(කේ බුද්ධික කුමාරසිරි)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් 'කයිවාරු මුතූ' නමැත්තා  ලබන 19 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (07) දින නියෝග කළේය.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඝාතනය කිරීම, සැලසුම් කිරීම අනුබලදීම ආදී චෝදනාවන් යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙහි විභාගවන නඩු කිහිපයක සැකකරුවකු ලෙස සහ නවගමුව පොලිසිය මගින් අද දින තවත් චෝදනා කිහිපයක් යටතේ සැකකරුට එරෙහිව නඩු ගොනුකරන ලදී .