IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විමසන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කරුණක් සම්බන්ධයෙන් විමසා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළ බව බලශක්ති අමාත්‍ය කැබිනට් සම ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා අද (19) ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ ඕනෑම ලියවිල්ලක් හෝ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් විමසා බැලීමට එම කැබිනට් මණ්ඩල අනුකමිටුව පත්කළ බවද හෙතෙම කීය.

නව ආණ්ඩුවේ පළමු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව කීවේය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අමාත්‍ය මණ්ඩල සටහන් හා කෙටුම්පත් යනාදීය අධ්‍යයනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කළ බවද ගම්මන්පිල මහතා කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ ඕනෑම වාර්තාවක් කෙටුම්පතක් හෝ වෙනත් ඕනෑම යමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන්නේ මෙම කමිටුවේ නිරීක්ෂණ සහිතව යැයි ද ඔහු කීවේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම වෙනුවෙන් ඊට අදාළ නම් යෝජනා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට බලය දුන් බව ඔහු කීය.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විද්වත් කමිටුවේ නම් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන බවද හෙතෙම කීවේය.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආදී සාධනීය ලක්ෂණ රැකගැනීමටත් ජනාධිපති ධුර කාලය වසර පහක් දක්වා සීමාකිරීම සහ ජනාධිපතිවරයාට ධුරය හැකි වාර ගණන දෙකක් ලෙස පවත්වා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේදී තීරණය කළ බවද ඔහු කීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පූර්ණ බලතල ද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍යවරයාට ලබාදුන් බවද හෙතෙම කීවේය.

කැබිනට් ප්‍රකාශක ජනමාධය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවාව යන මහත්වරු ද එක්ව සිටියහ.



අදහස් (0)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විමසන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 30 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 69 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 112 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 38 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 154 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1240 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site