප්‍රීටි ගර්ල් ‘පොලිස් කොඩිය එසැවිය.
පානදුර උතුර පොලිසි හා සිවිල් ආරක්ෂ කමිටු මේ සංදර්ශනය සංවිධානය කළේ කෙහෙල්වත්ත ප්‍රදේශිය සභා ක්‍රිඩාංගනයේදීය.
ගඩොල් බිත්තිය පැනීම,කීකරුකම,බාධක තරගය, ට්‍රයිසිකලය, බැරල් පෙරැලිම, සංගීත පුටු තරඟය, සුනඛයින් මතින් පැනිම, පාට හා අංක සෙවිම, කඩුළු තණය, කඩුලු තරඟය, කණු අතරින් යාම, ගෝනි රේස්, පුපුරණ ද්‍රව්‍ය සෙවීම,මත්ද්‍රව්‍ය සෙවිම, උද්ඝෝෂණය, ගිනි වළලු පැනිම, මෙරිගෝ රවුම් ,සංගීතයට නැටීම, වළලු අතරින් පැනීම, පා පැදියේ ගමන් කිරිම, ටෝයි ප්ලේ , ගිල් වර්ක් ආදි තරග වලින් ඔවුහු නරඹන්නන් ප්‍රීත්‍රී ප්‍රමෝදයට පත් කළහ.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන සංදර්ශනයක්. මගේ ඩොබමන් ජෝඩුවක් ඉන්නවා. එයාලා හරිම කැමතියි කකුල් දෙකෙන් ඇවිදින්න. පොලිසියේ මහත්වරුන්ට වැඩිය මේ සතුන් රාජකාරිය අකුරටම කරනවා ඇති. (නදී)
කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රදේශයට විශාල සේවයක් කරන ඉතාමත් හොඳ මහත්මයෙක්. එත් එතුමාගේ නම වැරදියට සටහන් වී තිබීම කණගාටුවක් එතුමාගේ නම තිස්ස කුමාර.(නදී)
අපේ ගෙදර ඩෝග්වත් පුලුවන් නම් අරන් යන්න. පින් සිද්ධ වෙයි (නි)
අනේ තව පින්තුර ටිකක් එකතු කරන්න උන් මිනිසුන්ට විඩිය හොඳයි (ස)
හරිම ලස්සන දසුන් පෙළක් මේ අය පුරුදුකරන්න පොලිස් e නිලදාරීන් කොතරම් මහන්සි වෙනවද කියා මම සියසින් දැක තිබෙනවා . ස්තුතියි මහත්වරුනි.(නදී)
මගේ අදහස නම් සංදර්ශන දේශපාලඥයින්ට දෙමු පාලනය මෙයාලට දෙමු කියලා (අපහාසයක් නොව උපහාසයක් පමණි ) (නි)
හරිම ලස්සනයි. පුදුම හිතෙනවා.(ස)
සතුන් උනත් කොයි තරම් විනයකින් යුතුයිද? අපේ මිනිසුන්ට වඩා..(ස)
හරිම ශ්‍රේෂ්ඨ බල්ලෝ. අනේ මේ අයට අපේ අයගේ ගති ගුණ පුරුදු වෙන්න දෙන්න එපා.(ස)
මේවා බලු වැඩ හොදේ.(නදී)
පොලිසියත් බල්ලන්ගේ සෙල්ලම් පෙන්නමින් මිනිස්සුන්ට් කොකා පෙන්නනවා.(නදී)
පොලිස් නිලධාරින්ට බැනලා වැඩක් නැහැ. ඔවුන් දක්ෂයි. නමුත් අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ඔවුන් කළකිරිලා. ඔවුන්ට අවශ්‍ය රාජකාරි නිදහස හා සම්පත් ලබා දෙනවා නම් ලංකාවේ පොලිස් නිලධාරීන් දියුණු රටවල අය වගේම දක්ෂයි. (නි)
දැන් මේ බලු රැල වැඩ පෙන්වන හැටියෙන් පේනවා අර ඉස්සර මේ බලු කට්ටිය බාරව හිටපු නිළධාරීන්ගේ මිනිස් ගති මේ අයට කොහොමවත් පුරුදු නොවුණ බව. කොච්චර හොඳද? (නි)
තව ටිකක් පුරුදු කරලා පාලන කටයුතුත් බාර දෙන්න. මිනිස්සුන්ට වැඩිය හොදට කරයි. (නි)
අර පොලීසියේ කොඩියත් මේ අය ලවා ඉදිරියට උස්සන්න පුරුදු කළ එක හොදා. (නි)
හරිම ශ්‍රේෂ්ඨ බල්ලෝ. අනේ මේ අයට මිනිස් ගති ගුණ පුරුදු වෙන්න දෙන්න එපා. (නි)
සිවුපාවන්ට තියෙන මොලය අපේ රටේ මිනිස්සුන්ට නැති එකයි දුක. (නි)
පොලිසියේ රාජකාරිය මේ සතුන් අකුරටම කරයි, ජරාව කන්නේ නැති නිසා. (නි)
නියම රංගනය අරිම අපුරු දර්ශනයක් ජනතා මුදල් කාබාසිනියා නොකර හරි ලස්සනට කරලා තිබෙනවා.(නදී)
නුවර පොලිස් බල්ලොත් වැඩකාරයෝ. අපරාධ මර්දනයට මේ අය යොදාගන්න බලන්න (නි)
නීතියක්, චාරයක්, යුක්තියක්, අයුක්තියක් නැති රටට මොන බල්ලෝද? (නි)
ඇස වසා තරාදිය දුන්නා නම් නීතියට යුක්තියට කිරයි අපූරුවට. (නි)
දැනුම තියන කෙනෙක් කියාදෙන්න. අපේ රටේ ඉන්න බල්ලන්ට මෙවැනි පුහුණුවක් දෙන්න බැරි සත්ව විද්දියාත්මක හේතුවක් නිසාද නැතිනම් උත්සහ නොකරන නිසාද වෙනත් හේතුවක් නිසාද.අපේ බල්ලන් වර්ගීකරණයෙන් රට බල්ලන්ට වැඩ පහත සතෙක්ද.?(නදී)
ලාලිත්‍ය,ඔයා කොහෙද වාසය කරන්නේ? මම ඉන්නේ හන්නොවෙර් වල. ගොඩක් දවසකින් ලාංකිකයෙක් අදුනාගන්න ලැබුනේ නැහැ. (නි)
අති විශිෂ්ටයි...! අති විශිෂ්ටයි...! එක වැකියකින් ලියා නිම කරන්න බැරි දරැනූ ගණයේ අපරාද වෙන මේ යූගයේ මිනිසූන් තූල ඇති තිරිසන් ගතිපැවතූම් විදහාපාම්න් අනූකම්පාව ගෑවිලාවත් නොතිබෙන මේ සමාජයේ, මේ තිරිසනූන් තිරිසන් සත්තූ උවත් මනූෂ්‍යයට වඩා උසස්.(නදී)
හරිම සුන්දරයි (නි)
හොදයි
මම ක්‍රීඩා සංදර්ශන වලට ඉතාමත් කැමතියි. නමුත් රටේ ඇතිවෙන මංකොල්ලකෑම් ,මිනීමැරුම්,මත් ද්‍රව්‍ය ජාවාරම්,හොර අවි ආයුධ ,සොයායන්න කනප්පු කරකවන්නේ නැතුව, අපරාධ මර්දනයට සුනඛයින් වඩාත් පුරුදු පුහුණු කළොත් සකල ලංකාවටම ඉතාමත් ලොකු සංදර්ශනයක් වේවි (නි)
ගොඩක් ලස්සනයි.හොදට පුහුණු කරවලා.පුහුණු කරවපු කට්ටියට බොහොම ස්තූතියි (නි)
හරිම ආඩම්බරයි. ජර්මනියේ සාමාන්‍ය ගෙවල් වල ඉන්න බල්ලන්වත් ඉස්කොලෝ අරන් ගිහින් උගන්වනවා. මෙහෙ පොලිස් බල්ලන් විශ්‍රාම ගියාම උන් ට විශ්‍රාම වැටුප වගේම එයාලව තව දුරටත් බලා ගන්න කෙනා එක්ක විදෙස් රටවලට නිවාඩු පවා එක්ක යනවා . (නි)
අපේ පොලෝසියේ අයත් මේ වගේම කරයි නේද ? (නි)