IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ආච්චි සාපෙළ අයිටී වීෂයට ලියයි

මාතර නාදුගල එන් එන් එස් කළ්‍යාණි(73) මහත්මිය අපොස සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා මාතර ඉල්මා විදුහලේ විභාග ශාලාවේදී පිළිතුරු ලිව්වාය.

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවයෙන් විශ්‍රාම ගිය කළ්‍යාණි මහත්මිය පැවසුයේ කාලයට ඔබින පරිදි නව තාක්ෂණ දැනුම ලබාගැනීම තම අරමුණ බවයි.

ලබන වසරේ ඉලෙක්ට්‍රොනික් හා හින්දි භාෂාවට සාමන්‍ය පෙළ විෂයන්ට පෙනී සිටින බව ඇය කීවාය.

“මම මේ විභාග වලට ලියන්නේ රස්සාවක් කරන්නම නෙවෙයි“යැයි ඇය කීවාය.

 wchch12



අදහස් (63)

ආච්චි සාපෙළ අයිටී වීෂයට ලියයි

ලලීන්ද්‍ර Saturday, 10 December 2016 03:17 AM

සුබ පැතුම්! (නි)

:       14       51

බීනු Saturday, 10 December 2016 03:35 AM

ඇත්තෙන්ම තරුණ අයට දෙන උදාහරණයක්. අපිට ආඩම්බර වෙන්න පුළුවන් මේ නෝනා ගැන (නි)

:       0       2

ලියනගේ Sunday, 11 December 2016 07:26 AM

කළ්‍යාණි, ඔබ මා ළඟ සතොස ලිපිකාරිනියක් ලෙස කටයුතු කළා මතක ඇති. ඔ‍බේ දිරිය ගැන මා සතුටු වෙමි. විශ්ව ගම්මානයක ජීවත්වන්න වෙරදරන අපට ඔබ වැනි අය සම්පතකි (නි)

:       1       10

සුමුදු Saturday, 10 December 2016 04:06 AM

මේ වගේ දිරිය මිනිස්සු ඉන්න රටක් කොහොම මෙහෙම පිරිහෙනවද කියලා හිතාගන්න බැහැ. (නි)

:       4       3

ආරච්චිගේ Saturday, 10 December 2016 04:08 AM

මෙවන් මවුවරු රටට වාසනාවන්! (නි)

:       0       1

එඩ්වඩ් Saturday, 10 December 2016 04:09 AM

ඔබට ජයෙන් ජය! (නි)

:       0       1

චින්තක Saturday, 10 December 2016 04:12 AM

වාසනාවන්! අපි මරණය දක්වාම යමක් ඉගෙනගන්නවා. (නි)

:       0       1

අජිත් Saturday, 10 December 2016 04:36 AM

මේ ජීවිතයට වැඩක් නොවුණත් එකතුකරගන්නා මේ දැනුම උගත්කම මතු සංසාරේදී ප්‍රයෝජනවත් වෙයි. (නි)

:       0       1

මාලක Saturday, 10 December 2016 04:40 AM

මෙවැනි ප්‍රවෘත්තියක් ඇසීමට ලැබීම ඉතාම සතුටට කාරණාවක්. මෙයින් සමාජයට විශේෂයෙන්ම තරුණ පරපුරට දෙන පණිවුඩය/ ආදර්ශය කියා නිම කළ නොහැකිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය මෙවැනි මහඟු පුරවැසියන්ය (නි)

:       0       1

රිස්වාන් Saturday, 10 December 2016 04:48 AM

ඉගෙනගන්න වයස් සීමාවක් සහ කාලයක් අවශ්‍ය නොවන බවට හොඳම උදාහරණයක් (නි)

:       0       1

රුපවතී Monday, 12 December 2016 01:56 PM

මෙය හොද ආදර්ශයක් නිකරුනේ කාලය නාස්ති කරන ඔබ හැමටම. අත්තම්මේ ඔයා විශිෂ්ට සාමාර්ථයන් සමග විභාගය පාස්වෙවයි මා හදවතින්ම ප්‍රර්ථනා කරමි ..! (ර)

:       0       1

සුනේත්‍රා පිරිස් Saturday, 10 December 2016 06:28 AM

හුඟක් අගෙයි එහෙම ධෛර්යක් තිබීම. අද කාලෙට අනුව අපි හැඩගැහෙන්න ඕනෑ (නි)

:       0       1

අතුල කුමාරසිංහ Tuesday, 13 December 2016 12:56 PM

ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ "තොටිල්ලේ සිට මිනී වල දක්වා ඉගෙනීමේ යෙදෙනුෙ" කියො..... මේ ආච්චිගේ ක්‍රියාව ඒ කියමන සනාථ කරනවා....(හේ)

:       0       1

කුමාරි Saturday, 10 December 2016 07:49 AM

ඉගෙනගන්නා දරුවන්න්ට ඔබ ආදර්ශයක්. ඔබට තුණුරුවනේ සරණයි. (නි)

:       0       0

රොහාන් Saturday, 10 December 2016 07:59 AM

ඔබට අපේ සුබ පැතුම්! (නි)

:       1       35

ගුණසිරි Saturday, 10 December 2016 08:28 AM

දිවි ඇතිතෙක් ඉගෙනීමට දේවල් තිබෙනවා. දිවි ඇතිතෙක් කඩ ඉම් පනින්නත් තිබෙනවා. අඩුතැන් පුරවගන්න කාලයක් නැහැ. එනිසා මෙතුමිය අපට දෙන්නේ උසස් ආදර්ශයක්. දිරිය ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

සිරි Saturday, 10 December 2016 09:08 AM

මේ ආච්චි දැන් හැදෙන ළමයින්ට ආදර්ශයකි. ඉගෙනගැනීමට වයසක් නැත. ආච්චිට දීර්ඝායුෂ වේවා!! (නි)

:       0       0

මැගී Saturday, 10 December 2016 09:15 AM

අධ්‍යාපනය ලබන්න වයස බාධාවක් නොවේ. ආච්චිට විභාගයෙන් ජය ලැබේවායි පතමි. (නි)

:       0       0

නුවන් Saturday, 10 December 2016 10:17 AM

ඔබට ජයෙන් ජය පතමු! තෙරුවන් සරණයි (නි)

:       0       27

සදුන් Saturday, 10 December 2016 10:39 AM

අපේ දේශපාලක මහත්තුරුත් ලිව්වා නම් නේද හොඳ? (නි)

:       0       0

කරුණාජීව Friday, 09 December 2016 11:21 AM

නුවන දියුණු ගැනීමේ සංසාර ගත පුරුද්ද වැඩි දියුණු කිරීම. ඉතාම වැදගත්.(හේ)

:       0       0

සරසි Friday, 09 December 2016 11:28 AM

කොච්චර අගේද ? මම මේ මහත්මියගේ ඉගෙනීම් කටයුතු වලට සුභ පතනවා. ඉගෙනීමට වයස් සීමාවක් නැහැ . (හේ)

:       0       0

ආනන්ද Saturday, 10 December 2016 12:51 PM

වයස මොන ප්‍රශ්ණයක්ද? අම්මා දුන්න ආදර්ශයම මදෑ. රජයේ වයසක යතුරු ලියන්නන්ට කොම්පියුටරය හුරුකරන්න නොගත්ත උත්සාහයක් නැතිතරම්. ඊමේල් කොම්පියුටරයේ ගැහුවත් බෙදන්න වෙන්නෙ අසරණ පියුන්ටමයි කියා උත්සාහය අතහරිනවා. අම්මාට නිදුක් නීරෝගි දීර්ගායුෂ! (නි)

:       0       0

ධම්ම Saturday, 10 December 2016 01:05 PM

ජයවේවා ආච්චි! (නි)

:       0       0

ප්‍රසාද් Friday, 09 December 2016 11:33 AM

ආඩම්බරෛ අම්මේ (හේ)

:       0       0

චන්ද්‍රා Friday, 09 December 2016 11:42 AM

මේ මාතාව මානව ජීවිතය අවබෝධ කරගුත් අයෙක්, ඉගෙනීමට මිනිසා ලාබලද වැඩිහිටිද යන්න ප්‍රශ්නයක් කරගත යුතු නැත.වැඩිහිටි සැමට හොද ආදර්ශයක් මේක..(හේ)

:       0       0

ජබීර් Saturday, 10 December 2016 01:43 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ලංකා ශ්‍රි Friday, 09 December 2016 11:44 AM

ඉතා අගයකලයුතු ආදර්ශවත් කාන්තාවක්.(හේ)

:       1       0

නිරාන් Friday, 09 December 2016 11:43 AM

බලන්න කොච්චර වාසනාවන්ත අම්මා කෙනෙක්ද? වයස අවුරුදු 73 යි නමුත් කන්නාඩි පලදින්නේ නෑ. ඔබ තුමියට නිරෝගි සුවය ලැබේවා.(හේ)

:       0       0

පසිදු Friday, 09 December 2016 11:47 AM

ඉගෙනීමට වයස ප්‍රශ්නයක් නෙවෙයි කියන එකට ඔබ හොඳ උදාහරණයක් අම්මේ. ඔබ ඉතා ඉහලින් සමත් වේවා කියලා හදවතින් පතමි. (හේ)

:       0       0

ජයතිලක Saturday, 10 December 2016 02:38 PM

අපගේ රටේ වියපත් කෙනෙක් අලුත් දෙයක් කළොත් එය අගය කරනවා වෙනුවට උපහාසාත්මක ලෙස දකින්නයි සමහරු පුරුදුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

මංජු ශ්‍රී Friday, 09 December 2016 12:16 PM

අම්මේ ඔයාට ජය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා (හේ)

:       0       0

රොහාන් Friday, 09 December 2016 01:19 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 09 December 2016 01:20 PM

සුබ ගමන් ඔබට! (නි)

:       0       0

විජේ Friday, 09 December 2016 01:23 PM

බුදුසරණයි! (නි)

:       0       0

විද්‍යා Friday, 09 December 2016 01:27 PM

මරණයතුරුම ඉගෙනගන්නා මිනිසා...! (නි)

:       0       0

අශිකා Friday, 09 December 2016 01:42 PM

ඔහොමම දේශපාලකයන්ටත් ඔය විභාගේම කරන්න ඉඩ හැරියා නම් එ්ක ජාතියටම කරන මහඟු සේවයක් (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 10 December 2016 05:32 PM

උත්සාහවන්තයා ජයගනී (නි)

:       0       0

ගාමිණී අත්තනායක වේරගන්තොට Friday, 09 December 2016 01:44 PM

ඔබතුමියගේ උත්සාහය නව පරපුරට ආදර්ශයක්. සාර්ථක ප්‍රතිඵල ලැබේවා!! මගෙන් සුබපැතුම්. (නි)

:       0       0

ජයරත්න Friday, 09 December 2016 02:07 PM

රටට ආදර්ශවත් කාන්තාවක්. ඔබට ජයවේවා මව්නි! (නි)

:       0       0

විදානේ Friday, 09 December 2016 02:08 PM

පුදුම හිතුනා මට නම් (නි)

:       0       0

සමන් Friday, 09 December 2016 02:16 PM

ඉතාමත් හොඳ වැඩක්. හේතුව අපිට ඉගෙනීමට වයසක් නොමැත (නි)

:       0       0

ජයරත්න Saturday, 10 December 2016 10:13 PM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඉසුරන්දි Friday, 09 December 2016 03:03 PM

ඔබට දීර්ඝායුෂ පතන අතර මැරෙනතෙක් ඉගෙනීමට ඇති දේ බොහෝ බව ඔබතුමිය මෙයින් ඔප්පුකර හමාරයි. ඔබගේ මේ හැකියාව විස්තර කරන්න මට වචන නැති තරම්. සැමට ආදර්ශයක් ඔබතුමිය. (නි)

:       0       0

උපුල් Friday, 09 December 2016 03:14 PM

ඔබගේ උත්සාහය ඉහළින්ම අගය කරනවා (නි)

:       0       0

රෝයල් Friday, 09 December 2016 03:24 PM

මෙතුමියට අපෙනුත් සුබ පැතුම්! (නි)

:       0       0

විද්‍යා Friday, 09 December 2016 03:31 PM

ඔබතුමිය වැනි විශේෂ කාන්තාවන් මගේ රටට වාසනාවක්. ඔබතුමියට ජය! (නි)

:       0       0

ගාමිණි Friday, 09 December 2016 03:38 PM

සුබ පැතුම් අම්මේ! (නි)

:       0       0

රන්ජිත් Friday, 09 December 2016 03:52 PM

ඉතා හොඳ අාදර්ශයක් හැමෝටම! (නි)

:       0       0

විජේපාල Friday, 09 December 2016 03:59 PM

අම්මේ, ඔබ මේ ලෝකේ හැමකෙනකුටම හොඳ ආදර්ශයක් දීලා තියෙන්නේ. අම්මට අපගේ සුබ පැතුම් සමඟම තුණුරුවන්ගේ සරණත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

සලීම් Friday, 09 December 2016 04:03 PM

ජීවත්වනතුරු දැනුම වර්ධනය කරගැනීම හොඳ වැඩක් (නි)

:       0       0

සෑම් Friday, 09 December 2016 07:55 PM

මෙතුමිය මෙතරම් වයසට ගිහිල්ලත් තවම ඇස් කණ්ණාඩි පාවිච්චි නොකරන්නේ ඔය කියන තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය එහෙම නැත්නම් කොම්පියුටර් භාවිතා නොකළ නිසයි. ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

රේණුක Friday, 09 December 2016 08:46 PM

ගම් තුලාන වල ඉන්න ලීලලාට, චම්පලාට සහ නයනලාට කල්‍යාණවතී මාතාව හොඳ කණේ පාරක් දී තියෙනවා. (නි)

:       0       0

ඉන්දිර ශ්‍යාමලී Friday, 09 December 2016 09:24 PM

මගේ ගමට ලොකු ආඩම්බරයක් අම්මේ. අම්මට බුදු සරණයි! (නි)

:       0       0

උපසේන Friday, 09 December 2016 10:16 PM

මෙන්න ජීවිතේ නියම තේරුම. (නි)

:       0       0

ඇනායා Friday, 09 December 2016 10:42 PM

අපි පොඩි කාලේ අහලා තිබුනේ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලානේ. ඔබේ පැතුම් සියල්ලම සඵල වේවා.! (නි)

:       0       0

දිලන්ක Saturday, 10 December 2016 02:05 AM

මෙය අනෙක් සෑම කෙනෙකුටම ආදර්ශයක් (නි)

:       0       0

ජයතිලක Saturday, 10 December 2016 02:05 AM

හොඳ අරමුණක්. වයස ගැන හිතන්න එපා. (නි)

:       0       0

නීලා Saturday, 10 December 2016 02:09 AM

අගය කළයුතු දෙයක්. දැනුම ලබාගැනීමට වයස ප්‍රශ්නයක් නැත. (නි)

:       0       1

හිමාල් Saturday, 10 December 2016 02:50 AM

දකිනකොටත් සතුටුයි (නි)

:       0       0

rathnayaka Sunday, 05 March 2017 01:20 AM

ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට ...

:       12       0

ISHAK Friday, 17 March 2017 05:36 AM

අජිත් මහත්තය "මේ දැනුම උගත්කම මතු සංසාරේදී ප්‍රයෝජනවත් වෙයි" මේක හතර බීරි කතාවක් නෙවෙයිද

:       0       0

වතුර Tuesday, 07 March 2017 07:55 AM

මේ ආච්චි පොඩිකාලේ මමයි අයි. ටී කියල දුන්නේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6718 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5009 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 933 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1337 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3192 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4169 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40183 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site