ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් රට අරාජික තත්ත්යකට පත්ව ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, සබරගමුව විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අද (25) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල ආරාජික බව නිසා රටේ සෑම ක්ෂේත්‍රයකම පිරිහීමක් දක්නට ඇතැයි ද ඔහු කීවේය.
මෙම මාධ්‍ය හමුව පැවැතියේ බත්තරමුල්ලේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයයේ දී ය.
“වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අරාජික බව හේතුවෙන්, සමාජ, දේශපාලන, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක අරාජිකත්වයත් ව්‍යාකූලත්වයක් හටගෙන තිබෙනවා. උදාහරණයක් විදියට වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති , අගමැති හා මුදල් ඇමැති දරන්නේ මත තුනක්. මේක සෑම තැනකදීම දකින්න පුළුවන්. මෙය මේ ආණ්ඩුව පත්වුණු දවසේ සිටම දකින්න තිබෙනවා.
මේ ආණ්ඩුවට බලයට පත්වුණු දවසේ ඉඳන්ම ආර්ථිකය කඩා වැටෙනවා. අපට ඩොලර් අහිමි වුණා. ඒත් එක්කම අපේ සංචිත පහත වැටුණා. එහි ප්‍රතිඵලයක් නිසා රුපියල බාල්දු වුණා. ඒ හේතුවෙන් තිබුණු සංචිත ටිකත් නැතිවුණා. මේ සියල්ල නිසා අද රට දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටිනවා. වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ගත්තා. ණය අවශ්‍ය නම් වැට් බදු පනවන්න, පදනම වැඩි කරන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය හා වැරැදි නිසා මෙය සිදු වූ බවට අද ආණ්ඩුව චෝදනා කරනවා. එහෙත් සත්‍ය එය නෙමෙයි. වත්මන් ආර්ථිකය කඩා වැටුණේ මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඇත්ත තේරුනා නම් හොඳටම ඇති (නි)
රුපියල බාල්දු වුණේ නිදහසේ පාවෙන්න දුන් න නිසා. කලින් ආණ්ඩුව කෘතිමව රුපියල පාලනය කරන්න සංචිත පොම්ප කළා. ආණ්ඩුවේ විවිධ මත තියෙන්න පුලුවන්. අවසානයේදී එක හොඳ මතයකට එන්න පුළුවන් නම් එ්කතමයි යහපාලනය කියන්නේ (නි)
රට වැඩවසම් ක්‍රමයෙන් අද ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ තිබෙනවා.
සමන්ත චතුරි අතුල ඔයාල ඉපදුනේ ලංකාවේද (බ)
මහින්ද ආර්ථිකය හරියට හදලා තිබුනා නම් අවුරුද්දෙන් ආර්ථිකය කඩාවැටෙන්න විදියක් නැහැනේ. අනෙක මහින්ද ගත්තා වගේ ඉහළ පොළියට නෙමෙයි මේ ආණ්ඩුව ණය ගන්නේ. මහින්ද ලොකු පොළී අනුපාත වලට ණය ගත් නිසා තමයි රට මෙහෙම හිරවෙලා තියෙන්නේ. (නි)
මේ ගොල්ලෝ තමන්ගේ ගෙවල් වල කොච්චරක් දුරට සමත් ද කියල ඒගොල්ලන්ගේ නෝනලගෙන් ඇහුවොත් දැනගන්ට පුළුවන් වෙයි. (බ)
බැලුව කවුද කියල බුදු අම්මෝ මෙයා අර ඒ කලේ කඩේ ගිය අයනේ (බ)
අනිල් සංවර්ධනය පටන් ගනිද්දී පහලට නොවැටී තියගන්නම අවශ්‍ය නැහැ. පහලට වැටෙන වේගය ක්‍රම ක්‍රමයෙන් අඩුකළාම අවසානයේ පහලට වැටෙන එක නැවතිලා ඉහලට යන්න ගන්නවා. ඇමෙරිකාවේ කඩාවැටුණු ආර්ථිකය ඔබම ගොදගත්තෙත් එහෙමයි. (බ)
ආර්ථිකය ගැන කියවන ඔය ආචාර්යවරයා උගන්වන්නේ ආර්ථික විද්‍යාව නෙවෙයි. දන්නෝ දනිති. (බ)
මෙයාට අමතක වෙලා මේ ආණ්ඩුව ආවට පස්සේ ඔය කතා කරන සරසවි ආචාර්යවරුන්ට පුදුමාකාර පඩි වැඩි වීමක් කළා කියලා. මූලික උපාධියෙන් සරසවියට බැඳෙන පරිවාස කාලෙ ඉන්න දේශක වරයෙකුටත් දැන් ලක්ෂ එකහමාරක් පඩි.සමහර ආචාර්යවරු සරසවියට එන්නේ මාසෙටම දවසයි.ඒ පඩි ගන්න. එතකොට වැඩ නොකර පඩි ගන්න එකත් ආර්ථික අර්බුදයට හේතුවක්. (බ)
නරකද කලින් ආණ්ඩුවේ ඩොලර් හංගපුවා ගෙන්වා ගත්තා නම්? ආර්ථිකය නිකම්ම දියුණුවෙයි. (නි)
ප්‍රතිචාර දැක්වීමට කලින් මඳක් නැවතී බුද්ධිමත්ව හිතලා බලන්න කියා මම මෙතන සමහරුන්ගෙන් ඉල්ලනවා. (නි)
සමන්ත, ගොඩගන්න ඕනෑ වැටිලා තියන දෙයක්. හොඳට ගොඩනැගිලා තිබුන දෙයක් තවත් ගොඩනඟනවා ඇරෙන්න, බිමට ඇදලා දාලා අලුතින් මුල ඉඳන් පටන්ගන්න දෙයක් නැහැ. අද ඔක්කොම ආපස්සට, ආර්ථිකය පහළට. ඉතින් මොනවද මේ පස්සේ ඉස්සරහට ගොඩනඟන කතා? හරිනම් ඉස්සර තිබුන තැනින් පහළට නොවැටීවත් තියාගන්න ඕනෑ. (නි)
ඉස්සර මහින්දගේ කාලේදී අපේ ක්‍රිකට් ටීම් එක හැම ලෝක කුසලානෙම අවසාන මහා තරඟයට ආවා. ඒවායින් පැරදුනාම හැමෝම ඒ මනුස්සයට බැන්නා අවසන් තරඟය බලන්න ගිහින් ශාපය වැදිලා තමයි පැරදුනේ කියල. දැන් අවසන් මහා තරඟයට තියා මුලික වටෙන් එහාට යා ගන්න බැහැ. පරදින පැරදිල්ලට වමනෙට එනවා. හැබැයි හැමෝම සතුටින්. ඉස්සර එහෙම කිවුවට දැන් කවුරුවත් කියන්නේ නැහැ කාගෙවත් ශාපය වැදිලයි මෙහෙම වෙන්නේ කියලා. වැඩ වෙද්දී ඒවායේ වැරදි දැක්කා. දැන් වැරැද්දක්වත් දකින්න කිසි වැඩක් වෙන්නේ නැහැ (නි)
වර්තමාන පාලනය අසමත් වන්නට පුළුවන් කියා අපි සිතමු. පසුගිය පාලනය අවුරුදු දෙකකට ප්‍රථම යන්න සිතුවේ කුමක් නිසාද යන්නත් අපිට තේරුම් කරදෙන්නේ නම් මැනවි. (නි)
ඔයාලටත් මොනවා හරි දෙයක් කියන්න තියෙන්න එපායැ . .ඔයාල කියනවා අපි අහනවා .ඕවට අපි කියන්නේ බුල්ටෝ කතා කියල . (අ)
මමත් මේ ආණ්ඩුව ගැන හොඳටම කළකිරිලා ඉන්නේ (නි)
ආණ්ඩුව නම් කොහොමත් අසමත්. අපි නම් සැමදා අසමත්. (නි)
මේ කතාව ඇත්ත කියලා කාට වුණත් වැටහෙනවා (නි)
ආණ්ඩුවට තවමත් කත්අදින අය ඉන්නවානේ? (නි)
කඩාවැටෙද්දී මුක්කු තියලා පැනලා ගියා කියලා පෙනි පෙනී සමහරු තවමත් අපිව ගොනාට අන්දන්න හදනවා. (නි)
ඇත්ත කතාව. මමත් එකඟයි ඒ කතාවට. මහරජු ගියාට පස්සේ අරාජික වුණා. දැන් තියෙන්නේ රාජාණ්ඩුව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. (නි)
රට හොඳ පැත්තට යනවා මිසක් කඩාවැටීමක් නම් අපිට පෙනෙන්න නැහැ. ඒවුනත් බඩු මිල වැඩිවීම සහ දුෂිතයන් රිමාඩ් කර නැවත මුදාහරිනවා. නඩු ඉවර නොකරන එක ජනතාවට ප්‍රශ්නයක්. (නි)
ඔබතුමා කියන එක හරි. එහෙත් මිනිසුන්ට තේරෙන විදියට කියන්න ඕනෑ. ආර්ථිකය වැටීමට මුලික හේතුව මහා බැංකු වංචාව. මේ නිසා විදේශිකයින් තම තැන්පතු ආපසු ගත්තා. තෙල් මිල බැස්සුවා. ඇමතිලට සැප වාහන ගෙන්නුවා. මේවා තමා හේතු (නි)
රට හදන්න කලින් විශ්ව විද්‍යාල වල සිසුන් ටික හදාගන්න. ඇතුළේ වෙන දේවල්? ආචාර්යවරුන්ටත් ගහනවා නේද සිසුන්? ඔවුන් ටික හදාගත්තොත් රට ඉබේම හැදෙනවා. (නි)
ඕක කියන්ට ඇයි අරයගෙ කාර්යාලයට ගියෙ ඔච්චර රටට ආදරෙයි නම් මද්‍යස්ත තැනක කියන්ට පුලුවන්නෙ. මේ බත් බැලයො කත් අදිනව (අ)
ඔයා මේ පොඩි විශ්ව විද්‍යාලයක උගන්නලා හිතනවා නම් ඔක්කොම දන්නවා කියල ලොකු වැරද්දක් ඔයාටම කරගන්නේ. ඔය කිවන්නේ ඒකාබද්ද විපක්ෂයේ සැලසුමේ කොටසක්. ඔය කතාම තමයි 2004 කුමන්ත්‍රණයකින් ආණ්ඩු පෙරලන්න කලින් කිව්වෙත්. ඒ නිසා ඉවසීමෙන් බලාගෙන ඉන්න. මේ ආණ්ඩුවට කාලය දෙන්න සුදානම් වෙලා ජාතිය ගොඩ නගන්න. එතකොට ඔයාටත් හාර්වර්ඩ් හරි එම්. අයි.ටී. එකට ගිහින් තව ටිකක් සැබෑ ලෙස ආර්ථික විද්‍යාව ගැන ටිකක් ඉගෙනගන්න පුළුවන් වෙයි.(අ)
ඔබට සතුටුද දැන් (අ)
මේ මහත්තය කතාකරන්නේ කටින්ද, කියල බලන්න වෙනවා. (අ)