IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අසීමිත බලය මට එපා. එය අහෝසි කරනවා

2005 අප්‍රේල් 20 වනවිට අත්තනෝමතික ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය ප්‍රධාන පාර්ලිමේන්තුවට බලය සහිත ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කියා සිටියේය. 1978 ව්‍යවස්ථාවෙන් ආරම්භ වූ විධායක ජනාධිපති ධූරයට එදා මෙදා තුර ජනතා විරෝධයක් තිබුණා. දිගටම මැතිවරණ පොරොන්දුවක් තිබුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට. 1994 දුන් පොරොන්දුව ඉටු කළේ නැහැ. 2005 හා 2010 මහින්ද චින්තනයේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට වූ පොරොන්දු ඉටු කළේ නැහැ. මා පොදු අපේක්ෂක බව භාරගත්තේත් මේ අසීමිත බලය ජනාධිපතිගෙන් ඉවත්කිරීමට. මා පැහැදිලිව ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු ඡේදයේ ම මේ බව සඳහන් කළා.

බලයට පත්වුණාම බොහෝ දෙනෙකුට තමන් බලයට පත්වූ ජනතාවගේ හඬ අමතක වෙනවා. නමුත් මා කෙරෙහි විශ්වාසය තබා රටේ ජනතාවට දුන් පොරොන්දු පරිදි එය නියමිත පරිදි නියමිත කාලයට ජනතාව අපෙක්ෂා කරණ ආකාරයෙන් ම සත්‍ය ලෙසම ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරණවා. මේ දවස් 14ක අත්දැකීම් ගත්විටත් මට පෙනී ගොස් තිබෙනවා මේ තනතුරේ තියෙන අසීමිත බලය මොනතරම් දේට භාවිතා කළ හැකිද කියා.



අදහස් (0)

අසීමිත බලය මට එපා. එය අහෝසි කරනවා

සම්පත් Sunday, 01 February 2015 03:14 AM

නැතුව, දැනටම ඔබතුමා ඔය බලය නීත්‍යනුකුල නොවන විදියට කී සැරයක් යොදවල තියනවද? පොන්සේකාගේ තරු පටි පළඳන්න, අග විනිසුරු පත්කරන්න වගේ දේවල් වලට. ඒවා නීත්‍යනුකුල විදියට ක්‍රියාවේ යෙදෙව්වා නම් රටට සැබෑ ආදර්ශයක් දෙන්න තිබුන‍ෙ. මම හිතන්නේ නැහැ ඔබතුමාට නැවත වතාවක් ජනතාව ජනාධිපති වීමට ජන වරමක් ලබා දේවි කියලා. (නදී)

:       0       0

නිපුන් Sunday, 01 February 2015 03:47 AM

රාජපක්ෂලා නීතිය සමූහ දූෂනය කරද්දී කටවල් වසා සිටි සම්පත් නම් මැද මූලන ගැත්තෙක් රට බේරාගත් ෆොන්සේකාට තරුපටි ලබාදීම "ජනාධිපති නීතිය අවභාවිතාවේ යෙදවීමක්" යයි නහයෙන් අඩනු දිටිමි. මොවුන් කථාකරන්නේ කටින් විය නොහැක. (නදී)

:       0       0

චාමර Sunday, 01 February 2015 04:07 AM

මේ සම්පත් කියන මහත්තය‍ා පහුගිය අවුරුදු 10 ලංකාවේ නෙමෙයිද හිටියේ ? (නදී)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Sunday, 01 February 2015 04:33 AM

බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැතිබව "සම්පත්" නොදන්නවා වගෙයි කතා කරන්නේ (නදී)

:       0       0

ඡයා Sunday, 01 February 2015 05:06 AM

සම්පත් ඔයා වගේ කිහිප දෙනෙක් තවම ඉන්නවා කියල අපි දන්නවා තප්පුලන්නේ නැතුව ඉන්න (නදී)

:       0       0

වයිකෝ Sunday, 01 February 2015 05:07 AM

සම්පත් ඔබත් ජෙනරල් සරත් ෆොන්සේකාට තරුපටි ලබා දීම ගැන එසේ පවසා ඇත්තේ ඔබ සිංහලයෙක් නොවන නිසායි. (නදී)

:       0       0

වයිකෝ Sunday, 01 February 2015 05:35 AM

දැන් රටේ සාමය පවතින නිසා ඔහොම හිතන්නේ (නදී)

:       0       0

වයිකෝ Sunday, 01 February 2015 05:43 AM

බෙදුම්වාදීන්ට ජෙනරාල් සරත් ෆොන්සේකා ලොකු ප්‍රශ්ණයක් (නදී)

:       0       0

රන්දික ලක්ෂාන් Sunday, 01 February 2015 06:03 AM

එක නම් හොදයි වැඩක්. (ර)

:       0       0

ශාන් Sunday, 01 February 2015 06:18 AM

කවුරු මොනවා කිවූවත් රටේ බහුතරයක්ම දන්නවා ජනාධිපතිතුමා කියන්නේ කරන්නේ හරි දේ කියලා. (ර)

:       0       0

අමරසේකර Saturday, 31 January 2015 03:52 PM

නියමයි (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Saturday, 31 January 2015 05:42 PM

අසීමිත බලය මට එපා. එය අහෝසි කරණවා යන වදනේ යථාර්තය පළපුරුද්ද, නිහතමානිත්වය, නිරහංකාර බව,අහිංසක කම, ගැමිබව, අවංක බව, බුද්ධිමත් බව මොනවට පැහැදිලි කරමුද ? (නදී)

:       0       0

චන්දන Saturday, 31 January 2015 08:02 PM

ඔබ නම් නියමයි සර් (නදී)

:       0       0

සමන්ති Sunday, 01 February 2015 12:00 AM

කොහොමද රජරට ගොයියාගේ කතාව, බයියාට වැඩිය හොඳයි නේද ? (නදී)

:       0       0

ගිනස් Sunday, 01 February 2015 11:08 AM

බයියා දොයිය ගත්තාය කියලා හිතන සමහරු ගොයියා කරන්න යන වැඩේ ගැන හිතන්නේ නැහැ. කමක් නැහැ. මම මෙහෙම කියන්නම්කො. ගොයියාට දුන්නු අසීමිත බලය තමන්ට එපා කියලා ඒ බලය හාමුට දීලා වලිගෙ දෙපරන්දේ ගහගෙන කෙඳිරිගාන්න නම් එපා. බලය අඩු කරන්න තාම මහජනතාව කියලා නැහැ. (නදී)

:       0       0

අර්ජුන රණවන Sunday, 01 February 2015 12:59 AM

අප ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇත (නදී)

:       0       0

ස.අ.බ. ඩයස් Sunday, 01 February 2015 02:15 PM

අසීමිත බලය පොදු ජනතාව ඉල්ලපු දෙයක් නොවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1312 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 802 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1334 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 948 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site