අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය. ජවිපෙ මන්ත්‍රීගේ කතාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතාගේ වාරය එළැඹි බව මූලාසනයෙන් දැනිවිණි. එහෙත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වනසන ආණ්ඩුව පළවාහරිමු (නි)
මේවට කතාකරන්නවත් අපි කැමති නැහැ (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
මේ රටේ අනාගතය තීරණය වෙන්නේ වෛරය මුල්කරගෙන කියලයි අපිට හිතෙන්නේ (නි)
මදුරංග, ගිය ආණ්ඩුව කළෙත් ඔය වගේ වැඩම තමයි. මතක ඇති නේද? මේ දෙගොල්ලොම එකයි. රටේ මිනිස්සු හැමදාම පරාදයි. (නි)
මෙම පනතට විරුද්ධවන්නේ කොහොම අයද කියන එක ඉහත අදහස් වලින් හොඳටම පැහැදිලි වෙනවා. පසුගිය කාලයේ ලංකාවේ අතුරුදහන් වුණේ, මරාදැමුවේ දමිළ අය පමණක් නොවේ. තමන්ගේ පවුලේ කෙනෙක් අතුරුදහන් වුණා නම් ඔය විරුද්ධ වන අය මෙලෙස අදහස් පළ නොකරනු ඇත. මිනිසුනේ, සිහලුන්ට මෙන්ම දමිළ ජනතාවටද ශ්‍රී ලංකාව තුළ සම අයිතිවාසිකම් හිමි බව අමතක කරන්න එපා. එසේ වුවහොත් වන්නේ යුද්ධයකට නැවත රට යොමුවීමය. (නි)
ඔන්න ඔතනට එනකම් තමා අපි හිටියේ. (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා කියන්නේ නිකමටද? (නි)
නියම වැඩේ කියන්නේ විපක්ෂ නායකතුමා මේ වැඩේට අත්දෙකම උස්සලා ඡන්දෙ දුන් එකනේ. ආණ්ඩුවත් එකඟයි. විපක්ෂයත් එකඟයි. ඒකමතිකව සම්මතයි. ඊළමත් සම්මත කරයි වගේ මේ යන විදිහට. (නි)
අහෝ මා උපන් රට! (නි)
ආණ්ඩුව විපක්ෂයෙන්ද, ලංකාවේ මිනිසුන්ගේ කණෙන්ද රිංගුවේ? මිනිස්සු කවදාහරි මේවාට උත්තර දෙයි (නි)
මහා ලේ වැගිරීමකට රට අරගෙන යන්නන් අවසානයේ එහිම ගිලීයාවි. (නි)
බලනකොට දෙගොල්ලොම දිනුම්. අපි පරාදයි (නි)
අන්තිමට අපේ කණෙනුත් රිංගලයි නවතින්නේ (නි)
රටම එකාමෙන් නැගිටින්න ඕනෑ. දැන් ඉවසුවා හොඳටම ඇති (නි)
මේ ආණ්ඩුව දැන්නම් අපිට එපාවෙලා (නි)
අන්තිමට අපි තමයි රැවටුනේ (නි)
දැන්නම් ඉවසුවා ඇති. මෙයාලට කමක් නැහැ රටට මොනවා වුණත් (නි)
හැමදාම රජයට බනින ඒකාබද්ධ විපක්ෂයට දැන් මැතිසබේ වුණත් කියන්න දේවල් නැතිවෙලාද? දිනේෂ් ගොලුවෙක් වෙලාද? නැත්නම් පනතට අදාළ දේවල් ගැන කතා කිරීමට තරම් හැකියාවක් නැද්ද? (නි)
අනේ මෙහෙම ප්රජතන්ත්රවාදයක්ද යහපාලනෙන් බලාපොරොත්තු වුණේ? මේකද පාර්ලිමේන්තු සම්ප්රදාය? (නි)
මේකෙන් පළමුව පහරදෙන්න ඕනෑ 1989 වැරදි කළ අයට (නි)
පළමුව වධකාගාරවල තරුණයන් අතුරුදහන් කිරීමට සම්බන්ධ වූ අය මේ ආයතනයෙන් විමර්ශනය කර නඩු පවරා වැරදිකරුවන්ට දඬුවම් දී වැඩ ආරම්භ කළොත් හොඳ නැද්ද? (නි)
ඇයි මේ මිනිස්සු මේ පනතට ඔච්චර විරුද්ධ? කවුරුහරි මනුස්සයෙක්ව මරලා අතුරුදහන් කරපු අය ඉන්නවා නම්, ඒවා හොයලා බලන එක ප්‍රශ්නයක්ද? මෙයට විරුද්ධ වෙන්නේ මේවට සම්බන්ධ අයයි (නි)
මේ ආණ්ඩුව රට කනවා. එච්චරයි අපිට කියන්න තියෙන්නේ (නි)
ජනාධිපති මැතිවරණයේදී සමහරු කිව්ව කතා අදටත් ගැළපෙනවා කියලා හිතෙනවා (නි)
සුදත් මහත්මානෙනි ඔබගේ අදහසට මමත් 100% එකයි.. සැබෑ ලාංකිකයෙක් (රේ)
අනේ දෙවියනේ දෙමල මිනිස්සු මේ රටේ ඉපදුනේ පූරුවේ පවකට ද (බ)
කවුරුවත් කනෙන් රිංගල නැහැ ප්‍රධාන පක්ෂ සියල්ලන්ම සහයෝගය දීලා තියෙනවා ඒකාබද්ධ විපාකය හැරෙන්න. (හේ)
මම සුදත් ශ්‍රී මහත්මාගේ අදහසට ඉතා ගරු කරමි.(හේ)
බොහොම හොඳයි. මුලින්ම 88/89 අතුරුදහන් වුන අය වෙනුවෙන් වන්දි ගෙවලාම වැඩේ පටන් ගමු. (ම)
මානව අයිතීන් සුරකින්න ඕනෑ. එ්ත් එම මුවාවෙන් මේක ලෝකේ බිහිවූ දරුණුම ත්රස්තවාදීන් සහ ඔවුන්ට සම්බන්ධවුවන් අතුරුදහන්වීම් ගැන හොයන්න හදන ගිනිගෙඩියක් නොවෙයි නම් හොඳයි. (නි)
මේක ජනතාවාදී පනතක් නම් කනෙන් රිංගන්න දෙයක් නැහැ. ජනතාවට කරුණු කියලා ප්‍රසිද්ධියේ සම්මත කරගන්න තිබුනා නේද? (නි)
ඡන්දෙ ඉල්ලනකොට මේවා කියලද ඉල්ලුවේ. එකම දෙයයි කිවුවේ. රැකියා දස ලක්ෂයක්, සෑම පවුලකටම වාහනයක්, අඩු මුදලට එදිනෙද අවශ්‍ය කරන භාණ්ඩ, රජයේ සේවකයන්ට මුලික වැටුපට 10,000 ක්. අන්තිමට ලැබුනේ වැට් බද්දයි, අතුරුදහන් සෙවීමේ කොමිසමයි, කොටි නිදහස් කිරීමයි, භික්ෂුන්, රණවිරුවන් සිරගත කිරීමයි, ගල් අඟුරු ලාබෙට ගත්ත එකයි, මහා බැංකුව හොඳට බලාගත්ත එකයි විතරයි. (නි)
අතුරුදහන් වුණ අය හොයන එකේ වරද මොකක්ද. තමන්ගේ කෙනෙක් අතුරුදහන් වුණා නම් මේක තේරෙයි. හමුදාව වුණත් නීතියට පිටින් මිනිස්සු මැරුවා නම් එ්කට වගකියන්න ඕනෑ. (නි)
මේ වගේ කනින් රිංගුව කරුණු ගොඩක් තියෙන නිසා ලබන වර ඡන්දෙදි ප්‍රතිඵල හොඳට ලැබෙයි. (නි)
පාර්ලිමේන්තුව හොඳයි නෙලුම් පොකුණ විදිහට පාවිච්චි කළා නම්. එතනනේ හොඳ හොඳ රංගන තියෙන්නේ. විකට නළුවෝ වැහිවැහැලා (නි)
ඔය පරිලිමේන්තුවේ ඉන්න කිසිම දේශපාලකයෙකුට රට ගැන කැක්කුමක් නැහැ . එකම කැක්කුම තමාගේ තමාගේ බලය රැක ගන්න එක සහ තමාගේ සහ තම පරපුරේ බඩ වඩා ගන්නේ කොහාමද කියන එක . මේවලින් අන්තිමට කරදරය ට පත් වන්නේ තමාගේ රට වෙනුවෙන් දිවි පරදුවට තියපු අහිංසක සොල්දාදුවෝ .(හේ)
රට වනසන ආණ්ඩුවක්..... (නි)
දැන්වත් ඔයාලා හිතන්න පාට වලට තැන දීලා රට අනුන්ට දෙනවද, සිංහලයට තියන එකම රට රකින්න එකමුතු වෙනවද කියලා. (නි)
මෙය එතරම් සුභ දෙයක් නොවේ. නියමිත පරිපාටිය අනුව පනත් සම්මත වියයුතුයි. කෙසේවෙතත්, ඒකාබද්ධ විපක්ෂය කරන මෝඩ වැඩ වලට මේක හොඳ පාඩමක් (නි)
කලින් ලොක්කගේ ගෝලයෝ ටික නම් සතුටු ඇති. මුසාවාදය වපුරුවමින් දඟලන්නේ බලයට තිබෙන කෑදරකම නිසා මිසක් අපිට අාදරේකට නෙමෙයි (නි)
චන්දන - ඕස්ට්‍රේලියා, ඔය පනතෙන් හොයන්නේ අතුරුදන් කොටි ගැන විතරක් වීමද ප්රශ්නය. දමිළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටද ශ්‍රී ලංකාව තුළ සම අයිතිවාසිකම් හිමි බව අමතක කරන්න එපා (නි)
මහජනතාවගේ කණෙන් රිංගලා නම් ගොඩක් කල්නේ (නි)
මේක එච්චරම හොඳ සහජීවනයට කියාපුම පනත නම් කණෙන් රිංගුවේ ඇයි. මේ රටේ ජනතාවට මේ ගැන කිව්වද? කවුද මේ පනත ගැන කතා කළේ? නැවතත් කළු ජූලියකටද, 88-89 කටද මේ රතු කොළ දෙගොල්ලන් උත්සාහ කරන්නේ (නි)
මින් මතුවට රටේ ආරක්ෂාව ගැන ලොකු තර්ජනයක් එනවා. එ්ක ස්ථිරයි. ආරක්ෂක හමුදා පැත්තකට වෙලා ඉඳීවි. බටහිර රටවල් වල අරමුණ ඉටුවුණා. අයිඑස් කරයින්ටත් හොඳ අවස්ථාව. බලන්න තව අවුරුද්දක් යන්න කලින් එයාලා ලංකාවේ ක්‍රියාත්මක වෙනහැටි. මෙහෙම හමුදාවක් ලොව කොහෙවත් ඇත්තෙ නැහැ. එහෙම හමුදා නිලධාරින්ට එරෙහිව පියවරගත් රජයකුත් ලංකාවේ හැර වෙන කොහෙවත් නැහැ. කොටි දවසින් දවස ජය කණුව කරා ළංවෙනවා. කොපමණ කිවුවත් මේකෙන් දේශපාලකයෝ බේරෙනවා. (නි)
අපි නම් දැන් සිද්ධවෙන දේවල් දැකලා අන්තිමටම කළකිරිලා ඉන්නේ (නි)
ඉතාමත් හොඳ දෙයක් (නි)
අපි මේ නාඩගම් බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
හංගන් නැතුව හැමදේම එළියට දැමිය යුතුය රජයකට හංගන්න දෙයක් නැත මිනිසුන්ට වු දේ හෙලිකළ යුතුය (බ)
1971 ඉඳලා හරි 1988 ඉඳලා වැඩ පටන් ගත්තොත් හරි. නැත්නම් මේ පනතෙන් වැඩක් නැහැ. (නි)
දෙමළ අය විතරද අතුරුදහන් වුණේ? සිංහලුන් 60000 ක් විතර අතුරුදහන් වුණ කාලයක් තිබුණ බව අමතකද? ජාතිවාදී නොවී මේ ගැන හිතන්න. දෙමළ අයත් මිනිස්සු, සිංහලුත් මිනිස්සු. හැම මිනිහෙකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුයි. අඩුම ගානේ ජීවත්වෙලා ඉන්න දෙමව්පියන්ට, නෑදෑයන්ට සැනසීමක් දෙන්නවත් මේ කරන දේ නිසා පුලුවන් වෙයි කියලා හිතනවා. (නි)
මේක නම් ආණ්ඩුව සහ රටේ ජනතාව ලබාගත් ලොකු ජයක් (ම)
ජය වේවා , ජය වේවා යහපාලනයට ජයවේවා. මේක මහා පුදුම ආණ්ඩුවක් හැමදේම කරන්නේ ජනතාවට හොරෙන්. තව සතියකට පසුව විපක්ෂයේ මහත්වරු උසාවි ගානේ එයි සදාරණයක් ඉටුකරගන්න. (ම)
මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අතිගරු සංඝරත්නයට කරුණාකර ඉදිරියට ඇවිත් මේ නායකයන්ට අවවාද කරන්න කියලා. මේවා ප්රගතිශීලී රටවල් කරන දේවල් නොවේ. (ම)
සාධාරණ සමාජය..ඔබට සතුටුයිද දැන්..? (ම)
රටත් ජනතාවටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්නම් ඇයි මෙතරම් තදියමෙන් හා මහජනයා දැනුවත් නොකර සම්මත කරගන්නේ. (ම)
මේ විදියට වැරදි කරමින් යන රජයක් නැවත මහා ජන වරමක් ඉල්ලීම ඉතා වැදගත් කරුණක්. (ම)
මේ විදියට වැරදි කරමින් යන රජයක් නැවත මහා ජන වරමක් ඉල්ලීම ඉතා වැදගත් කරුණක්.(ම)
විපක්ෂයේ නෙවෙයි රටේ ජනතාවගේ කණෙනුයි රිංගලා තියෙන්නේ, හරිම කණගාටුවක් දැනෙනවා (බ)
මෙම ජාතික වැරැද්ද නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. (බ)
කාවවත් අතුරුදහන් කරලා නැත්තං ඇයි ඔය හැටි බය , ජනතාව මේකට බය නැහැ මොකද බහුතර ජනයා මිනිසුන් අතුරුදහන් කරලා නැහැනේ...පාලකයා බයයි... (හේ)
හැබයි එක හොඳක් තියෙනවා මතුවට දේශපාලකයෝ මිනිමරන්න බය වෙනවා (බ)
ලංකාව අතින් අරන් කටේ පස් දාගන්නවා වගෙයි (බ)
ලෝකයේ බලපෑමට යටවෙලා මොන ආන්න්ඩුව හරි රතු කට්ට පැනලා එහාට ගියානම්, එයාලට මුහුණදෙන්න වෙන්නේ අවසානයේ මහාජනතාවට, කිසිකෙනෙක් හැමදාම එක පැත්තේම ඉන්නේ නෑ. (බ)
රට වනසන එකාධිපති ආණ්ඩුවක් (බ)
මදුරංග, පනතකට කාගෙ වත් විරෝධයක් නැත්නම් මොකද වෙන්නේ? (බ)
ජය වේවා මේක විපක්ෂයේ විතරක් නෙවයි හැමෝගෙම කනින් රිංගා ලද මහා ජයග්‍රහණයක් .සහජීවනයේ නැවුම් මානයන් සොයා යන ආරම්භක දොරටුවක්.යහපාලනය ලද මහා ජයග්‍රහණයක් .ඉදිරියට තවත් ජයග්‍රහණ රාශියක් මින් ලැබේවි (ම)
මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්දක්..එකක් ඉතා ප්‍රබල නීති රාමුවක් මේතරම් ඉක්මන්ට සම්මත වීම්. ජනතාවට මෙහි කිසිවක් නොපැවසීම හෝ ජනතාව අතර කතා බහක් ඇතිනොවීම (ම)
මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්දක්.. එකක් ඉතා ප්‍රභල නීති රාමුවක් මේතරම් ඉක්මන්ට සම්මත වීම. ජනතාවට මෙහි කිසිවක් නොපැවසීම හෝ ජනතාව අතර කතා බහක් ඇතිනොවීම.නීතියට එච්චර බලපාන්නේ නැත්තන්ම් ඇයි ඔච්චර හදිස්සියේ ඕක සම්මත කලේ?(හේ)
මේක ඉතිහාසයේ ආණ්ඩුවක් කරපු ලොකුම වැරැද්දක්.(හේ)
මාර වැඩේ තමයි වෙන්නේ.(හේ)
මේක හරි නෑනේ.(හේ)
සුමංගල ඔය කියන්නේ ද්‍රවිඩයින් ලැබූ මහා ජයග්‍රහණයක් ගැන නේද? අනේ සාදු ඔබ නැවත මෙරටේ සිංහලයෙක් වෙලා උපදීවා. හැබයි එතකොට මෙරටේ තිබෙන්නේ ඊලමක්. (බ)
අතුරුදහන්වූවන් කියලා මෙතන හොයන්න සූදානම් වෙන්නේ 88,89 අතුරුදහන්වූවන් නෙමෙයිනේ. මේ අයගෙන් ගොඩක් අය දැනටමත් යුරෝපීය රටවල දේශපාලන රැකවරණය ලබනවා. මේ පනතින් ස්ථාපනය වන නීතිය ප්‍රශ්න කරන්න කාටවත් බැරිවෙනවා. පිටරට බෙදුම්වාදීන්ට මෙන්ම රටේ ඉන්න බෙදුම්වාදීන්ට මෙමගින් අවස්ථාව උදාවෙනවා හමුදා නායකත්වයන් දංගෙඩියට රැගෙන යන්න. ඇත්තටම මෙතනදී ආණ්ඩුව ඇමෙරිකන් උගුලට අසුවුණා. අන්න ඒකයි මේ පනතේ තියෙන භයානකකම. (නි)
ආයුධ බලය පුපුරවා හැර හෝ මුහුදට දමා අඩු කළ හැක. පිරිස් බලය මෙමගින් බොහෝ දුරට අඩු කළ හැක. නරකම නෑ වැඩේ. (බ)
පාර්ලිමේන්තුවේ තියෙන්නේ අත්තනෝමතික තීන්දු ගැනීමක් නම්, ජනතාව දුන් වරම අනිසි ලෙස පාවිච්චි කරනවා නේද. මෙවැනි තීරණ අනාගතයට පුර්වාදර්ශයක් නොවෙයිද? (හේ)
මෙතන ප්‍රතිචාර දාපු සමහර දෙනා ගැන පුදුම කනගාටුවක් දැනෙන්නේ. කිසිම දෙයක බරපතල කමක් නැතුව කතාකරනවා. හරියටම දේශපාලුවෝ වගේමය්. මේ රටට මෙහෙම කලක් යන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (හේ)
විපක්ෂයෙන් නෙවෙයි කනෙන් රිංගුවේ රටේ ජනතාවගෙන්! (හේ)
ඇයි මේ ගැන ගොඩක් අයට තෙරේන්නේ නැත්තේ.(හේ)
ශ්‍රී ලංකික 60% පිරිසකට මෙහි ඇති අවධානම නොතේරේ .(හේ)
සංභිදියාවේ නාමයෙන් රටම අරාජික කරමින් රටම ලොව ඉදිරියේ නරාවලක් කිරීමේ මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් නොව අනාගතයේ බෙදුම්වාදී ක්‍රියාවලියකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් කිසිත් කිරීමට නොහැකි වන සේ රාජ්‍ය තන්ත්රය නිෂ්ක්‍රීය කිරීමය .(හේ)
රටේ උත්තරීතර ආයතනය මේ වගේ වැඩ කලොත් මහජනතාව මොනවා හිතයිද? (හේ)
මේක ඉතාම හොද දෙයක්. විපක්ෂයට පාර්ලිමේන්තුව තුල විරෝධය දක්වන්න තියෙන හොදම විදිය තමා විවාදයට එක්වීම. අද එය අමතක කර ගෝෂා කරන්න යනවට හොද උත්තරයක් ලැබුනා (බ)
මිනිසුන්ට වු දේ හෙලිකළ යුතුය. දැනගෙන මොන බම්බුවක් කොරන්නද. එකෙන් වෙන්නේ ද්‍රවිඩයාට වාසියක් මිස අපට ලැබෙන දෙයක් නැත. (බ)
බොරුවෙන් ලොව රවටන්නා තමාව රවටා ගනී. (ම)
වැඩේ හොඳයි. 88/89 කලේ ඒවත් මේ කොමිසමෙන්ම හොයන්න කියමු? (හේ)
ජේ.අාර්. මහත්තයත් හිතුමනාපෙට මෙහෙම පනත් සම්මත කරගෙන විශාල හානියක් සිදුකලා (හේ)
කෝ අර මර හඬ තලන ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය.(හේ)
අසංකගේ කතාව හරියටම හරි.(හේ)
එතකොට 88-89 භීෂණ සමයේ ඒවා හංගලා ඇති... (හේ)
අපිත් මෙහේ ඉන්නවනේ. මොකද වෙන්නේ කියලා බලමුකෝ.(හේ)
ඇයි මේ මිනිස්සු මේ පනතට ඔච්චර විරුද්ධ ? (හේ)
ඇයි මේ මිනිස්සු මේ පනතට ඔච්චර විරුද්ධ ? කවුරුහරි මනුස්සයෙක්ව මරලා අතුරුදහන් කරපු අය ඉන්නවා නම් , ඒවා හොයලා බලන එක ප්‍රශ්නයක්ද ? මෙයට විරුද්ධ වෙන්නේ මේවට සම්බන්ධ අයයි (හේ)
මෙහි ඇති කිසිම වරදක් නැහැ මිනිසාගේ යහපතට පසුගිය නායකයින් ගේ බෙල්ලට තොන්ඩුව වැටෙන නිසා ජනතාව උසි ගන්වනවා නිකම් ඉන්න අපිට නෙමේ මෙය වටින්නේ අතුරුදහන්වූ පවුල් වලට කථිකයෝ සමහර විට කඩේ යන එක නතර කරන්න ඇති සොරාගත් දේපල රජ සන්තක කරන්න ගත් නිසා (බ)
මේකට සතුටුවෙන්න නොවේ අඬන්නයි ඕනෑ. (නි)