IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අස්වැසුමට බාල්දි දාන ලොක්කන්ට වැඩ වරදී

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම වැඩපිළිවෙල මන්දගාමි කරන දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රධාන වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට වන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට දැඩිව දැනුම් දී ඇත.

පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන අස්වැසුම වැඩසටහන ඉක්මනින් ක්‍රියාත්මක කොට ජනතාවට සහන දීමේ රජයේ අපේක්ෂාව කිසියම් පිරිසක් විසින් ප්‍රමාද කරන බවට පෙනෙන්නට තිබෙන බැවින් ජනාධිපති ලේකම්වරයා මෙලෙස නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී  දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවක දී සමන් ඒකනායක මහතා මේ බව දැනුම් දී ඇත. අස්වැසුම නොලැබුණු අයට අභියාචනා ඉදිරිපත් කිරීම සේම අලුතින් අස්වැසුම යටතේ ලියාපදිංචි කිරීම ගැන සමාලෝචනයක් මෙහිදි සිදුකර තිබේ.

එහිදි එක් දිස්ත්‍රික් ලේකම්වරයකු ලබාදී තිබෙන ඉලක්කය 100% ක් සපුරද්දී තවත් අයෙකු එය 20% ක ප්‍රතිශතයකින් නිම කර තිබිම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. නැවත මෙවැනි දේ විය නොහැකි බවට ද ඔහු අවවාද කර තිබේ.



අදහස් (5)

අස්වැසුමට බාල්දි දාන ලොක්කන්ට වැඩ වරදී

Lalla Saturday, 03 February 2024 12:31 PM

ඡන්ද බලාගෙන රටේ ජනගහනයෙන් භාගයකට පින්පඩි දෙන්න වැඩ කරන ජනතාව ලක්ෂ පහළවක් මරාගෙන කන එක නවත්වන්න. නිකම්ම පඩි දෙනකොට නිකමුන් වැඩිවීම නවත්වන්න බෑ නේද?...

:       6       15

Jayaweera Saturday, 03 February 2024 04:57 PM

දෙවැනි ලෝක යුද්ධය කාලයේ ආහාර හිඟයක් තිබුණු නිසා සලාක ක්‍රමයට ආහාර ලබාදීම රජයෙන්ම කළා. නිදහස අරගෙන සංවර්ධනය කරන අතරම සමාජවාදීන් එම ක්‍රමය දිගින් දිගටම ගෙනයාමට හර්තාලය කළා. ඉන් පස්සේ දේශපාලුවන් ගොවිතැන දියුණු කරන අතරේ හාල් සේරුවක් නොමිලේ දෙන්න ගත්තාම එයින් පස්සේ බලය ගන්න ආවේ හඳෙන් හරි හාල් සේරු දෙකක් ගෙනැවිත් දෙනවා කියලා ඉන් පස්සේ ඇට අටයි කියලා කියපු කෙනා අටම අහෝසි කර වෙළදපොලේ ආහාර සුලබ කිරීමට කටයුතු කළා.. ඉතින් ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපති සතියකට දින කීපයක් ගමේ පොදුවැඩක් කළාම දීමනාවක් දුන්නා... ගමේ මාර්ග ඉදිවුණා... ඒත් පාන් රාත්තල තුනයි පනහට කන්න මිනිස්සු ආණ්ඩුව වෙනස් කළා... දේශපාලන හිතවතුන්ට අතපය හකුලාගෙන ඔලුව දණිස්දෙක අස්සේ ගසාගෙන නිදියන්න අවස්ථාව දුන්නේ නැගිට්ට වෙලාවේ කන්න සමුර්ධි කියලා බොහෝ වරප්‍රසාද සහිතව දීමනාවක් දීලා තමයි... දැන් ආයෙත් ඇති හැකි අය සඳහා අස්වැසුම කියලා එකක් දෙනවා. ඇත්තටම ඔය ප්‍රගතියක් නැහැ කියන දිසාපතිතුමා අනවශ්‍ය අයට ජනතා මුදල් බෙදීමට අකමැති අයෙක් නිසා ප්‍රගතිය අඩු ඇති...

:       0       0

Bamunuarachchi Sunday, 04 February 2024 12:23 AM

Lal ඒක තේරුම් ගන්න ඔබ ඒ අසරණ තත්වයට වැටෙන්න ඕනේ...!

:       0       0

Bamunuarachchi Sunday, 04 February 2024 12:26 AM

රටේ පාලනයට බාල්දි පෙරලන්නේ රාජ්‍ය නිලධාරීන් කියන අය. ඔවුන්ගේ ඔලුවලට අසුචි බාල්දි හලන්න ඕනේ....!

:       0       0

නාවලගේ කරේ. Sunday, 04 February 2024 01:41 PM

රාජ්‍යපරිපාලන ධූරාවලියේ ඉහළම ස්ථරය නියෝජනය කරන මෙතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවයේ ද අත්දැකීම් බහුල ඉතාමත් කාර්යශූර නිලධාරියෙකි. ආයු රක්ඛන්තු, ආවඩා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 3 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 176 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 382 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 231 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 544 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 395 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site