විවිධ ආගම් පිළිබඳව අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු හා අනවබෝධයෙන් ඇතිවෙන සැක සාංකා හෝ කුහුල අරමුණු කර ගනිමින් මෙවන් ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගිය දින ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් සංවිධානය කැර තිබිණි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති අපවත්වී වදාළ මැදගම වජිරඥාන නාහිමියන්ගේ මුලිකත්වයෙන් මීට වසර බොහොගනනකට පෙරාතුව ආරම්භකෙරුන මෙම වැඩපිළිවෙළ වාර්ෂිකව පවත්වන්නකි.
වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම්, යුදෙව්, ජෛන, සව්රාෂ්ඨ වැනි බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රධාන ආගම් නියෝජනය කරමින් පුජ්‍ය පක්ෂය සහ ගිහි නියෝජිතයින් පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ ආගමික සහජීවනතා සංවිධානයන්ගේ නියෝජිතවරු ද ඒ සඳහා සහභාගී වුහ.
එහිදී විහාරස්ථ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර සියලුම දෙනාට සෙත් පැතුහ. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දහම් පාසලේ සිසු සිසුවියන් විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පැහැදිලිකරදෙමින් ඉදිරිපත්කල වැඩසටහන කාගේත් ප්‍රසංශාවට ලක්විය.
සියලුම ආගමික නියෝජිතයින් සහජීවනයේ වැදගත්කම පහදාදෙමින් අගනා දේශනා පවත්වනු ලැබිය.
ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා සහ එම මහත්මිය පිරිසක් ද උත්සවයට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම පැසසුම් කටයුතු පුණ්‍ය ක්‍රියාවක්. මෙවැනි වැඩසටහන් වල කාලීන අවශ්‍යතාව දැඩිව දැනෙන යුගයක් මේක. දිවයින පුරා මෙවැනි කටයුතු සිදු විය යුතුයි. තෙරුවන් සරණයි! (නි)
ඉතාමත් වටිනා කාලෝචිත මහා පින්කමක්. මෙවැනි සංඝයා වහන්සේලා ලංකාවටත් වැඩම කරලා, මෙවන් ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහනක් අපේ රටෙත් දියත් කළයුතුයි කියා ඉල්ලා සිටිමි.අපවත් වී වදාළ මැදගම වජිරඥාන නාහිමියන්ටත් වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ටත් ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා මහතාටත් මාගේ ගෞරවය පුද කරමි. (නි)
අද ශ්‍රී ලංකාවට අවශ්‍යම දෙයක්. අපේ රටේ බුද්ධාගම විනාශයට යන යුගයක්. (නි)
ෆස්රුල්, බොරු කියන්නේ නැතුව ඉන්න (නි)
වීර ,බොරු කියන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
ඔය ආගමික සහජීවනය ගැන රැස්වීමක් සෞදි අරාබියේ කැදවන්න නොහැකිද? අපේ ෆස්රුල් ගෆූර් වගේ මිතුරෝ ඒ ගැනත් සිතන්න. බෞද්ධ කතෝලික අය විතරනේ බොහෝවිට සංවිධානය කරන්නේ. (නි)
බුදු දහම , හින්දු , යුදෙවු අාගම් ගැනත් ලෝකයේ වැඩි පැතිරීමක් වනවා නම් හොදයි (නි)
ආගමික සහජීවනය අද අපේ රටට අවශ්‍යම දෙයක්. මේක කළ යුතු වන්නේ ලංකාවේ බෞද්ධ විහාර වලයි. අන්තවාදය, ජාතිවාදය, ආගම් බේද තුරන් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතුයි. (නි)
වීර, ෆස්රුල්ගේ අදහසට අපි ගරු කළ යුතුයි. වීර, ඔබ වැනි අය නිසා තමයි ජාතික සමගියට කන කොකා හඬන්නේ. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර්, කදිම අදහසක් (නි)
ආගමික සහජීවනයට හරස් කපන අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම්කොට, ආගමික සහජීවනය කෙළෙසන පුද්ගලයන්ට සුදුසු දඩුවමක් නීතියෙන් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
ඉස්ලාම් ආගම ගැනත් සියල්ලන්ටම දැනුමක් ලබාදෙනවා නම් මම කැමතියි (නි)
අරමුණක් වශයෙන් ගත් කල මෙවැනි සහජීවනයක් ලංකාවට පමණක් නොවේ මුළු ලොවටම වැදගත්. නමුත් කවුරු කවුරුත් වරද්ද ගත්ත දෙය තමා බෞද්ධ දර්ශනය ආගමක ට හරවාගෙන එය ලොව පුරා වෙළඳාම් කරන "සේරි වනිජලා" මේ සර්ව ආගම් ව්‍යාපාරය ට එකතු උන එක. බෞද්ධ දර්ශනය වසර 2500 ගනනක් තිස්සේ නොමැරී පැවතුනේ එහි ඇති දාර්ශනික හරය පන්සල් හා පොත්පත් ගිනි තැබීමෙන් පවා විනාශ කල නොහැකි වූ නිසාය. අර්බුදයන් ට ලක්වී ඇති ලෝකයේ වෙනත් ආගම් පැවැත්ම සඳහා මෙසේ සන්ධාන ගතවීමේ වැරැද්දක් නැත. පොහොසත් හා බලවත් වෙනත් ආගම් වල "මුදලාලිලාගෙන්" ලැබෙන වරදාන ඉදිරියේ "බුද්ධාගම" බලෙන් ඇදගෙන බංකොලොත් අන් ආගම් සමග ඈදීමට ගොස් මොවුන් කරන්නේ ඉන්දියාවේ ඉස්ලාම් භක්තිකයින් බෞද්ධ සංස්කෘතියට කල හානියට වඩා විශාල හානියක්. මා වැරදි නම් මට සම වන්න! (අ)
මම හිතන්නේ ලංකාවේ අමුතුවෙන් සහජීවනය ගැන කියාදෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ අපේ පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ව දැනුවත් කිරීමයි. මම මේ සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ සකච්ඡාවකට වුවත් සුදානම්. (නි)