IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ආණමඩුවේ තරුණයකුට තෙවැනි වරටත් කොරෝනා

(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය.

මෙසේ කෝවිඩ් 19 ආසාධිකයකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ, පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු වු අයෙකී.

අදාල තරුණයා ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචි කරුවකු වන අතර මොහු වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමිණ, නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව කියයි.

සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී  දෙවන වරට යලි රෝග ලක්ෂණ පහල කිරිමේන් පසු  සැප්තැම්බර්  17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර ඇති බව කියයි.

එහිදි දෙවන වරට  සිදුකල පි.සි.ආර්. පරික්ෂණ වලදී නැවතත් ඔහු කෝවිඩ් ආසාධිකයකු බව සනාථ වි තිබුණි. ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි නිවසට පැමින තිබුණි.

කෙසේ නමුත් අදාල තරුණයා නිසි නිරෝධායන ක්‍රම වේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රදවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ  සෞඛ්‍ය කාර්ය මංඩලය කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්  ඔක්තෝම්බර් 2 දින (පසුගිය සිකුරාදා නිවසේ) නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට යවා තිබුණි.

එහිදි නැවත අදාල තරුණයා පි.සි.ආර්. පරික්ෂණ වලට යොමු කිරිමේන් පසුව තුන්වන වරට ද කෝවිඩ් 19 ආසාධිතයකු ලෙස මෙම තරුණයා  වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුණි.

මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස වාර්ථා වු පළමු රෝගියා මෙම තරුණයා බවට වාර්තා වන බව ප්‍රදේශීය සෞඛ්‍ය බළධාරීහූ පවසති.



අදහස් (4)

ආණමඩුවේ තරුණයකුට තෙවැනි වරටත් කොරෝනා

බද්රානි Sunday, 04 October 2020 04:58 PM

ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න හැකියාව තියන පුත්තලම් අයට කොරෝනා හැදෙන්නේ නැහැයි කියලයි මම නම් මෙච්චර කල් හිතාගෙන හිටියේ??

:       6       3

Upali Samarajeewa Sunday, 04 October 2020 05:30 PM

පුද්ගලයෙකු කොරෝනා සුව වූ පසු වෛරසයේ අවශේෂ ඔහුගේ සිරුරේ පවතී. PCR පරීක්ෂණය මගින් අවශේෂ (RNA අණුවේ කොටස්) හේතුවෙන් ධනාත්මක ප්‍රතික්‍රියාවක් ලබා දෙනු ඇත. PCR මත පදනම්ව පමණක් ප්‍රතිපල අර්ථ නිරූපණය කිරීමේදී යමෙකු වඩාත් ප්‍රවේශම් විය යුතුය. අවශේෂයන් නිසා ඇති විය හැකි හැකියාව ඉතා අසීරු බවට විද්‍යාත්මක සාක්ෂි තිබේ.

:       0       5

de silva Monday, 05 October 2020 06:02 AM

රෝගය වෙන කෙනෙක්ගෙන් මෙයාට නැවත අලුතෙන් බෝ වෙලා නොවේ ශරීරයේ සැඟවිලා තිබෙන්න ඇති.

:       0       4

sampath Thursday, 08 October 2020 10:59 AM

දැන් තියෙන්නේ කොරෝනා එක්කම ජීවත්වීම පමණයි. කවදාහරි බෙහෙතක් හොයාගන්න කම් තත්වය මෙයමයි. නැවත නැවත මතුවෙනවා නම් ආයේ මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 444 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1394 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 2828 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1912 3

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 626 1

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1521 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23382 30


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1823 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site