‘රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙළක් මේ හවුල් ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩු කාලයේ වංචා දූෂණවලට ලක්වූ ඒවා කියලා බොරු කියනවා. පාඩු ලබන ආයතන ලාබ ලබන තත්ත්වයට පත් කරන්න ආණ්ඩුවට වුවමනා නෑ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘නැගෙනහිර පළාතේ තිබෙන හොඳම වරාය පෞද්ගලික අංශයට දෙන්න පිඹුරුපත් හදමින් ඉන්නවා. මෙය ඉතා පැරැණි ලංකාවේ ගැඹුරුම වරායවලින් එකක්. පිහිටීම ඉතා හොඳයි. වරාය අධිකාරිය සතු මේ වරාය කැබිනට් අනුමැතිය අනුව නොවේ මේ දෙන්න හදන්නේ. අපේ රටේ ඔලුවිල් හා හම්බන්තොට වරාය හුරතල් ව්‍යාපෘති බව කියන්න ඕනෑ. මේවා ලාබ ලබන්නේ නෑ‘ යැයිද ඔහු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාභ ලබන්නේ නැති සෑම ආයතනයක්ම පුද්ගලික අංශයට දීලා හරි ලාභ ලබන ආයතන බවට පත් කරාම මොකද වෙන්නේ. (හේ)
රට කරවන්නට නම් මසුරන් ඇතිව අතේ. වටිනා කියන දේ විකිණිය යුතුව ඇතේ. අමන දනන් කෑගැවුවත් හතර වටේ. ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ. මම හිතන්නේ ජවිපේ මේ සින්දුව හොඳට දැනගෙන තමයි යුන්පීයට කඩේ ගියේ (ම)
රටේ දුප්පත් රට වැසියන්ට බරක් වෙනවා නම්, ඒවා ලාබ ලබන ආයතන විදියට පවත්වාගෙන යන්න බැරි නම්, ඔබතුමන්ලාගේ පක්ෂයෙන් කවුරුහරි දාලා හරි කරගෙන යන්න බලන්න. ලාබය රටට පෙන්වන්න. (නි)
දිල්ෂාන්, ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන්නේ, අද ජනතාවට මොකද වෙලා තියෙන්නේ. අපිට ඉන්නවද කියන යමක් තේරුම්ගන්න තරම් බුද්ධිමත් ජනතාවක්? විනාශවෙලා තියෙන්නේ ජනතාවයි. (නි)
ප්‍රියාන් මහතාට අනුව ජ. වි.පෙ. දරදිය ඇදිය යුත්තේ ඒකාධිපති හොර රැලක් නැවත රජ කරවීමටද? මේ රජය අසාර්ථක බව කෙනෙක් කියන්නේ නම් ඊළඟ නිවැරදි තේරීම කුමක්ද යන්නත් ප්‍රකාශ වියයුතුය. පසුගිය රජය ජනතාව ප්‍රතික්ෂේප කළේ නම් නැවත එය නිවැරදි පාලනයක් වන්නේ කෙසේදැයි තේරුම්ගත නොහැකිය. අවු. 68 ක කාලයක් ජනතාව කන මේ එකම පරිප්පුව ඇතිවෙන්නේ කවදාද? නිවැරදි තැනට බලය එක්රැස් වෙනවාට වඩා වැඩි බලයට බලය එක්වෙන දේශපාලන තත්ත්වය අපට දකින්නට ඇත්තේ ජනතාව තුළ පවතින අවස්ථාවාදීකම නිසා බව පෙනෙන්නට ඇත. ඒ අනුව නිවැරදි දේශපාලන ගමනකට රටේ ඉඩ නැතිවීම කණගාටුවට කරුණකි. (නි)
සියල්ලෝම එකයි බලාගෙන යනකොට (නි)
60% ශ්‍රී ලාංකික ජනතාවගේ මොළය තවදුරටත් නොසෝදා ඉදිරි පරම්පරාවට නිවහල් ශ්‍රී ලංකාවක් උරුම කරදීමට ඇති ක්‍රියාමාර්ග අනුගමනය කරනමෙන් ජවිපෙන් ඉල්ලීමට කැමැත්තෙමි (නි)
පක්ෂයේ නායකයගෙ සහ සෙසු නායකයන්ගේ අදහස් වල පරස්පරයක් ඇති බව පෙනේ. (අ)
මෙතුමන්ලා 2010 දිත් ජෙනරාල් තුමාව ඉස්සරහට දාගෙන කරන්න හැදුවෙ එ.ජා.ප.ය. ප්රමුඛ ආණ්ඩුවක් බලයට ගෙන එන්නනේ. බැරිවෙලාවත් ඒ වැඩේ සාර්ථක උනානම් එහෙම අද කොහොමට තියෙයිද? (අ)
කාවද රවට්ටන්න හදන්නේ? අපි නම් ඔය කතා වලට රැවටෙන්නේ නැහැ.ජනතා විමුක්ති පෙරමුණ විනාශ වුනේ නුඹලා නිසා. (අ)
ඕක තමයි කියන්නේ කොච්චර බදාගෙන හිටියත් කන්න බැරි වෙන කොට තිත්තයි කියලා. (හේ)
නායක තුමා ආණ්ඩුවට කඩේ යනවා. මෙයා අපිට නයා අරිනවා. (බ)
ඉතිං මේකට විසඳුම මොකක්ද මහත්තයෝ (බ)
මට නම් මොකුත් කියන්න හිතෙන්නේ නැහැ මේගොල්ල කියන ඒවාට. පුදුම කලකිරීමක් තියෙන්නේ මෙයාල ගැන. අපි ලොකු විශ්වාසයක් තියාගෙන හිටිය මෙයාල ගැන. දැන් නම් තිත්තයි (බ)
මෙයාලම නේද මේ කට්ටිය හොදයි කියලා ඡන්දය දැම්මුවේ. (ර)
ඔබතුමාලා අමාරුවෙන් පත් කරගත්ත රජයනේ. දැන් අපිට කියලා වැඩක් නෑ. (ර)
නරකද ආණ්ඩුවත් එක්ක එකතුවෙලා තමන්ගේ වැඩ ජනතාවට පෙන්නලා ඉක්මනින් බලයට එන්න. (ර)
ජනතා විමුක්ති පෙරමුනේ තමුන්නාන්සෙලා එදා නිකමට හරි හිතුවද එ.ජා.ප. ආණ්ඩුවක් බලයට පත් වුනහම මෙවැනි දේ නොකර ඉදීවි කියලා. පළමුවම ඔබ තුමන්ලාට ඉතිහාසය කියා දිය යුතුයි.(හේ)
නාහෙන් අඩන්න එපා..දන්නවනේ එතකොට එන්නේ මොනවද කියල..මේ අාණ්ඩුව ගෙන්න දර දිය ඇද්ද නම් දැන් හදන දෙයක් කාල වෙන දේ බලාගෙන ඉන්න..(බ)
ඉතින් ඔයාල ඒගොල්ලෝ එක්ක මොනවද කරන්නේ? (බ)
ජනතා විමුක්ති පෙරමුණට දැන් තේරෙනව නේද වෙන්නේ මොකක්ද කියලා? මම රාජපක්ෂ හොඳයි කියන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ රට විදේශිකයන්ට ඕන විදියට පාලනය කරන්න දෙන්න හදන්නේ. (බ)