IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


“ආණ්ඩුව වසර දෙකක් තුළ රට 1977 යුගයට ගෙන ගියා’’

(නිමළ කොඩිතුවක්කු)

රට තාක්ෂණික යුගයකට, සෞභාග්‍යමත් දේශයකට ගෙනයන බවට පම්පෝරි ගසා බලයට පත්වූ පත් වූ ආණ්ඩුව වසර දෙකක් යාමට මත්තෙන් රට 1977 යුගයකට ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ජනතාව වේල් දෙකකට සීමා කරන ආණ්ඩුව තම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණන් දීමනා ලබා දෙමින් සිටින බවත් ඇය සඳහන් කළාය.

කොළඹ  විපක්ෂ නායක කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.

"නැවතත් මේ රට 1977 තත්වයට ගෙනි යනවා කියලා රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා අපි දැක්කා. එදා කන්න වේලක් හොයාගන්න මිනිස්සු පෝලිම්වල හිටියා. හාල් ටිකක් මිරිස් ටිකක් එහා මෙහා ගෙනියන්න බැරි යුගයක්. කොළඹ වීදි වල කුණු බක්කි අවුස්සලා ආහාර හොයපු යුගයක්. ඒ විතරක් නෙමෙයි දුප්පත්කම නිසා දරුවන් පාසල් ඇරපු නැති යුගයක්. රට තාක්ෂණික යුගයකට ගෙනියනවා රට සෞභාග්‍යමත් කරනවා කියලා බලයට ඇවිත් 1977 යුගයට රට ගෙනියන්න මේ අය අද සැලසුම් කරලා තියෙනවා.

ඒ වගේම තමයි තවත් මන්ත්‍රී කෙනෙක් කියලා තියෙනවා තුන් වේලක් කන්න බෑ දෙවේලක් කන්න රටේ ජනතාව සූදානම් වෙන්න ඕනේ කියලා. මේ මන්ත්‍රීවරයා මෙහෙම කියන්නේ මොන පදනමක් උඩ ද අපි දන්නවා. සාමාන්‍යයෙන් අපි සිංහලයා හැටියට මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට බත් කාල පුරුදු ජාතියක්. මේ ආණ්ඩුවේ  අධීක්ෂණ මන්ත්‍රීවරුන් අද ජනතාවට බඩගින්නෙ ඉන්න කියනවා. ලෙඩ හැදිලා මැරිලා යන්න කියනවා තියෙන පහසුකම් නැති කරලා දානවා පාසල් අධ්‍යාපනය ගැන වැඩපිළිවෙළක් නැහැ වසංගතය මර්ධනය කරන්න වැඩපිළිවෙළක් නැහැ හැබැයි අධීක්ෂණය කරන්න ඉන්න පිරිස මදි වෙලා. 

සියලුම පහසුකම් ඇතුව රජයේ ලොකු වියදමක් දරලා අධීක්ෂණ මන්ත්‍රී ධුරවලට පත් කරලා මේ රටේ ජනතාවට කන්න නැතුව ඉන්න කියනවා. ජනතාවට වේල් දෙකක් කන්න කියන ගමන් සියලුම පහසුකම් දීලා වරප්‍රසාද දීලා රටේ ජනතාවගේ මුදලින් කොහොමද අධීක්ෂණ මන්ත්‍රී වරු 50 දෙනෙක් නඩත්තු කරන්නේ කියන එකත් මේ මන්ත්‍රීවරයා වගකීමෙන් රටට කිව යුතුයි 



අදහස් (15)

“ආණ්ඩුව වසර දෙකක් තුළ රට 1977 යුගයට ගෙන ගියා’’

Aruna Wednesday, 15 September 2021 02:37 PM

අැත්තට...!

:       3       11

සේමගේ Wednesday, 15 September 2021 02:48 PM

ඔයාලගේ කාලයේ ක්‍රෝටන් කොළ ආහාරයට ගන්න කිව්වා. රටේ ඉන්ධන ඉවරෙටම ඉවර වුණා. නැව ආ පසුවයි ඉන්ධන ලැබුණේ.. මේ කාලය අයිති වන්නේ කුමන යුගයකටද?

:       4       18

හැට නමේ කල්ලියWednesday, 15 September 2021 03:09 PM

කණ්ණාඩියක් ඉදිරියට ගිහින් බලපන්... එතකොට පෙනේවි..!!! 

:       12       7

කුමාර Wednesday, 15 September 2021 04:36 PM

ඇත්ත ඉවසුම් නොදෙන තරම්.

:       1       3

ganegoda Wednesday, 15 September 2021 02:58 PM

ගිණුම්වල සල්ලි ඇති රටට සල්ලි නැති වුනාට

:       1       10

Chandima Wednesday, 15 September 2021 02:59 PM

කවදාවත් සිදු නොවුණ දේවල් ද ඒතකොට මේ වෙන්නෙ

:       1       7

Raveendra Wednesday, 15 September 2021 03:00 PM

මෙච්චරකල් අපි හිතන් හිටිය විදිය හරිනේද

:       4       5

මාම Wednesday, 15 September 2021 03:06 PM

හැමෝම ඒකවගේ තමයි ඉතින්

:       0       4

කිරි පුතා Wednesday, 15 September 2021 03:14 PM

මේ නෝනට අතීතය අමතවීමේ සහ වර්ථමාන වසංගත තත්ත්වය හඳනා ගත නොහැකිවීමේ ⁣රෝගයක් ඇති වග පෙනේ

:       7       17

චන්දන Wednesday, 15 September 2021 03:32 PM

මේ නෝනා 1977න් පස්සේ ලංකාවට ආවේ 2021 වෙන්නැති නේද...?

:       4       6

Raveendra Wednesday, 15 September 2021 03:38 PM

දියවන්නාව පට්ටියේ වැඩිපුර සිටින්නේ මොන සත්තුද..? පැනයට පිළිතුරු නම් හරකුන්, මී හරකුන් සහ අම්බරුවන්ය. දැන්නම් ඒ පිළිතුරුත් හොඳටම වැරැදි නොවේද? වට්ටි අම්මලාත් පට්ටියේ ඉන්නේ මක්කටදැයි ගැටලුවකි.

:       2       5

fairoos Wednesday, 15 September 2021 03:41 PM

ගැ.්.න්ට මේවා තෙරෙන්නැ

:       1       3

Sunil Wednesday, 15 September 2021 03:51 PM

මොනවා වුණත් මේ කතාව සත්‍යයි

:       6       7

සමන් Wednesday, 15 September 2021 03:56 PM

1977 යුගය කිව්වේ පොලිසියට සුමානයක් නිවාඩු දීලා ධර්මිෂ්ඨ සමාජයක් පටන් ගත්ත කාලය ගැනද?. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකට නේද? එක්කෝ ගණන් ගන්න එපා... අපේ ගොනා අපිට හොඳයි කිව්ව එක්කෙනානේ...

:       2       8

Nihal Wednesday, 15 September 2021 04:34 PM

ලෝක වසංගතයක් නිසා ලෝකෙම අපිට වඩා පසුපසින් රටවල් 156ක් තියෙනවා. සුවිස්, ජපන්, ජර්මන්, කොරියාව හැර රටවල් 50ක් පමණ දැඩි ආර්ථික අර්බුදයක ඉන්නේ..

:       4       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1283 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 0 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1331 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 118 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 216 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 162 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1665 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site