(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (10) නිවේදනය කළේය.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ එච්. එම් ඩී නවාස් යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව එම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 27වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.
පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටිටේ පසුගිය මාර්තු මස 09 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ පවරා ඇති නඩුවට අදාල අධිචෝදනා වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන බවය.
එම පිටපත් මෝසමක් මගින් සතියක් තුළ දී ගොනු කිරීමට ඒ මහතා එකගත්වය පල කලේය.
ඒ අනුව පෙත්සම මෙම මස 27වැනිදා කැඳවීමට නියම කෙරිණ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර එම නඩු පැවරීම සිදු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ම අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අසාත් සාලි මහතා විසින් සිය නීතිඥවරු මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කළ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකා පෙත්සම්කාර අසාද් සාලි මහතා පසුගිය මාර්තු 09 වැනි දින ප ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ කටයුතු මුස්ලිම් නීතිය අනුව සිදුවිය යුතු බව එහිදී පෙත්සම්කරු අවධානය යොමු කරවීය.මේ පිළිබද මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු විවිධ පුද්ගලයින් මේ පිළිබදව විවිධ අදහස් දැක්වීය.සමහරෙක් පෙත්සම්කරු රටෙහි නොසන්අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බවද පෙත්සමේ සදහන් කර ඇත
මේ අතර මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්රවෘත්ති සාකච්ඡා පවත්වා , පෙත්සම්කරු පිළිබදව ද්වේශ සහගතව ප්‍රකාශ කිහිපයක්ද සිදු කල බව පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී..
පෙත්සම්කරු කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළද සංකීර්ණයක සාප්පු සවාරියේ යෙදී සිටියදී රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.පෙත්සම්කරු මෙතෙඅත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොමැති අතර ඔහු කිසිදු ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධතාවයක් නොමැතිබව ද පෙත්සමෙහි සදහන් වේ .එසේම මාවනැල්ල බුදු පිළිම කඩා බිද දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොවූ බව පෙත්සමෙහි දැක්වෙයි .
මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවු ඇති බව ට තීරණය කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත .
නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අසාද් සාලිගෙ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් ඉවත් වෙයි
කිරි පුතා Tuesday, 10 August 2021 12:43 PM
හිතාගන්න පුලුවන් නේද තත්ත්වය?
මුණසිංහ Tuesday, 10 August 2021 12:51 PM
දැන් මේක රටාවක් වෙලා . හෘද සාසාක්ෂියට එකඟව වැඩ කරන එකනෙ තියෙන්නේ .
fairoos Tuesday, 10 August 2021 02:06 PM
ඊළඟ ආණ්ඩුව එනකන්ම ඉන්න වෙනවා.
BamunuarachchiTuesday, 10 August 2021 09:19 PM
ඊට ඉස්සෙල්ල ගියොත් රටට යහපතක්.
BamunuarachchiWednesday, 11 August 2021 08:22 AM
අපායේ කට්ටිය බලාගෙන ඉන්නවා සාදරයෙන් භාර ගන්න.
ganegoda Tuesday, 10 August 2021 06:02 PM
මෙයා දැන් චණ්ඩියෙක් වෙලා... හොඳයි..! ආණ්ඩුවට බැරි දේවල් අපිට පුළුවන් බව විතරක් අමතක නොකරනු...!!!
Bamunuarachchi Tuesday, 10 August 2021 09:27 PM
ගහක අත්තක හිටිය කොල්ලෙක් ගහ යටින් ඔලුව පාත්කරගෙන ගිය අන්දරේට ටොක්කක් ඇන්නා. අන්දරේ කාසියක් දුන්නා කොල්ලා චුන් උනා. ඊළඟට අත්තයටින් යන මිනිහාටත් ටොක්කක් ඇන්න. ඒ මිනිහා කොල්ලට බඩයන්න දුන්නා. සාලිට උනේ කොල්ලට වෙච්ච දේ. රජය යම් යම් දේවලට ඉඩදීලා ඉන්නේ ටිකක් දඟලන්න. වෙලාව ආවම බෙල්ලෙන් අල්ලලා ඇතුලට ගන්නවා.
Bamunuarachchi Tuesday, 10 August 2021 09:29 PM
නීතිය සිද්ද උනාට මදි සිද්ද උනා කියලා පෙනෙන්නත් ඕනේ. එහෙම උනා කියලා පෙන්න ගන්න බැහැයි කියලා සිතෙන්න ඇති